පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අන්තරාමල සූත්‍රය
“මහණෙනි, විරුද්ධ හෙයින් සිතට අමිතුරුවූ සිතට මිතුරුවූ සිතට හිංසනය කරන්නාවූ සිතට පසමිතුරුවූ මේ සිතෙහි මල තුනෙක් වෙත්, කවර තුනෙක්දයත්?
“මහණෙනි, ලොභයතෙම සිත කෙලෙසන මලයක, සිතට අමිතුරෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, හිතට පසමිතුරෙක, මහණෙනි, ද්වෙෂය තෙම සිත කෙලෙසන මලයෙක, සිතට අමිත්‍රයෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, සිතට පසමිතුරෙක, මහණෙනි, මොහය සිත කෙලෙසන මලයෙක, සිතට අමිතුරෙක සිත පෙලන්නෙක. සිතට පසමිතුරෙක. මහණෙනි, මේ තුන් ධර්මයෝ වනාහි සිත කෙලෙසන මලයෝය. සිතට අමිතුරෝය. සිතට සතුරෝය. සිතට හිංසා කරන්නෝය සිතට පසමිතුරෝ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ලොභයතෙම (තමහටද පරහටද) අවැඩ උපදවන්නේය. ලොභය සිත කලඹන්නේය. සිතෙහිම උපන් ලෝභය බියට හේතුයයි ජනතෙමේ නොදනී. ලෝභී පුද්ගලතෙමේ වැඩ නොදනී, ලොභි පුද්ගලතෙමේ ධර්මය පවා නොදනී. යම් කලෙක්හි ලොභය මිනිසාද මඩීද එකල්හි අඳබව කරන අඳුරුවෙයි.
“යමෙක් වනාහි ලොභය පහකොට ඇලුම් කටයුතු දිව්‍යමය රූපාදියෙහි නොඇලේද නෙලුම් කොළයකින් දියබිඳුසෙයින් ලොභය ආර්යමාර්ගයෙන් පහවෙයි. ද්වෙෂය තෙම අනර්ථ උපදවන්නේය. ද්වෙෂය තෙම සිත කළඹන්නේය. අභ්‍යන්තරයෙහි උපන් ද්වෙෂය භය හේතුයයි ජනතෙමේ නොදනී.
“ද්වෙෂයෙන් දූෂිත පුද්ගලතෙමේ අර්ථය නොදනී. ද්වෙෂයෙන් දූෂිතවූ පුද්ගල තෙමේ ධර්මයද නොදනී. යම් කලෙක්හි ද්වෙෂයතෙම සත්වයා මැඩලාද, එකල්හි අඳබව කරන (මොහ නමැති) අඳුර වෙයි.
“යමෙක් වනාහි ද්වෙෂය සුදුසු පරිද්දෙන් පහකොට ද්වෙෂකටයුතු අනිටු අරමුණෙහි දූෂ්‍ය නොකෙරේද, තැරියෙන් ගිලිහුණු තල් ගෙඩියක් සේ ඒ පුද්ගලයාගේ සිතින් ද්වෙෂය ප්‍රහීන වෙයි. “මෝහයතෙමේ අවැඩ උපදවන්නේ වෙයි. මොහය තෙමේ සිත කළඹන්නේවෙයි. අභ්‍යන්තරයෙහි උපදනා මෝහය භය හෙතුයයි.
“මුළාවූ පුද්ගලතෙමේ වැඩ නොදනී. මුළාවූ පුද්ගල තෙමේ ධර්මයද නොදකී. යම් කලෙක්හි මොහය තෙමේ සත්වයා මඩීද, එකල්හි (ඔහුගේ) අන්ධභාවය කරන්නාවූ අඳුර වේ.
“යමෙක් වනාහි මොහය පහකොට මුළාවියයුතු අරමුණෙහි මුළා නොවේද, ඒ ආර්ය පුද්ගලතෙමේ උදාවන හිරු අඳුරු (නසන්නාසේ) සියලු මොහය (අර්හත් මාර්ගයෙන්) සහමුලින් නසා යයි.”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අන්තරාමල සූත්‍රය
විවරණ [0]