පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිහායතන සූත්‍රය
’’මහණෙනි, මේ කෙලෙස් මැඩ පැවැත්වූ ස්ථාන අටක් වෙති.
’’කවර අටක්ද යත්? අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් ස්වල්පවූද, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, පිටත රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ ප්‍රථම කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.
’’අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත අප්‍රමාණවූ, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ දෙවෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.
’’අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත ස්වල්පවූ සුවර්‍ණ දුර්‍වර්‍ණවූ රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ තුන්වෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි. අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත අප්‍රමාණවූ සුවර්‍ණ දුර්‍වර්‍ණවූ රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.
’’අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත නිල්වූ නීලවර්‍ණ දැකුම් ඇති, නීලවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ පස්වෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.
’’අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත කහවූ කහවර්‍ණ දැකුම් ඇති, කහවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ සයවෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.
’’අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත ලේවූ ලේවර්‍ණ දැකුම් ඇති, ලේවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ සත්වැනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.
’’අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත සුදුවූ සුදුවර්‍ණ දැකුම් ඇති, සුදුවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ අටවැනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි. මහණෙනි, මේ කෙළෙස් මැඩ පැවැත්වූ ස්ථාන අටක් වෙති.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2012)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිහායතන සූත්‍රය
විවරණ [0]