බරවීම්

The Numbered Discourses

AN9.70 උද්‍ධම්භාගීය සතිපට්ඨාන සූත්‍රය

පරිවර්තන [14]

උද්‍ධම්භාගීය සතිපට්ඨාන සූත්‍රය

’’මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.

’’කවර පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්‍ධච්චය, අවිජ්ජාය කියායි. මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පස වෙත්.

’’ මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වෙදනාවන්හි වෙදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.

විවරණ [0]