පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය
“මහණෙනි, යම් කලෙක (උත්පත්ති) දෙවි තෙමේ දිව්‍ය සමූහයෙන් හෝ දෙව්ලොවින් චුතවන ස්වභාවය ඇත්තේ වේද, (එකල්හි) ඔහුට පෙරනිමිති පසෙක් පහළවෙත්. පළඳනා ලද මල් මලානික වෙත්. හඳනා පොරොවනලද වස්ත්‍ර කිලිටිවෙත්. කිසිලිවලින් මඩදිය දහරා වැගිරෙති. කයෙහි දුර්වර්ණභාවය පිහිටයි. ස්වකීය (තමාගේ) දිව්‍යාසනයෙහි නොඇලෙයි.
“මහණෙනි, දෙවියෝ ඔහු මේ දේවපුත්‍ර තෙමේ චුතවන ස්වභාවය ඇත්තේ යයි මෙසේ දැන ‘පින්වත, මේ දෙව්ලොවින් චුතව සොඳුරු ගති ඇති (මිනිස් ලොවට) යව, සුගතියට ගොසින් මනාව ලත් ලැබීම ලබව, මනාව ලත් ලැබීම ලැබ මනාව පිහිටියෙක් වෙව’යි වචන තුනින් සතුටු උපදවත්. මෙසේ වදාළ කල්හි නාම ගොත්‍රයෙන් අප්‍රසිද්ධ මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වීය. වහන්ස, දෙවියන්ගේ සුගතියට යාමයයි වදාරණ ලද්දේ කිමෙක්දෝහෝ? වහන්ස, දෙවියන්ගේ මනාව ලද ලැබීමයයි වදාරණ ලද්දේ කුමක්ද? වහන්ස, දෙවියන්ගේ මනාව පිහිටීම යයි වදාරණ ලද්දේ කුමක්දැයි?”
“මහණ, මිනිසත් බව දෙවියන්ගේ සුගතියට යාමයයි මා විසින් කියන ලද්දේය. මිනිස්වූයේම තථාගතයන් විසින් දෙසන ලද ධර්මවිනයෙහි යම් ශ්‍රද්ධාවක් ලබාද, මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ මනාව ලද ලැබීමයයි කියන ලද්දේය. ඔහුගේ ශ්‍රද්ධාතොමෝ වනාහි සිත් සතනට වැදුනී වන්නීද, හටගත් මුල් ඇත්තීවන්නීද, පිහිටියාවේද තරවූවා වේද, ලොකයෙහි මහණෙකු විසින් වේවයි බමුණෙකු විසින් වේවයි දෙවියෙකු විසින් වේවයි මරෙකු විසින් වේවයි බඹෙකු විසින් වේවයි අන්කිසිවෙකු විසින් වේවයි හැරගන්නට හෝ පිරිහෙලන්නට හෝ ඉවත් කරන්නට හෝ නොහැකි වන්නී වේද, මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ මනාව පිහිටීමයයි කියන ලද්දේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි යම් අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් කලෙක්හි දෙවිතෙමේ ආයු ගෙවීමෙන් මැරේද (එකල්හි) සතුටු උපදවන්නාවූ දෙවියන්ගේ තුන් හඬක් පැතිරෙත්.
“පින්වත, මේ දෙව්ලොවින් මිනිසුන් හා එකී භාවයවූ සුගතියට යව, මනුෂ්‍යවූයේ සද්ධර්මයෙහි උතුම්වූ ශ්‍රද්ධාව ලබව.
“මොනවට ප්‍රකාශ කරන ලද්දාවූ සද්ධර්මයෙහි තොපගේ සැදැහැ තොමෝ චිත්තසන්තානයට ප්‍රවිෂ්ට වූවා හටගත් මුල් ඇත්තී පිහිටියා දිවිහිම් කොට හැර ගන්නට හෝ පිරිහෙලන්නට හෝ පහකරන්නට නොහැක්කි වේවා. (කයින් කරන) දුසිරිද වාග් දුශ්චරිතයන්ද සිතින් (කරන) දුශ්චරිතයන්ද හැර වරදයයි දන්නා ලද අන්‍යවූ යම් පවක් වේද, (එයද) හැර
“කයින් කුසල්ද වචනයෙන් බොහෝ කුසල්දකොට අපමණවූ (සකසා බොහෝවර හෝ මහත්කොට කිරීම වශයෙන් ප්‍රමාණ රහිතවූ) සත්වැනි භවයෙහි හෝ ඉපදීමට සුදුසුවූ ස්කන්ධූපධියගේද එය උපදවන කුශල චෙතනා නම් අභිසංස්කාරොපධියගේද ඒ ඒ මාර්ගයෙන් නැසියයුතු ක්ලෙශොපධියගේද ප්‍රහාණයෙන් ඔවුන් නොඋපදවන හෙයින්ද නිරුපධි නම් නිර්වාණය ඇසුරු කළ බැවින්ද උපධිරහිතවූ කුසල් සිතින් කොට,
“එහෙයින් දන්දීමෙන් ආත්මභාව සම්පත්තියද භොග සම්පත්තියද උපදවන්නාවූ ඒ බොහෝ පින් කොට අන් මිනිසුන්ද සද්ධර්මයෙහිද බඹසරෙහිද යොදවන්නේය.
“යම්කලෙක්හි දෙවියෝ චුතවන දෙවියෙකු දැනගන්නාහුද (එකල්හි) මේ අනුකම්පාවෙන් (එම්බා) දෙවිය නැවත නැවත (මෙහි) එවයි’ සතුටු උපදවත් යයි”
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය
විවරණ [1]
English