පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ජීවිත සූත්‍රය
“මහණෙනි, ජීවිකාවන් අතුරින් පිඩු සෙවීමෙන් ජීවිකාව කරන්නහුගේ යම් ජීවිකාවක්වේද, මෙය ලාමකය, මහණෙනි, යම්හෙයකින් ලොකයෙහි පාත්‍රය ගත් අත් ඇත්තෙක්ම පිඬු සොයන්නේ හැසිරෙන්නෙහියයි දොස් කීමක්වේද, මහණෙනි, කුලපුත්‍රයෝ කරුණක් නිසා ඒ ඒ දොස් ලැබීමටද පැමිණෙත්, රජුන් විසින් (බන්ධනයට) පමුණුවනලද්දාහු නොම පැමිණෙත්, සොරුන් විසින් පමුණුවන ලද්දාහු නොම පැමිණෙත්, ණය ගැතියෝව නොමලබත්, භයින් පෙළුනාහු නොමලබත්, ජීවත්විය නොහෙන බැවින් මඩනලද්දාහු නොමලබත්,
“මෙහි කරුණක් ඇත ඉපදීමෙන්ද ජරාවෙන්ද මරණයෙන්ද ශොකයෙන්ද වැළපීමෙන්ද කායික දුඃඛයෙන්ද චෛතසික දුඃඛයෙන්ද දැඩි ආයාසයෙන්ද ගැවසීගත්තෝ වම්හ. දුඃඛයන් විසින් ඇතුළත පමුණුවන ලද්දෝවම්හ. මඩනාලද්දෝවම්හ, මේ හැම දුක්රැසගේ කෙළවර කිරීම පෙණෙන්නේ නම් ඉතා යෙහෙකැයි”යි (පැවිදවීය.)
“මහණෙනි, මෙසේ පැවිදිවූ මේ කුලපුත්‍රතෙමේද විෂමලොභය බහුලකොට ඇත්තේවේද, වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩිව ඇලුම් ඇත්තේවේද, ක්‍රොධයෙන් (යුක්ත බැවින්) විකාරයට පැමිණිසිත් ඇත්තේවේද, දුෂ්ටවූ කල්පනා ඇත්තේවේද, මුළාවූ සිහිය ඇත්තේවේද, ප්‍රඥාව නැත්තේවේද, නොපිහිටි සිත් ඇත්තේවේද, භ්‍රාන්තවූ සිත් ඇත්තේවේද, සංවරනොවූ ඉඳුරන් ඇත්තේවේද,
“මහණෙනි, යම්සේ වනාහි දෙකොණෙහි ගිනිගත් මැද අසූචි තැවරුණු සොහොන් පෙනෙල්ල ගමේ දර පිණිසද නොමගන්නේද, වනයෙහි දර පිණිසද නොම ගන්නේද, මහණෙනි, මම මේ දුසිල් පුද්ගලයා එසේ සොහොන් පෙනෙල්ල බඳුයයි කියමි. ගිහියන් විසින් සැපතින්ද පිරිහුණේය, ශ්‍රමණභාවයවූ ප්‍රයෝජනයද සම්පූර්ණ නොකෙරේයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කාලකණ්ණි තෙමේ ගිහිසැපතින්ද පිරිහිණ, වැනසෙන්නේ මහණකමේ අර්ථයද විනාශ කෙරෙයි. හෙතෙම සොහොන් පෙනෙල්ලක් මෙන් නැසෙයි. “කසාවතින් හාත්පස දැවටූ බොටුව ඇත්තාවූ ලාමක ස්වභාවය ඇත්තාවූ සංයම නැත්තාවූ බොහෝ පව්කමින් ඒ පවිටෝ නිරයයෙහි උපදිත්,
“සංවර නැත්තාවූ සිල්නැති පුද්ගලතෙමේ රට වැස්සන් විසින් දෙනලද යම් ආහාරයක් වළඳන්නේද, (එයට වඩා) රත්වූ ගිනිසිලක් බඳුවූ යකඩගුළියක් අනුභව කරනලද්දේ උතුම් වේයයි.”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ජීවිත සූත්‍රය
විවරණ [1]
English