පරිවර්තන [33]
English
- Ācāriya Buddharakkhita (1985)
- Bhikkhu Ānandajoti (2017)
- Bhikkhu Sujato
- Peter Feldmeier (2013)
- Suddhāso Bhikkhu (2021)
繁體字
- 葉均
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Fernand Hû (1878)
Deutsch
- Ekkehard Saß (1995)
- Sabbamitta
Italiano
- Chandra Candiani
Español
- Isidatta (2011)
Català
- Jambudipa
- Nil Durall (2016)
Português
- Michael Beisert (2000)
- Pedro Guimarães (2013)
Latine
- V. Fausböll
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie (1976)
Magyar
- Fórizs László (2009)
Čeština
- Štěpán Chromovský
Polski
- Zbigniew Becker
Eesti keel
- Ṭhitañāṇa Bhikkhu (Dr. Andrus Kahn) (2025)
Slovenščina
- Ajahn Hiriko
עִבְרִית
- Shai Schwartz (2014)
ქართული
- Luka Elizbarashvili (2026)
मराठी
- अशोक तपासे, हर्षदा तपासे
தமிழ்
- Ven. Nilwakke Somananda Thera
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පණ්ඩිත වර්ගය
වරද දක්නා සුළුවූ, නිග්‍රහකොට කියන්නාවූ විදර්ශනා ඥානයෙන් යුක්තවූ යම් කළ්‍යාණ මිත්‍රයෙකු නිධානය (තිබූ තැන) කියන්නක්හු වැනි කොට දක්නේවේද එබඳු පණ්ඩිතයා සේවනය කරන්නේය. එබන්දා (පණ්ඩිතයා) සෙවුනාහට වැඩක්ම වන්නේය. අවැඩක් නොවන්නේය.
යම් කළ්‍යාණ මිත්‍රයෙක් අවවාද කෙරේද, අනුශාසනා කෙරේද, අකුශල ධර්මයන් වළකාද මෙබඳු ඒ පුද්ගලතෙම (බුද්ධාදී) සත්පුරුෂයන්ට ප්‍රිය වන්නේය. අසත්පුරුෂයන්ට අප්‍රිය වන්නේය.
පාපමිත්‍රයන් සේවනය නොකරන්නේය. අධම පුරුෂයන් සේවනය නොකරන්නේය. කළ්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නේය. උත්තම පුරුෂයන් සේවනය කරන්නේය.
නවලොව්තුරා දහම්රස වළඳන මහණතෙම සුවසේ වසන්නේය. ප්‍රාඥතෙම විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් යුක්තව (බුද්ධාදී) ආර්යයන් විසින් දක්නාලද්දාවූ ධර්මයෙහි හැම කල්හිම ඇලෙන්නේය.
දියාළුවෝ (සිත් පිත් නැති) දිය ගෙණ යන්නාහ. හී වඩුවෝ (සිත් පිත් නැති) හීදඬු නමන්නාහ. වඩුවෝ දඬු නමන්නාහ. නුවණැත්තාහු සිත දමනය කරන්නාහ.
යම්සේ ඝනවූ ගල් පර්වතයක් (සතර දිගින්) හමන සුළඟින් කම්පා නොවේද, එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙක්හි කම්පා නොවන්නාහුය.
යම්සේ ගැඹුරුවූ මහමුහුද විශෙෂයෙන් ප්‍රසන්නද නොකැළඹුනේද එපරිද්දෙන්ම නුවණැත්තෝ ධර්මයන් අසා මැනවින් පහදිති.
උතුම් පුරුෂයෝ සියලු දෙයෙහි නොඇලෙති. සත්පුරුෂයෝ (සිව්පසය ලබාගන්නා පිණිස) සිත්ගන්නා වචන නොකියති. පණ්ඩිතයෝ සුවදුක් විඳිනා කල උස් පහත් ගති නොදක්වති.
(පණ්ඩිත පුරුෂතෙම) තමා හෙතුකොට ගෙණද, පව් නොකරන්නේය. අනුන් හෙතුකොට ගෙණද පව් නොකරන්නේය. පව් කිරීමෙන් ලැබියයුතු පුතෙකුද, පව් කිරීමෙන් ලැබියයුතු ධනයද, පව් කිරීමෙන් ලැබියයුතු රටකුදු කැමති නොවන්නේය. අධර්මයෙන් තමාට ලැබියයුතු දේ යමෙක් නොකැමති වේද හෙතෙම සිල්වත්ය ප්‍රඥාවත්ය, ධාර්මිකය.
මනුෂ්‍යයන් අතුරෙන් යම්කෙනෙක් (පාරයයි කියනලද) නිවණට යන්නේද ඒ ජනයෝ ස්වල්පයහ. නැවත ඔවුන් කෙරෙන් අන්‍යවූ (හෙවත් නිවණට නොයන සුළුවූ) මේ ජනයා මෙතෙරටම දුවන්නේය.
යම්කෙනෙක් වනාහි මනාකොට දෙසන ලද්දාවූ ධර්මයෙහි ධර්මය අනුව පවතිත්ද, ඒ ජනයෝ (ක්ලේශ) මාරයාගේ ආඥා පවත්වන්නාවූ වෙසෙසින්ම එතෙරවිය නොහැකි (ත්‍රෛභූමක වෘත්තය ඉක්මවා නිර්වාණයයි කියන ලද) පාරයට (මෙතරට) පැමිණෙන්නාහ.
නුවණැති මහණතෙම (කාය දුශ්චරිතාදී) අකුශල ධර්මය දුරුකොට, ගිහිගෙයින් නික්ම ගේ නැති ප්‍රව්‍රජ්‍යාවට පැමිණ (කාය සුචරිතාදී) කුශල ධර්මය වඩන්නේය. නුවණැත්තෝ කාමයන් හැර, කිසිත් නැතිව, සිත කිලිටිවලින් සෝදා එහි ඇල්ම කැමති වන්නේය.
නුවණැති මහණතෙම (කාය දුශ්චරිතාදී) අකුශල ධර්මය දුරුකොට, ගිහිගෙයින් නික්ම ගේ නැති ප්‍රව්‍රජ්‍යාවට පැමිණ (කාය සුචරිතාදී) කුශල ධර්මය වඩන්නේය. නුවණැත්තෝ කාමයන් හැර, කිසිත් නැතිව, සිත කිලිටිවලින් සෝදා එහි ඇල්ම කැමති වන්නේය.
යම් ක්‍ෂීණාශ්‍රව කෙණෙකුන්ගේ සිත බොධ්‍යංග ධර්මයන් විෂයෙහි මනාකොට වඩන ලදද, යම් ක්‍ෂීණාශ්‍රව කෙනෙක් කිසි උපාදානයක් මමය මාගේයයි නොගෙණ ග්‍රහණයක් නැත්තාවූ නිර්වාණයෙහි ඇලුනාහුද, දිලිසෙන ඒ ක්‍ෂීණාශ්‍රවයෝ (ස්කන්ධාදී) ලෝකයෙහි පිරිනිවියා නම් වෙති.
පණ්ඩිතවග්ගො ඡට්ඨො නිට්ඨිතො.
පරිවර්තන [33]
English
- Ācāriya Buddharakkhita (1985)
- Bhikkhu Ānandajoti (2017)
- Bhikkhu Sujato
- Peter Feldmeier (2013)
- Suddhāso Bhikkhu (2021)
繁體字
- 葉均
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Fernand Hû (1878)
Deutsch
- Ekkehard Saß (1995)
- Sabbamitta
Italiano
- Chandra Candiani
Español
- Isidatta (2011)
Català
- Jambudipa
- Nil Durall (2016)
Português
- Michael Beisert (2000)
- Pedro Guimarães (2013)
Latine
- V. Fausböll
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie (1976)
Magyar
- Fórizs László (2009)
Čeština
- Štěpán Chromovský
Polski
- Zbigniew Becker
Eesti keel
- Ṭhitañāṇa Bhikkhu (Dr. Andrus Kahn) (2025)
Slovenščina
- Ajahn Hiriko
עִבְרִית
- Shai Schwartz (2014)
ქართული
- Luka Elizbarashvili (2026)
मराठी
- अशोक तपासे, हर्षदा तपासे
தமிழ்
- Ven. Nilwakke Somananda Thera
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පණ්ඩිත වර්ගය
විවරණ [0]