බරවීම්

පරිවර්තන [33]

චිත්ත වර්ගය

සැලෙන්නාවූ, එක් අරමුණක නොසිටින්නා (චපල) වූ නොරැක්ක හැක්කාවූ, (තුන්) දුසිරිතින් නොවැළකිය හැක්කාවූ, සිත ප්‍රාඥවූ පුරුෂතෙම හීදණ්ඩක් (ඇද මැඩ ඉදිකරන්නාවූ) හී වඩුවා මෙන්, සෘජු කරන්නේය.

මේ සිත ජල (සංඛ්‍යාත) වාසස්ථානයෙන් නගන ලද්දාවූ ගොඩදමන ලද්දාවූ, මත්ස්‍යයකු මෙන් සැලෙන්නේය. ක්ලේශ වෘත්තය (මරගෙය) පහකටයුතුයි.

නිග්‍රහ (දඬුවම්) කරන්ට නොපිළිවන්වූ, ලඝුවූ, යම් කැමති අරමුණක වැටෙනසුළුවූ, චිත්තයාගේ දමනය කිරීම මැනවි, සිත දමනය කරන ලද්දේ සුව ඵලවන්නේය.

දක්නට නොපිළිවන්වූ, ඉතා සියුම්වූ, යම් කැමති අරමුණක් ගන්නාසුළුවූ සිත ප්‍රාඥතෙම රක්නේයි. සිත රක්නා ලද්දේ (ලොවී ලොව්තුරා) සැප ඵලවන්නේය.

දුරට යන්නාවූ, හුදකලාවම පවත්නාවූ, ශරීරයක් නැත්තාවූ, (ශරීරය නැමැති) ගුහාවෙහි පවත්නාවූ, (හෙවත් හෘදය රූපය නිසා පවත්නාවූ) සිත යම්කෙනෙක් සංවරයෙහි පිහිටුවත්ද, ඔහු මාරබන්ධනයයි කියනලද ත්‍රෛභූමක වෘත්තයෙන් (මර බැම්මෙන්) මිදෙන්නාහුය.

අනවස්ථිතවූ (නිතර චංචලවන) සිත් ඇති සද්ධර්මය නොදන්නාවූ, ඉපිලෙන සැදැහැ ඇත්තාහට ප්‍රඥාතොම නොපිරෙන්නීය.

(රාගයෙන්) චංචලනොවූ සිත් ඇති, (ද්වේෂයෙන්) නොපහරණ ලද සිත් ඇති, (අර්හත් මාර්ගයෙන්) ප්‍රහීණකළ කුශලා කුශල ඇති ක්‍ෂීණාශ්‍රවයාහට කෙලෙසුන් කෙරෙන් භයක් නැත.

මේ ශරීරය මැටි බඳුනක් වැනි කොට දැන, මේ (විදර්ශනා) චිත්තය නුවරක් මෙන් (කෙලෙස් සතුරන් විසින් නොපැරදවිය හැකි කොට) තබා, ප්‍රඥා නැමැති ආයුධයෙන් (ක්ලෙශ) මාරයා පහරණේය. දිනන ලද්ද (හෙවත් උපදවන ලද්දාවූ තරුණ විදර්ශනාව) ද රක්නේය. (සමාපත්තියෙහි) ආලය නොකරන්නේය.

මේ කය නොබෝ කලකින්ම ඒකාන්තයෙන් පහවූ සිත් ඇත්තේ, ඉවත දමන ලදුයේ දිරාගිය දඬුකඩක් මෙන් පොළොව මත්තෙහි හෝනේය.

සොරෙක්, සොරකු දැක ඕහට යමක් (අන්‍යව්‍යසනයක්) කෙරේද බද්ධවෛර ඇති එකෙක් එසේම තමාකෙරෙහි (බද්ධ) වෛර ඇති එකක්හු දැක, යම් ඒ අවැඩක් ( ඕහට) කෙරේද, (එයට වඩා) වරදවා (දශඅකුශල කර්මපථයෙහි) පිහිටුවනලද සිත ඒ හේතුවෙන් ඔහු අතිශයින් ලාමක කරන්නේයි.

ඒ කාරණය මවු නොකරන්නීය. පියාද නොකරන්නේය, අනික් නෑයෝද නොකරන්නාහුය. (දශකුශල කර්ම පථයෙහි) මනාකොට පිහිටුවන ලද සිත, ඒ හේතුවෙන් ඒ පුද්ගලයා අතිශයින් උත්තම කරන්නේය.

චිත්තවග්ගො තතියො නිට්ඨිතො.

විවරණ [1]