බරවීම්

The Minor Discourses

Iti25 සම්පජාන මුසාවාද සූත්‍රය

පරිවර්තන [19]

සම්පජාන මුසාවාද සූත්‍රය

“මහණෙනි, (වාක් සංඛ්‍යාතවූ එක් ධර්මයක් ඉක්මවා (සිටි) ඒ පුද්ගලයා විසින් නොකළ හැකි පාපකර්මයක් මම නොකියමි. කවර එක ධර්මයෙක්ද යත්?”

“මහණෙනි, යම් මේ දැන දැන මුසාවාද කීමෙක් වේද, (ඒ ධර්මයයි)

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “එකම ධර්මය ඉක්මවූ බොරු කියන සුලුවූ හරින ලද පරලොව ඇත්තාවූ සත්වයා විසින් නොකළ හැකි පවක් නැතැයි.”

විවරණ [0]