(10 - 1)
“කෙසේ දකින්නා කෙබඳු ස්වභාවයක් ඇත්තා උපශාන්තයා යයි කියනු ලැබේද” කෙසේ දකින්නා යන්නෙහි කවර බඳු දර්ශනයකින් යුක්තවූයේ කවර පිහිටීමකින් කවර ප්‍රකාරයකින් කවර වැටහීමකින් යනුයි.
“කෙබඳු ස්වභාවයක් ඇත්තා” කවර ශීලයකින් යුක්තවූයේ කවර පිහිටීමකින් කවර ප්‍රකාරයකින් කවර වැටහීමකින් යනුයි.
“උපශාන්තයායයි කියනු ලැබේද යනු ශාන්තවූයේ උපශාන්තවූයේ තෘෂ්ණා නැත්තේ නිවුනේ සංසිඳුනේයයි කියයි. ප්‍රකාශ කරයි. කෙසේ දකින්නා යනු අධි ප්‍රඥාව විචාරයි.
“කෙබඳු ස්වභාව ඇත්තේ” යනු අධිශීලය කියයි. උපසාන්තයනු අධිචිත්තය විචාරයි. “ගෞතමයෙනි, එය මට කියනු” යන්නෙහි එය යනු යමක් විචාරමි. යමක් ඉල්ලමි යමක් බලාපොරොත්තු වෙමි. යමක් පහදවමි යනුයි. ගෞතම, යනු හෙතෙම නිර්මිත බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේට ගොත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි.
“කියනු” යනු කියනු මැනවි. ප්‍රකාශ කරණු මැනවි. පනවනු මැනවි. තබනු මැනවි. විවෘත කරණු මැනවි, බෙදනු මැනවි. ප්‍රකට කරණු මැනවි. ප්‍රකාශ කරණු මැනවි. යනුයි.
“උතුම් මනුෂ්‍යයා අතින් විචාරණ ලද්දේ ඉල්ලන ලද්දේ බලාපොරොත්තුවන ලද්දේ පහදින ලද්දේ යනුයි. “උතුම් මිනිසාගෙන්” යනු අග්‍රවූ ශ්‍රෙෂ්ඨවූ ප්‍රමුඛවූ උතුම්වූ මිනිසා යනුයි.
(10 - 2)
“මරණයෙන් පෙර තෘෂ්ණා රහිතවූයේ” යන්නෙහි කායයාගේ බිදීමෙන් පෙර ආත්ම භාවයාගේ බිඳීමෙන් පෙර සිඳීමෙන් පෙර අත්හළ තෘෂ්ණා ඇත්තේ මිදූ රාගය ඇත්තේ ප්‍රහීණ රාග ඇත්තේ සංසිඳුන රාග ඇත්තේ තෘෂ්ණාවෙන් වෙන්වූයේ, නිවුනේ, සිහිල්වූයේ සැපවිඳින්නේ බ්‍රහ්මයා බඳු ආත්මභාවයෙන් වාසය කරයි.
“භාග්‍යවතුන් වහන්සේ යනු ගෞරව වචනයකි. (7-2) 1 ඡෙදයේ භාග්‍යවතුන් වහන්සේ යනතැන සිට “අල්ප ශබ්ද ඇති” යන තැනට යොදාගත යුතුයි.
“පෙරවූ අන්තය ඇසුරු නොකෙළේ” යන්නෙහි ‘පෙරවූ අන්තය’ යයි ඈත අතීතකාලයට කියයි. ඈත අතීතය පටන්කොට තෘෂ්ණාව ප්‍රහීනවූයේ වෙයි. දෘෂ්ටිය සංසිඳුණේය. තෘෂ්ණාව දුරුකළ බැවින් දෘෂ්ටිය සංසිඳුන බැවින් මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකෙළේ වෙයි. යලිදු හෝ අතීතකාලයෙහි මෙසේවීමි. එහි බැඳීමට නොපැමිණෙයි. මෙසේ වේදනාවෙන් යුක්තවීමි. මෙසේ සංඥාවෙන් යුක්තවීමි. මෙසේ සංස්කාරයෙන් යුක්තවීමි. අතීත කාලයෙහි මෙසේ විඤ්ඤානයෙන් යුක්තවීමි. එහි බැඳීමට නොපැමිණෙයි. යලිදු හෝ අතීත කාලයෙහි ඇස මෙසේ වීය. රූපයෝ මෙසේයයි එහි විඤ්ඤාණය ඡන්දරාගයෙන් බැඳුනේ නොවෙයි. එහි විඤ්ඤානය ඡන්ද රාගයෙන් නොබැඳුන බැවින් එහි සතුටු නොවන්නේ මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකළේවෙයි. අතීත කාලයෙහි මෙසේ මාගේ කණ විය මෙසේ ශබ්දයෝ වූහ. අතීත කාලයෙහි මෙසේ මාගේ නාසය විය. මෙසේ ගන්ධයෝ වූහ. අතීත කාලයෙහි මෙසේ මාගේ දිව විය. මෙසේ රශයෝ වූහ. අතීත කාලයෙහි මාගේ ශරීරය මෙසේ විය. ස්පර්ශයෝ මෙසේ වූහ. අතීත කාලයෙහි මෙසේ මාගේ මනස විය, මෙසේ ධර්මයෝ වූහයි එය විඤ්ඤානය ඡන්දරාගයට බැඳුනේ නොවෙයි, විඤ්ඤානයාගේ ඡන්දරාගයට නොබැඳුන බැවින් එය සතුටු නොවෙයි, එය සතුටු නොවන්නේ මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකළේ වෙයි, යලිදු හෝ පෙර යම් ස්ත්‍රියක් සමග සිනහවූ කථා කළ ක්‍රීඩාකළ සැටි සිතා එය ආශ්වාදයද (රසවිඳීම) නොකරයි. එය ආශා නොකරයි. එහි ප්‍රීතියට නොපැමිණෙයි. මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකළේ වෙයි.
“වර්තමානයෙහිද කියයුතුබවට නොයන්නේය.” වර්තමාන යන්නෙහි වර්තමානයයි පවත්නා කාලයට කියයි. පවත්නා කාලයේ පටන් තෘෂ්ණාව ප්‍රහීණවූයේ වෙයි. දෘෂ්ටිය සංසිඳුනේය. තෘෂ්ණාව ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය සංසිඳුන බැවින් රාගයෙන් යුක්තයෙකැයි ගණනට නොයන්නේය. ද්වෙෂයෙන් යුක්තයෙකැයි ගණයට නොයන්නේය. බැඳුන තැනැත්තේයයි ගණනට නොයන්නේය. පරාමර්ශ කළ තැනැත්තේයයි ගණනට නොයන්නේය. මුලාවට ගිය තැනැත්තේ යයි ගණනට නොයන්නේය. අනිටු බවට ගියේ යයි ගණනට නොයන්නේය. ථාමගතයෙකැයි ගණනට නොයන්නේය. ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණයහ. අභිසංස්කාරයන් ප්‍රහීනවූ බැවින් නිරයට පැමිණියෙක කියා හෝ තිරිසන් යොනියට පැමිණියෙක කියා හෝ ප්‍රෙත විෂයට පැමිණියෙක කියා හෝ මිනිසෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපියෙක කියා හෝ අරූපියෙක කියා හෝ සඤ්ඤියෙක කියා හෝ නෙවසඤ්ඤී නාසඤ්ඤීයෙක කියා හෝ ගතියෙහි ගණයට නොයන්නේය. එබඳු හේතුවක් නැත ප්‍රත්‍යයක් නැත. යමකින් ගණනට යන්නේයයි කාරණයක් නැත.
“ඔහුට පෙරටුවූවක් නැත” යන්නෙහි යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. “පෙරටු වූවක් යනු ඉදිරිපත් කිරීම් දෙකකි. තෘෂ්ණාව ඉදිරිපත් කිරීමද, දෘෂ්ටිය ඉදිරිපත්කිරීම්ද යනුයි. (2-6) 1 (ii) (iii) මමත්වය යන්න ඉදිරිපත් කිරීමයයි වෙනස්කොට යොදාගත යුතුයි.
ඔහුගේ තෘෂ්ණාව ඉදිරිපත්කිරීම ප්‍රහීණය, දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සංසිඳුනේය. තෘෂ්ණාව ඉදිරිපත්කිරීම ප්‍රහීණවූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නොහැසිරෙයි, තෘෂ්ණාව ධජයක් කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව කොඩියක් කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව අධිපති නොවූයේ දෘෂ්ටිය ධ්වජයක් කොට නොහැසිරෙන්නේ දෘෂ්ටිය කොඩියක්කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පිරිවරා නොහැසිරෙයි, මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත. යලිදු හෝ අනාගත කාලයෙහි මෙසේ රූපයක් ඇත්තෙක් වන්නෙමියි එහි, ආශාවට නොපැමිණෙයි. මෙසේ වෙදනා ඇත්තෙක් වන්නෙමි. මෙසේ සඤ්ඤා ඇත්තෙක් වන්නෙමි අනාගත කාලයෙහි මෙසේ විඤ්ඤානයක් ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාවෙන් බැඳීමට නොපැමිණෙයි, මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත. මෙසේ අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේයයි අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේයයි ගන්ධයෝ මෙසේයයි අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේයයි රශයෝ මෙසේ වන්නේයයි අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේයයි ස්පර්ශය මෙසේයයි අනාගත කාලයෙහි මාගේ මනස මෙසේ වන්නේයයි ධර්මයෝ මෙසේයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොයොදවයි. සිත නොයෙදවූ බැවින් මෙහි සතුටු නොවෙයි එහි සතුටු නොවන්නේ මෙසේද එහි ඉදිරිපත් කිරීමක් නැත. යලිදු හෝ මම මේ ශීලයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්ම චරියාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’යි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොයොදයි. සිත නොයෙදූ හේතුවෙන් එහි සතුටු නොවන්නේ මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත
(10 - 3)
“ක්‍රොධ නොකරන්නේ, තැති නොගන්නේ” යන්නෙහි ක්‍රොධ නොකරන්නේ යනු කියන ලදී. යලිදු ක්‍රොධය පළමු කොට කිය යුතුයි. කරුණු දහයකින් ක්‍රොධය ඇතිවෙයි. මට අවැඩක් කළේයයි ක්‍රොධය උපදියි. මට අවැඩක් දැන් කරන්නේයයි ක්‍රොධය උපදියි. මට අනාගතයෙහි අවැඩක් කරනවා ඇතැයි ක්‍රොධය උපදියි. මාගේ හිතවතාට අවැඩක් කළේයයි, මගේ හිතවතාට දැන් අවැඩක් කරන්නේයයි, මගේ හිතවතාට මතු අවැඩක් කරණවා ඇතැයි ක්‍රොධය උපදියි මාගේ අහිතවතාට වැඩක් කළේය. වැඩක් දැන් කරන්නේය. මතු ඔහුට වැඩක් කරණවා ඇතැයි ක්‍රොධය උපදියි. අස්ථානයෙහි හෝ ක්‍රොධය උපදියි මෙසේ සිතේ හැපීමක් නැවත නැවත හැපීමක් ක්‍රොධයක් ප්‍රතිවිරොධයක් කොපයක් ප්‍රකොපයක් සම්ප්‍රකෝපයක් තරහක් කිපීමක් කිපීම් බවක් ද්වෙෂයක් දූෂ්‍යවීමක් ව්‍යාපාදයක් විරොධයක් ප්‍රතිවිරොධයක් චණ්ඩ ගතියක් අමනාපයක් සිතේ නොසතුටු කමක් වේද මෙය, ක්‍රොධයයි කියයි. යලිදු ක්‍රොධයාගේ ඉතා ස්වල්ප බව දතයුතුයි. (ii) කිසි කලෙක ක්‍රොධය සිත අවුල් කිරීම පමණක් වෙයි. ඒතාක් මුඛය අවුල් කිරීම පමණක්වත් නොවෙයි. (i) සමහර කලෙක ක්‍රොධය මුඛය අවුල් කිරීම් මාත්‍රයක් පමණක් වෙයි. ඒතාක් කපොලයන් (කම්මුල්) වෙවුලීම් නොවෙයි සමහර කලෙක ක්‍රොධය කපොලයන් වෙවිලීම් පමණක් කරයි. ඒතාක් නපුරු වචන පිට නොකිරීම වෙයි. සමහර කලෙක ක්‍රොධය නපුරු වචන පිටකිරීම පමණකට වෙයි ඒතාක් දිශා විදිශාවන් බැලීම පමණක් වෙයි. සමහර කලෙක ක්‍රොධය දිශාවන් බැලීමට පමණක් වෙයි. ඒතාක් දඬු ආයුධ අතගෑම නොවෙයි. සමහර කලෙක ක්‍රොධය දඬු හා ආයුධ අතගෑමට පමණක් වෙයි. ඒතාක් දඬු හා ආයුධ එසවීම නොවෙයි. සමහර කලෙක ක්‍රොධය දඬු හා ආයුධ එසවීමට පමණක් වෙයි. ඒතාක් දඬු ආයුධයන් ගෙන් ගැසීම නොවෙයි. සමහර කලෙක ක්‍රොධය දඬු ආයුධයන්ගෙන් ගැසීමට පමණක් වෙයි. ඒතාක් සුනු විසුනු කිරීම නොවෙයි. සමහර කලෙක ක්‍රොධය සුනු විසුනු කිරීම පමණක් වෙයි. ඒතාක් බිඳීම් පැලීම් නොවෙයි. සමහර කලෙක ක්‍රොධය බිඳීම් පැලීම් පමණක් වෙයි. ඒතාක් අංගප්‍රත්‍යංගයන් කැඩීම නොවෙයි. සමහර කලෙක ක්‍රොධය අංගප්‍රත්‍යංගයන් බිඳීම් කැඩීම් පමණකට වෙයි. ඒතාක් දිවි තොර නොකිරීම වෙයි. සමහර කලෙක ක්‍රොධය දිවි තොර කිරීම් පමණකට වෙයි. ඒතාක් සියලු දේ වීසී කීරීම් බවට නොපැමිණෙයි. යම් හෙයකින් ක්‍රොධය අන්‍යයා මරා තමාද මරා ගනියි. මෙපමණකින් ක්‍රොධය ඉතා උසස් බවට පැමිණියේ මහත් බවට පැමිණියේ වෙයි, යමෙකුගේ ඒ ක්‍රොධය ප්‍රහීණවූයේද මුලින් සින්දේද ශාන්තවූයේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුයේද හෙතෙම ක්‍රොධ නොකරන්නායයි කියයි. ක්‍රොධය ප්‍රහීණවූ බැවින් ක්‍රොධ නොකරන්නා නම් ක්‍රොධ වස්තූන් දැනගත් බැවින් අක්කොධන නම් ක්‍රොධ හේතු සිඳ දැමූ බැවින් ක්‍රොධ නොකරන්නා නමි.
“තැති නොගන්නේ යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් තැති ගැන්ම ඇත්තේ වෙයි. හෙතෙම තැතිගනියි. බිය වෙයි. සන්ත්‍රාසයට පැමිණෙයි. කුලය හෝ නොලබමි ගණයා හෝ නොලබමි. ආවාසය හෝ නොලබමි. ලාභය හෝ නොලබමි. යසස හෝ නොලබමි. ප්‍රශංසාව හෝ නොලබමි. සැපය හෝ නොලබමි. සිවුරු හෝ නොලබමි. පිණ්ඩපාතය හෝ නොලබමි. සෙනසුන් හෝ නොලබමි. ගිලන්පස බෙහෙත් පිරිකර හෝ නොලබමි. ගිලානුපස්ථානය හෝ නොලබමි. ප්‍රකටනොවූයේ වෙමියි තැති ගනියි, බියවෙයි සන්ත්‍රාසයට පැමිණෙයි මේ ශාසනයෙහි මහණ තෙම තැති නොගත්තේ වේද, සන්ත්‍රාසයට නොපැමිණියේ වේද, හෙතෙම ත්‍රස්ත නොවෙයි බිය නොවෙයි. කුලය හෝ නොලබමි. ගණයා හෝ නොලබමි. ආවාසය හෝ නොලබමි. ලාභය හෝ නොලබමි. කීර්තිය හෝ නොලබමි. ප්‍රශංසාව හෝ නොලබමි. සැපත හෝ නොලබමි. සිවුරු හෝ නොලබමි. පිණ්ඩපාතය හෝ නොලබමි. සෙනසුන් හෝ නොලබමි. ගිලන්පස බෙහෙත් පිරිකර හෝ ගිලානුපස්ථායක කෙනෙකු හෝ නොලබමි. අප්‍රකට වෙමියි ත්‍රස්ත නොවෙයි බියනොවෙයි සන්ත්‍රාසයට නොපැමිණෙයි.
“තමන් වර්ණනා නොකරන්නේ පසුතැවිලි නොවන්නේ” යන්නෙහි මෙහි ඇතැම් පුද්ගලයෙක් පුරසාරම් දොඩන්නේ වෙයි. (මෙහි (3-3) 5 ඡෙදයේ ‘කියයි’ යන්න ‘පුරසාරම් දොඩයි’ කියා වෙනස්කොට ‘මම ශිලසම්පන්නයෙක් වෙමි’ යන තැන සිට ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය’ යන තැනට යොදාගත යුතුයි) යනුයි. මෙසේ පුරසාරම් දෙඩීමක් නැත. පුරසාරම් දෙඩීමෙන් ඈත්ය, දුරය, වෙන්වුනේය, නික්මුනේය, වෙන්වුනේය, සීමා නොකරණ ලද සිතින් පුරසාරම් නොදොඩන තැනැත්තේ වාසය කරයි.
“පසු තැවෙන්නේ” යන්නෙහි (i) අත පිළිබඳ කුකුසද කුකුසය, පය පිළිබඳ කුකුසද කුකුසය, අත්පා දෙක පිළිබඳ කුකුසද කුකුසය, අකැප දෙයෙහි කැපය යන සංඥාව, කාලයෙහි කාලය යන සංඥාව විකාලයෙහි කාලය යන සංඥාව කාලයෙහි විකාලයයන සංඥාව නිවැරදිදෙයෙහි වැරදිය යන සංඥාව වැරදි දෙයෙහි නිවැරදිය යන සංඥාව මෙබඳුවූ යම් කුකුසක් කුකුස් කිරීමක් සිත පිළිබඳ පසුතැවීමක් ඇද්ද මෙය කුකුසයි නැවතද කරුණු දෙකකින් සිතේ පසුතැවීම් කුකුස ඇති වෙයි. කළ බැවින්ද නොකළ බැවින්ද යනුයි. (මෙහි (2-7) 7 “නින්දා කරයි” යන්න “කුකුස උපදවයි” කියා වෙනස් කොට “කෙසේ කරණලද බැවින්ද” යන තැන සිට “නිරොධය මවිසින්” යන තැනට යොදාගත යුතුයි.) යමෙකුට මේ කුකුස ප්‍රහීණද මුලින් සිඳුනේද ශාන්තද සංසිඳුනේද ඉපදීමට නුසුදුසුවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම කුකුස් නැති තැනැත්තේයයි කියනු ලැබේ
මන්ත්‍රයෙන් (නුවණින්) දොඩන්නේ උඩඟු නැත්තේ යන්නෙහි “මන්ත්‍රයයි ප්‍රඥාවට කියයි යම් ප්‍රඥාවක් පජානන නම් වේද, (3-1 (iii) යම් ප්‍රඥාවක් යන තැන සිට යොදාගත යුතුයි) අමොහයයිද ධම්ම විචයයිද සම්මාදිට්ඨියයි නම්වේද, එබඳු නුවණින් පිරිවරා වටකොට වචන කියයි බොහෝසේ කියන්නේ බොහොසේ ප්‍රකාශ කරන්නේ බොහෝසේ ව්‍යවහාර කරන්නේ නපුරුසේ කියනලද නපුරුසේ කථා කරණ ලද වචන නොකියානුයී මන්තභාණී නමි. “උඩඟු නොවූයේ” යන්නෙහි එහි උද්ධච්චය කවරේද සිතේ යම් විසුරුණ බවක් නොසන්සුන්කමක්, නොසන්සිඳීමක් චිත්තයාගේ වික්ෂෙපයක් භ්‍රාන්තගතියක් වේද එය උද්ධච්ච යයි කියයි. යමෙකුගේ මේ “උඩඟුබව” ප්‍රහීණවූයේද මුලින් සිඳුනේද ශාන්තවූයේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍ය වූයේද ඥානය නැමැති ගින්නෙන් දැවුනේද හෙතෙම උද්ධච්චය නැති තැනැත්තේයයි කියයි”
“හෙතෙම ඒකාන්තයෙන් වචනයෙන් හික්මුණු බැවින් මුනි නම්වේ” යනුවෙන් මෙහි මහණතෙම මුසාවාදය අත්හැර මුසාවාදයෙන් වෙන්වූයේවෙයි. සැබෑ බස් කියන්නේ ඇදහිය හැකි වචන කියන්නේ සත්‍යවූ වචන කියන්නේ ලෝකයාට බොරු නොකියන්නේ වේද කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. මොවුන්ගේ භෙදය පිණිස මේතනින් අසා අතන නොකියන්නේ වෙයි. අර අයගේ භෙදය පිණිස අතනින් හෝ අසා මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳුන අයගේ ගැලපීම පිණිස සමගිවූවන්ට අනුබලදීම පිණිස, සමගි බවෙහි යෙදුනේ, සමගි බවෙහි ඇළුනේ සමගි බවෙහි බැඳුනේ සමගි බව ඇති කරන්නාවූ වචන කියන ලද්දේවෙයි. නපුරු වචන අත්හැර නපුරු වචනයෙන් වෙන්වූයේ වෙයි. යම් ඒ වචනයක් කෙළතොලු නොවේද, කණට සැප ඇත්තේද ප්‍රේමණීයද හෘදයංගමද පුරවැසි වචනයෙන් යුක්තවූයේද බොහෝ දෙනාගේ සිත් අලවන, බොහෝ දෙනාට ප්‍රියමනාපවූ එබඳු වචන කියන ලද්දේ වෙයි. හිස් වචන කීමෙන් දුරුකොට හිස් වචන කීමෙන් වෙන්වූයේ වෙයි. සුදුසු කාලයෙහි කියන්නාවූ ඇතිදේ කියන්නාවූ අර්ථයෙන් යුත්දෙය කියන්නාවූ ධර්මවාදීවූ විනය වාදීවූ තැන්පත් වචන කියන ලද්දේ වෙයි. සුදුසු කාලයෙහිවූ කරුණු සහිත කෙළවරක් ඇති අර්ථයෙන් යුත් සතර වාග් සුචරිතයන්ගෙන් යුක්තවූ දොෂ සතරකින් වෙන්වූ වචන කියයි. දෙතිස් තිරිසන් කථාවෙන් වෙන්වූයේය. වෙන්වූයේ නික්මුනේ සීමා නොකරණ ලද සිතින් වාසය කරයි. දශ කථා වස්තූන් කියයි.
අල්පෙච්ඡ භාවය පිළිබඳ කථා කියයි. සන්තොෂය පිළිබඳ කථා කියයි. උතුම් විවේකය පිළිබඳ අසංසර්ගය පිළිබඳ වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ශීලය පිළිබඳ සමාධිය පිළිබඳ ප්‍රඥාව පිළිබඳ, විමුක්තිය පිළිබඳ විමුක්තිඥාන දර්ශනය පිළිබඳ කථා සතිපට්ඨාන කථා සම්‍යක් ප්‍රධාන කථා ඍද්ධි පාද කථා ඉන්ද්‍රිය කථා බල කථා බොජ්ඣංග කථා මාර්ග කථා ඵල කථා නිර්වාණ කථා කියයි. වචනයෙන් හික්මුණු ආරක්ෂාවූ ආරක්ෂා කරණලද ශාන්තභාවයෙන් යුක්තවූයේය. මුනි යනු මොනයයි ඥානයට කියයි. යම් ප්‍රඥාවක් පජානන නම් වේද ( (3-4) (iii) යම් ප්‍රඥා යන තැන සිට යොදාගත යුතුයි) අමොහ නම් වේද ධම්මවිචය නම්වේද සම්මාදිට්ඨි නම් වේද තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේනුයි හෙතෙම මුනි නමි.
(10 - 4)
“මත්තට ඇල්මක් නැත්තේ” යන්නෙහි “ඇල්ම” යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ඇද්ද, ලොභයක් ඇද්ද, අකුසල මූලයක් ඇද්ද, එයයි. යමෙකුට මේ ඇලීම නම් තෘෂ්ණාව ප්‍රහීණවූයේද, මුලින් සිඳුනේද, සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේවේද, මෙසේද අනාගතයෙහි නොඇලුනේවේ. යලිදු හෝ අනාගතයෙහි මෙබඳු රූපයක් වන්නෙමි. (9-10) 9 ඡෙදයේ මෙබඳු රූපයක් යන තැන සිට විඤ්ඤාණයක් යන තැනට යොදාගත යුතුයි) මෙසේද අනාගතයෙහි නොඇලුනේ වෙයි.
“පසුගිය දෙයට දුක් නොවේ,” යනු වෙනසට පැමිණෙන වස්තුවෙහි හෝ ශෝක නොකරයි. ඒ වස්තුව වෙනස් වීමෙහි හෝ ශොක නොකරයි. මාගේ ඇස වෙනස් වූයේයයි ශොක නොකරයි. මාගේ කණ, මාගේ නාසය, මාගේ දිව, මාගේ ශරීරය, මාගේ රූපයෝ, මාගේ ශබ්දයෝ, මාගේ ගන්ධයෝ, මාගේ රසයෝ, මාගේ ස්පර්ශයෝ, මාගේ කුලය, මාගේ ගණය, මාගේ ආවාසය, මාගේ ලාභය, මාගේ කීර්තිය, මාගේ ප්‍රශංසාව, මාගේ සැපය, මාගේ සිවුර, මාගේ පිණ්ඩපාතය, මාගේ සේනාසනය, මාගේ ගිලන්පස බෙහෙත් පිරිකර, මාගේ මව, මාගේ පියා, මාගේ සහෝදරයා, මාගේ සහෝදරීය, මාගේ පුත්‍රයා, මාගේ දුව, මාගේ මිත්‍රයෝ, මාගේ යහළුවෝ, මාගේ නෑයෝ, මාගේ සහලේ නෑයෝ, වෙනස් වූයේ යයි ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවළපියි. ලෙහි අතගසා නොඅඬයි. සිහි මුලාබවට නොපැමිණෙයි. යනුයි.
“ස්පර්ශයන්හි විවේකය දක්නේ” යන්නෙහි ස්පර්ශය නම් ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය, කාමයේ ස්පර්ශය, ක්‍රොධයේ ස්පර්ශය, සැප වේදනාවෙන් යුතු ස්පර්ශය, දුක්ඛ වේදනාවෙන් යුතු ස්පර්ශය, සැප හා දුකින් යුත් වේදනාවෙන් යුතු ස්පර්ශය, කුශලවූ ස්පර්ශය, අකුශලවූ ස්පර්ශය, අව්‍යක්ත (කොටසකට අයත්) ස්පර්ශය, කාමාවචර ස්පර්ශය, රූපාවචර ස්පර්ශය, අරූපාවචර ස්පර්ශය, ලෞකික ස්පර්ශය, තමා විසින් හෝ තමා කෙරෙහි හෝ නිත්‍ය වශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ වෙනස් නොවීම් වශයෙන් හෝ බලයි. යලිදු හෝ අතීතවූ ස්පර්ශය, අනාගත හා පවත්නා කල්හිවූ ස්පර්ශයන්ගෙන් වෙන්කොට බලයි. අනාශතවූ ස්පර්ශය අතීතවූද පවත්නා කල්හිවූද, ස්පර්ශයන්ගෙන් වෙන් කොට බලයි. පවන්නා කල්හිවූ ස්පර්ශය අතීතවූද පවත්නා කල්හිවූද ස්පර්ශයන්ගෙන් වෙන්කොට බලයි. යලිදු හෝ යම් ඒ ස්පර්ශයෝ ආර්‍ය්‍යද අනාශ්‍රවද, ලොකොත්තරද ශුන්‍යතාවෙන් යුක්තද ඒ ස්පර්ශයන් වෙන්ව බලයි රාගයෙන්, ද්වෙෂයෙන්, මොහයෙන්, ක්‍රොධයෙන් උපනාහයෙන්, මක්ඛයෙන්, පලාසයෙන් ඊර්‍ෂ්‍යාවෙන් මසුරුකමින්, මායාවෙන්, කෛරාටිකකමින්, තදගතියෙන් එකට එක කිරීමෙන්, මානයෙන්, අතිමානයෙන්, මදයෙන්, ප්‍රමාදයෙන් සියලු ක්ලේශයන්ගෙන්, සියලු ආශ්චර්‍ය්‍යයන්ගෙන්, සියලු පීඩාවලින්, සියලු දාහවලින්, සියලු තැවිලි වලින්, සියලු අකුශල රැස්කිරීම් වලින් වෙන්ව බලයි යනුයි.
“දෘෂ්ටීන්ටද, නො පමුණුවයි.” යනු ඔහුගේ දෙසැට දෘෂ්ටි ගැනීම් ප්‍රහීණය, මුලින් සිඳුනේය. ශාන්තවීය. සංසිඳුනේය ඉපදීමට අයොග්‍යය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය. හෙතෙම දෘෂ්ටියෙන් නොයයි, බැහැර නොයයි, පා නොවෙයි, එක් තැන් නොකරයි. ඒ දෘෂ්ටි ගැන්ම සාර වශයෙන් ඉදිරිපත් නොකරයි. ආපසු නොයයි යනුයි.
(10 - 5)
“පතිලීනවූයේ, කුහක නොවූයේ” යන්නෙහි රාගය ප්‍රහීණවූ බැවින් පතිලීන නමි. ද්වෙෂය, මෝහය ප්‍රහීණවූ බැවින් පතිලීන නමි. ක්‍රොධය, උපනාහය, ගුණමකුකම, අනුන්ගේ දොස්කීම, ඊෂ්‍ය_ාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටික කම, තදගතිය, එකට එක කිරීම, මානය, අතිමානය යන මොවුන් ප්‍රහීණවූ බැවින් පතිලීන නමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දෙශනාකරණ ලද්දේමය. “මහණෙනි, භික්ෂුව කෙසේනම් පතිලීනවූයේවේද, මහණෙනි, මේ මහණහුගේ අස්මි මානය ප්‍රහීනවූයේවේද, මුලින් සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත නූපදීම වශයෙන් අභාවයට පමුණුවනලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම පතිලීන වූයේ වෙයී
“කුහක නොවූයේ” යන්නෙහි (ii) කුහක වස්තු තුනකි. ප්‍රත්‍යය සෙවීම නම්වූ කුහන වස්තුව, ඉරියාපථ නම්වූ කුහන වස්තුව, සාමන්ත ජප්පන (කෙලින් නොකියා කිට්ටු වචන වලින් කීමේ කුහන වස්තුව යනුයි. ප්‍රත්‍යය සෙවීම නම් වූ කුහන වස්තුව කවරේද? මෙහි ගෘහපතිකයෝ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරවලින් භික්ෂුවකට ආරාධනා කරත්. ලාමක ආශා ඇත්තේ ආශාවෙන් මඩනාලද්දේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ඕනෑකම ඇත්තේ වැඩියෙන් ලැබීම පිණිස සිවුරු ප්‍රතික්ෂෙප කරයි. ගිලන්පස බෙහෙත් පිරිකර ප්‍රතික්ෂෙප කරයි. හෙතෙම මෙසේ කියයි. භික්ෂුවට ‘බොහෝ සිවුරු කුමටද, භික්ෂුතෙම සොහොනින් හෝ කසලගොඩින් හෝ එකතුකරගත් රෙදි කැබලිවලින් සඟල සිවුරුකොට දරන්නේය, මෙය හොබනේය. භික්ෂුවට බොහෝ පිණ්ඩපාතයෙන් කවර ප්‍රයෝජනද? ආහාර ටික ටික එකතුකිරීමේ හැසිරීම වූ පිණ්ඩාහාරයෙන් හැසිරෙන්නේය. භික්ෂුවට වටිනා සෙනාසනවලින් කවර ප්‍රයෝජනද? ශ්‍රමණතෙම රුක්ඛමූලික හෝ වන්නේය. සොහොනෙහි හෝ වසන්නේය. එලිමහන් විවේක ස්ථානයක හෝ වසන්නේය. මෙය සුදුසුයි භික්ෂුවට වටිනා ගිලන්පස බෙහෙත් පිරිකරවලින් කවර ප්‍රයෝජනද, ශ්‍රමණතෙම ගෝමුත්‍රයෙහි බහාලනලද අරළුවලින් හෝ අරළු කැබලිවලින් හෝ බෙහෙත් කරන්නේය යනුයි. එතැන් පටන් රූක්ෂවූ සිවුරු දරයි. රූක්ෂවූ පිණ්ඩපාත පරිභොග කරයි. රූක්ෂවූ සේනාසන සේවනය කරයි. රූක්ෂවූ ගිලන්පස බෙහෙත් පිරිකර සේවනය කරයි. ගෘහපතිකයෝ ඒ ඔහු ගැන මෙසේ සිතත්. මේ ශ්‍රමණතෙම අල්පවූ ආශා ඇත්තෙක. සන්තොෂයෙන් යුක්තයෙක. ගිහීන් හා සංසර්ග නොවන්නෙක. පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙක. ධුතාංග වාදියෙකැයි සිවුරු පිණ්ඩපාත ගිලන්පස බෙහෙත් පිරිකරවලින් වැඩිවැඩියෙන් ආරාධනා කරයි.’ හෙතෙම මෙසේ කියයි. ‘තුන්දෙනෙකුගේ හමුවීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. එනම් ශ්‍රද්ධාව ඉදිරිපත් වීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. දියයුතුදේ ලැබීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. දක්ෂිණාර්හයන් (දීමට සුදුස්සන්) හමුවීමෙන් ශ්‍රද්ධාවත් කුල පුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. යුෂ්මතුන්ට ශ්‍රද්ධාවද ඇත දියයුතුදේද ඇත. මම ප්‍රතිග්‍රාහක (පිළිගන්නා) වෙමි. ඉදින් මම් නොපිළිගනිම් නම් මෙසේ යුෂ්මත්හු පිනෙන් වෙන්වූවෝ වන්නාහ. මට මෙයින් වැඩක් නැත එසේ නමුදු යුෂ්මතුන්ට අනුකම්පා පිණිස පිළිගන්නෙමි. එතැන් පටන් බොහෝ සිවුරු පිළිගනියි. බොහෝ පිණ්ඩපාතය පිළිගනියි. බොහෝ සේනාසන පිළිගනියි. බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනියි. යම්බඳු මේ බැම හකුළුවන කුහක කමක් වේද, මෙය ප්‍රත්‍යය සෙවීම නම් වූ කුහන වස්තුවයි. ඉරියාපථ නම්වූ කුහන වස්තුව කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් පාපීවූ ආශා ඇත්තේ ආශාවෙන් මඩනාලද්දේ ගරු සැලකිලි බලාපොරොත්තු වන්නේ මෙසේ මට ජනයා ගරුකරන්නේ යයි ගමන මනාසේ කරයි’ වාඩි වීම මනාසේ කරයි. බලාපොරොත්තු ඇතුව යයි. බලාපොරොත්තු ඇතිව සිටියි. බලාපොරොත්තු ඇතිව හිඳගනියි. බලාපොරොත්තු ඇතුව සයනය කරයි. හික්මුන අයෙකු මෙන් යයි සිටියි’ හිඳගනියි, නිදයි, ධ්‍යානයට පැමිණියකු මෙන් බලයි’ කටයුතු කරයි. ඉදිරි ලැබීමක් ගැන සිතන්නේ වෙයි. මෙබඳු ඉරියව්වල යම් තැබීමක් ඇද්ද, බැම හැකිලීමක් ඇද්ද, කුහක කමක් ඇද්ද, මේ ඉරියාපථ නම්වූ කුහකවස්තුවයි. සාමන්ත ජප්පන නම්වූ (කෙලින් නොකියා සඟවා කීමේ) කුහන වස්තුව කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් පාපීවූ ආශාඇත්තේ, ආශාවෙන් මඩනාලද්දේ ගරු සැලකිලි බලාපොරොත්තු වන්නේ මෙසේ ජනයා මට සලකන්නේයයි ආර්‍ය්‍ය ධර්මයෙන් යුක්තවූ වචන කියයි යමෙක් මෙබඳු සිවුරු දරාද, හෙතෙම මහෙශාක්‍ය ශ්‍රමණයෙකැයි කියයි. යමෙක් මෙබඳු පාත්‍රයක් දරාද, ලොහෝ තලියක් දරාද, ඩබරාවක් දරාද, පටියක් පෙරහනක් දරාද යතුරක් දරාද වහන් සඟලක් දරාද, පාත්‍ර පසුම්බියක් දරාද, හෙතෙම මහෙශාක්‍ය ශ්‍රමණයා යයි කියයි. යමෙකුට මෙබඳු ආචාර්‍ය්‍යවරයෙක් වෙද, මෙබඳු සමාන උපාධ්‍යායයෝ වෙත්ද, සමානාචාර්‍ය්‍යවරයෝ වෙද්ද, මෙබඳු මිත්‍රයෝ වෙද්ද, දැක හැඳිනගත් යහලුවෝ වෙත්ද, ඒ ශ්‍රමණතෙම මහෙශාක්‍යයයි කියයි. යමෙක් මෙබඳු විහාරයෙහි වාසය කෙරේද, හෙතෙම මහෙශාක්‍ය ශ්‍රමණයායයි කියයි. යමෙක් ගුරුළු පියාපත් වැනි වහලක් ඇති ගෙයක වෙසේද, ප්‍රාසාදයක වෙසේද, උසස් ප්‍රාසාදයක වෙසේද, ගුහාවක වෙසේද, ලෙනක වෙසේද, කුටියක වෙසේද, කූටාගාරයක වෙසේද, මැස්සක වෙසේද, රවුම් ගෙයක වෙසේද උද්දණ්ඩනම් තැනක වෙසේද, උපස්ථාන ශාලාවක වෙසේද, මණ්ඩපයෙහි වෙසේද, රුක්මූලක වෙසේද, ඒ ශ්‍රමණයා මහෙශාක්‍යයයි කියයි. යලිදු හෝ රැවටිල්ලෙන් යුක්තවූ බැම හකුළුවන ගතියෙන් යුතු කුහක පැවතුම් ඇති, චාටු කථාවෙන් යුතු කටින් ගරුකම අඟවන්නාවූ මේ ශ්‍රමණතෙම මෙබඳු ශාන්තවූ විවේකවූ විහාර ලැබුයේ යයි එබඳුවූ ගැඹුරුවූ අර්ථය සඟවන්නාවූ නිපුණවූ වැසුනාවූ ලොකොත්තර තත්වයෙන් හිස්වූ කථා කියයි. ඒ බැම හකුලුවන්නාවූ කුහක බවක් ඇද්ද, මෙය සඟවා කථාකිරීමේ කුහන වස්තුව නමි. යමෙකුගේ මේ තුන් කුහන වස්තූන් ප්‍රහීණවූයේද, මුලින් සිඳුනේද, ශාන්තවූයේද, සන්සිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම අකුහනයයි කියයි
“ආශා නැත්තේ මසුරු නොවූයේ යන්නෙහි, “ආශා” යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇත්ද, ඇලීමක් ඇත්ද (මෙහි (1-3) 4 ඡෙදයේ යම් ලංවීමක් යන තැන සිට යෙදිය යුතුයි) දැඩි ලොභයක් ඇත්ද, ලොභයක් ඇත්ද, අකුසල මූලයක් ඇත්ද එයයි. යමෙකුට මේ ආශාව තෘෂ්ණාව ප්‍රහීණද ශාන්තද සංසිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම අපිහාලු යයි කියයි. හෙතෙම රූපයෙහි ආශා නොකරයි. ශබ්දයෙහි, ගන්ධයෙහි රශයෙහි, ස්පර්ශයෙහි ආශා නොකරයි. කුලය, ගණය, ආවාසය, ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපය, චීවරය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර, කාමධාතුව, රූප ධාතුව, අරූප ධාතුව, කාමභවය, රූපභවය, අරූප භවය, සඤ්ඤා භවය, අසඤ්ඤාභවය, නෙවසඤ්ඤානාසඤ්ඤාභවය, එකවොකාර භවය, චතුවොකාර භවය, පඤ්චවොකාර භවය, අතීතය, අනාගතය, පවත්නා කලය, යනමෙහි දැකි ඇසූ ඉන්ද්‍රිය තූනකින් දැනගත් දෙයෙහි, දතයුතු ධර්මයන්හි ආශා නොකරයි. කැමති නොවෙයි. රසවිඳීම නොකරයි. ප්‍රාර්ථනා නොකරයි. බලාපොරොත්තු නොවෙයි. එබැවින් “අපිහාලු” නමි
“මසුරු නොවූයේ” යනු මසුරුකම් පසෙකි. ආවාස මච්ඡරිය, කුලමච්ඡරිය, වණ්ණමච්ඡරිය, ලාභ මච්ඡරිය, ධම්ම මච්ඡරිය, යනුයි. යමෙකුට මෙබඳුවූ මසුරු කමක් මසුරු කමට යාමක් මසුරු තත්වයක් බලවත් ආශාවක් තද මසුරුකමක් සිතේ බලවත් බන්ධනයක් ගැනීමක් ඇද්ද, මෙය මසුරු කමයයි කියත්. යලිදු ස්කන්ධයන්හි මසුරුකමද මසුරු කමකි. ධාතූන්හි මසුරු කමද මසුරු කමකි. ආයතනයන්හි මසුරු කමද මසුරු කමකි. ගැනීමකි, මෙයද මසුරු කමයයි කියත්. යමෙකු ගේ මේ මසුරුකම ප්‍රහීණවූයේද, සංසිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අමච්ඡරී (මසුරු නැත්තේය කියයි.)
“ආඩම්බර නැත්තේ පිළිකුල් නොවන්නේ” යන්නෙහි ආඩම්බර යනු උඩඟු හෝ නොනැමෙනගති තුනකි. එනම් කයේ උඩඟුකම වචනයේ උඩඟුකම, සිතේ උඩඟුකම යනුයි. කයේ උඩඟුකම කෙසේ දක්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් සංඝයා මැදට ගියේ ගරු කිරීමක් නොකළේ ස්ථවිර භික්ෂූන් හා හැපෙමින්ද සිටියි. ගැටෙමින්ද හිඳගනියි. මුලින්ද සිටියි. පෙරටුවද හිඳගනියි. උස් ආසනයෙහිද හිඳගනියි. හිස පටන් වසා හිඳගනියි. සිටි වනම කථාකරයි. අත් වනමින්ද කථා කරයි. මෙසේ සඟ මැදට ගියේ කායික උඩඟුකම අඟවයි. කෙසේ සමූහයා මැදට ගියේ කායික උඩඟුකම දක්වයිද, මෙහි ඇතැම් පුද්ගලයෙක් සමූහයා මැදට ගියේ ගරුකිරීමක් නැතිවූයේ සක්මන් කරණ වහන් නොපයලු ස්ථවිර භික්ෂූන් සමග වහන් පයලා සක්මන් කරයි. ස්ථවිර භික්ෂූන් පහත් සක්මන්හි සක්මන් කරද්දී උස්වූ සක්මන්හි සක්මන් කරයි. ස්ථවිර භික්ෂූන් (සක්මන් මලුව නැති) බිම සක්මන් කරද්දී සක්මනෙහි සක්මන් කරයි. ගැටෙන්නේද සිටියි. පෙරටුවද හිඳියි. උස් අසුනෙහි හිඳියි. හිසපටන් පොරවාද හිඳියි. සිටිවනම කථාකරයි. අත්වනමින්ද කථාකරයි. මෙසේ සමූහයා මැදට ගියේ කායික උඩඟුකම පෙන්වයි. භොජනශාලාවෙහි කායික උඩඟුකම කෙසේ දක්වයිද, මෙහි ඇතැම් පුද්ගලයෙක් භොජන ශාලාවෙහි ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් හා හැපී හිඳ ගනියි. නවක භික්ෂූන් අසුනෙන් වළක්වයි. ගැටෙමින් සිටියි. ගැටෙමින් හිඳියි. පෙරටුවද සිටියි. පෙරටුවද හිඳියි උස් අසුනෙහිද හිඳියි. හිසපටන් පොරවාද හිඳියි. සිටි වනම කථා කරයි. අත වනමින්ද කථා කරයි. මෙසේ භොජන ශාලාවෙහි කායික උඩඟුකම පෙන්වයි. කෙසේ ගිනිහල්ගෙයි කායික උඩඟුකම පෙන්වයිද, මෙහි ඇතැම් පුද්ගලයෙක් ගිනිහල්ගෙයි ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් හා ගැටෙමින් සිටියි. ගැටෙමින් හිඳියි. පෙරටුවද සිටියි. පෙරටුවද හිඳියි. උස් අසුනෙහිද හිඳියි. නොඅසා නොකියාම දර ඉවත් කරයි. දොරද වසයි. අත්වනමින්ද කථාකරයි. මෙසේ ගිනිහල්ගෙයි කායික උඩඟුකම පෙන්වයි. කෙසේ (නාන) තොටෙහි කායික උඩඟුකම පෙන්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් නාන තොටෙහි ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් හා ගැටෙමින් දියට බසියි. පෙරටුවද බසියි. ගැටෙන්නේද නායි, පෙරටුවද නායි, මත්තෙහිද නායි. ගැටෙන්නේද ගොඩනගියි. පෙරටුවද ගොඩ නගියි. මත්තෙන්ද ගොඩ නගියි. මෙසේ නාන තොටෙහි කායික උඩඟුකම පෙන්වයි. කෙසේ ඇතුළු ගමට පිවිසෙන්නේ කායික උඩඟුකම දක්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇතුළු ගමට පිවිසෙන්නේ ‘ස්වාමීනි, ඇතුළු නොවන්නයයි’ කියමින් ඇතුළුවෙයි. ‘ස්වාමීනි, නොසිටින්නයයි’ කියමින් නැගිට සිටියි. ස්වාමීනි, හිඳ නොගන්නයයි කියමින් හිඳ ගනියි ඉඩ නැති කොටද සිටියි. ඉඩ නැතිකොටද හිඳ ගනියි. ඉඩනැති තැනද හිඳ ගනියි. යම් ඒ ගෙදරවල වැසුන රහසිගත කාමර වෙත්ද, යම් තැනක කුල ස්ත්‍රීවරු දූ වරු කුලකුමාරිකාවරු හිඳගනිත්ද එහි වේගයෙන් පිවිසෙයි. කුමරුවන්ගේද හිස අතගායි. මෙසේ ඇතුළු ගමට හෝ (ගෙට) පිවිසියහුගේ කායික උඩඟුකම පෙන්වයි.
“කෙසේ වචනයේ උඩඟුකම පෙන්වයිද” මෙහි ඇතැම් පුද්ගලයෙක් සංඝයා මැදට ගියේද වචනයේ උඩඟුකම පෙන්වයි. ගණයා මැදට ගියේද වචනයේ උඩඟුකම පෙන්වයි. ඇතුළු ගමට පිවිසියේද වචනයේ උඩඟුකම පෙන්වයි. මෙහි ඇතැම් පුද්ගලයෙක් සංඝයා මැදට ගියේ ස්ථවිර භික්ෂූන් නොවිචාරා හෝ ආරාධනා නොකොට හෝ බණ කියයි. ප්‍රශ්න විසඳයි. ප්‍රාතිමොක්ෂය දෙශනා කරයි. සිටිවනම කියයි. අත් වනමින් කථාකරයි. මෙසේ සඟ මැදට ගියේ වචනයේ උඩඟුකම පෙන්වයි.
ගණයා මැදට ගියේ කෙසේ වචනයේ උඩඟුකම පෙන්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් ගණයා මැදට ගියේ ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් නොවිචාරා හෝ ආරාධනා නොකොට හෝ ආරාමයට ගිය භික්ෂූන්ට බණ කියයි. ප්‍රශ්න විසඳයි සිටිවනම කියයි. අතවනමින්ද කථා කරයි. ආරාමගතවූ භික්ෂූණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට බණ කියයි. ප්‍රශ්න විසඳයි, සිටිවනම කියයි. අතවනමින්ද කථාකරයි. මෙසේ ගණයා මැදට ගියේ වචනයේ උඩඟුකම පෙන්වයි.
කෙසේ ඇතුළු ගමට පිවිසියේ කායික උඩඟුකම වෙන්වෙයිද මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇතුළු ගමට පිවිසියේ ස්ත්‍රියකට හෝ කුමාරියකට හෝ මෙසේ කියයි. මෙබඳු නම් ඇත්තිය, මෙබඳු ගොත්‍ර ඇත්තිය, කුමක් තිබේද? කැඳ තිබේද, බත් තිබේද, කන දෙයක් තිබේද කවරක් බොමුද, කවරක් කමුද, කුමක් ඇත්තේද කවරක් මට පෙන්වන්නෙහිදැයි’ නන්දොඩවයි. යම් මෙබඳුවූ වචනයක් හිස් කථාවක්, නන්දෙඩීමක් නැලවිලි කථාවක් වේද, මෙසේ ඇතුළුගමට පිවිසියේ වචනයේ උඩඟුකම පෙන්වයි.
චෛතසික උඩඟුකම කෙසේද’ මෙහි ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයකින් පැවිදි නොවූයේ උසස් කුලයකින් පැවිදිවූවකු සමග තමා සමානව සිතින් පිළිගනියි. මහා කුලයකින් පැවිදිනුවූයේ මහා කුලයකින් පැවිදිවූවකු සමග තමා සමානව සිතින් පිළිගනියි. මහා භොග කුලයකින් පැවිදිනුවූයේ මහාභොග කුලයකින් පැවිදිවූවකු සමග සිතින් තමා පිළිගනියි. මහත්වූ භොග ඇති කුලයකින් පැවිදිනුවූයේ මහත්වූ භොග ඇති කුලයකින් පැවිදිවූවකු සමග සිතින් තමා පිළිගනියි. සූත්‍රාන්තිකයෙකු නොවූයේ සූත්‍රාන්තිකයක් සමග තමා සිතින් පිළිගනියි. විනය ධරයෙක් නොවූයේ ධර්ම කථිකයෙක් නොවූයේ. ආරඤ්ඤිකයෙක් නොවූයේ පිණ්ඩපාතිකයෙක් නොවූයේ, පාංශුකූලිකයෙක් නොවූයේ, තෙචීවරිකයෙක් නොවූයේ, සපදානචාරික නොවූයේ, ඛලුපච්ඡා භත්තිකනොවූයේ, නෙසජ්ජික නොවූයේ, යථාසන්තතික නොවූයේ, ප්‍රථමධ්‍යානය නොලැබූයේ ප්‍රථමධ්‍යානය ලැබූවකු සමග සිතින් තමා පිළිගනියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති ලාභීනොවූයේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති ලාභියකු සමග තමා සිතින් පිළිගනියි. මේ චෛතසික උඩඟුකමයි. යමෙකුගේ මේ තුන් (උඩඟුකම) නොහික්මීම් ප්‍රහීණවූවාහුද මුලින් සිඳුනාහුද ශාන්තද, සංසිඳුනාහුද ඉපදීමට අයොග්‍යවූවාහුද ඥානය නමැති ගින්නෙන් දැවුනාහුද හෙතෙම උඩඟු නැති (හික්මුන) පුද්ගලයායයි කියයි.
පිළිකුල් නොවන්නේ යනු පිළිකුල් කටයුතු පුද්ගලයෙක් ඇත. පිළිකුල් නොකටයුතු පුද්ගලයෙක් ඇත. පිළිකුල් කටයුතු පුද්ගලයා කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද පාපධර්ම ඇත්තේද, කැතකුණු පිරුණු තැනක් බඳුවූයේ රහසෙහි කරණ වැඩ ඇත්තේ අශ්‍රමණව ශ්‍රමණයයි අඟවන්නේ අබ්‍රහ්මචාරීව බ්‍රහ්මචාරීයයි අඟවන්නේ, ඇතුළත කුණුව වැගිරෙණ කසල ඇත්තේද, මේ පුද්ගල තෙම පිළිකුල් කටයුතුයයි කියයි. යලිදු හෝ බලවත් සිත්තැවුල් ඇත්තේ ක්‍රොධ ඇත්තේ වේද, ටිකක් කථා කළේ, කිපේද, තරහ ඇතිකෙරේද, කොපයද ද්වෙෂයද නොසතුටද පහළ කරයි. මේ පිළිකුල් කටයුතු පුද්ගලයා වෙයි. යලිදු හෝ ක්‍රොධ ඇත්තේද, බද්ධ වෛර ඇත්තේද, ගුණමකු බව ඇත්තේද, අනුන් දොස් සොයන්නේද, ඊෂ්‍යා ඇත්තේද, මසුරු ඇත්තේද, කපටිකම් ඇත්තේද, රැවටිල්ලෙන් යුක්තද, තද ගති ඇත්තේද, අතිමානයෙන් යුක්තද, පාපීවූ ආශා ඇත්තේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේද, මෙලොව බලාපොරොත්තු වන්නේද, අමාරුවෙන් බැහැර කටයුතු දැඩිව අල්වා ගැනීම් ඇත්තේද, මේ පිළිකුල් කටයුතු පුද්ගලයා වෙයි. පිළිකුල් නොකටයුතු පුද්ගලයා කවරේද? මෙහි භික්ෂුතෙම සිල් ඇත්තේ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් හික්මුනේ වාසය කෙරේද, ආචාරයෙන් ගෝචරයෙන් යුක්තවූයේ ස්වල්පවූ වරදෙහිද භය දකිමින් වාසය කරන්නේ ශික්ෂා පදයන් සමාදන්ව හික්මේද, මේ පිළිකුල් නොකටයුතු පුද්ගලයා යයි කියයි. යලිදු හෝ සිත් තැවීම් බහුලකොට නැත්තේ ක්‍රොධ නැත්තේවේද, බොහෝ දේ කීවේද නොකීවේද තරහ නොවේද, කෝපයද ද්වෙෂයද නොසතුටද ඇති නොකෙරේද, මේ පිළිකුල් නොකටයුතු පුද්ගලයායයි කියයි. යලිදු හෝ ක්‍රොධ නැත්තේවේද, බද්ධ වෛර නැත්තේ වේද, ගුණමකු නොවූයේවේද, අනුන් දොස් නොසොයන්නේ වේද, ඊෂ්‍යා නැත්තේවේද මසුරු නැත්තේවේද, කෛරාටික නුවුයේවේද, රැවටිලි නැත්තේ වේද, තද ගති නැත්තේ වේද, අතිමානය නැත්තේවේද, පාපීවූ ආශා නැත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි නොවේද, මෙලොව ආශාව බලවත් නොවේද, දැඩිව අල්වා නොගන්නේ පහසුවෙන් බැහැර කළ හැක්කේවේද මේ පිළිකුල් නොකටයුතු පුද්ගලයායයි කියයි. සියලු බාල පෘථග්ජනයෝ පිළිකුල් කටයුත්තෝය. කළ්‍යාණ පෘථග්ජනයාගේ පටන් අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයෝ පිළිකුල් නොකටයුත්තෝය යනුයි.
“කේලාම් කීමෙහිද නොයෙදුණේ” යන්නෙහි “කේලාම් කීමක්” යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් කේලාම් කියන්නේවේද, මොවුන්ගේ භෙදය පිණිස මෙතනින් අසා අසවල් තැන කියන්නේවේද, අර අයගේ භෙදය පිණිස එතන්හි අසා මොවුන්ට කියන්නේද මෙසේ සමගිවූවන්ගේ භෙදය පිණිස බිඳුනවුන් තවත් බිඳීම පිණිස යෙදෙන්නේ භෙද කිරීමෙහි ඇලෙන්නේ භෙද කරණ වචන කියන්නේ වෙයි. මෙය “කේලම” යයි කියයි නැවතද, කරුණු දෙකකින් කේලම ඇතිකරයි. ප්‍රිය කරගැණීම පිණිස හෝ බිඳීමේ බලාපොරොත්තුවෙන් හෝ යනුයී. ප්‍රියකර ගැණීම පිණිස කෙසේ කේලම ඇතිකරයිද, මොහුට ප්‍රිය වන්නෙමි. මනාප වන්නෙමි. විශ්වාස වන්නෙමි. අභ්‍යන්තරික වන්නෙමි. යහලුවන්නෙමියි’ මෙසේ ප්‍රියකර ගැණීමේ හේතුවෙන් කේලම ඇතිකරයි. බිඳීමේ අදහසින් කෙසේ කේලම ඇති කරයිද, මොවුහු කෙසේ නොයෙක් කොටස්වලට බෙදෙන්නාහුද, වෙන් වන්නාහුද, වර්ග වන්නාහුද, දෙකට බෙදෙන්නාහුද, දෙපක්ෂයක් වන්නාහුද, බිඳෙන්නාහුද, සමාගම නොවන්නාහුද, දුක්වූ අඵාසු විහරණයක් කරන්නාහුදැයි මෙසේ බිඳීමේ අදහසින් කේලම ඇති කරයි. යමෙකුගේ මේ කේලම ප්‍රහීණවූයේද මුලින් සින්දේද සංසිඳුනේද, ඉපදීමට අයොග්‍ය වූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම කේලමින් යුක්ත නොවූයේය, නොයෙදුනේය යනුයි.
(10 - 6)
“ඇලුම් කටයුතු දේවල නොඇලෙන්නේ” යන්නෙහි “ඇලුම් කටයුතු” යනු පංචකාම ගුණයන්ට කියත්. බොහෝ සෙයින් දිව්‍ය මනුෂයෝ පංචකාම ගුණයන් කැමති වෙත්. රස විඳිත්. බලාපොරොත්තු වෙත්. ආශා කරත්. ඇලෙත්. ඒ කාරණයෙන් පංචකාම ගුණයෝ “ඇලුම් කටයුතු” යයි කියත්. යම් කෙනෙකුන්ගේ මේ “ඇලුම් කටයුතු” නම් තෘෂ්ණාව ප්‍රහීණ නුවූයේද, ඔවුන්ගේ ඇසින් රූප තෘෂ්ණාව වැගිරෙයිත ගලයි, පවතියි. කණින් ශබ්ද තෘෂ්ණාව, නාසයෙන් ගන්ධ තෘෂ්ණාව, දිවෙන් රශ තෘෂ්ණාව, කයින් ස්පර්ශ තෘෂ්ණාව, සිතින් ධර්ම තෘෂ්ණාව වැගිරෙයි, ගලයි, පවතියි, යම් කෙනෙකුන්ගේ මේ “ සාතියා” නම් තෘෂ්ණාව ප්‍රහීණවූයේද, මුලින් සිඳුනේද, ශාන්තවූයේද, ඉපදීමට අයොග්‍ය වූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, ඔවුන්ගේ ඇසින් රූප තෘෂ්ණාව (iv) නොවැගිරෙයි. නොගලයි. නොපවතියි. (v) කනින් ශබ්ද තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) නාසයෙන් ගන්ධ තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) දිවෙන් රස තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) කයින් ස්පර්ශ තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) සිතින් ධර්ම තෘෂ්ණාව නොවැගිරෙයි, නොගලයි, නොපවතියී.
“අතිමානයේද නොයෙදුණේ” යන්නෙහි අතිමානය කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙක් (ii) ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ ශරීර පැහැයෙන් හෝ ධනයෙන් හෝ වෙනින් අනික් දෙයකින් හෝ අන්‍යයා පහත් කොට සිතයි (iii) යම්බඳු සිතේ මේ බඳුවූ මානයක් සිතීමක් උසස් කමක් උඩට ඔසවා ගත් ධජයක් සේ ගැන්මක් කොඩියක් සේ කිරීමක් ඇද්ද, මෙය අතිමාන යයි කියයි. යමෙකුගේ මේ අතිමානය, ප්‍රහීණද, මුලින් සිඳුනේද, ශාන්තද සංසිඳුනේද, ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අතිමානයෙහි නොයෙදුනේය යනුයි.
“තීක්ෂණවූයේ, වැටහීම් ඇත්තේ” යන්නෙහි “තීක්ෂණ” යනු මෘදු යනුයි. මෘදුවූ වාග් කර්මයෙන් යුක්තනුයි සණ්හ නමි. මෘදුවූ මනො කර්මයෙන් යුක්තනුයි සණ්හ නමි. මෘදුවූ සිහිය පිහිටුවීමෙන් යුක්තනුයි සණ්හ නමි. මෘදුවූ සම්‍යක් ප්‍රධානයන්ගෙන් යුක්තනුයි “තීක්ෂණ” නමි. මෘදුවූ ඍද්ධි පාදයන්ගෙන් යුක්තනුයි. මෘදුවූ ඉන්ද්‍රිය යන්ගෙන් මෘදුවූ බලයන්ගෙන් මෘදුවූ බොධ්‍යංගයන්ගෙන් මෘදුවූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තනුයි තීක්ෂණ නමි. “වැටහීම් ඇත්තේ” යනු ප්‍රතිභානවත්හු තිදෙනෙකි. පරියත්ති ප්‍රතිභානය ඇත්තා, පරිපුච්ඡා ප්‍රතිභානය ඇත්තා, අධිගම ප්‍රතිභානය ඇත්තා යනුයි. පරියත්ති ප්‍රතිභානය ඇත්තා කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙකුට (ii) සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණ, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මයන්ගේ දැනීම ප්‍රකෘතියෙන්ම ඇත්තේ වෙයි. ඔහුට පර්යාප්ති ආශ්‍රයෙන් වැටහෙයි. මේ පර්යාප්ති වැටහීමයි. පරිපුච්ඡා ප්‍රතිභානය කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙක්, ආත්මාර්ථයෙහිද, ඥානාර්ථයෙහිද, ලක්ෂණයෙහිද, කාරණයෙහිද, ස්ථානස්ථානයෙහිද ප්‍රශ්න කිරීම වෙයි. ඔහුට ඒ විචාරීම ආශ්‍රයයෙන් ඇතිවෙයි. මේ පරිපුච්ඡා ප්‍රතිභානයයි. අධිගම ප්‍රතිභානය කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙකුට සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද, පඤ්චෙන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, සතර ආර්‍ය්‍ය මාර්ගයෝ සතර සාමඤ්ඤ ඵල, සතර ප්‍රතිසම්භිදාවෝ, ෂඞ් අභිඥාවෝ, දැන ගත්තාහු වෙත්. ඔහුට අර්ථය ප්‍රකටය, ධර්මය ප්‍රකටය, නිරුක්තිය ප්‍රකටය, අර්ථය ප්‍රකට කල්හි අර්ථය වැටහෙයි. ධර්මය ප්‍රකට කල්හි ධර්මය වැටහෙයි. නිරුක්තිය ප්‍රකට කල්හි නිරුක්තිය වැටහෙයි. මේ තුන් ඥානයන්හි ඥානය ඇතිවීම පටිභාන පටිසම්භිදා නමි. මේ ප්‍රතිභාන ප්‍රති සම්භිදාවෙන් යුක්තවූයේද, හෙතෙම ප්‍රතිභානයෙන් යුක්තයයි කියයි. යමෙකුට පර්‍ය්‍යාප්තිය නැද්ද, පරිපුච්ඡාව නැද්ද, අධිගමය නැද්ද, ඔහුට කුමක් වැටහෙන්නේද, යනුයි.
“අදහන්නේ නොවේ. කලකිරෙන්නේ නොවේ.” (ඇදහීම නැත්තේ ඇලීමෙන් තොරනොවේ) යනු ස්වකීය ඥානයෙන් දන්නාලද (i) තමාට ප්‍රත්‍යක්ෂවූ ධර්මය අන්‍යවූ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ප්‍රත්‍යක්ෂ නොවෙයි. (ii) සියලු සංස්කාරයෝ අනිත්‍යයයි තෙමේ ස්වකීය ඥානයෙන් දන්නා ලද 4 (i) ඡෙදය යෙදිය යුතුයි.) සියලු සංස්කාරයෝ දුක්යයි 4 (i) ඡෙදය යෙදිය යුතුයී) සියලු ධර්මයෝ අනාත්මයයි 4 (i) ඡෙදය යෙදිය යුතුයී) අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ (රැස්කිරීම්) ඇතිවේයයි 4 (i) ඡෙදය යෙදිය යුතුයි) ජාති හේතුවෙන් ජරා මරණ වේයයි ජාති නිරොධයෙන් ජරා මරණ නිරොධය වේයයි මෙය දුක්යයි (4 (i) ඡෙදය යෙදිය යුතුයි) මේ දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයයි මේ කෙලෙස්යයි (4 (ii) ඡෙදය යෙදිය යුතුයි) මේ කෙලෙස් නැතිකිරීමට ගමන් කිරීමේ ප්‍රතිපදාවයයි මේ ධර්මයෝ දැනගතයුතුයයි (4 (ii) ඡෙදය යෙදිය යුතුයි.) ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කටයුතුයයි තෙමේ ස්වකීය ඥානයෙන් දන්නාලද (4 (i) ඡෙදය යෙදිය යුතුයි.) සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ (iii) ඇතිවීමද නැතිවීමද රශවිඳීමද නික්මයාමද පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමද (4 (iii) යොදාගන්න.) සතරමහා භූතයන්ගේ ඇතිවීමද නැතිවීමද රශවිඳීමද ආදීනවයද නික්මීමද 4 (i) ඡෙදය යෙදිය යුතුයි) තෙමේ ස්වකීය ඥානයෙන් දන්නාලදී යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරොධය පිණිස පවත්නේයයි තෙමේ ස්වකීය ඥානයෙන් දන්නාලදී. තමාට ප්‍රත්‍යක්ෂවූ ධර්මය අනික් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිවෙකුට ප්‍රත්‍යක්ෂ නොවේයයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ශාරීපුත්‍රය, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩනලද්දේ බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැස ගත්තේ වෙයි. නිර්වාණය පිහිට කොට ඇත්තේ වෙයි. නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි යනු ඔබ අදහන්නෙහිද වීරියින්ද්‍රිය සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය පුරුදු කරණ ලද්දේ බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැසගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. නිවණ අවසන්කොට ඇත්තේ වෙයි යනුයි. ස්වාමීනි මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් යම් එනම් ශ්‍රද්ධාඉන්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැසගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. යන මේ කරුණෙහිය. ස්වාමීනි, මෙය යමෙකුට සිත් නොගන්නා ලද්දේ නොදක්නා ලද්දේද ප්‍රත්‍යක්ෂ නොකරණ ලද්දේද ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරණ ලද්දේද එහි ඔවුහු අනුන්ගේ ඇදහීමෙන් යන්නාහුය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේද බහුල වශයෙන් පුරුදුකරණ ලද්දේද නිවණට බැස ගත්තේ වෙයි නිවණ පිහිටකොට ඇත්තේය. නිවණ කෙළවරකොට ඇත්තේය. විරියන්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැසගත්තේ වෙයි. නිවණ පිහිට කොට ඇත්තේ වෙයි. නිවණ කෙළවර කොට ඇත්තේ වෙයි. ස්වාමීනි, යම් කෙනෙකුන් විසින් මෙය ප්‍රඥාවෙන් දන්නා ලදද දකින ලදද ප්‍රත්‍යක්ෂ කරණ ලදද, ස්පර්ශ කරණ ලදද, ඔවුහු එහි සැක නැත්තාහ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිර්වාණයට බැසගත්තේ වෙයි නිර්වාණය පිහිටකොට ඇත්තේ වෙයි. නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි. විරියින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිර්වාණයට බැස ගත්තේ වෙයි. නිර්වාණය පිහිට කොට ඇත්තේ වෙයි ස්වාමීනි, මවිසින්ද මේ ධර්මය නුවණින් දන්නා ලද්දේය. දකින ලද්දේය, ප්‍රත්‍යක්ෂ කරණ ලද්දේය ස්පර්ශ කරණ ලද්දේය.
මම එහි සැක නැත්තෙක් වෙමි (i) ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරණ ලද්දේ වෙද, නිවණට බැස ගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි. සාධු! සාධූ!! ශාරීපුත්‍රය, යම් කෙනෙකුන් විසින් නුවණින් මෙය නොදන්නා ලදද නොදක්නා ලදද ප්‍රත්‍යක්ෂ නොකරණ ලදද ඔවුහු එහි අනුන්ගේ ඇදහීමෙන් යන්නාහුය. එනම්, ශ්‍රද්ධාඉන්ද්‍රිය (මෙහි (i) යොදාගන්න) පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැස ගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. නිවණ කෙළවර කොට ඇත්තේ වෙයි. යනුවෙනි.
“යම් මිනිසෙක් අශ්‍රද්ධාවද කළගුණ නොදන්නා බවද ගෘහසන්ධි බිඳීමද යන මෙයට ඇති ඉඩ නැතිකෙළේ ආශාව දුරු කළේ වේද, හෙතෙම උතුම් පුරුෂයා යයි කියයි” සියලු බාල පෘථග්ජනයෝ ඇලෙති. කල්‍යාණ පෘථග්ජනයා පටන් සප්තශෛක්ෂයෝ නො ඇලෙත් රහතුන් වහන්සේ නොම ඇලේමය. නොඇලුනාවූ හෙතෙම රාගය ක්ෂය කිරීමෙන් වීතරාගවූ බැවින් ද්වෙෂය ක්ෂය කිරීමෙන් වීත දොෂවූ බැවින් මොහය ක්ෂය කිරීමෙන් වීත මොහවූ බැවින් හෙතෙම වැස නිමවූයේ පුරුදු කළ හැසිරීම් ඇත්තේ ඔහුට ඉපදීම් මරණ ඇති සංසාරයක් නැත, නැවත ඉපදීමක් නැත.
(10 - 7)
“ලාභ කැමැත්තෙන් නොහික්මෙයි. අලාභයෙහිදීද නොකිපෙයි. ලාභය කැමැත්තෙන් නොහික්මෙයි. අලාභයෙහිද නොකිපෙයි” යන්නෙහි කෙසේ ලාභය කැමැත්තෙන් හික්මේද? “මහණෙනි, මෙහි මහණතෙම ලාභය ඇති, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන භික්ෂුවක් දකියි. ඔහුට මේ අදහස වෙයි. මේ ආයුෂ්මත්තෙම කවර හේතුවකින් සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක්වීද, යනුයි. ඔහුට මේ අදහස වෙයි.
(ii) මේ ආයුෂ්මත්තෙම සූත්‍ර පිටකය උගත් කෙනෙක. එබැවින් මේ ආයුෂ්මත්තෙම (iii) සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙයි. හෙතෙම ලාභය හේතුවෙන් ලාභය ඉපදීමේ බලාපොරොත්තුවෙන් ලාභය දියුණුකරන්නේ සූත්‍ර පිටකය ඉගෙණගනියි. මෙසේද ලාභය කැමැත්තෙන් හික්මෙයි (iv) ඔහුට මේ අදහස වෙයි. මේ ආයුෂ්මත්තෙම විනය උගත් කෙනෙක මෙහි (ii) (iii) යෙදිය යුතුහි ධර්ම කථිකයෙක. අභිධර්මය උගත් කෙනෙක. මෙහි (ii) (iii) යෙදිය යුතුයි.
ඔහුට මේ අදහසවෙයි. මේ ආයුෂ්මත්තෙම් ආරඤ්ඤීකයෙක. පිණ්ඩපාතිකයෙක, පංශුකූලිකයෙක, තෙචීවරිකයෙක, සපදාන චාරිකයෙක ඛලුපච්ඡාභත්තිකයෙක, නෙසජිජිකයෙක යථාසන්තතිකයෙක, එබැවින් මේ ආයුෂ්මත් තෙම සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. (සිතා) හෙතෙම ලාභ හේතුවෙන් ලාභය ඉපදීම පිණිස ලාභය දියුණුකරන්නේ ආරඤ්ඤිකයෙක් වෙයි (7-4) 1 (v) ඡෙදයේ “ප්‍රථමධ්‍යානය” යන තැන් දක්වා යෙදිය යුතුයි) මෙසේද ලාභය කැමැත්තෙන් හික්මෙයි. කෙසේ ලාභය නොකැමැත්තේ හික්මේද? මෙහි මහණතෙම ලාභාශාවෙන් තොරව ලාභය නූපදවන්නේ ලාභය දියුණු නොකරන්නේ යම්තාක් ආත්ම දමනය පිණිස ආත්මය තැන්පත්වීම පිණිස ආත්මය නිවීම පිණිස සූත්‍ර පිටකය ඉගෙණ ගනියි. විනය ඉගෙණ ගනියි අභිධර්මය ඉගෙණ ගනියි මෙසේද ලාභය නොකැමැත්තෙන් හික්මෙයි.
“අලාභයෙහිද නොකිපෙයි” යනු මෙසේ අලාභයෙහි නොකිපේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් මම කුලය හෝ නොලබමි. ගණයා හෝ නොලබමි. ආවාස හෝ නොලබමි. (ii) ලාභය හෝ නොලබමි. කීර්තිය හෝ නොලබමි. ප්‍රශංසාව හෝ නොලබමි. සැපය හෝ නොලබමි. සිවුරු හෝ නොලබමි. පිණ්ඩපාතය හෝ නොලබමි. සෙනාසනය හෝ නොලබමි. ගිලන්පස බෙහෙත් පිරිකර හෝ නොලබමි. ගිලානුපස්ථානයකු හෝ නොලබමි. (iii) ප්‍රකට නොවීමියි කිපෙයි. කෝපයද තරහද නොසතුටද ඇතිකරයි. මෙසේ අලාභයෙහි කිපෙයි. කෙසේ අලාභයෙහි නොකිපේද? මෙහි මහණතෙම කුලය හෝ නොලබමි. ගණයා හෝ නොලබමි. මෙහි (ii) යෙදිය යුතුයි. ප්‍රකට නොවීමියි නොකිපෙයි. කෝපයද තරහද නොසතුටද ඇති නොකරයි. මෙසේ අලාභයෙහි නොකිපෙයි යනුයි.
“කෝපය නැත්තේ තෘෂ්ණාවෙහිද රශයෙහිද නො ඇලෙයි” යනු යම් සිතේ ක්‍රොධයක් ප්‍රතිවිරොධයක් කෝපයක් ප්‍රකෝපයක් සම්ප්‍රකෝපයක් අමනාපයක් කඳුලු හෙලීමක් නොසතුටුබවක් ඇද්ද, මේ විරොධයයි. යමෙකුගේ මේ විරොධය නම් තෘෂ්ණාව ප්‍රහීණද මුලින් සිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අවිරුද්ධ හෙවත් කෝපය නැත්තෙකැයි කියයි. “තෘෂ්ණා” යනු රූප තෘෂ්ණා, ශබ්ද තෘෂ්ණා, ගන්ධ තෘෂ්ණා, රශ තෘෂ්ණා, ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා යනුයි.
“රශ” නම් මූල රශය, කඳේ රශය, පොත්තේ රශය, කොළ රශය, මල් රශය, ගෙඩි රශය, ඇඹුල් රශය, මිහිරි රශය, තික්ත රශය, කටුක රශය, ලුණු රශය, කසට මිහිරි, අමිහිරි ශීත උෂ්ණ යනුයි. රශයෙහි ගිජුවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත. ඔවුහු දිව අගින් අග්‍ර රශයන් සොයන්නාහු ඇවිදිත්. ඔවුහු ඇඹුල් ලැබ ඇඹුල් නැති දේ සොයත්. ඇඹුල් නැති දේ ලැබ ඇඹුල් සොයත්. මිහිරිදේ ලැබ අමිහිරි දේ සොයත්. තික්ත දේ ලැබ තික්ත නැතිදේ සොයත්. තික්ත නැති දේ ලැබ තික්ත දේ සොයත්. කටුක දේ ලැබ කටුක නැති දේ සොයත්. කටුක නැති දේ ලැබ කටුක දේ සොයත්. ලුණු ඇති දේ ලැබ ලුණු නැති දේ සොයත්. ලුණු නැති දේ ලැබ ලුණු ඇති දේ සොයත්. කර රශ දේ ලැබ කර රශ නැති දේ සොයත්. කර රශ නැති දේ ලැබ කර රශ ඇති දේ සොයත්. කසට රශ නැති දේ ලැබ කසට දේ සොයත්. කසට දේ ලැබ කසට නැති දේ සොයත්, මිහිරි දේ ලැබ අමිහිරි දේ සොයත්. අමිහිරි දේ ලැබ මිහිරිදේ සොයත් මිහිරි දේ ලැබ අමිහිරි දේ සොයත්. ශීතය ලැබ උෂ්ණය සොයත්. උෂ්ණය ලැබ ශීතය සොයත්. ඔවුහු යම් යම්දෙයක් ලැබ ඒ ඒ දෙයින් සන්තොෂ නොවෙත්. අනික් අනික් දේ සොයත්. මනවඩන රශයන්හි ඇලුනාවූ ගිජුවුනාවූ ගැටුනාවූ, මුලාවුනාවූ බැස ගත්තාවූ ලැගුනාවූ ගැලුනාවූ යනුයි. යමෙකුගේ මේ රශ තෘෂ්ණාව මුලින් සිඳුනේද, ශාන්තවූයේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම නුවණින් මෙනෙහිකොට ආහාරය සොයයි. ක්‍රීඩාව පිණිස නොවේ. තරුණමදය පිණිස නොවේ. අලංකාර පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස බඩසාදුක හරණ පිණිස බඹසර රක්නා පිණිස වේ. මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි. අළුත් වේදනාව නූපදවන්නෙමි. මාගේ සතර ඉරියව්හි පැවැත්මද නිවරද බැව්ද යෙහෙන් විසීමද වන්නේය. යම්සේ ගස් සිටුවීම පිණිස කැළයක් ගිනි තබන්නේද යම්සේ බර තරණය කිරීම පිණිස රථ රෝද සම්බන්ධ කරණ අලවංගුව තෙල් ගා උලාද යම්සේ කාන්තාරය තරණය කිරීම පිණිස පුත්‍ර මාංශාහාරය ගන්නේද එපරිද්දෙන්ම භික්ෂුතෙම නුවණින් මෙනෙහි කොට ආහාරය වළඳයි රශ තෘෂ්ණාව දුරුකරයි. සන්සිඳුවයි. අභාවයට පමුණුවයි. (මෙහි (10-7) 4 ඡෙදය යෙදිය යුතුයි) රශ තෘෂ්ණාවෙන් දුරුවූවෙක් වන්නේය. වෙන්වූවෙක් වන්නේය. නික්මුනෙක් වන්නේය. සීමා රහිත සිතින් වාසය කරයි යනුයි.
(10 - 8)
“උපෙක්ෂා ඇත්තේ හැමකල්හි සිහි ඇත්තේ වෙයි” යන්නෙහි උපෙක්ෂා ඇත්තේ යනු අංග සයකින් යුක්තවූ උපෙක්ෂා ඇත්තේ යනුයි. (ii) ඇසින් රූපය දැක සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි. සිහි ඇත්තේ මනා නුවණැත්තේ මධ්‍යස්ථව වාසය කරයි. (iii) කණින් ශබ්දය අසා (මෙහි (ii) යෙදිය යුතුයි) නාසයෙන් ගඳසුවඳක් දැන (මෙහි (ii) යෙදිය යුතුයි) දිවෙන් රසයක් විඳ (මෙහි (ii) යෙදිය යුතුයි) කයින් ස්පර්ශයක් කොට (මෙහි (ii) යෙදිය යුතුයි) සිතින් ධර්මය දැන (මෙහි (ii) යෙදිය යුතුයි.) ඇසින් රූපයක් දැක මනාපව නොඇලෙයි. සිනහ නොවෙයි. රාගය නූපදවයි. ඔහුගේ කය තැන්පත් වූයේ වෙයි. සිත තැන්පත්වූයේ වෙයි, අධ්‍යාත්මය යහපත්ව පිහිටියේය. මනාව මිදුනේය, ඇසින් රූපය දැක අමනාපයක් හැකුළුණ බවක් ඇති නොකරයි. තැන්පත් සිත් ඇත්තේ වෙයි, නොඇලුන සිත් ඇත්තේ වෙයි, නොවෙනස් සිත්ඇත්තේ වෙයි, ඔහුගේ කය තැන්පත්වූ පරිදිම වෙයි. සිත තැන්පත්ය, අධ්‍යාත්මය මනාව පිහිටියේය, මනාව මිදුනේය, කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රශ විඳ, කයින් ස්පර්ශ කොට, සිතින් ධර්මය දැන මනාපයෙහි නොඇලෙයි. සතුටු නොවෙයි, රාගය නූපදවයි ඔහුගේ කය තැන්පත් පරිදිම වෙයි, සිත තැන්පත්ය. අධ්‍යාත්මය මනාව පිහිටියේය. මනාකොට මිදුනේය. සිතින් වනාහි ධර්මය දැන අමනාපයක් හැකිලීමක් නොවේ. තැන්පත් නොවූ සිතැත්තෙක් නොවේ, නොහික්මුන සිතැත්තෙක් නොවේ. විසුරුණ සිතැත්තෙක් නොවේ. සිත හික්මුනේය, අධ්‍යාත්මය මනාව පිහිටියේය. මනාව මිදුනේය, ඇසින් රූපය දැක (vi) මනාප අමනාප රූපයන් කෙරෙහි ඔහුගේ කය තැන්පත් වූයේමවේ. සිත තැන්පත්ය, අධ්‍යාත්මය, මනාකොට පිහිටියේය, මනාකොට මිදුනේය. (v) කණින් ශබ්දය අසා, (මෙහි (iv) යෙදිය යුතුයි) නාසයෙන් ගඳ සුවඳක් විඳ (මෙහි (iv) යෙදිය යුතුයි) දිවෙන් රසයක් විඳ (මෙහි (iv) යෙදිය යුතුයි.) කයින් ස්පර්ශයක් කොට (මෙහි (iv) යෙදිය යුතුයි) සිතින් ධර්මය දැන මනාප අමනාප ධර්මයන්හි ඔහුගේ කය තැන්පත් වූයේම වෙයි. සිත තැන්පත්ය, අධ්‍යාත්මය, මනාකොට පිහිටියේය, මනාකොට මිදුනේය, ඇසින් රූපය දැක ඇලිය යුත්තෙහි නොඇලෙයි. තරහ කටයුත්තෙහි තරහ නොවෙයි, මුලාවිය යුත්තෙහි මුලා නොවෙයි, කෝපවිය යුත්තෙහි කෝප නොවෙයි, කිලුටු විය යුත්තෙහි කිලුටු නොවෙයි, මත්විය යුත්තෙහි මත් නොවෙයි, දැකි දෙයෙහි දැකි පරිදිම වෙයි, ඇසීමෙහි ඇසූ පරිදිම වෙයි, ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි ඒ පරිදිම වෙයි, දැනගත් දෙයෙහි දැනගත් පරිදිම වෙයි.
දැකි දෙයෙහි නොඇලෙයි, ඇසූ දෙයෙහි නොඇලෙයි, ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි නොඇලෙයි, දැකි දෙයෙහි ආශානුවූයේ නොඇළුණේ වෙයි, නොබැඳුනේ වෙන්වූයේ සීමා රහිත සිතින් වාසය කරයි. ඇසූ දෙයෙහි ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි ඇලීම් නැත්තේ ආශානැත්තේ නොබැඳුනේ වෙන්වූයේ සීමා රහිත සිතින් වාසය කරයි, රහතුන් වහන්සේට ඇස විද්‍යමාන වෙයි රහතුන් වහන්සේ ඇසින් රූපය දකියි, රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇතිවන රාගයක් නැත, රහතුන් වහන්සේ මනාහි මිදුන සිත් ඇතිසේක. රහතුන් වහන්සේට කන විද්‍යමාන වෙයි රහතුන් වහන්සේ කනින් ශබ්ද අසයි රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් රාගයක් නැත. රහතුන් වහන්සේ මනාව මිදුන සිත් ඇති සේක. රහතුන් වහන්සේට නාසය ඇත. රහතුන් වහන්සේ නාසයෙන් ගඳ සුවඳ දැන ගනියි. එහි කැමැත්ත වශයෙන් රාගයක් රහතුන් වහන්සේට නැත. රහතුන් වහන්සේ මනාව මිදුන සිත් ඇතිසේක.
රහතුන් වහන්සේට දිව විද්‍යාමාන වෙයි. රහතුන් වහන්සේ දිවෙන් රශ විඳ ගනිති. රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇලීමක් නැත. රහතුන් වහන්සේට කය විද්‍යමාන වෙයි. රහතුන් වහන්සේ කය ස්පර්ශ කරති. රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇලීමක් නැත. රහතුන් වහන්සේ මිදුන සිත් ඇති සේක.
රහතුන් වහ්නසේට සිතක් ඇත. රහතුන් වහන්සේ සිතින් ධර්මය දැන ගනිති. රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇලීමක් නැත. රහතුන් වහන්සේ මිදුන සිත් ඇතිසේක. ඇස රූපයෙහි ඇලෙයි. (ii) රූපයෙහි සතුටුවෙයි. රහතුන්වහන්සේ එහි දාන්තය සංවරය ආරක්ෂිතය, දැමුනේය, එහි සංවරය පිණිස ධර්මය දෙශනා කරයි. (iii) කණ ශබ්දයෙහි ඇලෙයි. (මෙහි (ii) යෙදිය යුතුයි) නාසය ගඳ සුවඳෙහි ඇලෙයි. (මෙහි (ii) ඡෙදය යෙදිය යුතුයි) දිව රශයෙහි ඇලෙයි. සතුටු වෙයි. එය රහතුන් වහන්සේට දාන්තය, ගුප්තය, ආරක්ෂිතය. දැමුනේය, එහිද සංවරය පිණිස ධර්මය දෙශනා කරයි. කය ස්පර්ශයෙහි ඇලෙයි. සතුටුවෙයි. එය රහතුන් වහන්සේට දාන්තය, ගුප්තය, ආරක්ෂිතය, දැමුනේය එහිද සංවරය පිණිස ධර්මය දෙශනා කරයි.
“දැමුනහු සභාවට පමුණුවත්. දැමුනහු උඩ රජු නගියි. යමෙක් නපුරු වචනයන්ට ඉවසාද මිනිසුන් අතරෙහි ඒ දැමුන තැනැත්තා ශ්‍රෙෂ්ඨයි. ආජානීය ශ්‍රෙෂ්ඨ අශ්වයා දැමුනේ උතුමි. කුඤ්ජර නම්වූ මහ ඇතාද දැමුනේ උතුමි. එයටත් වඩා තමාගේ හික්මීම ඉතා උතුමි, මේ යානයන්ගෙන් නොගිය දිශාවට නොයන්නේය. යම්සේ දැමුන තැනැත්තේ මනාව හික්මුනාවූ දැමුනහු හා යයි දෙවන ආත්ම භාවයක් නැති මිදුන තැනැත්තේ මානයන්හි කම්පාවට නොයත්. ලොකයෙහි දිනීම ඇතිකරගත් ඔවුහු දැමුන භූමියට පැමිණියාහ.”
යමෙකුගේ සියලු ලොකයෙහි ආධ්‍යාත්මිකවූද බාහිරවූද ඉන්ද්‍රියයන් මනාකොට පුරුදු කරණ ලද්දේද වැඩූ සිත් ඇති දැමුන හෙතෙම මෙලොවද පරලොවද විනිවිද කාලය බලාපොරොත්තු වෙයි. “උපෙක්ෂා ඇත්තේ සෑම කල්හි” යනු සෑම කාලයෙහි නිරන්තරයෙන් අන්තිම වයස් කොටසෙහි යනුයි. සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේ එනම් කයෙහි කය (iii) අනුව බලන සිහිය පිහිටුවීම වඩන්නේනුයි සිහි ඇත්තේ නමි. (iv) වෙදනාවන්හි සිතෙහි සිත ධර්මයයන්හි ධර්මය අනුව බලන සිහිය පිහිටුවීම වඩන්නේ නුයි සිහි ඇත්තේ නමි හෙතෙම සිහිය ඇත්තේයි.
“ලොකයෙහි සමානයාට සමාන වෙමියි නොසිතයි. යනු ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ වෙනින් අනික් කරුණකින් හෝ සමානයෙක් වෙමියි මානය නූපදවයි. “විශෙෂ නොවෙයි. නිච නොවෙයි” යනු ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ (මෙහි (10-6) 2 (ii) ඡෙදය යොදාගත යුතුයි) වෙනින් අනික් කරුණකින් හෝ අතිමානය නූපදවයි. ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ (මෙහි (3-3) 5 (ii) ඡෙදය යොදාගත යුතුයි.) වෙනින් අනික් කරුණකින් හෝ හීනවෙමිය මානය නූපදවයි.
“ඔහුට උස්සද නම් කෙලෙස් නැත” යන්නෙහි “ඔහුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. උස්සද යනු උස්සද නම් කෙලෙස් සතකි, රාග උස්සද, ද්වෙෂ උස්සද මොහ උසස්දය, මාන උස්සදය, දිට්ඨි උස්සදය, ක්ලෙශ උස්සදය, කම්ම උස්සදය යනුයි. උන්වහන්සේට උස්සදයෝ නැත්තාහ. විද්‍යමාන නොවෙත්, නොලැබෙත්, ප්‍රහීණය, මුල් සිඳුනේය. ශාන්තය, සන්සිඳුනේය, ඉපදීමට නුසුදුසුය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය.
(10 - 9)
“යමෙකුට නිශ්‍රයයන් නැත” යන්නෙහි යමෙකුට යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. නිශ්‍රය බව යන්නෙහි නිශ්‍රය දෙකකි. තෘෂ්ණා නිශ්‍රය දෘෂ්ටි නිශ්‍රය යනුය. ‘මමත්වය’ යනු නිශ්‍රය කියා වෙනස් කොට (2-6) 1 (ii) (iii) ඡෙද යොදාගත යුතුයි) උන්වහන්සේගේ තෘෂ්ණ නිශ්‍රය ප්‍රහීණය දෘෂ්ටි නිශ්‍රය සංසිඳුනේය. තෘෂ්ණ නිශ්‍රය ප්‍රහීණවූ බැවින් දෘෂ්ටි නිශ්‍රය සංසිඳුන බැවින් නිශ්‍රය බවක් යමෙකුගේ නැත, විද්‍යමාන නොවෙයි. නොලැබෙයි. ප්‍රහීණය මුලින් සිඳුනේය සංසිඳුනේය ඉපදීමට අයොග්‍යය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය.
“නිශ්‍රය රහිත තැනැත්තේ ධර්මය දැන” යන්නෙහි “දැන” යනු (iii) දැනගෙන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි. කෙසේද, සියලු සංස්කාරයෝ අනිත්‍ය යයි සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්ම යයි (මෙහි (ii) යොදාගත යුතුයි) යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරොධය පිණිස පවත්නේයයි දැන සම කොට තීරණය කොට ප්‍රකටකොට යනුයි.
“ආශ්‍රය නොවූයේ” යනු ආශ්‍රය දෙකකි තෘෂ්ණා ආශ්‍රයද දෘෂ්ටි ආශ්‍රයද යනුයි (‘මමත්වය’ යන ආශ්‍රය කියා වෙනස් කොට (2-6) 1 (ii) (iii) ඡෙද යොදා ගත යුතුයි) තෘෂ්ණ ආශ්‍රය දුරුකොට දෘෂ්ටි ආශ්‍රය සංසිඳුවා ඇස ආශ්‍රය නොවූයේ කණ ආශ්‍රය නොවූයේ නාසය ආශ්‍රය නොවූයේ දිව ආශ්‍රය නොවූයේ කය ආශ්‍රය නොවූයේ සිත ආශ්‍රය නොවූයේ රූපයෙහි, ශබ්දයෙහි, ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි කුලය ගණයා ආවාසය (මෙහි 9–1 9 අගිද්ධය යනු ආශ්‍රය කියා වෙනස්කොට රූපයෙහි යන තැන සිට යොදාගත යුතුයි) දැකී ඇසූ ඉන්ද්‍රිය තුනකින් දැනගත් දැනගතයුතු ධර්මයන්හි ආශ්‍රය නොවූයේ නොඇලුනේ නොපැමුණුනේ නික්මුණේ මිදුනේ සීමා රහිත සිතින් වාසය කරයි. යනුයි. “භවයෙහි හෝ විභවයෙහි යමෙකුට තෘෂ්ණාව විද්‍යමාන නොවෙයි.” යන්නෙහි තෘෂ්ණ නම් රූප තෘෂ්ණ, ශබ්ද තෘෂ්ණ, ගන්ධ තෘෂ්ණ, රශ තෘෂ්ණ, ස්පර්ශ තෘෂ්ණ, ධර්ම තෘෂ්ණ, යනුයි අර්හත්වූ යමෙකුට යනු ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි.
“භවයෙහි” යනු භවදෘෂ්ටියෙහිය. විභවයෙහි යනු විභව දාෂ්ටියෙහිය. “භවයෙහි” යනු ශාස්වත දෘෂ්ටියෙහි හෝ යනුයි. විභවයෙහි යනු උච්ඡෙද දෘෂ්ටියෙහියි. භවයෙහි යනු නැවත නැවත භවයෙහි නැවත නැවත ගතියෙහි නැවත නැවත උත්පත්තියෙහි නැවත නැවත ප්‍රතිසන්ධියෙහි නැවත ආත්ම භාවයක් ඉපදීමෙහි තෘෂ්ණාව යම් ඒ රහතුන් වහන්සේට නැත. විද්‍යමාන නොවෙත්. නොලැබෙත්, ප්‍රහීණය, මුලින් සිඳුනේය. ශාන්තය, සංසිඳුනේය, ඉපදීමට අයොග්‍යය ඥානය නමැති ගින්නෙන් දැවුනේය යනුයි.
(10 - 10)
“උපශාන්තයයි ඔහුට කියමි” යනු නිවුන තැනැත්තේයයි සංසිඳුන තැනැත්තේයයි ඔහුට කියමි. ඔහුට ප්‍රකාශ කරමි ඔහුට ව්‍යවහාර කරමි යනුයි. කාමයන්හි අපෙක්ෂා නැත්තේ යන්නෙහි “කාමයෝ නම් ප්‍රකට වශයෙන් කාම දෙකකි. වස්තුකාමද ක්ලෙශ කාමද යනුයි (මෙහි 1, 1 (ii) සිට 3 (ii) දක්වා යෙදිය යුතුයි) වස්තු කාමයන් සම්පූර්ණයෙන් දැනගෙන ක්ලේශ කාමයන් හැර දුරුකොට අභාවයට පමුණුවා යනුයි. දුරු කළ කාමය ඇත්තේ බැහැර කළ කාමය ඇත්තේ වෙන් කළ කාමය ඇත්තේ මිදුන කාමය ඇත්තේ සංසිඳුන කාමය ඇත්තේ කාමයන්හි බැහැර කළ රාගය ඇත්තේ වමාරා දැමූ කාමය ඇත්තේ මිදුන රාගය ඇත්තේ තෘෂ්ණා නැත්තේ නිවුනේ සිහිල්වූයේ බ්‍රහ්මයා බඳු කයින් වාසය කරයි යනුයි
“කෙලෙස් ගැට ඔහුට විද්‍යමාන නොවෙත්” යන්නෙහි ග්‍රන්ථ (ගැට) යනු ග්‍රන්ථ සතරකි. (ii) දැඩි ලොභය නමැති ගැටය, නපුරු සිතිවිල්ල නැමති ගැටය අන්‍ය ශීලයන් ව්‍රතයන් සෙවීමේ ගැටය, මෙයම සත්‍යයයි බැස ගැන්මේ ගැටය යනුයි. (iii) තමන්ගේ දෘෂ්ටියෙහි දැඩි ආශාව දැඩි ලොභය නමැති ගැටයයි. අන්‍යවාදයන්හි වෛරකිරීම ව්‍යාපාදය නමැති ගැටයයි. තමන්ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීල ව්‍රත දෙකම හෝ පරාමර්ශ කිරීම ශීල ව්‍රත පරාමාශ ගැටයයි. තමන්ගේ දෘෂ්ටියෙහි මෙයම සත්‍යයයි බැස ගැන්ම “මෙයම සත්‍යයයි බැසගැන්මේ” ග්‍රන්ථයයි. “ඔහුට” යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි ග්‍රන්ථයෝ කෙලෙස් ගැටළු ඔහුට විද්‍යමාන නොවෙත් යනු ඔහුට ග්‍රන්ථයෝ නැත. විද්‍යමාන නොවෙත්. මුලින් සිඳුනේය. ශාන්තය, සංසිඳුනේය, ඉපදීමට නුසුදුසුය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය යනුයි
“හෙතෙම විසත්තිකාව (තෘෂ්ණාව) තරණය කළේය” යන්නෙහි විසත්තිකා යනු තෘෂ්ණාවයි යම්රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, (1-3) 4 ඡෙදය යම් ළංවීමක් යන තැන සිට යෙදිය යුතුයි) ඇද්ද එයයි. විසත්තිකා යනු කවර අර්ථයකින් විසත්තික නම් වේද, විශෙෂයෙන් ඇලේනුයි “විසත්තිකා නමි. විශාලනුයි විසත්තිකා නමි. පැතිර පවතීනුයි විසත්තිකා නමි. විශෙෂයෙන් ගමන් කෙරේනුයි “විසත්තිකා” නමි. විශෙෂයෙන් රැස් කෙරේනුයි මුලා කෙරේනුයි විසත්තිකා නමි. විෂ මුල්කොට ඇති බැවින් විසත්තිකා නමි. විෂඵලය ඇති බැවින් විසත්තිකා නමි. විෂ පරිභොගය ඇති බැවින් විසත්තිකා නමි. විශාලවූ ඒ තෘෂ්ණාව වනාහි රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි, රශයෙහි ස්පර්ශයෙහි කුලයෙහි ගුණයෙහි, ආවාසයෙහි (9-1-9 ලාභයෙහි යන තැන සිට පවත්නා කාලයෙහි යන තැනට යෙදිය යුතුයි.) දැකි, ඇසූ, තුන්නේද්‍රිය යන්ගෙන් ස්පර්ශ කළ දැනගත යුතු ධර්මයන්හි විශෙෂයෙන් ඇලේනුයි පැතිර පවත්නේනුයි. විසත්තිකා නමි. හෙතෙම විසත්තිකාව තරණය කළේය යනු හෙතෙම මේ විසතිකා නම් තෘෂ්ණාව තරණය කළේය. එතරවූයේ ඉක්මවූයේ යනුයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලදී.
“කාමයන්හි අපෙක්ෂා රහිත ඔහුට උපශාන්තවූ තැනැත්තේයයි කියමි. ඔහුට ග්‍රන්ථයෝ නැත්තාහ. හෙතෙම විසත්තිකාව කරණය කළේය යනුයි”
“ඔහුට පුත්‍රයෝද සතුන්ද කුඹුරුද ගොඩනැගිලි ඉඩම්ද නැත” යන්නෙහි ‘නැත’ යනු ප්‍රතික්ෂෙපයයි. ඔහුට යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයී “පුත්‍රයෝ යනු සතරදෙනෙක් වෙති. තමාගේ පුත්‍ර, කෙතින් උපන් පුත්‍ර, හදාගත් පුත්‍ර, අතවැසි පුත්‍ර යනුයි. “සතුන්” යනු එළු බැටළු කුකුල් ඌරු ඇත් ගව අස් වෙළඹ යන මොවුහුයි ‘කෙත’ යනු ඇල්කෙත, වීකෙත, මුංකෙත, මෑකෙත, යව කෙත තිරිඟුකෙත, තලකෙත, යනුයි ‘වස්තු නම්’ ගෘහවස්තු, කොටුවස්තු, ඉදිරිවස්තු, පසුවස්තු, ආරාමවස්තු, විහාර වස්තු යනුයි. ඒ රහතුන්වහන්සේට පුත්‍ර කරදරය හෝ සත්ව කරදරය හෝ කුඹුරු කරදරය හෝ ගොඩනැගිලි ඉඩම් කරදරය හෝ නැත. විද්‍යාමාන නොවෙත්. ප්‍රහීණය, මුලින් සිඳුනේය. ශාන්තය, සන්සිඳුනේය.
“ආත්මයක් ඇතැයි හෝ ඔහු කෙරෙහි නොලැබෙයි.” යන්නෙහි අත්තා යනු ශාස්වත දෘෂ්ටියයි එය නැත. ආත්මයක් නැත යනු උච්ඡෙද දෘෂ්ටියයි එය නැත. ආත්මය යයී ගැනීමක් නැත. ආත්මය නොවේ යයි මිදියයුත්තක් නැත යමෙකුට ගැනීමක් නැද්ද ඔහුට මිදීමක් නැත. යමෙකුට මිදියයුත්තක් නැද්ද, ඔහුට ගැනීමක් නැත. ගැනීම්, මිදීම් දෙක ඉක්මවන්නාවූ රහතන්වහන්සේ වැඩීම් හානි ඉක්මවන සේක. උන්වහන්සේ වැසනිමවූයේ පුරුදුකළ ගමන් ඇත්තේ මෙහි 3–7-6 (ii) ඡෙදය යෙදිය යුතුයි. ජාති මරණ සංසාරයන් නැත. ඔහුට නැවත ඉපදීමක්ද ආත්මය හෝ නිරාත්මය යන හැඟීමක් උන්වහන්සේ කෙරෙහි නොලැබෙයි.
(10 - 11)
“යමකින් ඔහුට පෘථග්ජනයෝ හෝ ශ්‍රමණබ්‍රහ්මණයෝ කියන්නාහු නම් යන්නෙහි පෘථග්ජනයෝ යනු බොහෝ කෙලෙස් උපදවත්නුයි පාථග්ජනයෝ නමි. බොහෝ ඉවත් කරණලද ආත්ම දෘෂ්ටිය ඇති බැවින් පෘථග්ජනයෝ නමි. බොහෝ ශාස්තෘවරයන්ගේ මුහුණ බලන බැවින් පෘථග්ජනයෝ නමී. බොහෝ සියලු ගතිවලින් නොනැගිටියේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් රැස්කිරීම් රැස්කෙරේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් ඔඝයන්ගෙන් පාවේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් තැවීම්වලින් තැවේනුයි පෘථග්ජන නමි. බොහෝ පඤ්චකාම ගුණයන්හි ඇළුනේ ගිජුවූයේ ගැටුනේ මුර්ඡාවූයේ බැසගත්තේනුයි පෘථග්ජන නමි. “ශ්‍රමණයෝ” යනු යම්කිසි මේ ශාසනයෙන් පිටත්හිවූ පරිබ්‍රාජක බවට පැමිණියාවූ පරිබ්‍රාජක බවෙන් යුක්තවූ අය යනුයි. බ්‍රාහ්මණ යනු යම්කිසි අනුන්ට නින්දාකරන්නාවූ බමුණෝ යනුයි. පෘථග්ජනයෝ යම් රාගයකින් කියන්නාහු නම් යම් ද්වෙෂයකින් කියන්නාහුනම් යම් මෝහයකින් කියන්නාහුනම් යම් මානයකින් කියන්නාහු නම් යම් දෘෂ්ටියකින් කියන්නාහු නම් යම් සිතේ නොසන්සුන් කමකින් කියන්නාහු නම් යම් සැකයකින් කියන්නාහු නම් යම් අනුසයයන්ගෙන් කියන්නාහු නම් එනම, රාගිකයෙක, ද්වෙෂයට පැමිණියෙක. මුලාවට පැමිණියෙක, ඇලීම ඇතියෙක, පරාමර්ශ වූවෙක, වික්ෂෙපයට පැමිණියෙක, අනිටුබවට පැමිණියෙක, බලයට පැමිණියෙක යන මෙයිනි ඒ රැස්කිරීම් ප්‍රහීනයහ. රෑස්කිරීම් ප්‍රහීනබැවින් ගතියෙන් යමකින් ඔහුට කියන්නාහු නම් එනම් තිරිසනෙක කියා හෝ තිරිසන් යොනියෙක කියා හෝ ප්‍රෙතාත්මයෙහි උපන් අයෙක කියා හෝ මිනිසෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපියෙක කියා හෝ අරූපියෙක කියා හෝ සඤ්ඤීයෙක කියා හෝ අසඤ්ඤියෙක කියා හෝ නෙවසඤ්ඤී නාසඤ්ඤියෙක කියා හෝ කීමට එබඳු හේතූවක් නැත. ප්‍රත්‍යයක් නැත යනුයි.
“එය ඔහුට ඉදිරිපත් නොවේ.” යන්නෙහි “ඔහුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. ඉදිරිපත් කිරීම නම් තෘෂ්ණාව ඉදිරිපත් කිරීමද දෘෂ්ටිය ඉදිරිපත් කිරීමද යනුයි (2-6) 1 (ii) (සසස ඡෙද යෙදිය යුතුයි. ඔහුට තෘෂ්ණාව ඉදිරිපත් කිරීම ප්‍රහීණය. දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සන්සිඳුනේය. තෘෂ්ණාව ඉදිරිපත් කිරීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සන්සිඳුන බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ ඉදිරිපත්කොට නොහැසිරෙයි. තෘෂ්ණාව ධජයක් කොට නැත්තේ තෘෂ්ණාව කොඩියක්කොට නැත්තේ තෘෂ්ණාව අධිපතිකොට නැත්තේ, දෘෂ්ටිය ධජයක්කොට නැත්තේ දෘෂ්ටිය කොඩියක්කොට නැත්තේ තෘෂ්ණාව අධිපතිකොට නැත්තේ දෘෂ්ටිය හෝ තෘෂ්ණාව හෝ පිරිවරා නොහැසිරෙයි යනුයි. “එහෙයින් වාදයන්හි කම්පා නොවෙයි යන්නෙහි එහෙයින් යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් යනුයි. වාදයන්හි උපවාදයන්හි නින්දාවෙහි ගර්හාවෙහි අපකීර්තියෙහි අගුණ කීමෙහි කම්පා නොවෙයි, නොසෙලවෙයි යනුයි.
(10 - 12)
“හළ ගිජුකම හා මසුරුකම ඇත්තේ, යන්නෙහි ගෙධයයි තෘෂ්ණාවට කීයයි, යම් රාගයක් ඇලීමක් ඇද්ද, (1-3) 3 ඡෙදයේ ‘යම් ලංවීමක්’ යන තැන් සිට යෙදිය යුතුයි, යමෙකුට මේ ගිජුකම ප්‍රහීණද, මුලින් සිඳුනේද, ශාන්තද, සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම හළ ගිජුකම ඇත්තේයයි කියයි. හෙතෙම (ii) රූපයෙහි ගිජු නොවූයේ ශබ්දයෙහි, ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි. දැකි ඇසූ ඉන්ද්‍රිය තුනකින් දැනගත් දැනගතයුතු දෙයෙහි ගිජු නොවූයේ නොගැටුනේ මුර්ඡානොවූයේ නොපැමුණුනේ ගිජුකමෙන් තොරවූයේ පහවූ ගිජුකම ඇත්තේ වමාරා දැමූ ගිජුකම ඇත්තේ මිදුන ගිජුකම ඇත්තේ අත්හළ ගිජුකම ඇත්තේ සංසිඳුන ගිජුකම ඇත්තේ තෘෂ්ණාව නැත්තේ බ්‍රහ්මයා බඳු ආත්ම භාවයෙන් වාසය කෙරේනුයි, පහවූ ගිජුකම ඇත්තේ නමි. (iii) මසුරු නැත්තේ යන තන්හි මසුරුකම් පසෙකි. ආවාස මසුරුකම, කුල මසුරුකම, ලාභ මසුරුකම, ගුණ මසුරුකම, ධර්ම මසුරුකමත යනුයි මෙබඳුවූ යම් මසුරුකමක් ගැන්මක් කියයිද, ඒ මසුරුකමයි. යමෙකුට මේ මසුරුකම ප්‍රහීණද, මුලින් සිඳුනේද, ශාන්තද සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම නොමසුරු තැනැත්තේයයි කියයි.
“මුනිතෙම උසස්යයි නොකියයි. සමයයි නොකියයි. පහත්යයි නොකියයි” යන්නෙහි “මුනි” යයි ඥානයට කියයි. ශ්‍රෙෂ්ඨ වෙම්යි කියා හෝ සමාන වෙම්යි කියා හෝ හීනවෙමියි කියා හෝ නොකියයි, ප්‍රකාශ නොකරයි, ව්‍යවහාර නොකරයි යනුයි,
“තෘෂ්ණාවට සුදුසු බවට නොපැමිණෙයි. අයොග්‍යය යන්නෙහි යොග්‍ය බැව් දෙකකි. තෘෂ්ණාවට යොග්‍ය බව හා දෘෂ්ටියට යොග්‍ය බව යනුයි (2-6) 1 (ii) (iii) ඡෙද යෙදිය යුතුයි ඔහුගේ තෘෂ්ණාවට යොග්‍ය බව ප්‍රහීණය, දෘෂ්ටියට සුදුසුකම සංසිඳුනේය. තෘෂ්ණාවට යොග්‍යකම සංසිඳුන බැවින් තෘෂ්ණාවට සුදුසුකමට හෝ දෘෂ්ටියට සුදුසුකමට නොපැමිණෙයි, නොගනියි, පරාමර්ශ නොකරයි, ඇතුළු නොවෙයි යනුයි.
“අයොග්‍ය වෙයි” යන තන්හි සුදුසුවීම යනු සුදුසුවීම් දෙකකි. තෘෂ්ණාවට සුදුසු වීමද දෘෂ්ටියට සුදුසුවීමද යනුයි. ((2-6) 1, (ii), (iii) ඡෙදය යෙදිය යුතුයි) ඔහුගේ තෘෂ්ණාවට සුදුසුකම ප්‍රහීණය. දෘෂ්ටියට සුදුසුකම සංසිඳුනේය ඔහුගේ තෘෂ්ණා යොග්‍යත්වය ප්‍රහීණවූ බැවින් දෘෂ්ටියට සුදුසුකම සංසිඳුන බැවින් තෘෂ්ණා සුදුසුකම හෝ දෘෂ්ටි සුදුසුකම හෝ නොවෙයි. නූපදවයි. ඇති නොකරයි, යනුයි.
“යමෙකුට ලොකයෙහි ස්වකීයත්වයක් නැත” යන්නෙහි යමෙකුට යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. ස්වකීයත්වයක් නැත යනු යමෙකුට මෙය මාගේය. කියා හෝ මෙය අනුන්ගේය කියා හෝ කිසි රූප වශයෙන් ගන්නාලද හෝ වේදනා වශයෙන් ගන්නාලද සඤ්ඤා වශයෙන් ගන්නාලද හෝ සංඛාර වශයෙන් ගන්නාලද හෝ විඤ්ඤාන වශයෙන් ගන්නාලද්දක් පරාමර්ශ කිරීමක් ඇතුළුවීමක් ගැලීමක් නැත. (මෙහි 4–8-7 අග කොටස යෙදිය යුතුයි.) ඥානය නමැති ගින්නෙන් දැවුනේය, යනුයි. “නැති බැවින් ශොක නොකරයි” යනු වෙනස් වෙන වස්තුවෙහිද ශොක නොකරයි. වෙනස්වූ කල්හි ද ශොක නොකරයි. මාගේ ඇස කණ, නාසය, දිව, කය වෙනස් වූයේයයි ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි නොහඬයි පපුවේ අත් ගසමින් නොහඬයි සිහි මුලාවට නොපැමිණෙයි. මෙසේද,
“නැති කල්හිද ශොක නොකරයි” යනුයි යලිදු හෝ දුක් වෙදනාව නැති බැවින් එයින් ස්පර්ශවීමක් යුක්තවීමක් නැත. ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි නොහඬයි. පපුවේ අත්ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි. කන් රෝගයෙන් නාසයේ රෝගයෙන් දිවේ රෝගයෙන් කාය රෝගයෙන් හිස් රෝගයෙන් මුඛ රෝගයෙන් දත් රෝගයෙන් කාශ රෝගයෙන් ක්ෂය රෝගයෙන් දැවිල්ලෙන් ජරාවෙන් කුසේ රෝගයෙන් මුර්ඡාවෙන් පක්ඛන්දිකා නම් රෝගයෙන් සුල නම් වාත රෝගයෙන් විසූචිකා නම් රෝගයෙන් කුෂ්ට රෝගයෙන් ගණ්ඩ රෝගයෙන් කිලාස නම් කුෂ්ට රෝගයෙන් ස්වාශයෙන් අපස්මාරයෙන් දදයෙන් කැසීමෙන් නිය රෝගයෙන් විතච්ඡිකා නම් කුෂ්ට රෝගයෙන් ලේ වලින්, පිතෙන්, මධු මෙහයෙන් පක්ෂාඝාතයෙන් පිළිකාවෙන් භගන්දරාවෙන් පිතෙන් උපන් ආබාධයෙන් සෙමින් උපන් ආබාධයෙන්, වාතයෙන් උපන් ආබාධයෙන්, සන්නිපාතික ආබාධයෙන් ඍතු වෙනස්වීමෙන් හටගන්නා රෝගයෙන් විෂම පැවැත්මෙන් හටගන්නා රෝගයෙන් උපක්‍රමයෙන් හටගන්නා ආබාධයෙන් කර්ම විපාකයෙන් හටගන්නා ආබාධයෙන් සීතයෙන් උෂ්ණයෙන් බඩගින්නෙන් පිපාසායෙන් ඩැහැලේ බොන මැස්සෝය මදුරුවෝය වාතය, අව්වය, දීර්ඝ ජාතීහුය යන මොවුන්ගේ පහසින් යුක්තවූයේ ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි නොවැළපෙයි. පපුවෙහි අත ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි මෙසේද නැති බැවින් ශොක නොවෙයි යලිදු හෝ නැති කල්හි විද්‍යමාන නොවූ කල්හි නොලැබෙන කල්හි අනේ ඒකාන්තයෙන් එය මාගේය. ඒකාන්තයෙන් එය මට නැත. ඒකාන්තයෙන් එය මාගේ වන්නේය. මම ඒකාන්තයෙන් එය නොලබමි’යි ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවෙහි අත ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි. යනුයි.
“ධර්මයන්හිද නොයයි” යනු ඡන්දයෙන් අගතියට නොයයි. ද්වෙෂයෙන් අගතියට නොයයි. මොහයෙන් අගතියට නොයයි. භයෙන් අගතියට නොයයි. රාග වශයෙන් නොයයි. ද්වෙෂ වශයෙන් නොයයි. මොහ වශයෙන් නොයයි. මාන වශයෙන් නොයයි. දෘෂ්ටි වශයෙන් නොයයි. උද්ධච්ච වශයෙන් විචිකිච්ඡා වශයෙන් නොයයි. අනුසය වශයෙන් නොයයි. වර්ගවූ ධර්මයන්ගෙන් නොයයි. නොපමුණුවයි, යනුයි. “හෙතෙම ඒකාන්තයෙන් ශාන්තවූයේයයි කියයි.” යනු හෙතෙම ශාන්තවූයේ උප ශාන්තවූයේ සංසිඳුනේ නිවුනේ සංසිඳුනේයයි කියයි. ව්‍යවහාර කරයි, යනුයි.
පුරාභෙදසුත්තනිද්දෙසො දසමො.
විවරණ [0]