(5-1)
“භාග්‍යවතුන් වහන්සේ විචාරමි. මෙය දෙශනා කරණු මැනවි, යන්නෙහි “විචාරීම්” යනු විචාරීම් තුනෙකි. (මහා නිද්දෙසයේ (14-1) 2–3-4-5-6 ඡෙද යෙදිය යුතුයි.) මෙය දෙශනා කරණු මැනවි යනු කියනු මැනවි. ප්‍රකාශ කරණු මැනවි, විවෘත කරණු මැනවි, බෙදනු මැනවි යනුයි. මෙසේ ආයුෂ්මත් ධොතකතෙම කීයේය යන්නෙහි (ඉච්චාති) මෙසේ යනු ස්වර සන්ධියයි. ආයුෂ්මත් යනු ප්‍රිය වචනයයි ගරු වචනයයි ගරු කටයුතු උසස් වචනයයි. ආයුෂ්මත් “ධොතක” යනු ඒ බ්‍රාහ්මණයාගේ නාමයයි පැනවීමයි, නාම කර්මයයි, අභිලාපයයි.
“මහර්ෂීන් වහන්ස, ඔබවහන්සේගේ වචනයන් බලාපොරොත්තුවෙමි” යනු ඔබවහන්සේගේ වචනය දෙශනාව බලාපොරොත්තුවෙමි. කැමතිවෙමි, යනුයි. “මහර්ෂී” යනු භාග්‍යවතුන් වහන්සේ (14-1) 10 යෙදිය යුතුයි.)
“ඔබ වහන්සේගේ වචනය අසා නිවනෙහි හික්මෙන්නේ යනු ඔබගේ වචනය දෙශනාව අනුසන්ධීය අසා ශ්‍රවණයකොට ඉගෙණ සලකාබලා තමන්ගේ නිවනෙහි හික්මෙන්නේය. යනු හික්මීම් තුනකි. අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා, අධිපඤ්ඤා ශික්ෂා යනුයි. (1-7) 2 ‘අධිශීල ශික්ෂාව කවරීද’ යන තැන සිට යොදාගත යුතුයි.) මේ අධිපඤ්ඤා ශික්ෂාවයි. තමන්ගේ නිර්වාණය යනු තමන්ගේ රාගය නිවීමට ද්වෙෂය නිවීමට මොහය නිවීමට ක්‍රොධය නිවීමට බද්ධ වෛරය නිවීමට (මහානිද්දෙසයේ 14–5 (2) ‘ශාන්තවූවහුට’ යනු ‘නිවීමටයයි’ වෙනස් කොට රාගය යන තැනසිට යොදාගත යුතුයි 1787) සියලු අකුශල රැස්කිරීම් වල සංසිඳීම පිණිස දුරුකිරීම පිණිස අධිශීලයෙහිද හික්මෙන්නේය. අධිචිත්තයෙහිද හික්මෙන්නේය. අධිප්‍රඥාවෙහිද හික්මෙන්නේය, මේ ශික්ෂා තුන ආවර්ජනා කරන්නේ හික්මෙන්නේය, බලන්නේ හික්මෙන්නේය, ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ හික්මෙන්නේය, සිත තබන්නේ හික්මෙන්නේය, ශ්‍රද්ධාව මුදන්නේ හික්මෙන්නේය, වීර්ය දැඩිව ගන්නේ හික්මෙන්නේය, සිහිය පිහිටුවන්නේ හික්මෙන්නේය, සිත පිහිටුවන්නේ හික්මෙන්නේය, ප්‍රඥාවෙන් දැන ගන්නේ හික්මෙන්නේය, දැනගත යුත්ත දැන ගන්නේ හික්මෙන්නේය. විශෙෂයෙන් දැනගත යුත්ත විශෙෂයෙන් දැන ගන්නේ හික්මෙන්නේය, දුරුකළයුතු දෙය දුරු කරන්නේ හික්මෙන්නේය, ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය, වැඩිය යුත්ත වඩන්නේ හික්මෙන්නේය යනුයි.
(5-2)
“උත්සාහ කරවයි වදාළහ” යනු උත්සාහවත්ව කරව, වීර්ය කරව, කැමැත්ත ඇති කරව, උපදව යනුයි. “ධොතක” යනු භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට නාමයෙන් ආමන්ත්‍රණය කරයි, “භාග්‍යවත්” යනු මේ ගෞරව වචනයයි ප්‍රත්‍යක්ෂ කළ පැනවීමයි යනුයි.
“මෙහිම ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ” යන්නෙහි මෙහි යනු මේ දෘෂ්ටියෙහි මේ කැමැත්තෙහි මේ රුචියෙහි මේ ගැන්මෙහි, මේ ධර්මයෙහි, මේ විනයෙහි, මේ ධර්ම විනයෙහි, මේ පා වචනයෙහි, මේ බ්‍රහ්මචරියාවෙහි, මේ ශාස්තෘ ශාසනයෙහි, මේ ආත්ම භාවයෙහි, මේ මනුෂ්‍ය ලොකයෙහි, “ප්‍රඥා ඇත්තේ යනු පණ්ඩිතවූයේ බුද්ධි ඇත්තේ, ඥාන ඇත්තේ යනුයි” සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේ නමි. කයෙහි කය අනුව බලන සිහිය වඩන්නේ (1-8) 4 (ii) යොදාගත යුතුයි.) හෙතෙම සිහි ඇත්තේයයි කියයි.
“මෙයින් අසා හික්මෙන්නේය” යනු මෙයින් මාගේ වචනය දෙශනාව, ගැලපීම, අසා ඉගෙණ සලකාබලා, යනුයි. හික්මෙන්නේය යන්නෙහි හික්මීම් තුනෙකි. අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂා යනුයි. (1-7-2) අධිශීලයද යන තැන සිට හා 3 ඡෙදය යෙදිය යුතුයි.) මේ අධිප්‍රඥා ශික්ෂාවයි.
“තමන්ගේ නිර්වාණය යනු” තමන්ගේ රාගය නිවීම පිණිස (මහා නිද්දෙසයේ 14–5 (2) ‘ශාන්තවූවහුට’ යනු ‘නිවීමට’ යයි වෙනස් කොට රාගය යන තැනසිට යොදාගත යුතුයි. 1787)
(5-3)
“මම මනුෂ්‍ය ලොකයෙහි දෙවියන්” දකිමි යන්නෙහි දෙවියෝ නම් දෙවියෝ තුන් කොටසකි, එනම් සම්මුති දෙව උප්පත්ති දෙව, විශුද්ධි දෙව යනුයි. සම්මුති දෙවියෝ කවරහුද? රජවරු, රාජකුමාරවරු, දෙවි වරු යනුයි. මොව්හු සම්මුති දෙවියෝයයි කියත්.
“උත්පත්ති දෙවියෝ කවරහුද? චාතුර්මහාරාජික දෙවියෝ, තාවතිංස දෙවියෝ යාම දෙවියෝ තුසිත දෙවියෝ නිර්මාණ රතී දෙවියෝ, පරනිර්මිත වසවර්ති දෙවියෝ එයට ඉහළවූ බ්‍රහ්ම කායික දෙවියෝද යනුයි. මොව්හු උත්පත්ති දෙවියෝ නම් වෙත්.
“විශුද්ධි දෙවියෝ කවරහුද? තථාගත ශ්‍රාවකයෝ අර්හත්වූ ක්ෂීණා ශ්‍රවයෝ, පසේ බුදුවරු මොහු විශුද්ධි දෙවියෝයයි කියත්, භාග්‍යවතුන් වහන්සේ සම්මුති දේවද නොවන සේක. උප්පත්ති දේවද නොවනසේක. විශුද්ධි දේවද නොවන සේක. දෙවියන්ට දෙවිසේක. සිංහයන්ට සිංහසේක. නාගයන්ට නාගසේක, සමූහ ඇත්තන්ට සමූහ ඇතිසේක. මුනීන්ට මුනිසේක. රජුන්ට රාජ සේක.
“මම මනුෂ්‍ය ලොකයෙහි දෙවියන් දකිමි” යනු දෙවියන්ට උසස්වූවන් දකිමි, දෙවියන්ට දෙවියන් දකිමි. යනුයි. මම දිව්‍ය මනුෂ්‍ය ලොකයෙහි අකිඤ්චන කෙලෙස් නැත්තාවූ බ්‍රාහ්මණයෙක්ව ඉරියව් පවත්වන්නෙමි යන්නෙහි අකිඤ්චනවූ හෙවත් කෙලෙස් නැති යනු රාගකිඤ්චනය, ද්වෙෂ කිඤ්චනය, මොහ කිඤ්චනය, මාන කිඤ්චනය, දෘෂ්ටි කිඤ්චනය, ක්ලේශ කිඤ්චනය, දුශ්චරිත කිඤ්චනය යන මේ කෙලෙස් භාග්‍යවත් බුදුන්ගේ ප්‍රහීනයහ. මුලින් ඉදිරූහ. අග සිඳි තල්ගසක් මෙන් කරණ ලදහ. අභාවයට පමුණුවන ලදහ. නැවත නූපදනා බවට පමුණුවන ලදහ. එහෙයින් බුද්ධ නම් වේ.
“බ්‍රාහ්මණ” යනු භාග්‍යවතුන් වහන්සේ ධර්ම සතක් බැහැර කරණ ලද බැවින් බ්‍රාහ්මණ නමි. සත්කාය දෘෂ්ටිය බැහැර කරණ ලද්දේ වෙයි. විචිකිච්ඡාව බැහැර කරණ ලද්දේ වෙයි. ශීලව්‍රත පරාමාශය බැහැරකරණ ලද්දේ වෙයි. රාගය, ද්වෙෂය, මොහය, මානය, බැහැර කරණ ලද්දාහු වෙත්. කෙලෙස් ඇති කරන්නාවූ නැවත භවයක් ඇති කරන්නාවූ රාග සහිත දුක් විපාක දෙන්නාවූ නැවත ජාති ජරාමරණ දෙන්නාවූ ලාමක අකුශල ධර්මයන් දුරු කොට සිටියාවූ භාග්‍යවතුන් වහන්සේ නිර්මල සේක. තැන්පත් සේක. ප්‍රඥාවෙන් යුක්ත සේක. සංසාරය ඉක්මවා සිටි සේක යනුයි.
“ඉරියව් පවත්වන්නාවූ” යනු හැසිරෙන්නාවූ වාසය කරන්නාවූ, පාලනය කරන්නාවූ, යැපෙන්නාවූ, යනුයි. ඉරියව් පවත්නා කෙලෙස් නැත බ්‍රාහ්මණයාට ඒ ඒ කාරණයෙන් නමස්කාර කරමි යනුයි.
“සමතැස්යයි” යනු සර්වඥතාඥානයට කියයි. භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥානයෙන් උපෙතවූයේ සමු පෙතවූයේ පැමිණියේ උපන්නේ යුක්තවූයේ වෙයි. උන් වහන්සේට නොපෙණෙන දෙයක් මෙහි නැත. නොදන්නා අර්ථයක් නොදතයුත්තක් නැත. දක්ෂිණාර්හවූ තථාගතයන් වහන්සේ එබැවින් සමන්ත චක්ඛු නමි.
“ඒ ඒ කාරණයෙන් සමතැස් ඇති බුදුන් වහන්සේ වඳිමි ශාක්‍යයන් වහන්ස, මාගේ සැකය දුරුකරණු මැනවි” යන්නෙහි “ශාක්‍ය” යනු භාග්‍යවතුන් වහන්සේයි. ශාක්‍ය කුලයෙන් පැවිදිවූයේනුයි ශාක්‍ය නමි, යලිදු හෝ ආඪ්‍යවූ මහත්වූ ධනය ඇත්තේනුයි. ‘ශාක්‍ය’ නමි. උන්වහන්සේට මේ ධනයෝ වෙත්. ඒ කවරහුද? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය ප්‍රඥා ධනය, සතිපට්ඨාන ධනය, සම්‍යක් ප්‍රධාන ධනය, ඍද්ධිපාද ධනය, ඉන්ද්‍රිය ධනය, බල ධනය, බොජ්ක්ධංග ධනය, මාර්ග ධනය, ඵල ධනය, නිර්වාණ ධනය, මෙසේ නොයෙක් ධන රුවනින් ආඪ්‍යවූයේ මහත් ධන ඇත්තේනුයි ධනවත්වුයේනුයි ශාක්‍ය නමි. නැවතද ශූර බැවින් ධීර බැවින් බිය නොවන බැවින් තැති නොගන්නා බැවින්, ප්‍රහීන භය හෙරව ඇති බැවින් පහවූ ලොමහර්ෂ ඇති බැවින් ශාක්‍ය නමි. “සැකයයයි” විචිකිච්ඡාවට කියයි. දුකෙහි සැකය, දුක් ඇතිවීමට හේතුවේ සැකය, දුක්ඛ නිරොධයේ සැකය, දුක්ඛනිරොධ ගාමිනී ප්‍රතිපදාවේ සැකය පූර්වාන්තයෙහි සැකය, අපරාන්තයෙහි සැකය, පූර්වාපරාන්තයෙහි සැකය, ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන්හි සැකය යන මෙබඳු සැකයක් සැක කිරීමක් සැක කිරීම් බවක් විචිකිච්ඡාවක් අදහස් දෙකක්, දෙමංසන්ධියක්, සිතෙහි නිශ්චය නොමැති ගතියක්, තැතිගැන්මක් ඇද්ද, එයයි “ශාක්‍යයන් වහන්ස එය දුරු කරණු මැනව,” යනු මා මුදවනු මැනව, මෝඩ බැවින් දුරු කරණු මැනව, සැකය නමැති, හුලෙන් මා දුරු කරණු මැනව යනුයි.
“මම මිදවීමට උත්සාහ නොකරන්නෙමි” යන්නෙහි මම සැක ඇති තැනැත්තේ මිදවීමට නොහැක්කෙමි. සැක ඇති තැනැත්තේ උඩට එසවීමට නොහැක්කෙමි. උත්සාහ නොකරන්නෙමි. වෑයම් නොකරන්නෙමි. වීර්ය නොකරන්නෙම් අශ්‍රද්ධාවත් පුද්ගලයා කෙරෙහි කුසීතකම නොසිඳී තැනැත්තා කෙරෙහි, හීනවීර්ය ඇත්තා කෙරෙහි නොපිළිපදින්නා කෙරෙහි ධර්ම දෙශනාවෙන් මෙසේද මම මිදවීමට උත්සාහ නොකරන්නෙමි. නැවතද මුදවන අන් කිසිවෙක් නැත. ඉදින් ඔවුහු මිදෙන්නාහු නම් ස්වකීය උත්සාහයෙන් ස්වකීය වීර්යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පුරුෂ ධෛර්යයෙන් ස්වකීය පුරුෂ බලයෙන් ස්වකීය පුරුෂ පරාක්‍රමයෙන් තමාගේ සම්‍යක් ප්‍රතිපදාව අනුලොම ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව, අන්වර්ථ ප්‍රතිපදාව ධර්මානුධර්ම ප්‍රතිපදාව, පිළිපදින්නාහු මුදන්නෙමි. “මම මෙසේ මිදවීමට උත්සාහ නොකරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දෙශනා කරණ ලදී.
“චුන්දය, හෙතෙම ඒකාන්තයෙන් තමා එරුනේ එරුන අන්කෙනෙකු ගොඩනගනීය යන මේ කාරණය විද්‍යමාන නොවේ. චුන්දය, හෙතෙම ඒකාන්තයෙන් තමා නොදැමුනේ විනීත නොවූයේ නොපිරිනිවුනේ අන්‍යයා දමනය කරන්නේද, හික්මවන්නේද, පිරිනිවනට පමුණුවන්නේද, යන මේ කාරණය විද්‍යමාන නොවෙයි. මෙසේද මම මිදවීමට උත්සාහ නොකරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දෙශනා කරණ ලදී.
“තමා විසින් කරණලද පාපය තමා කිළිටිකරයි. තමා විසින් නොකරණලද පාපය තමා පිරිසිදුකරයි. ශුද්ධිය හා අශුද්ධිය වෙන වෙනම ඔවුනොවුන් පිරිසිදු නොකරයි.” මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණලදී.
“බ්‍රාහ්මණය එපරිද්දෙන්ම නිර්වාණය සිටියි. නිර්වාණගාමී මාර්ගය සිටියි. නැවතද වනාහි මාගේ ශ්‍රාවකයෝ මෙසේ අවවාද කරණු ලබන්නාහු මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු ඇතැම් කෙනෙක් ඒකාන්තයෙන් දක්වනලද නිර්වාණය ලබාගනිත්, ඇතැම් කෙනෙක් ලබා නොගනිත්, මෙහිලා මම කුමක් කරම්ද? බ්‍රාහ්මණය තථාගතතෙම මාර්ගය දැන මාර්ගය අවබොධකොට දෙශනාකරයි. තමා විසින් පිළිපදිනු ලබන්නෝ මිදෙන්නාහුවෙත්.
“ධොතකය, ලොකයෙහි කිසියම් සැකයෙන් යුත් පුද්ගලයෙක්තෙම” යන්නෙහි සැක ඇති, අදහස් දෙකක් ඇති, විචිකිච්ඡා සහිත යනුයි. “කිසියම්” යනු කිසියම් ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යනුයි. ලොකයෙහි යනු අපාය ලොකයෙහි (1-1) 1 (ii) ඡෙදය යෙදිය යුතුයි.)
“ශ්‍රෙෂ්ඨවූ ධර්මයද දැනගණු ලබන්නේ” යන්නෙහි ශ්‍රෙෂ්ඨ ධර්මයයයි අමෘතවූ නිර්වාණයට කියයි. (ii) යම් ඒ දෙයක් සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමවේද, සියලු උපධීන්ගේ සංසිඳීමවේද, තෘෂ්ණා ක්ෂයනම්වේද, විරාගනම් වේද, නිරොධනම්වෙයි, ඒ නිර්වාණයයි. ශ්‍රෙෂ්ඨය යනු අග්‍රය ශ්‍රෙෂ්ඨය ප්‍රමුඛය, උතුම්ය, දැනගණු ලබන්නේ, අවබොධ කරණු ලබන්නේ යනු ශ්‍රෙෂ්ඨ ධර්මයද දැනගණු ලබන්නේ මේ ඕඝය තරණය කරන්නේය. මෙසේ ඔබ කාමොඝය භවොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය, තරණය කරන්නෙහිය, එතර වන්නෙහිය. ඉක්මවන්නෙහිය යනුයි.
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
(5-4)
“ශ්‍රෙෂ්ඨයාණනි, කරුණා කරමින් අනුශාසනා කළ මැනවි.” යනු ශ්‍රෙෂ්ඨයන් වහන්ස, අනුශාසනා කරණු මැනවි. ශ්‍රෙෂ්ඨයන් වහන්ස, අනුග්‍රහ කරණු මැනවි. ශ්‍රෙෂ්ඨයන්වහන්ස,
අනුකම්පා කළ මැනවි. කරුණා කරමින් යනු දයාවෙන් යුක්තවෙමින්, අනුග්‍රහ උපදවමින්, අනුකම්පා උපදවමින් යනුයි.
“යම්හෙයකින් මම විවේක ධර්මය දැනගනිම්ද” යන්නෙහි විවේක ධර්මය යනු අමෘතවූ නිර්වාණයට කියයි. යම් ඒ (5-3) 13 (ii) යෙදිය යුතුයි.) “යමක් මම දැනගනිම්ද, යන්නෙහි යමක් මම දැනගන්නෙම්ද, අවබොධ කරන්නෙම්ද, ලබන්නෙම්ද දකින්නෙම්ද ප්‍රත්‍යක්ෂ කරන්නෙම්ද යනුයි.
“යම්සේ මම අහස මෙන් වෙනසකට නොපැමිණෙන්නේ” යනු ආකාශය වෙනස් නොවේද, නොගනීද මෙසේ ආකාශය මෙන් වෙනසකට නොපැමිණෙන්නේ යනු යම්සේ ආකාශය යම්කිසි වර්ණයකට එනම්, ලාකඩ (රතු) පාටට හෝ කහපාටට හෝ නිල්පාටට හෝ මදටිය පාටට හෝ මෙසේ පාටකට නොපැමිණෙන්නේ යනුයි. යම්සේ ආකාශය නොකිපේද, ව්‍යාපාදයට නොපැමිණේද, නොගෑවේද, මෙසේද අහස මෙන් වෙනසකට නොපැමිණෙන්නේද යනුයි.
“මෙහිම සිටියේ යනු” මෙහිම නියුක්තවූයේ මේ ආසනයෙහිම සිටියේ මේ පිරිසෙහිම සිටියේ යනුයි මෙසේද මෙසේ සිටියේ යනුයි. නැවතද මෙහි සිටියේ යනු මෙහිම ශාන්තවූයේ උපශාන්තවූයේ. නිවුනේ, සංසිඳුනේ මෙසේද මෙහිම සිටියේ යනුයි.
“ආශ්‍රිතනොවූ” යනු ආශ්‍රය දෙකකි. තෘෂ්ණා ආශ්‍රය හා දෘෂ්ටි ආශ්‍රය යනුයි. (‘මමත්වය’ යනු ‘ආශ්‍රයයයි’ වෙනස් කොට මහා නිද්දේසයේ (2-6) 1 (ii) (iii) ඡෙද යෙදිය යුතුයි. 1561 පිට) තෘෂ්ණා ආශ්‍රය දුරකොට දෘෂ්ටි ආශ්‍රය බැහැරකොට ඇස ආශ්‍රය නොවූයේ, කණ ආශ්‍රය නොවූයේ, නාසය ආශ්‍රය නොවූයේ, දිව ආශ්‍රය නොවූයේ, කය ආශ්‍රය නොවූයේ, මනස ආශ්‍රය නොවූයේ, රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි, කුලයා කෙරෙහි ගණයා කෙරෙහි, ආවාසයෙහි, ලාභයෙහි, කීර්තියෙහි, ප්‍රශංසායෙහි, සැපයෙහි චීවරයෙහි, පිණ්ඩපාතයෙහි, සෙනාසනයෙහි ගිලන්පස බෙහෙත් පිරිකරෙහි, කාමධාතුවෙහි, රූපධාතුවෙහි, කාමභවයෙහි, රූප භවයෙහි, අරූපභවයෙහි, සංඥා භවයෙහි, අසංඥා භවයෙහි නෙවසඤ්ඤා නාසඤ්ඤාභවයෙහි, එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි, පඤ්චවොකාර භවයෙහි, අතීතයෙහි අනාගතයෙහි, පවත්නා කාලයෙහි ඇසූ දුටු ස්පර්ශ කළ දැනගත් ධර්මයෙහි, ආශ්‍රයනොවූයේ නොඇළුනේ, නොපැමිණියේ, ආරාධිත නොවූයේ, නොඇළුනේ, නික්මුනේ, වෙන්වූයේ සීමානොකළ සිතින් වාසය කරන්නෙමි. ඉරියව් පවත්වන්නෙමි. පවතින්නෙමි. පාලනය කරන්නෙමි. යැපෙන්නෙමි, යනුයි. එසේ හෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
(5-5)
“ඔබගේ ශාන්තිය ප්‍රකාශ කරන්නෙමි” යනු රාගයාගේ ශාන්තිය ද්වෙෂයාගේ ශාන්තිය, මොහයාගේ ශාන්තිය, ක්‍රොධයාගේ ශාන්තිය, බද්ධවෛරයාගේ, ගුණමකුකමේ, උතුමන් හා තමාද සමානයයි සිතීමේ, ඊර්ෂ්‍යාවේ, මසුරුකමේ, රැවටිල්ලේ කෛරාටිකකමේ, තදගතියේ එකට එක කිරීමේ, මානයාගේ අතිමානයාගේ, මදයාගේ, ප්‍රමාදයාගේ කෙලෙසුන්ගේ, සියලු දුසිරිත්වල, සියලු පීඩාවල සියලු දැවිලිවල, සියලු තැවිලිවල, සියලු අකුසල රැස්කිරීම්වල ශාන්තිය, උපශාන්තිය, නිවීම, සංසිඳීම, ප්‍රකාශ කරන්නෙමි, කියන්නෙමි, දෙශනා කරන්නෙමි, පනවන්නෙමි, තබන්නෙමි, විවෘත කරන්නෙමි, බෙදන්නෙමි, ප්‍රකට කරන්නෙමි, යනුයි.
“දුටු ධර්මයෙහි මෙසේ වූයේයයි සිය ආරංචියෙන් නොඇසූධර්මයෙහි” යනු දුටු ධර්මයෙහි දැනගත් ධර්මයෙහි, සමකොට බැලු ධර්මයෙහි, තීරණය කළ ධර්මයෙහි, ප්‍රකට ධර්මයෙහි, යනුයි. නැවතද දුක දුටුකල්හි දුක කියන්නෙමි. සමුදය දුටුකල්හි සමුදය (දුක්හේතුව) කියන්නෙමි. මාර්ගය දුටුකල්හි මාර්ගය කියන්නෙමි. නිරොධය දුටුකල්හි නිරොධය කියන්නෙමි. මෙසේද දුටු ධර්මයෙහි යනුයි. නැවතද තමා විසින් දැක්කයුතු කල්නොයවා විපාකදෙන, එව බලවයි කියයුතු, සමීපයට පමුණුවන, නුවණැත්තන් විසින් වෙන වෙන දතයුතු, මෙසේද දුටු ධර්මයෙහි යනුයි.
“ආරංචියෙන් නොඇසූ” යනු මෙසේ වූයේයයි නොඇසූ පරම්පරාවෙන් පැමිණියේයයි නොසැලකූ, කොටස් වශයෙන් නොගත්, තර්ක හේතුවෙන් නොගත් න්‍යාය හේතුවෙන් නොගත් ආකාරය විතර්කකොට නොගත්, දෘෂ්ටිය විනවිද බැලීමෙන් නොගත් තෙමේම දැක දැනගත් තමාට ප්‍රත්‍යක්ෂවූ ධර්මය යනුයි. “කියන්නෙමි” යනු දුටු ධර්මයෙහි මෙසේයයි ආරංචියෙන් නොඇසූ ධර්මයෙහි යමක් දැන සමකොට ලබා, තීරණයකොට ප්‍රකට කොට සියලු සංස්කාරයෝ අනිත්‍යයහයි දැන, ප්‍රකටකොට, තීරණයකොට සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයහයි යම්කිසි හෙතු ප්‍රත්‍යයකින් උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි දැන තීරණයකොට සමකොට බලා ප්‍රකටකොට යනුයි. සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේ යනුයි. කයෙහි කය අනුව බලන සිහිය වඩන්නේනුයි සිහි ඇත්තේනමි. (1-8) 4 (ii) යෙදියයුතුයි.) හැසිරෙත් යනු හැසිරෙන්නේ වාසය කරන්නේ, ඉරියව් පවත්වන්නේ පවතින්නේ පාලනය කරන්නේ යනුයි.
“එයට ඔබ සතුටුවෙමි.” යනු ඔබවහන්සේගේ වචනයට දෙශනාවට පද ගැලපීමට සතුටුවෙමි. අනුමෝදන් වෙමි. කැමතිවෙමි. යනුයි.
“මහර්ෂීන් වහන්සේ උතුම් ශාන්තිය” යන්නෙහි ‘මහර්ෂි’ යනු භාග්‍යවතුන් වහන්සේයි. මහත්වූ ශීල සමූහය (මහා නිද්දේශයේ (14-1) 10 ඡෙදය යෙදිය යුතුයි.) උතුම්යයි අමෘතවූ නිර්වාණයට කියයි. යම් ඒ සියලු සංස්කාරයන් සමථයට පත්වූයේ සියලු උපධීන් බහා තැබූයේ තෘෂ්ණා ක්ෂය වූයේ, විරාග නම් වූයේ නිරොධ නම් වූයේ ඒ නිර්වාණ යයි. ‘උතුම්’ යනු උත්තම ප්‍රවර යනුයි.
“යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ” යන යමක් දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයයි දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි. සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි යම්කිසි හේතු ප්‍රත්‍යයකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි දැන සමකොට බලා තීරණයකොට ප්‍රකට කොට යනුයි.
“සිහි ඇත්තේ” යනු කරුණු සතරකින් සිහි ඇත්තේ නමි. (1-8) 4 (ii) යෙදිය යුතුයි. හැසිරෙන්නේ යනු හැසිරෙන්නේ වාසය කරන්නේ ඉරියව් පවත්වන්නේ යැපෙන්නේ යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලොකයෙහි විසත්තිකාව තරණය කරන්නේය. යනුයි. විසත්තිකා යයි තෘෂ්ණාවට කියයි.
“විසත්තිකා” යනු කවර අර්ථයකින් විසත්තිකා නම් වේද, (මහා නිද්දේශයේ (10-16) 3 විශේෂයෙන් ඇලේනුයි යන තැන් සිට යෙදිය යුතුයි.) “ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි (1-1) (ii) යෙදිය යුතුයි.) “ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කරන්නේය” යනු ලෝකයෙහි හෝ ඒ විසත්තිකාව තරණය කරන්නේය. විසත්තිකා ලොකය හෝ සිහි ඇතිව විසත්තිකාව තරණය කරන්නේය. යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම කීයේය.
(5-6)
“භාග්‍යවතුන් වහන්සේ ධෝතකය යමක් දැනගනිම්ද, අවබොධ කෙරෙම්ද, “උඩයට සරස හා මැද” යන්නෙහි උඩ යයි අනාගතයට කියයි යට යයි අතීතයට කියයි. සරස හා මැදයයි වර්තමානයට කියයි. නැවතද උඩ යනු කුශල ධර්මයෝයි. යට යනු අකුශල ධර්මයෝයි. සරස හා මැද අව්‍යාකෘත ධර්මයෝයි. උඩ යනු සුඛ වෙදනාවයි. යට යනු දුක්ඛ වේදනාවයි. සරස හා මැද යනු අදුක්ඛමසුඛ වේදනාවයි. මෙය ලොකයෙහි සංගයයි දැන යනු මෙය එල්බීමයයි. මෙය බන්ධනයයි මෙය පලිබොධය යයි දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි.
“භවාභවයෙහි තෘෂ්ණාව නොකරන්නෙහි” යන්නෙහි රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව ස්පර්ශ තෘෂ්ණාව ධර්ම තෘෂ්ණාව යනුයි. “භවාභවයෙහි” යනු කර්ම භවයෙහි කාම භවයෙහි පුනර්භවයෙහි, රූප භවයෙහි, පුනර්භවයෙහි අරූප භවයෙහි, කර්මභවයෙහි, අරූපභවයෙහි, පුනර්භවයෙහි නැවත නැවත භවයෙහි ගතියෙහි, නැවත නැවත උත්පතිතියෙහි නැවත නැවත ප්‍රතීසන්ධියෙහි නැවත නැවත ආත්මභාවය ලැබීමෙහි තෘෂ්ණාව නොකරන්නෙහි නූපදවන්නෙහි, ඇති නොකරන්නෙහි, දුරුකරව, සංසිඳව, සම්පූර්ණයෙන් අභාවයට පමුණුවව යනුයි.
ධොතකමාණවපුච්ඡානිද්දෙසො පඤ්චමො.
විවරණ [0]