(13-1)
“ධ්‍යානකරණ සුළුකෙලෙස් රජස් දුරුකොට සිටියාවූ” යන්නෙහි ධ්‍යාන කරණසුළු යනු භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන කරණසේක. ප්‍රථමධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. ද්විතීයධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. තෘතීය ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. චතුර්ථ ධ්‍යානයෙන් ධ්‍යාන කරණසේක. විතර්ක සහිත විචාර සහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. විතර්ක රහිත විචාර සහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. විතර්ක රහිත විචාර රහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. ප්‍රීතිය සහිත ධ්‍යානයෙන් ධ්‍යානකරණසේක. ප්‍රීතිය රහිතවූ ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. සුඛසහගතවූ ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. උපෙක්ෂා සහගත ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. ශුන්‍යතාධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. අනිමිත්ත ධ්‍යානයෙන්ද ධ්‍යාන කරණසේක. අප්පණිහිත ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. ලෞකිකවූ ධ්‍යානයෙන්ද ධ්‍යානකරණසේක. ලොකොත්තර ධ්‍යානයෙන්ද ධ්‍යාන කරණසේක. ධ්‍යානයෙහි ඇළුනේ ඒකාන්තයෙන් යෙදුනේ ඒ අර්ථය ගරුකොට ඇත්තෙහුයි ධ්‍යායි නමි. ‘රජසින් වෙන්වූයේ” යනු රාගය රජසකි. ද්වෙෂය රජසකි. මොහය රජසකි. ක්‍රොධය රජසකි. බද්ධ වෛරය රජසකි. සියලු අකුශල රැස්කිරීම් රජසෙකි. ඒ රජස් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රහීනය සිඳිනලද මුල් ඇත්තාහ. අග සිඳින තල්ගසක් මෙන් කරණලදී. සම්පූර්ණ අභාවයට පමුණුවනලදී. නැවත නූපදනා බවට පමුණුවනලදී. එහෙයින් බුදුරජතෙම රජස් නැතිසේක. පහවූ රජස් ඇතිසේක. රජසින් වෙන්වූ සේක. “රාගය රජසකි. එය රෙණුයයි නොකියනු ලැබේ. ‘රජස යනු රාගයට මේ අනික් නමකි. (ii) පසැස් ඇති බුදුරජාණන් වහන්සේ මේ රජස දුරුකොට සිටිසේක. එහෙයින් ජිනයන් වහන්සේ පහවූ කෙලෙස් රජස් ඇත්තේයයි කියනු ලැබේ. (iii) ද්වෙෂය රජසකි. (මෙහි (ii) යෙදිය යුතුයි.) මොහය රජසකි. (මෙහි (ii) යෙදිය යුතුයි.) සිටියාවූ යනු භාග්‍යවතුන් වහන්සේ පාෂාණක චෛත්‍යස්ථානයෙහි වැඩසිටිසේක. “දුක්ඛයාගේ පරතෙරට ගියාවූ නගරයෙහි පසෙක වැඩසිටියාවූ මුනිවරයා ත්‍රිවිද්‍යාප්‍රාප්තවූ මරුවාට බියවූ ශ්‍රාවකයෝ ඇසුරුකරන්නේ මෙසේද භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක. නැවතද භාග්‍යවතුන් වහන්සේ සියලු කුසලයන් සංසිඳවූ බැවින් සිටිසේක. වැසනිමවූ වාස ඇතිසේක. පුරුදු කළ ගමන් ඇතිසේක. (මහානිද්දේසයේ (3-7) 6 (ii) යෙදිය යුතුයි.) උන්වහන්සේට නැවත උත්පත්තියක් නැත. මෙසේද භාග්‍යවතුන් වහන්සේ සිටිසේක යනුයි.
“කරණලද කටයුතු ඇති ආශ්‍රව රහිතවූ” යනු භාග්‍යවත් බුදුරදුන්ගේ කටයුතු හා කළයුතු දේ ප්‍රහීනය මුලින් සිඳින ලද්දේය. අග සිඳි තල්ගසක් මෙන් කරණ ලදී. සම්පූර්ණයෙන් අභාවයට පමුණුවනලදී. නැවත නූපදනා බවට පමුණුවන ලදී. එහෙයින් බුදුරජතෙම කරණ ලද කටයුතු ඇතිසේක.
“යමෙකුට විසත්තිකා නම් තෘෂ්ණාව නැද්ද කෘත්‍යාකෘත්‍යයන් ප්‍රහීනවූ සිඳිනලද කාමාදී සැඩවතුරු ඇති භික්ෂුවට තැවීමක් නොවේ” යනුයි. කරණලද කටයුතු ඇති ආශ්‍රව රහිතවූ යන්නෙහි ආශ්‍රවයෝ යනු ආශ්‍රව සතරකි. එනම් කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යනුයි. ඒ භාග්‍යවත් බුදුරදුන්ගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීනයහ. මුලින් සිඳින ලද්දේය. අග සිඳි තල්ගසක් මෙන් කරණ ලදී. සම්පූර්ණයෙන් අභාවයට ගියේය. නැවත නූපදනා බවට පැමිණියේය. එබැවින් බුදුරදතෙම ආශ්‍රව රහිතසේක.
“සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය” යනු භාග්‍යවතුන් වහන්සේ සියලු ධර්මයන් විශෙෂ ඥානයෙන් දැන පරතෙරට ගියසේක. මනාකොට දැන පරතෙරට ගියසේක. ප්‍රහානය කොට පරතෙරට ගියසේක. භාවනාවෙන් පරතෙරට ගිය සේක. ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පරතෙරට ගියසේක. සමාපත්තියෙන් පරතෙරට ගියසේක. සියලු ධර්මයන් විශෙෂ ඥානයෙන් දැන පරතෙරට ගියසේක. සියලු දුක් මනාකොට දැන පරතෙරට ගියසේක. සියලු කෙලෙස් ප්‍රහානය කිරීමෙන් පරතෙරට ගියසේක. සතර මාර්ගය භාවනාවෙන් පරතෙරට ගියසේක. ප්‍රත්‍යක්ෂ කිරීමෙන් නිරොධය පරතෙරට ගියසේක. සියලු සමාපත්තීන් සම වැදීමෙන් පරතෙරට ගිය සේක. උන්වහන්සේ වශී ප්‍රාප්තසේක. පාරමි ප්‍රාප්තසේක. ආර්ය ශීලයෙහි වශී ප්‍රාප්තසේක. පාරමී ප්‍රාප්තසේක. ආර්ය සමාධියෙහි වශී ප්‍රාප්තසේක. පාරමි ප්‍රාප්තසේක. ආර්ය ප්‍රඥාවෙහි වශී ප්‍රාප්තසේක. පාරමී ප්‍රාප්තසේක. ආර්ය විමුක්තියෙහි උන්වහන්සේ පාරප්‍රාප්ත සේක. පාරමී ප්‍රාප්ත සේක. අන්තයට ගියසේක. අන්තයට පැමිණිසේක. කෙළවරට ගියසේක. කෙළවරට පැමිණිසේක. පර්යන්තයට ගියසේක. පර්යන්තයට පැමිණිසේක. අවසානයට ගියසේක. අවසානයට පැමිණිසේක, ආරක්ෂාවට ගියසේක. ආරක්ෂාවට පැමිණිසේක. පිහිටට ගියසේක. පිහිටට පැමිණිසේක. අභය බවට ගියසේක, අභය බවට පැමිණිසේක, අච්‍යුත බවට ගිය සේක, අච්‍යුත බවට පැමිණිසේක, අමෘතයට ගියසේක, අමෘතයට පැමිණිසේක, නිර්වාණයට ගියසේක. නිර්වාණයට පැමිණි සේක. උන්වහන්සේ වැස නිමවූ විසීම් ඇතිසේක. (මහා නිද්දෙශයේ (3-7) (6) (ii) යෙදිය යුතුයි.) උන්වහන්සේට නැවත ඉපදීමක් නැත.
“ප්‍රශ්නයක් ඇසීම පිණිස පැමිණියේවෙමි” යනු ප්‍රශ්න කිරීම පිණිස පැමිණියේවෙමි. විචාරීම පිණිස පැමිණියේ වෙමි. නැවතද ප්‍රශ්න අසන්නන්ගේ ප්‍රශ්න විචාරන්නන්ගේ පැමිණීම, එළඹීම, පයුරුපාසනය, ඇත්තේය. මෙසේද ප්‍රශ්න ඇසීම පිණිස පැමිණියේවෙමි යනුයි. නැවතද ඔබවහන්සේට ප්‍රශ්න පැමිණීම ඇත. ඔබවහන්සේද පරතෙරට පැමිණිසේක. මා විසින් විචාරීමට සුදුසුය. කියන්නට විසඳන්නට ඔබවහන්සේට භාරය. මෙසේද ප්‍රශ්න ඇසීම පිණිස පැමිණියේ වෙමි යනුයි. අඤ්ඤා විමොක්ෂය කියනු මැනවි යනු අඤ්ඤා විමොක්ෂය දෙශනා කරණු මැනවි, පනවනු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි, ප්‍රකට කරණු මැනවි. ප්‍රකාශ කරණු මැනවි, යනුයි. “අවිද්‍යාවගේ බිඳීම” යනු අවිද්‍යාවගේ බිඳ දැමීමයි, ව්‍යපසමනයයි, සංසිඳීමයි අමෘතවූ නිර්වාණය යනු අවිද්‍යාවගේ බිඳීමයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
(13-2)
“කාමච්ඡන්දයන්ගේ ප්‍රහානය” යන්නෙහි ඡන්දය නම් කාමයන්හි යම් ඡන්දයක් ඇද්ද, කාම රාගයක් ඇද්ද, කාම බන්ධනයක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම පිපාසාවක් ඇද්ද, කාම පරිඩාහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාමයට බැස ගැන්මක්, කාමොඝයක්, කාම යොගයක් කාමූපාදානයක් කාමච්ඡන්ද නීවරණයක් ඇද්ද යනුයි. “කාමච්ඡන්දයන්ගේ ප්‍රහානය” යනු ව්‍යපසමනය සංසිඳීම, අමෘතවූ නිර්වාණය යනුයි.
භාග්‍යවතුන් වහන්සේ උදයය කාමච්ඡන්දයන්ගේ ප්‍රහානයද දොම්නසද යන දෙක යනු චෛතසික නොසතුට චෛතසික දුක, චෛතසිකය හා ස්පර්ශවූ නොසතුට, යනුයි, “දොම්නසද” යනු දෙකේ යනු කාමච්ඡන්දයාගේද දොම්නසගේද යන දෙකේ දුරු කිරීම, සංසිඳීම, අමෘත නිර්වාණය යනුයි.
“ථිනයාගේ දුරු කිරීම” යන්නෙහි ථින නම් චිත්තයාගේ යම් නොසුදුසු බවක් මැලිබවක්, වැඩට නොයෙදෙන බවක් වේද, එබඳු ථිනයාගේ දුරු කිරීම, ප්‍රහානය සන්සිඳීම, අමෘතවූ නිර්වාණයයි කුකුසෙහි නිවාරණය යනු අත පිළිබඳ කුකුසද කුකුසකි. පය පිළිබඳ කුකුසද කුකුසකි. අත් පා පිළිබඳ කුකුසද කුකුසකි. අකැපදෙයෙහි කැපය යන හැඟීම, කැපදෙයෙහි අකැපය යන හැඟීම වරදෙහි නිවරදය යන හැඟීම, නිවරදෙහි වරද යන හැඟීම මෙබඳු කුකුස්, කුකුස් බව, සිතෙහි විපිලිසර ගතිය, සිතේ අස්ථිරත්වය කුකුස නම් නැවතද කරුණු දෙකකින් කුකුස උපදියි. (මහා නිද්දෙසයේ (10-3) 4 යොදගත යුතුයි.) එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
(13-3)
“උපෙක්ෂා ස්මෘති දෙකින් පිරිසිදුවූ” යන්නෙහි උපෙක්ෂා නම් යම් චතුර්ථ ධ්‍යානයෙහි උපෙක්ෂාවක් ඇද්ද, එකඟ බවක් ඇද්ද, චිත්ත සමථයක් ඇද්ද, මධ්‍යස්ථකමක් ඇද්ද: එයයි චිත්තයාගේ සතිය යනු යම් සතරවන ධ්‍යානයෙහි උපෙක්ෂා නිසා ස්මෘතියක් වේද, අනුස්මෘතියක් වේද’ සම්‍යක් ස්මෘතියක් වේද, යනුයි.
“උපෙක්ෂාව හා ස්මෘතියෙන් පිරිසිදුවූ” යනු උපෙක්ෂාවද ස්මෘතියද, පිරිසිදුවූවාහු වෙත්. විශුද්ධවූවාහු සංශුද්ධවූවාහු පිරිසිදුවූවාහු බබලන්නාහු අංගන රහිතවූවාහු පහවගිය කෙලෙස් ඇත්තාහු මෘදුවූවාහු කර්මයට යොග්‍යව සිටියාහු යනුයි.
“ධර්ම තර්කය පෙරටුව යන” යන්නෙහි ධර්ම තර්කය යනු සම්‍යක් සංකල්පයට කියයි. එය ආදියෙන් වෙයි. පෙරටුව වෙයි. පූර්වාංගමවූයේ වෙයි. මෙසේද ධර්ම තර්කය පෙරටුවූයේ වෙයි. නැවතද ධර්ම තර්කයයි සම්‍යක් දෘෂ්ටියට කියයි. යමෙක් ආදියෙහි වූයේද පෙරටුවවූයේද පූර්වංගම වූයේද මෙසේද ධර්ම තර්කය පෙරටුවූයේ වෙයි. නැවතද සතර මාර්ගයන්ගේ පූර්වභාග විදර්ශනාවට කියයි. එය ආදියෙහි වෙයි. පෙරටුව වෙයි පූර්වාංගම වෙයි. මෙසේද ධර්ම තර්කය පෙරටුවූයේ වෙයි.
“අඤ්ඤාවිමොක්ෂය කියමි” යන්නෙහි අඤ්ඤා විමොක්ෂය නම් අරහත්ත විමොක්ෂයයි අර්හත් විමොක්ෂය කියමි. දෙශනා කරමි. පනවමි, තබමි, විවෘත කරමි. බෙදමි, ප්‍රකට කරමි, ප්‍රකාශ කරමි යනුයි. අවිද්‍යාවගේ බිඳීම යන්නෙහි අවිද්‍යාව නම් දුකෙහි නොදැනීමයි. අවිද්‍යාව යනු මොහයයි අකුසල මූලයයි. බිඳ දැමීම යනු ප්‍රහානය සන්සිඳීම, දුමෘතවූ නිර්වාණයයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ.
(13-4)
“ලොකයෙහි සංයෝජනය නම් කුමක්ද?” ලොකයේ සංයෝජනය එල්බීම, බන්ධනය, කිලුට කුමක් වේද එයින් ලොකය යුක්තවූයේ යෙදුනේවේද? යනුයි. එහි විචාරණය කෙසේද? යනු විචාරණය, පටිවිචාරණය යනුයි. කවරකින් ලෝකය හැසිරේද? යමකගේ ප්‍රහානයෙන් කිම නිවනයයි කියනු ලැබේද? යනු යමක ප්‍රහානයෙන් සන්සිඳීමෙන් නිර්වාණයයයි කියයිද, ප්‍රකාශ කරයිද, ව්‍යවහාර කරයිද යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම කීය.
“නන්දිය ලෝකයෙහි සංයෝජනයයි” යන්නෙහි නන්දිය යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ලොභයක් අකුශල මූලයක් ඇද්ද මෙය නන්දියයි කියනු ලැබේ. මේ නන්දිය ලෝකයාගේ සංයෝජනයකි. එල්බීමකි. බන්ධනයකි. උපක්ලේශයකි. මේ නන්දියෙන් ලෝකය යුක්තය, ප්‍රයුක්තය, ආයුක්තය, සමායුක්තය, එල්බුනේය යනුයි.
“විතර්කය විචාරණයයි” යන්නෙහි විතර්කය නම් නව විතර්කයෝයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, ඥාන විතර්කය, ජනපද විතර්කය, අමරා විතර්කය, පරානුද්දයතා ප්‍රතිසංයුක්ත විතර්කය ලාභ සත්කාර කීර්ති යුක්ත විතර්කය, අනවඤ්ඤත්ති ප්‍රතිසංයුක්ත විතර්කය යන මේ නව විතර්කයෝ වෙති. මේ නව විතර්කයෝ ලොකයාගේ වාරණ විචාරණ පටිවිචාරණයෝ වෙති. මේ නව විතර්කයෙන් ලෝකය හැසිරෙයි විශෙෂයෙන් හැසිරෙයි යනුයි.
“තෘෂ්ණාව දුරුකිරීමෙන් නිර්වාණය යයි කියනු ලැබේ.” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණාව, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තෘෂ්ණාව යන තෘෂ්ණාව දුරුකිරීමෙන් නිර්වාණයයි කියනු ලැබේ. යනු තෘෂ්ණාව දුරුකිරීමෙන් ව්‍යපසමනයෙන් සන්සිඳීමෙන් නිර්වාණයයයි කියයි. ව්‍යවහාර කරයි. ප්‍රකාශ කරයි යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශකළහ.
(13-5)
“කෙසේ සිහි ඇතිව හැසිරෙන්නනහුට” යනු කෙසේ සිහි ඇතිව මනා නුවණැතිව හැසිරෙන්නහුට වාසය කරන්නහුට ඉරියව් පවත්වන්නහුට, පවතින්නහුට පාලනය වන්නහුට, යැපෙන්නහුට යනුයි. විඤ්ඤාණය නිරුද්ධවේද යනු ව්‍යපසමනයවේද, සංසිඳේද යනුයි.
“භාග්‍යවතුන් වහන්සේ වෙත මනාකොට පැමිණ” යනු භාග්‍යවත් බුදුන්ගෙන් මනාකොට විචාරන්නට ඉල්වන්නට ආරාධනා කරන්නට ආවෝ වෙමු. පැමිණියෙමු. සම්ප්‍රාප්තවීමු. යනුයි. “ඔබවහන්සේගේ වචනය මනාකොට අසමු” යනු ඔබවහන්සේගේ වචනය දෙශනාව, අනුසන්ධිය අසමු, ඉගෙණ ගනිමු, දරමු යනුයි, එහෙයින් ඒ බ්‍රාහ්මණ තෙම මෙසේ කීහ.
(13-6)
“ඇතුළතද පිටතද වේදනාව ගැන සතුටු නොවන්නාවූ” යනු අධ්‍යාත්ම වෙදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. නොකියයි. සතුටුවීම, කීම ගැනීම, පරාමර්ශය, ඇතුළුවීම දුරු කරයි. බැහැර කරයි. සම්පූර්ණයෙන් අභාවයට පමුණුවයි. පිටත වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසයකරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. (ii) නොකියයි. සතුටුවීම, කීම ගැනීම පරාමර්ශය ඇතුළුවීම දුරුකරයි, බැහැරකරයි, සම්පූර්ණ අභාවයට පමුණුවයි. ඇතුළද පිටද වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ වේදනාව ගැන සතුටු නොවෙයි. නොකියයි. සතුටුවීම් කීම ගැනීම පරාමර්ශය ඇතුළුවීම දුරුකරයි. සම්පූර්ණ අභාවයට පමුණුවයි. (iii) අධ්‍යාත්මයෙහි ඇතිවීම ධර්මය අනුව බලන්නේ වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කරන්නේ වෙදනාව ගැන සතුටු නොවෙයි. (මෙහි (ii) යොදාගත යුතුයි.) අධ්‍යාත්මයෙහි විනාශ ධර්මය අනුව බලමින් වාසය කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) අධ්‍යාත්මයෙහි ඇතිවීම හා නැතිවීම ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) පිටත ඇතිවීම ධර්මය අනුව බලන්නේ (ii) යොදාගත යුතුයි.) පිටත විනාශ ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) පිටත ඇතිවීම හා විනාශ ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) ඇතුළද පිටද විනාශ ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) ඇතුළද පිටද ඇතිවීම් ධර්මය අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) මේ දොළොස් ආකාරයෙන් වේදනාවන්හි වේදනාව අනුව දකිමින් වාසය කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) නැවතද වේදනාව අනුව අනිත්‍ය වශයෙන් බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි) දුක් වශයෙන් රෝග වශයෙන් ගඩවශයෙන් හුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, නික්මීම් වශයෙන්, බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) මේ දෙසතලිස් ආකාරයෙන් වෙදනාවන්හි වෙදනාව අනුව බලන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.)
“මෙසේ සිහි ඇතිව හැසිරෙන්නාවූ” යනු මෙසේ සිහි ඇතිව මනා නුවණැතිව හැසිරෙන්නාවූ කියන්නාවූ ඉරියව් පවත්වන්නාවූ, පාලනය කරන්නාවූ, යනුයි. විඤ්ඤාණය නිරුද්ධවේ යනු පුණ්‍යාභි සංස්කාර සහගත විඤ්ඤාණය, අපුණ්‍යාභි සංස්කාර සහගත විඤ්ඤාණය, අනෙඤ්ජාභි සංස්කාර සහගත විඤ්ඤාණය නිරුද්ධවේ. සංසිඳේ අස්තයට යේ. යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ.
(ගාථාවගේ අවසානය සමග (1-8) 6 යොදාගත යුතුයි.)
උදයමාණවපුච්ඡානිද්දෙසො තෙරසමො.
විවරණ [0]