(4 - 1)
“ශුද්ධවූ උතුම්වූ රොග නැත්තහු දකිමි” පිරිසිදුවූවහු දකිමි පිරිසිදුවූවහු බලමි. පිරිසිදුවූවහු මනාකොට බලන්නෙමි.”
“උතුම් නිරොගී බව” යනු උතුම්වූ නිරොග බවට පැමිණි ආරක්ෂා බවට පැමිණි, පිහිට බවට පැමිණි, අභය බවට පැමිණි ච්‍යුත නොවන බවට පැමිණි අමෘත බවට පැමිණි නිර්වාණයට පැමිණියාහු බලමි.
“ඉදින් දෘෂ්ටිය කරණ කොට මනුෂ්‍යයාගේ ශුද්ධිය වේද” චක්ෂුර්විඥානයෙන් රූප ද දර්ශනයෙන් මිනිසාගේ ශුද්ධියද විශුද්ධියද පරිශුද්ධියද මුක්තියද විමුක්තියද පරිමුක්තියද වෙයි. මිනිසා පිරිසිදුවේ මනාකොට පිරිසිදුවේ. මිදේ මනාකොට මිදේ මෙසේ මනාව දන්නේ උතුම්යයි දැන මෙසේ දන්නේ අවබොධ කරන්නේ මෙය පරමය, අග්‍රය, ශ්‍රෙෂ්ඨය, උතුම්යයි දැන තීරණයකොට, ප්‍රකටකොට, යනුයි.
“ශුද්ධි භාවය බලන්නේ නුවණට පැමිණේ” යනු හෙතෙම පිරිසිදුවූවහු දකියි. හෙතෙම පිරිසිදුවූවහු අනුව බලන්නේ නුවණට පැමිණේ” යනු චක්ඛු විඤ්ඤාණය රූප දර්ශනයෙන් ඥානයයි හඟියි, මාර්ගයයි හඟයි, පාරයයි හඟියි පැමිණීමයයි හඟියි.
(4 - 2)
“දැකීමෙන් ඉදින් මනූෂ්‍යයාට ශුද්ධිය වේද” යන්නෙහි චක්ෂුර් විඥානයෙන් රූප දර්ශනයෙන් ඉදින් සත්වයාගේ ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය උසස් විමුක්තිය වෙයි. සත්වයා පිරිසිදු වෙයි. මිදෙයි.
“හෙතෙම නුවණින් හෝ දුක යටත් කරයි” චක්ෂුර් විඥානයෙන් රූප දර්ශනයෙන් සත්වතෙම ජාතිදුක දුරු කරයි ජරාදුක දුරු කරයි. ව්‍යාධි දුක දුරු කරයි මරණ දුක දුරු කරයි. ශොක පරිදෙව (වැළපීම) දුක්ඛ (කායික දුක) දොමනස්ස, උපායාස දුක්ඛයෝ දුරු කරයි. පව් සහිතවූයේ හෙතෙම අනෙකකින් ශුද්ධවේ” යන්නෙහි අනික් අශුද්ධි මාර්ගයකින් මිථ්‍යා ප්‍රතිපදාවකින් අනෛර්‍ය්‍යානික මාර්ගයකින් එනම් සතර සතිපට්ඨානයන් හැර සතර සම්‍යක් ප්‍රධානයන් හැර සතර ඍද්ධිපාදයන් හැර ඉන්ද්‍රිය ධර්මයන් හැර බල ධර්මයන් හැර බොධ්‍යංග ධර්මයන් හැර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය හැර පිරිසිදුවේයයි මිදේයයි, “පව් සහිතවූයේ යනු රාග සහිතයා ද්වෙෂ සහිතයා මොහ සහිතයා තෘෂ්ණාව සහිතයා දෘෂ්ටි සහිතයා ක්ලෙශ සහිතයා උපාදාන සහිතයා යනුයි. දෘෂ්ටීහු එසේ කියන ඔහු ප්‍රකාශ කරති.” යනු ඒ දෘෂ්ටිය ඒ පුද්ගලයා ප්‍රකාශ කරයි. මෙසේ මේ පුද්ගලතෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ විපරීත දර්ශන ඇත්තේය යනුයි. “එසේ එසේ කියන” යනු එසේ කියන්නාවූ එසේ ප්‍රකාශ කරන්නාවූ “ලොකය ශාස්වතය මෙයම සත්‍යය අනික හිස්යයි” එසේ කියන්නාවූ එසේ ප්‍රකාශ කරන්නාවූ ලොකය අශාස්වතය ලොකය කෙළවරක් ඇත්තේය. ලොකය කෙළවරක් නැත්තේය. එය ජීවයයි එය ශරීරයයි අනිකක් ජීවය අනිකක් ශරීරයයි සත්වයා මරණින් මතුවෙයි සත්වයා මරණින් මතුනොවෙයි සත්වයා මරණින් මතු ඇත්තේද නැත්තේද වෙයි. සත්වයා මරණින්මතු නොම ඇත්තේද නොම නැත්තේද වෙයි. මෙයම සත්‍යය අනිකක් හිස්යයි එසේ කියන්නාවූ එසේ ප්‍රකාශ කරන්නාවූ යනුයි.
(4 - 3)
“දුටුවෙහි ඇසූවෙහි සිල් හා වත්හි මූතයෙහි ශුද්ධිය බ්‍රාහ්මණතෙමේ වෙනස් කොට නොකියයි.” යන්නෙහි “නො” යනු ප්‍රතික්ෂෙපයයි, බ්‍රාහ්මණ යනු ධර්ම සතක් මැඩ පැවැත්වූ බැවින් බ්‍රාහ්මණ නමි. එනම් සත්කාය දෘෂ්ටිය මැඩ පවත්වන ලද්දේ වෙයි. විචිකිච්ඡාව (-බුද්ධාදී අට තැන සැකය) මැඩපවත්වන ලද්දේ වෙයි. ශීලව්‍රත පරාමාශය මැඩපවත්වන ලද්දේ වෙයි. රාගය මැඩ පත්වන ලද්දේ වෙයි ද්වෙෂය මැඩ පවත්වන ලද්දේ වෙයි, මොහය මැඩපවත්වන ලද්දේ වෙයි මානය මැඩපවත්වන ලද්දේ වෙයි, දාහය ඇති කරන්නාවූ නපුරු විපාක ඇති අනික් භවයක් ඇති කරවන්නාවූ කෙලෙස් සහිතවූ ලාමකවූ නැවත ජරා මරණ ඇති කරවන්නාවූ අකුශල ධර්ම මැඩ පවත්වන ලද්දේ වෙයි.
“බ්‍රාහ්මණතෙමේ අන් පරිද්දකින් ශුද්ධිය නොකියයි” යන්නෙහි බ්‍රාහ්මණතෙම අන්‍යවූ මාර්ගයකින් මිථ්‍යා ප්‍රතිපදාවකින් නෛර්‍ය්‍යානික නොවූ මාර්ගයකින් එනම් සතර සතිපට්ඨානයන් හැර සතර සම්‍යක් ප්‍රධානයන් හැර ඉන්ද්‍රිය ධර්මයන් හැර බල ධර්මයන් හැර බොධ්‍යංග ධර්මයන් හැර යම් ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය හැර ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය නොකියයි. ප්‍රකාශ නොකරයි ව්‍යවහාර නොකරයි.
“දුටුවෙහි ඇසූවෙහි සිල් හා වත්හි මුතයෙහි” යන්නෙහි සමහර සමහර මහණ බමුණෝ දෘෂ්ටියෙන් විශුද්ධිය බලාපොරොත්තු වන්නෝ ඇත්තාහ. ඔවුහු ඇතැම් රූපයන්ගේ දර්ශනය මංගලයයි සිතයි. ඇතැම් රුපයන්ගේ දර්ශනය අවමංගලයයි සිතයි. කවර රූපයන්ගේ දර්ශනය මංගලයයි සිතත්ද? (ii) ඔවුහු උදයෙන්ම නැගිට මංගලයයි ඔවුන් සම්මත කළ රූපයන් බලත්. ගේ කුරුල්ලන් බලත්. ශුභයයි සම්මත තරුණ බෙලිගෙඩි බලත්. ගැබිනි ස්ත්‍රිය දකිත්. ළමයකු වඩාගෙන යන්නෙකු බලත්. පුන්කලස බලත්. ලුල් මත්ස්‍යයකු බලත්. ආජානීය සත්වයකු බලත්. ආජානීය සතුන් යෙදූ රථයක් බලත්. ගොනකු බලත්. නිල් රන්වන් පැහැති ගොනකු බලත්. මෙබඳු රූපයන්ගේ දැකීම මංගලයයි සිතත් (iii) කවර රූපයන්ගේ දැකීම අවමංගලයයි සිතත්ද? (iv) පිදුරු ගොඩක්, ගිතෙල් කලයක්, නැට්ටුවකු, නිර්වස්ත්‍ර ශ්‍රමණයකු, කොටලුවකු යෙදූ රථයක්, එක් කෙනෙකුගෙන් යුත් යානයක්, කණෙකු, අත් කොරවූ අයකු, අත්පා කොර වූවකු, පිලෙකු පක්ෂයක් අවසඟවූවකු, මහල්ලකු, ලෙඩවූවකු, මෘතශරීරයක්, මෙබඳු දේ දැකීම අමංගලයයි සිතත් (v) ඒ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටියෙන් විශුද්ධිය බලාපොරොත්තු වන්නෝ වෙති. ඇසූ දේ ශුද්ධිය කොට ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔව්හු ඇතැම් ශබ්දයන්ගේ ශ්‍රවණය මංගලයයි සිතත්. කවර ශබ්දයන්ගේ ශ්‍රවණය මංගලයයි සිතත්ද? (vi) ඔවුහු උදයෙන්ම නැගිට අභිමංගලයයි සම්මත ශබ්දයන අසත් වැඩෙයි. වැඩෙනු ලබන්නේය. පිරෙයි යනු හෝ ශොක නැත්තේය යහපත් සිත් ඇත්තේය. යහපත් නැකතය, යහපත් මංගලය, ශ්‍රීය, ශ්‍රීය ඇතිකිරීම යන මේ ශබ්දයන්ගේ ඇසීම මංගලයක් වෙයි. (vii) කවර ශබ්දයන්ගේ ඇසීම අමංගලයක්යයි සිතත්ද? (viii) කණෙක, අත කොර වූවෙක, පය කොරවූවෙක, අත්පා කොරවූවෙක, පක්ෂයක් අවසඟ වූවෙක, මහලු වූවෙක, ලෙඩවූවෙක, මළේය, සිඳුනේය, බිඳුනේය, දැවුනේය, නැසුනේය, නැත, මෙබඳු ශබ්දයන්ගේ ශ්‍රවණය අමංගලයයි සිතත්. (සං) මෙසේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇසීමෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය වේයයි සිතත් ශීලය ශුද්ධිය කොටගත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු ශීල මාත්‍රයෙන් හික්මීම් මාත්‍රයෙන් සංවර මාත්‍රයෙන් යමක් ඉක්මවූ මාත්‍රයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය, විමුක්තිය බලාපොරොත්තු වෙත්. මණ්ඩිකා පුත්‍ර ශ්‍රමණතෙම මෙසේ කීය.
“ථපතිය, මම ධර්ම සතරකින් යුක්ත පුද්ගලයා කුසල් ඇති උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණි ශ්‍රමණයායයි යොදමි. කවර සතරකින්ද යත්, ථපතිය, (ii) මෙහි කයින් පව්කම් නොකෙරේද, පාපිවූ වචන නොකියාද, පාපිවූ වචන නොකියාද, පාපිවූ කල්පනාවන් කල්පනා නොකෙරේද ලාමකවූ දිවිපැවැත්ම නොකෙරේද, ථපතිය, මේ ධර්ම සතරින් යුක්තවූ පුද්ගලයා කුසල් ඇති උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණි ශ්‍රමයාණයයි යොදමි (iii) එමෙන්ම ශීලය පිරිසිදුකොට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු ශීල මාත්‍රයෙන් හික්මීම් මාත්‍රයෙන් ඉක්මවීම් මාත්‍රයෙන් ශුද්ධිය පාරිශුද්ධිය මිදීම බලාපොරොත්තු වෙත්. ව්‍රතය පිරිසිදු කොට ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු හස්තිව්‍රත ඇත්තෝ හෝ වෙත්. අශ්ව ව්‍රත ඇත්තෝ වෙත්. ගවව්‍රත ඇත්තෝ වෙත් ශුනඛ ව්‍රත ඇත්තෝ වෙත්, කාක ව්‍රත ඇත්තෝ හෝ වෙත්. වාසුදේව ව්‍රත ඇත්තෝ හෝ වෙත්. බලදේව ව්‍රත ඇත්තෝ හෝ වෙත්. පූර්ණභද්‍ර ව්‍රත ඇත්තෝ හෝ වෙත්. මණිභද්‍රව්‍රත ඇත්තෝ හෝ වෙත්. අග්නි ව්‍රත ඇත්තෝ හෝ වෙත්. නාගව්‍රත ඇත්තෝ හෝ වෙත්. සුපර්ණව්‍රත ඇත්තෝ හෝ වෙත්. යක්ෂව්‍රත ඇත්තෝ හෝ වෙත්. අසුර ව්‍රත ඇත්තෝ හෝ වෙත්. ගාන්ධර්වව්‍රත ඇත්තෝ හෝ වෙත්. මහාරාජව්‍රත ඇත්තෝ හෝ වෙත්. චන්ද්‍රව්‍රත ඇත්තෝ හෝ වෙත් සූර්යව්‍රත ඇත්තෝ හෝ වෙත්. ඉන්ද්‍රව්‍රත ඇත්තෝ හෝ වෙත්. බ්‍රහ්මව්‍රත, දෙවව්‍රත, දිශාව්‍රත, ඇත්තෝ හෝ වෙත්. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ව්‍රතයන් ශුද්ධිය කොට ඇත්තෝ වෙත්. සදොරින් ස්පර්ශය ශුද්ධිය කොට ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු උදයෙන් නැගිට පොළොව ස්පර්ශ කරත්. පලාවන් දේ, ගොම, කැස්බෙකු, නගුල්තලය පාගත්. කරත්තයක් බලති, අතගාති, ස්පර්ශ කළ තල කති. ස්පර්ශ කළ තෙල් ගා ගණිත්. ස්පර්ශ කළ දැහැටි විකති. ස්පර්ශකළ මැටි ඇඟ ගා නාති. ස්පර්ශ කළ රෙදි අඳිති. ස්පර්ශකළ සළුවක් පොරවති. ස්පර්ශකළ හිස් වෙළුමක් වෙලාගනිති. මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සදොරින් ස්පර්ශය ශුද්ධිය කොට ඇත්තෝ වෙත්. ඔවුහු ව්‍රතයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය බලාපොරොත්තු වෙත්.
“දුටුවෙහි ඇසූවෙහි සිල්හි හා වත්හි, මුතයෙහි ශුද්ධිය බ්‍රාහ්මණතෙමේ නොකියයි. යනු බ්‍රාහ්මණතෙම දැකීමේ ශුද්ධියෙන්ද ශුද්ධිය නොකීවේය. ඇසීමේ ශුද්ධියෙන්ද ශුද්ධිය නොකීවේය. ශීල ශුද්ධියෙන්ද ශුද්ධිය නොකීවේය. මුත ශුද්ධියෙන්ද, ව්‍රතශුද්ධියෙන්ද නොකීවේය. පඤ්චෙන්ද්‍රියෙන්ද ස්පර්ශයෙන් වන ශුද්ධියද නොකීවේය නොකියයි ප්‍රකාශ නොකරයි. ව්‍යවහාර නොකරයි.
“පිනෙහි ද පවෙහිද, නොඇලුණේ” යනුවෙන් යම් කිසි ත්‍රෛධාතූකවූ කුශලාභිසංස්කාරයක් ඇත්නම් එය පින යයි කියනු ලැබේ. සියලු අකුශල් අකුසලය යයි කියනු ලැබේ. යම් හෙයකින් පුණ්‍යාභි සංස්කාරයද, අපුණ්‍යාභිසංස්කාරයද අනෙඤ්ජාභි සංස්කාරයද ප්‍රහීණවූවාහු වෙද්ද, උදුරනලද කෙලෙස් මුල් ඇති අග හෝ මුල සිඳින ලද තල් ගසක් මෙන් ඇති නොවනබවට පැමිණෙව්වාහු වෙති. මෙපමණකින් පිනෙහිද, පවෙහිද, නොඇලෙයි. නොඇළුනේ නික්මුනේ වෙන්වූයේ සීමානොකරණ ලද සිතින් වාසය කරයි.
“ආත්මදෘෂ්ටිය හළෝ මෙහි නොකරන්නේ” යන්නෙහි “ආත්මදෘෂ්ටිය හළෝ” යනු ආත්මදෘෂ්ටිය දුරු කළේ අල්වාගැනීම දුරුකළේ, තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නාලද පරාමර්ශකළ බැසගන්නාලද, ඇතුලුවූ ඒ සියල්ල දුරුකළේ වමාරා දැමුයේ මිදුයේ ප්‍රහීනවූයේ වෙයි.
(i) “මෙහි නොකරන්නේ” යනු පුණ්‍යාභිසංස්කාරය හෝ අපුණ්‍යාභි සංස්කාරය හෝ අනෙඤ්ජාභි සංස්කාරය හෝ නොකරන්නේ නූපදවන්නේය යනූයි.
(4 - 4)
“පළමුවැන්නා හැර අනෙකා ඇසුරුකළාහු” යන්නෙහි පෙර ශාස්තෘවරයා හැර අනික් ශාස්තෘවරයකු ඇසුරු කළේ පෙර කියාදුන් ධර්මය හැර අනික් ධර්මයක් ඇසුරු කළේ පෙර ඇසුරුකළ සමූහය අත්හැර අනික් සමූහය ඇසුරුකළේ පෙර දෘෂ්ටිය අත්හැර අනික් දෘෂ්ටියක් ඇසුරු කළේ පෙර ප්‍රතිපදාව අත්හැර අනික් ප්‍රතිපදාවක් ඇසුරුකළේ පෙර මාර්ගය අත්හැර අනික් මාර්ගයක් ඇසුරුකළේ ඇලුනේ එළඹියේ බැසගත්තේ යනුයි.
“තෘෂ්ණාව අනුව ගිය ඔවුහු ඇල්ම නොඉක්මවත්” යන්නෙහි ඇල්ම යනු තෘෂ්ණාවට කියනු ලැබේ. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද (ii) (1-3) 4 ඡෙදයේ “යම් ලංවීමෙක් ඇද්ද” යන තැන් සිට “තෘෂ්ණාව සමුද්‍රය” දක්වා යෙදිය යුතුයි) විෂම ලෝභයක් ඇද්ද, ලොභයක් ඇද්ද අකුශලයක් ඇද්ද එයයි.
“තෘෂ්ණාව අනුව ගියාහු” යනු තෘෂ්ණාව අනුව ගියාවූ තෘෂ්ණාවට පැමිණියාවූ තෘෂ්ණාවෙන් මඩිනාලද තෘෂ්ණාවෙන් හාත්පසින් ගන්නාලද ඔව්හු
“ඇල්ම නොඉක්මවත්” රාගය නමැති ඇලීම ද්වෙෂය නමැති ඇලීම, මොහය නමැති ඇලීම, මානය නමැති ඇලීම, දෘෂ්ටිය නමැති ඇලීම, ක්ලේශ නමැති ඇලීම, දුශ්චරිත නමැති ඇලීම තරණය නොකරත්, නොපිහිනත්, නොඉක්මවත්.
“ඔවුහු වැළඳගනිත්. හැරදමත්” යනුවෙන් ශාස්තෘවරයා ගනිත්. ඔහු හැර අනික් ශාස්තෘ කෙනෙකු ගනිත්. ධර්මය ගනිත්. එය හැර වෙනින් ධර්මයක් ගනිත්. ශ්‍රාවක සමූහයා ගනිත්. එය හැර අනික් ශ්‍රාවක සමූහයා ගනිත්. දෘෂ්ටිය ගනිත්. එය හැර අනික් දෘෂ්ටියක් ගනිත් ප්‍රතිපදාවක් ගනිත්. එය හැර අනික් ප්‍රතිපදාවක් ගනිත්. මාර්ගය ගනිත්. එය හැර අනික් මාර්ගයක් ගනිත්. ගන්නාහුද මුදන්නාහුද වෙත්.
“වඳුරා මෙන් ඉදිරි අත්ත අල්ලාගෙන යන්නෙහි යම්සේ වඳුරා මහ කැලෑවෙහි හැසිරෙන්නේ අත්තක් අල්ලයි. එය අතහැර වෙනින් අත්තක් අල්ලයි. එයද අතහැර වෙනින් අත්තක් අල්ලයි. එසේම බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බොහෝ දෘෂ්ටීන් ගනිත්. එමෙන්ම මුදත්.
(4 - 5)
“සත්ත්ව තෙමේ ව්‍රතයන් සමාදන්ව” යන්නෙහි තෙමේ සමාදන්ව යනු තෙමේ සමාදන්ව යනුයි. වනාහි යන්නෙහි හස්තිව්‍රතය හෝ අශ්ව ව්‍රතය හෝ (4-4) 4 (ii) ‘ඇත්තෝ වෙත්’ වෙනුවට ‘ගෙන සමාදන්ව’ කියා වෙනස්කර යෙදිය යුතුයි.) දිශාව්‍රතය හෝ ගෙන සමාදන්ව දැඩිකොට ගෙන පරාමර්ශ කොට බැසගෙන සත්ව තෙමේ යනු සත්වයා මිනිසා (මෙහි (1-2) 7 (ii) ඡෙද යෙදිය යුතුයි) “හැඟීම්වල ඇලුණේ ලොකු කුඩාවුන් කරායත්” යන්නෙහි ශාතෲන් වහන්සේ කෙනෙකුගෙන් තවත් ශාස්තෲන් වහන්සේ කෙනෙකු ලඟටයයි. ධර්මයකින් තවත් ධර්මයක් කරා යයි. ශ්‍රාවක ගණයාගෙන් තවත් ශ්‍රාවක සමූහයකටයයි. දෘෂ්ටියකින් දෘෂ්ටියකටයයි ප්‍රතිපදාවකින් තවත් ප්‍රතිපදාවකට යයි. මාර්ගයකින් තවත් මාර්ගයකටයයි
“හැඟීම්වල ඇලුණේ” යනු කාම සංඥාවෙන් ව්‍යාපාද සංඥාවෙන් විහිංසා සංඥාවෙන් දෘෂ්ටි සංඥාවෙන් ඇළුනේ විශෙෂයෙන් ඇළුනේ ලග්නවූයේ කිළිටිවූයේ යම්සේ බිත්තියෙහි ඇති උලක හෝ කොක්කක හෝ භාණ්ඩයක් එල්වුනේ ඇලුනේ ලැගුනේ වේද, එමෙන්ම කාම සංඥාවෙන් ඇළුනේ ව්‍යාපාද සංඥාවෙන් විහිංසා සංඥාවෙන් දෘෂ්ටි සංඥාවෙන් සත්වයා ඇළුනේ ලැගුනේ කිළිටිවූයේ යනුයි.
“නුවණැත්තෝ සතර මඟපල කරණ කොට ධර්මයට පැමිණ” යනු උගත් තැනැත්තේ නුවණැත්තේ “සතර මඟ පලකරණකොට” යන්නෙහි වෙදයයි සතරමාර්ග ඥානයට කියනු ලැබේ (ii) ප්‍රඥාව, ප්‍රඥෙන්ද්‍රීය, ප්‍රඥාබලය, ධර්මවිචය සම්බොධ්‍යංගය, විමංසාව විදර්ශනාව සම්‍යක් දෘෂ්ටිය යනුයි. එබඳු වෙදයන්ගෙන් ජාතීජරා මරණයන්ගේ කෙළවරට ගියේ අන්තයට ගියේ ආරක්ෂාවට ගියේ පිහිටට ගියේ ච්‍යුත නොවන බවට ගියේ නිවණට ගියේ යනුයි වෙදයන්ගේ කෙළවරට ගියේනුයි හෝ වෙදයන්ගෙන් කෙළවරට ගියේනුයි. වෙදගු නම් වේ. ධර්ම සතක් දන්නා ලද බැවින් වෙදගු නම්වේ’ (iii) ආත්ම දෘෂ්ටිය දන්නා ලද බැවින් සැකය දන්නා ලද බැවින් අන්‍ය ශිලව්‍රතයන් ගැන්ම දන්නාලද බැවින් රාගය දන්නා ලද්දේ වෙයි. ද්වෙෂය දන්නා ලද්දේ වෙයි. මොහය දන්නා ලද්දේ වෙයි. මානය දන්නා ලද්දේ වෙයි. කිළුටු කරන්නාවූ ලාමකවූ නැවත භවයක් ඇති කරවන්නාවූ දාහය ඇති කරවන්නාවූ දුක්ඛ විපාකවූ නැවත ජාතිජරා මරණ ගෙණ දෙන්නාවූ අකුශල ධර්ම දන්නා ලද්දේ වෙයි” ඒ රහතන් වහන්සේ මේ ලොකයෙහි ශ්‍රමණයන්ගේද බ්‍රාහ්මණයන්ගේද සියලු වේදයන් දැන සියලු වේදයන්ගේ රාගය දුරු කළේ සියලු වේදයන් ඉක්මවා සිටියේ වෙයි.
“නුවණැත්තේද නුවණ සමඟ ධර්මයට පැමිණ” යන්නෙහි ධර්මය දැන සියලු සංස්කාරයෝ අනිත්‍යයයි මනාකොට දැන සියලු සංස්කාරයෝ දුක්යයි මනාකොට දැන සියලු සංස්කාරයෝ අනාත්මයයි මනාකොට දැන අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ වන්නාහුය මනාකොට ධර්මය දැන සංස්කාර හේතුවෙන් විඤ්ඤානයෝ ඇති වන්නාහුයයි මනාකොට ධර්මය දැක විඤ්ඤාන හේතුවෙන් නාම රූප ඇතිවන්නේයයි මනාකොට ධර්මය දැන නාම රූප හේතුවෙන් ෂඩායතනයන් ඇතිවන්නේයයි මනාකොට ධර්මය දැන ෂඩායතන හේතුවෙන් ස්පර්ශය ඇතිවන්නේයයි ස්පර්ශ හේතුවෙන් වෙදනාව ඇතිවන්නේයයි වෙදනා හේතුවෙන් තෘෂ්ණාව ඇතිවන්නේයයි තෘෂ්ණා හේතුවෙන් උපාදානයන් ඇතිවන්නේයයි උපාදාන හේතුවෙන් භවය ඇතිවන්නේයයි භව හේතුවෙන් ජාතිය (ඉපදීම) ඇතිවන්නේයයි ජාති හේතුවෙන් ජරා මරණ ඇතිවන්නේයයි ධර්මය මනාසේ දැන, අවිද්‍යා නිරොධයෙන් සංස්කාර නිරොධය ඇතිවන්නේයයි සංස්කාර නිරොධයෙන් විඤ්ඤාන නිරොධය ඇතිවන්නේයයි විඤ්ඤාන නිරොධයෙන් නාම රූප නිරොධ වන්නේයයි නාමරූප නිරොධයෙන් ෂඩායතන නිරොධය වන්නේයයි ෂඩායතන නිරොධයෙන් ස්පර්ශ නිරොධය වන්නේයයි ස්පර්ශ නිරොධයෙන් වෙදනා නිරොධය වන්නේයයි වෙදනා නිරොධයෙන් තණ්හා නිරොධය වන්නේයයි තණ්හා නිරොධයන් උපාදාන නිරොධය වන්නේයයි. උපාදාන නිරොධයෙන් භව නිරොධය වන්නේයයි භව නිරොධයෙන් ජාති නිරොධය වන්නේයයි ජාති නිරොධයෙන් ජරා මරණ නිරොධය වන්නේයයි මනා කොට ධර්මය දැන මෙය දුකයයි මනාකොට ධර්මය දැන, මෙය දුක් හේතුවයයි මනාකොට ධර්මය දැන, මෙය දුක්ඛ නිරොධයයි මනාකොට ධර්මය දැන මෙය දුක්ඛ නිරොධය ඇතිකරගැණීමට ගමන් කිරීමේ මාර්ගයයි මනාකොට ධර්මය දැන, මෙය ආශ්‍රවයෝයයි මනාකොට ධර්මය දැන, මෙය ආශ්‍රවයන් ඇතිවීමේ හේතුවයයි මනාකොට ධර්මය දැන, මෙය ආශ්‍රව නිරොධයයි මනාකොට ධර්මය දැන මෙය ආශ්‍රව නිරොධය ඇතිකරගැණීමට ගමන් කිරීමේ මාර්ගයයි මනාකොට ධර්මය දැන, මේ ධර්මයෝ මනාකොට දැන ගතයුතුයයි මේ ධර්මයෝ උසස්ව දැනගතයුතු යයි මේ ධර්මයෝ බැහැර කටයුතුයයි මේ ධර්මයෝ වැඩිය යුතුයයි මේ ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කටයුතුයයි සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඇතිවීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද නික්මීමද යන මනාකොට ධර්මය දැන පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීමද නැතිවීමද ආශ්වාදයද ආදී නවයද නික්මීමද දැන මනාකොට ධර්මය දැන සතර මහා භූතයන්ගේ ඇතිවීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද නික්මීමද යන මනාකොට ධර්මය දැන යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල විනාශවන ස්වභාව ඇති ධර්මයෝයයි මනාකොට ධර්මය දැනගෙන යනුයි.”
මහා නුවණ ඇත්තේ ලොකු කුඩා දෙයට නොයයි” යන්නෙහි නුවණැත්තේ ශාස්තෲවරයකුගෙන් ශාස්තෲවරයකු වෙත නොයයි. ධර්මයකින් ධර්මයක් වෙත නොයයි. දෘෂ්ටියෙන් දෘෂ්ටියක් වෙත නොයයි. ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාවක් වෙත නොයයි. මාර්ගයෙන් මාර්ගයක් වෙත නොයයි.
“මහා නුවණ ඇත්තේ” යනු උසස් ප්‍රඥා ඇත්තේ මහා ප්‍රඥා ඇත්තේ පළල් ප්‍රඥා ඇත්තේ තීක්ෂණ ප්‍රඥා ඇත්තේ ඉතා උසස් ප්‍රඥා ඇත්තේ යනුයි. භූරියයි පොළොවට කියනු ලැබේ. පොළොව සමාන මහත් ප්‍රඥාවෙන් යුක්තවූයේ පුළුල් ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයි.
(4 - 6)
“හෙතෙම යම් කිසි දක්නා ලද හෝ අසන ලද හෝ සිතන ලද හෝ සියලු ධර්මයන්හි කෙලෙස් සේනා රහිත වූයේ” යන්නෙහි සේනායනු මාර සේනාවට කියනු ලැබේ. කාය දුශ්චරිතය මාර සේනාවකි. මනො දුශ්චරිතය මාර සේනාවකි රාගය මාරසේනාවකි. ද්වෙෂය මාරසේනාවකි මොහය මාරසේනාවකි. ක්‍රොධය බද්ධ වෛරය (මෙහි (4-4) 4 ඡෙදය යෙදිය යුතුයි) “කාමය ඔබගේ පළමුසේනාවය. නොඇල්ම දෙවන සේනාවය, බඩගින්නද පිපාසයද තුන්වන සේනාවය, තෘෂ්ණාව සතරවන සේනාවයයි කියත්”
“කයේ හා සිතේ මැලිගතිය පස්වන සේනාවය. භයවීම සවැනි සේනාවය, සැකය සත්වන සේනාවය, ගුණමකුකම හා ආඩම්බරය අටවන සේනාවය.”
“වැරදිසේ’ ලැබුවාවූ ලාභය ප්‍රශංසාව කීර්තිය යන යමක් ඇද්ද යමෙක් තමන් උසස් තන්හිලා අනුන්ට නින්දා කෙරේද, මාරය, අකුසල් ඇති කරන්නාවූ මේ ඔබගේ සේනාවෝය. නිවටයා ඔහු නොදිනයි දිනන තැනැත්තේ සැපත ලබයි.”
යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්ගයන්ගෙන් සියලු මාර සේනාවද සියලු පිරිවර සේනාවූ කෙලෙස්ද දිනනලද්දේද, ඔවුන් පරදවන ලද්දේද, බිඳිනලද්දේද, පිටුපාන ලද්දේද, හෙතෙම නොඇළුන තැනැත්තේයයි කියනුලැබේ. හෙතෙම දැකි දෙයෙහි නොඇළුනේ ඇසූ දෙයෙහි නොඇළුනේ නාසාදී තුන්දොරටුවෙන් ආශ්වාද වශයෙන් ගන්නා දෙයෙහි නොඇළුනේ දත් දෙයෙහි නොඇළුනේ හෙතෙම සියලු දිට්ඨ සුතමුත ධර්මයන්හි නොඇළුනේ යනූයි.
“විවෘතව හැසිරෙන ඔහුම දිටිමි.” යනු එයම පිරිසිදුව දක්නා ඉතා පිරිසිදුව දක්නා හෙවත් ශුද්ධ දර්ශනය විශුද්ධ දර්ශනය, පිරිසිදු දර්ශනය, ඉතා පිරිසිදු දර්ශනය, යනූයි.
“විවෘත” යනු තෘෂ්ණා වැසීම, දෘෂ්ටි වැසීම, ක්ලේශ වැසීම, දුශ්චරිත වැසීම, අවිද්‍යා වැසීම, යන මේ වැසීම් ඉවත් කළේ වෙයි විධවංසනය කළේ වෙයි. මුලිනුපුටුයේ වෙයි. ප්‍රහීනවූයේ වෙයි. සින්දේ වෙයි. ඉපදීමට අයෝග්‍යකළේ වෙයි. ඥානය නමැති ගින්නෙන් දැවුයේ වෙයි.
“හැසිරෙන යනු හැසිරෙන්නේ ඉරියව් පවත්වන්නේ පාලනය කරන්නේ යැපෙන්නේ වෙයි.
“මේ ලොකයෙහි කුමකින් කල්පනා කරන්නේද” යන්නෙහි තෘෂ්ණා කල්පනාය. දෘෂ්ටි කල්පනාව, (ii) 2–6 (ii) (iii) ඡෙදවල ‘මමත්වය වෙනුවට’ කල්පනාව යයි වෙනස්කර මෙහි යොදාගත යුතුයි. (iii) ඔහු තෘෂ්ණා කල්පනා ප්‍රහීන කළ බැවින් දෘෂ්ටි කල්පනා විනාශකළ බැවින් කවර රාගයකින් කල්පනා කෙරේද? කවර ද්වෙෂයකින් කල්පනා කෙරේද? කවර මෝහයකින් කල්පනා කෙරේද? කවර මානයකින් කල්පනා කෙරේද? කවර දෘෂ්ටියකින් කල්පනාකරේද? කවර සිතේ නොසන්සුන් කමකින් කල්පනා කෙරේද? කවර සැකයකින් කල්පනා කෙරේද? කවර අනුසයන්ගෙන් කල්පනා කෙරේද? රාගයෙන් යුක්තවූයේ යයි කියා හෝ ද්වෙෂයෙන් යුක්තවූයේ යයි කියා හෝ මෝහයෙන් යුක්තවූයේයයි කියා හෝ බැඳුනේ යයි කියා හෝ පරාමර්ශයකළේයයි කියා හෝ අවුලට පත්වූයේයයි කියා හෝ අප්‍රිය බවට පත්වූයේ යයි කියා හෝ උත්සාහබවට පත්වූයේය කියා හෝ කියයිද, ඔහුගේ අභිසංස්කාරයෝ ප්‍රහීනවූහ. අභිසංස්කාරයන් ප්‍රහීනකළ බැවින් කවරකු විසින් ඉපදීමට සුදුසු කරන්නේද, නිරිසතෙක කියා හෝ තිරිසන් සතෙක කියා හෝ ප්‍රේතයෙක කියා හෝ මනුෂ්‍යයෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපී බ්‍රහ්මයෙක කියා හෝ අරූපී බ්‍රහ්මයෙක කියා හෝ සඤ්ඤීය කියා හෝ අසඤ්ඤිය කියා හෝ නෙවසඤ්ඤී නාසඤ්ඤීය කියා හෝ එබඳු හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. කාරණයක් නැත. කවරකින් කල්පනා කරන්නේද, “ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි, (iv) මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි (v) යනුයි.
(4 - 7)
“කල්පනා නොකෙරෙත්, පෙරටු නොකෙරෙත්” යන්නෙහි කල්පනා, දෙකකි. තෘෂ්ණා කල්පනා, දෘෂ්ටි කල්පනා යන දෙකයි. (මෙහි (4-6) 6 (ii) ඡෙදය යෙදිය යුතුයි) තෘෂ්ණා කල්පනාව ප්‍රහීන විය. දෘෂ්ටි කල්පනාව සංසිඳුනේය. තෘෂ්ණා කල්පනාව ප්‍රහීන වූ බැවින් දෘෂ්ටි කල්පනාව සංසිඳුන බැවින් තෘෂ්ණා කල්පනා හෝ දෘෂ්ටි කල්පනා හෝ නොකෙරෙත් නූපදවත් ඇති නොකරවත්.” පෙරටු නොකෙරෙත් යන්නෙහි “පෙරටුකිරීම් දෙකකි. තෘෂ්ණාව පෙරටු කිරීම දෘෂ්ටිය පෙරටුකිරීම යන දෙකයි. ‘කල්පනා’ වෙනුවට ‘පෙරටුකිරීම’ කියා වෙනස් කර (4-6) 6 (ii) ඡෙදය යෙදිය යුතුයි.) ඔවුන්ගේ තෘෂ්ණාව පෙරටු කිරීම ප්‍රහීණ විය. දෘෂ්ටිය පෙරටුකිරීම සංසිඳුනේය. තෘෂ්ණාව පෙරටුකිරීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය පෙරටුකිරීම සංසිඳුන බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටුකොට නොහැසිරෙත්. තෘෂ්ණා ධ්වජය තෘෂ්ණා කොඩිය නැත්තේවේ. තෘෂ්ණාව අධිපතිකොට ඇතිබව නැත්තේ වේ. දෘෂ්ටි ධ්වජය දෘෂ්ටි කොඩිය නැත්තේවේ. දෘෂ්ටිය අධිපතිකොට ඇතිබව නැත්තේවේ. තෘෂ්ණාවගේ හෝ දෘෂ්ටිය හෝ පිරිවරා නොහැසිරෙත්.
“ඔව්හු සම්පූර්ණ ශුද්ධිය වේ යයි නොකියත්” යන්නෙහි ඒකාන්ත ශුද්ධිය සංසාර ශුද්ධිය අක්‍රියා දෘෂ්ටිය, ශාස්වතවාදය නොකියත්. ප්‍රකාශ නොකරත්. ව්‍යවහාර නොකරත්.
“ගැට ගැසුණු තද ගැනීම නැමැති ගැටය හැර” යන්නෙහි ග්‍රන්ථ (ගැට) සතරක් වෙති. දැඩි ලොභය නමැති කයේ ගැටය, නපුරු සිතිවිලි නමැති සිතේ ගැටය. අන්‍යශීල ව්‍රත සෙවීමේ කයේ ගැටය, මෙය සත්‍යයයි බැසගැන්මේ කයේ ගැටය, තම දෘෂ්ටියෙන් ඇලීමේ නපුරු සිතිවිලි ඇති කයේ ගැටය, හේතුවක් නැති පරවාදයන්හි නපුරු සිතිවිලි ඇති කයේ ගැටය, තමන්ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීල ව්‍රත දෙකම හෝ ගනිත් යයි ශීලව්‍රත පරාමාශ නම් කයේ ගැටය, තමන්ගේ දෘෂ්ටියම මෙය සත්‍ය යයි බැසගැන්මේ ගැටය, අල්ලාගැනීමේ ගැටය යනුයි කවර කරුණකින් ගැටයයි කියනුලැබේද, ඒ ගැටරූපය අල්ලාගනිති.
වෙදනාව, සංඥාව, සංස්කාරය, විඤ්ඤානය, ගතිය, උත්පත්තිය ප්‍රතිසන්ධිය, භවය, සංසාර වට්ටය, ගනිත්. අල්ලාගැනීමේ ගැටයයි ඒ කාරණයෙන් කියනු ලැබේ. “හැර” යනු ගැට මුදා ලිහා යලිදු හෝ ගැටගැසූ බැඳුන, එල්බුන, බැඳුම් සොලවා ලිහා යනුයි. යම්සේ වාහනයක හෝ රථයක හෝ කරත්තයක හෝ බැඳුම් ලිහාද කඩාදමාද, එපරිද්දෙන්ම බැමි ලිහා යලිදු හෝ බැඳුන බැමි ගසාදමා මුදාහැර, යනුයි.
“ලොව කොහිවත් ආසා නොකෙරෙත්” යන්නෙහි “ආශාව” යයි තෘෂ්ණාවට කියනු ලැබේ. යම් රාගයක් ඇද්ද ((1-3) 4 ඡෙදයේ ‘ඇල්මක් ඇද්ද’ යන තැන් සිට ‘තෘෂ්ණා සමුදය’ යන තැන් දක්වා යෙදිය යුතුයි.) දැඩිලෝභයක් ලොභයක් අකුශලමූලයක් ඇද්ද එයයි. “ආසා නොකෙරෙත්” යනු ආශා නොකෙරෙත්, නූපදවත්, ඇති නොකරත්. “කොහිවත්” යනු කොතනක හෝ කවරතැනක හෝ ඇතුළත හෝ පිටත හෝ ඇතුළත පිටත හෝ යනුයි
“ලොව” යනු අපාය ලොකයෙහි ආයතන (මෙහි (4-6) 6 (iv) ඡෙදය යෙදිය යුතුයි.) ලොකයෙහි හෝ කිසියම් ලෝකයක ආශා නොකෙරෙත්.
(4 - 8)
“බ්‍රාහ්මණතෙමේ සීමා ඉක්ම ගියේය, දැනද දැකද පිළිගත්තක් නැත.” යන්නෙහි “සීමා” යනු සීමා සතරකි, ආත්මදෘෂ්ටිය, සැකය, අන්‍ය ශීලව්‍රතයන් පිළිගැනීම, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, එයට එකතුවන තවත් කෙලෙස්, මේ පළමුවන සීමාවයි. ලාමක කාම රාග සංයෝජනය, පටිඝසංයෝජනය, ලාමක කාම රාගානුසය, පටිඝානුසය එයට එකතු වන තවත් කෙලෙස්, මේ දෙවන සීමාවයි. මුල් බැසගත් කාම රාග සංයෝජනය, ප්‍රතිඝ සංයෝජනය, මුල් බැසගත් කාම රාගානුසය, ප්‍රතිඝානුසය එයට එකතුවන තවත් කෙලෙස්, මේ තුන්වන සීමාවයි. රූප රාගය, අරූප රාගය, මානය උද්ධච්චය, අවිද්‍යාව, මානානුසය, භව රාගානුසය, එයට එකතු වන තවත් කෙලෙස්, මේ සතරවන සීමාවයි. යම්හෙයකින් ආර්‍ය්‍ය මාර්ග සතරින් මේ සතර සීමාවෝ ඉක්මවන්නේ වේද, හෙතෙම සීමා ඉක්මවූ තැනැත්තේයයි කියනු ලැබේ. “බ්‍රාහ්මණ” යනු ධර්ම සතක් දුරු කිරීමෙන් බ්‍රාහ්මණ නමි. ආත්මදෘෂ්ටිය දුරුකළේ වෙයි. සැකය දුරුකළේ වෙයි. සීලබ්බත පරාමාසය දුරුකළේ වෙයි. ( (4-3) 1 (ii) ඡෙදය යෙදිය යුතුයි.) ආශ්‍රය දුරුකළ, කෙලෙස් දුරුකළ හෙතෙමේ බ්‍රහ්මයයිකියනු ලැබේ.
“ඔහුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට කියනු ලැබේ.
“දැන” යනු අනුන්ගේ සිත් දැනීමේ නුවණින් දැන පෙර විසූ භවයන් සිහි කිරීමේ නුවණින් දැන “දැක” යනු මසැසින් හෝ දැක දිවැසින් හෝ දැක, යනුයි.
“පිළිගත්තක් නැත.” යනු ඔහුට මේ උතුම්ය, අග්‍රය, ශ්‍රෙෂ්ඨය, ප්‍රමුඛයයි බැස ගැන්මක්, ගැනීමක් පරාමර්ශයක් නැත. එය සංසිඳුනේය. ඉපදවීමට නුසුදුසුය. ඥානය නමැති ගින්නෙන් දවන ලද්දේය.
“රාගයෙන් රත්වූයේ නොවේ. විරාගයෙන් රත් වූයේද නොවේ.” යනු යම් කෙනෙක් පඤ්චකාම ගුණයන්හි ඇලුනේද ගිජුවේද ගැටුනේද මුලාවූයේද රාගයෙන් රත් වූයේයයි කියත්. යමෙක් රූපාවචර අරූපාවචර සමාපත්තීන්හි ඇලුනේ ගිජුවූයේ ගැටුනේ මුලාවූයේ විරාගයෙහි ඇළුනේයයි කියත්.
“රාගයෙන් රත්වූයේ නොවේ. විරාගයෙන් රත් වූයේද නොවේ” යනු යම්හෙයකින් කාම රාගය රූප රාගය අරූප රාගය ප්‍රහීනවූවාහු වෙත්ද මුලින් සිඳුනු මුල් ඇත්තේ මුල හෝ
අග සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දේ ඉපදීමට නුසුදුසු කරණලද්දේ නුයි. මෙපමණකින් රාගයෙහි නොඇළුනේයයිද විරාගයෙහි නො ඇළුනේයයිද කියත්.
“ඔහුට මෙහි පිළිගත්තක් නැත” යන්නෙහි ඔහුට යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවවූ උන්වහන්සේට මෙය උතුම්ය, ශ්‍රෙෂ්ඨයයි ගන්නාලද්දක්, පරාමර්ශ කරණලද්දක් බැසගන්නා ලද්දක් නැත. විද්‍යමාන නොවෙත්. ප්‍රහීණවූයේය. සංසිඳුනේය ඉපදීමට අයොග්‍ය විය. ඥානය නමැති ගින්නෙන් දැවුයේය.
සුද්ධට්ඨකසුත්තනිද්දෙසො චතුත්ථො.
විවරණ [0]