පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දිට්ඨිගතද්වය සූත්‍රය
“මහණෙනි, මේ දෘෂ්ටි දෙකකින් මැඩුණු (නොහොත්) පළිබොධවූ දිව්‍යමනුෂ්‍යයෝ ඇලෙත්. ඇතැම් කෙනෙක් (උච්ඡෙදයෙහි) අතිධාවනය කෙරෙත්. ඇතැම් කෙනෙක් දිවැස් ඇත්තවුන් මෙන් දකිත්.
“මහණෙනි, කෙසේ නම් ඇතැම් කෙනෙක් ඇලෙද්ද? මහණෙනි, භවයෙන් සතුටුවන්නාවූ භවයන්හි ඇලුනාවූ භවයන්හි මනාව සන්තොෂ වන්නාවූ දිව්‍ය මනුෂ්‍යයෝ වෙත්. ඔවුන්ට භවයන් නූපදවනු පිණිස දහම්දෙසනු ලබන කල්හි සිත බැස නොගණී, නොපහදී, නොපිහිටයි නොඅදහයි. මහණෙනි, මෙසේ වනාහි ඇතැම් කෙනෙක් ඇලෙති.
“මහණෙනි, කෙසේ නම් ඇතැම් කෙනෙක් අති ධාවනය කෙරෙද්ද, “මහණෙනි, ඇතැම් කෙනෙක් භවයෙන්ම පෙළෙන්නාහු ලජ්ජාවන්නාහු, පිළිකුල්වන්නාහු ‘පින්වත්නි’ යම් කලෙක්හි තෙමේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සිඳෙන්නේය. වැනසෙන්නේය. මරණයෙන් මතු නොවන්නේය. මේ උච්ඡෙදය ශාන්තය, මේ උච්ඡෙදය ප්‍රණීතයයි මෙසේ දෘෂ්ටියට සතුටුවීමෙන් සත්‍යයට විපරිත වශයෙන් දුවද්ද, (ඔහු) උච්ඡෙදයට සතුටු වෙති. මහණෙනි, මෙසේ වනාහි ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්.
“මහණෙනි, කෙසේවනාහි ඇතැම් කෙනෙක් නුවණ ඇස් ඇත්තහු දකිත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ භූත නම්වූ ස්කන්ධ පඤ්චකය දැක භූත නම් ත්‍රෛභූමක ධර්ම සමූහයට කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේවේද, මහණෙනි, මෙසේ වනාහි ඇතැම් කෙනෙක් නුවණ ඇස් ඇත්තාහු දකිත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ආර්යශ්‍රාවක කෙනෙක් පඤ්චස්කන්ධය අවිපරීත ස්වභාවයෙන් දැක ස්කන්ධ පඤ්චක භාවනාභිසමයෙන් ඉක්මවූවාහු වෙද්ද, භව තෘෂ්ණාව අවිපරීත සත්‍ය ස්වභාවයවූ නිර්වාණයෙහි මිදෙත්. පිරිසිඳ දක්නා ලද පඤ්චස්කන්ධය ඇත්තාවූ ලොකු කුඩා භවයෙහි (රහත්) මහණතෙම උපාදානස්කන්ධයයි කියනලද ආත්මභාවය නොඉපදවීමෙන් පැනවීමක් නැති බවට යෙත් යයි.”
දුතියො වග්ගො නිට්ඨිතො.
දුක නිපාතය නිමි.
පරිවර්තන [21]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දිට්ඨිගතද්වය සූත්‍රය
විවරණ [0]