බරවීම්

The Minor Discourses

Iti56 (පළමුවන) ආශ්‍රව සූත්‍රය

පරිවර්තන [20]

(පළමුවන) ආශ්‍රව සූත්‍රය

“මහණෙනි, මේ ආශ්‍රවයෝ (කලක් පවතිමින් එන කෙළෙස්) තුන්දෙනෙක් වෙත්. කවර තුනක්ද යත්? කාමාශ්‍රය, භවාශ්‍රවය අවිද්‍යාශ්‍රවය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් ආශ්‍රවයෝ වෙති.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.

“එකඟවූ සිත් ඇති සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ සිහිය ඇත්තාවූ බුද්ධ ශ්‍රාවකතෙම ඉදින් ආශ්‍රවයන්ද ආශ්‍රවයන්ගේ ඉපදීමට හෙතුව විශෙෂයෙන් දනීද,

“යම්තැනෙක්හි මේ ආශ්‍රවයෝ නොපවතිද්ද, ක්ෂය කිරීමට පමුණුවන්නාවූ මාර්ගයද දනීද, ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් තෘෂ්ණාව නැත්තාවූ (රහත්) මහණ තෙම පිරිනිවියේයයි”

විවරණ [0]