බරවීම්

පරිවර්තන [3]

ජරා සූත්‍රය

(6 - 1)

“මේ ජීවිතය ඒකාන්තයෙන් අල්පයි” යන්නෙහි ජීවිතය යනු ආයුෂය පැවැත්මයි, යැපීම, පැවතීම, පාලනය, ජීවිතය, ජීවිතින්ද්‍රිය යනුයි. නැවතද කරුණු දෙකකින් ජීවිතය ස්වල්පය, ටිකය, පැවැත්ම වශයෙන් ස්වල්ප බැවින් ජීවිතය ස්වල්පය, ස්වභාව වශයෙන් ස්වල්ප බැවින් ජීවිතය ස්වල්පය. පැවැත්ම වශයෙන් කෙසේ ජීවිතය ස්වල්ප වේද? ඉක්මගිය චිත්ත ක්ෂණයෙහි ජීවත්විය. ජිවත් නොවෙයි. ජීවත් නොවන්නේය. අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් නොවන්නේය. ජීවත් නොවෙයි, ජීවත්නොවූයේය. පවත්නා කාල චිත්තක්ෂණයෙහි ජීවත් නොවෙයි ජීවත් නොවූයේය. ජීවත් නොවන්නේය. (මෙහි (2-4) (6-11) ඡෙද යෙදිය යුතුයි.)

“ඒකාන්තයෙන් මේ ජීවිතය අල්පය. අවුරුදු සියයකින් මෙපිට මැරෙයි” යන්නෙහි, කලල කාලයෙහිද ච්‍යුත වෙයි. මැරෙයි, අතුරුදහන් වෙයි, විනාශවෙයි, අර්බුද කාලයෙහිද, පෙසි කාලයෙහිද ඝන කාලයෙහිද පශාඛ කාලයෙහිද, චුත වෙයි, මැරෙයි, අතුරුදහන් වෙයි. විනාශ වෙයි උපන් විටම චුතවෙයි, මැරෙයි, අතුරුදහන් වෙයි. විනාශ වෙයි, සූතිකාගෘහයෙහිද චුත වෙයි, මැරෙයි, අතුරුදහන් වෙයි, අර්ධ මාසයක් වූයේද, මාසයක් වූයේද, දෙමසක් වූයේද තුන්මසක් වූයේද, සතර මසක්, පස්මසක්, සමසක් වූයේද සත්මසක් වූයේද, අටමසක් වූයේද, නව මසක් වූයේද, දස මසක් වූයේද, අවුරුද්දක් වූයේද, අවුරුදු දෙකක් වූයේද, අවුරුදු තුනක් වූයේද, අවුරුදු හතරක් වූයේද, අවුරුදු පහක් වූයේද, (iii) අවුරුදු හයක් වූයේද, අවුරුදු හතක් වූයේද අවුරුදු අටක් වූයේද, අවුරුදු නවයක් වූයේද, අවුරුදු දහයක් වූයේද, විසි අවුරුද්දක් වූයේද, තිස් අවුරුද්දක් වූයේද, සතලිස් අවුරුද්දක් වූයේද, පණස් අවුරුද්දක් වූයේද, හැට අවුරුද්දක් වූයේද, හැත්තෑ අවුරුද්දක් වූයේද අසූ අවුරුද්දක් වූයේද, අනූ අවුරුද්දක් වූයේද චුත වෙයි, මැරෙයි, අතුරුදන් වෙයි, විනාශවෙයි

“යමෙක් ඉනුත් එහාට ජීවත්වේද” යනු යමෙක් අවුරුදු සියයක් ඉක්මවා ජිවත්වේද, හෙතෙම එක අවුරුද්දක් ජීවත්වේද, අවුරුදු දෙකක් ජීවත්වේද, අවුරුදු තුනක් ජීවත්වේද, අවුරුදු හතරක් ජීවත්වේද, අවුරුදු පහක් (මෙහි 14 ඡෙදයේ (iii) යෙදියයුතුයි) ‘මැරෙයි’ යන්නට ජීවත් වේද කියා වෙනස් කරගන්න.) දසවසක්, විසිවසක්, තිස් වසක්, හතලිස් වසක් ජීවත්වේද,

යම් කලෙක ජරාවෙන් දිරුනේද, වැඩි වයසට පත්වූයේ මහලුවූයේ අර්ධයක් ගතවූයේ විනාශයට පැමිණියේ සැලුන දත් ඇත්තේ සුදු හිසකේ ඇත්තේ කපා දැමූ හිසකේ ඇති දොසින් යුතු හිස ඇත්තේ තල කැළල් ඇති ශරීර ඇත්තේ වක්වූයේ මැදින් සැරයටියක් ආධාරකොට ඇත්තේ හෙතෙම ජරාවට පැමිණියේද චුතවෙයි, මැරෙයි, අතුරුදහන්වෙයි. විනාශවෙයි. මරණයෙන් මිදීමක් නැත.

“ඉදුන හෝ පැසුන ගෙඩි උදෑසන වැටෙන්නේයයි බියවන්නේ යම්සේද, එමෙන්ම උපන් සත්වයන්ට නිතර මරණයෙන් බිය පැමිණේ.”

“යම්සේ කුඹල් කරුවා විසින් සාදන ලද මැටිභාජන සියල්ලම බිඳීම කෙළවර කොට ඇත්තේද, මිනිසුන්ගේ ජීවිතයද එසේමය.”

“බාලයෝද වැඩුනෝද යම්කිසි මෝඩයෝ ඇද්ද යම් පණ්ඩිතයෝ ඇද්ද ඒ සියල්ලෝම මරුවා වසඟකොට ඇත්තාහ මරුවා පිහිටකොට ඇත්තාහ.”

“මරුවාගෙන් පීඩා ලැබ පරලොව යන්නාවූ ඔවුන් ගෙන් පියතෙම පුත්‍රයා නොරකියි. නෑයෝ නෑයින් නොරකිත්. අනික් බොහෝ නෑයින්ගේ බොහෝ වැළපීම බලව. මැරීමට ගෙනයන ගවයාමෙන් (මරුවා) එකකු එකකුම ගෙනයයි” මෙසේ ලොකය මරණයෙන්ද ජරාවෙන්ද වැසී තිබේ.”

(6 - 2)

“මාගේ යයි සැලකූ ජනයෝ ශෝක කරත්” යන්නෙහි ජනයෝ යනු ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, වෛශ්‍යයෝද ශුද්‍රයෝද, ගෘහස්ථයෝද, ප්‍රවුජිතයෝද, දෙවියෝද, මනුෂ්‍යයෝද යනුයි. “මගේයයි සැලකූ” යන්නෙහි මමත්වය දෙකකි. තෘෂ්ණා මමත්වයද, දෘෂ්ටි මමත්වයද යනුයි.

(මෙහි (2-6) 1 (ii) (iii) ඡෙද යෙදිය යුතුයි. මමය මාගේ යයි සිතන වස්තුව සිඳේය යන සිතින්ද ශොක කරත්. සිඳෙනකල්හිද ශොක කරත්. සිඳුන කල්හිද ශොකකරත්. මමාධිත වස්තුව වෙනස්වේය යන සිතින්ද ශොකකරත්. ක්ලාන්තවෙත්. වැළපෙත්. ලෙහි අත ගසා හඬත්. සිහි මුලා බවට පැමිණෙත්.

“අයත්දේ නිතර නොවේ.” යන්නෙහි දැඩිසේ අල්ලාගැනීම් (අයිති) දෙකකි. “මමත්වය වෙනුවට” “දැඩිසේ අල්ලාගැනීම” කියා වෙනස්කර මෙහි 19 (ii) ඡෙදය යෙදිය යුතුයි)

තෘෂ්ණාව දැඩිසේ අල්ලාගැණීම අනිත්‍යය. සංස්කාරයන්ට අයත්ය. හේතුවකින් උපන්නේය. ගෙවීයන්නේය. විනාශවී යන්නේය. වෙන්වී යන්නේය. නිරුද්ධවී යන්නේය. වෙන් වී යන්නේය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකරණලදී. “මහණෙනි, යුෂ්මත්හු ඒ දැඩිව අල්ලා ගන්නා දෙය දැක්කහුද, යම් ඒ දැඩිව අල්ලාගන්නා දෙය නිත්‍යද වෙනස් නොවේද, සදාකාලිකද වෙනස් නොවී එසේම තිබේද, ස්වාමීනි, එය නොවෙයි. යහපති මහණෙනි, මමද යම් ඒ නිත්‍යවූ, නොවෙනස්වූ, සදාකාලිකවූ, වෙනස් නොවන්නා වූ එසේම පවත්නාවූ දැඩිව අල්ලාගැණීමක් නොදනිමි. නිත්‍යවූ වෙනස් නොවන්නාවූ සදාකාලිකවූ දැඩිව අල්ලාගන්නාදේ නැත්තාහ. නොලැබෙත්.

“මේ වෙන්වීම ඇත්තේමය” යනු වෙනස්වීම වෙන්වීම අනික් ආකාරයකට පත්වීම ඇතිකල්හි යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙය වදාරණලදී. “ආනන්දය, ශොක නොකරව. නොහඬව, සියලු ප්‍රියවූ මනාපවූ දෙයින් වෙන්වීම අනික් ආකාරයකට පත්වීම කලින්ම මා විසින් කියනලද්දේ නොවේද? ආනන්දය, යම් ඒ ඇත්තාවූ රැස්වන්නාවූ බිඳෙන්නාවූ ධර්මයක් ඇද්ද, එය නොබිඳේය යන කාරණයක් කෙසේ ලබන්ටද, එබඳු කාරණයක් සිදුනොවේ. මුලින්වූ ස්කන්ධයන්ගේ ධාතූන්ගේ ආයතනයන්ගේ වෙනස් වීමෙන් අනික් ආකාරයකට පත්වීමෙන්, පසුව, පසුව ඇතිවන්නාවූ ස්කන්ධ ධාතූ ආයතනයෝ පවතිත්.

“මෙසේ දැක ගිහිගෙයි නොවසන්නේය” යන්නෙහි මෙසේ යනු පදපූරණයට යෙදූ පදයකි. මමත්වය ඇතිවස්තූන් මෙසේ දැක සමකොට බලා තීරණයකොට ප්‍රකටසේ දැන යනුයි. “ගිහිගෙයි නොවසන්නේය.” යනු සියලු ගෘහවාස පලිබොධයයිද, අඹුදරු පලිබොධය සිඳ නෑ පලිබොධය දුරුකොට යහලු මිත්‍ර පළිබොධය කඩාදමා රැස් කිරීම් පළිබොධය නැති කොට හිසකේ රැවුල් කපා කසටවත් හැඳ ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිව කෙලෙස් නැති බවට පැමිණ තනිව වාසය කරන්නේය.

(6 - 3)

“මරණයෙන් එය නැතිවෙයි.” යන්නෙහි මරණය යනු ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායයෙන් යම්බඳු ච්‍යුතවීමක් අතුරුදහන් වීමක් මරණයක් කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක් ශරීරයාගේ බහ තැබීමක් ජීවිතින්ද්‍රියයාගේ සිඳීමක් ඇද්ද එයයි. “එය” යනු රූපගතවූ, වෙදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ විඥානගතවූ යනුයි. “නැතිවෙයි” යනු දුරුකරයි. අතුරුදහන් වෙයි. බිඳීයයි.

“භොගයන්ගෙන් තොරව මනුෂ්‍යයා බැහැර කරයි. එයට පෙරටුව මනුෂ්‍යයාද බැහැරකරයි. කාම සම්පත් විඳින්නාගේ භොගයන් එකසේ පවත්නේ නොවේ. එහෙයින් මම ශෝක කාලයෙහි ශෝක නොකරමි.” “හිරු අස්තයට පැමිණ පලායයි චන්ද්‍රයා වැඩෙයි. පායයි සත්තුකය, ලෝක ධර්මයෝ මා විසින් දන්නාලදී. එහෙයින් ශොක කාලයෙහි මම ශෝක නොකරමි.”

“පුරුෂතෙමේ යමක් මේ මගේ යයි සිතාද” යන්නෙහි “යමක්” යනු රූපගතවූ වෙදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ විඤ්ඤාණගතවූ, යනුයි. පුරිසො යනු ගණයට ගන්නා පැනවීමයි ව්‍යවහාර නාමයයි. නිරුක්ති වචනයයි කථා ව්‍යවහාරයයි.

“මේ මගේයයි” තෘෂ්ණා හැඟීමෙන් හඟියි. දෘෂ්ටි හැඟීමෙන් හඟියි. මාන හැඟීමෙන් හඟියි. ක්ලේශ හැඟීමෙන් හඟියි. දුශ්චරිත හැඟීමෙන් හඟියි. යෙදීමේ හැඟීමෙන් හඟියි. විපාක හැඟීමෙන් හඟියි.

“පණ්ඩිත තෙමේ මෙය දැක” යනු මේ ආදීනවය දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට මමායන වස්තූන්හි මේ කාරණය දැන පණ්ඩිතතෙමේ” යනු නුවණැත්තේ, බුද්ධි ඇත්තේ, ඥාන ඇත්තේ, ප්‍රඥා ඇත්තේ යනුයි.

“මගේයයි සලකන්නා මගේ යනබවට නොනැමෙන්නේය.” යන්නෙහි මමත්ව (මගේ යන බව) දෙකකි තෘෂ්ණා මමත්වයද දුෂ්ටි මමත්වයද යනුයි (මෙහි (2-6) 1 (ii) (iii) ඡෙද යෙදිය යුතුයි)

“මගේ යයි සලකන්න” යනු බුදුන් ස්වකීයකොට ඇත්තා ධර්මය ස්වකීයකොට ඇත්තා සංඝයා ස්වකීයකොට ඇත්තා යනුයි. හෙතෙම ඒ භාග්‍යවතුන්වහන්සේට මමායනය කරයි. භාග්‍යවතුන් වහන්සේ ඒ පුද්ගලයා පිළිගනියි. “භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරණලදී. මහණෙනි, යම් ඒ භික්ෂූහු කුහකද, තදද, චාටු බස් ඇත්තෝද, උස්ව නැගි මාන්නය ඇත්තෝද, ඒ භික්ෂූහු මට මමත්වය ඇත්තෝ නොවෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ධර්ම විනයයෙන් (ශාසනයෙන්) ඉවත්වූවෝ වෙති. ඔවුහු මේ ශාසනයෙහි වැඩීමට විශාලත්වයට උසස්බවට නොපැමිණෙත්. මහණෙනිත යම් ඒ භික්ෂූහු කුහක නැත්තෝද චාටුබස් නැත්තෝද ධෛර්‍ය්‍ය ඇත්තෝද, තද ගති නැත්තෝද, මනාකොට හික්මුනෝද ඒ භික්ෂූහු මට මමත්වය ඇත්තෝ වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙන් ඉවත්නොවූවෝ වෙති. ඔවුහු මේ ශාසනයෙහි වැඩීමට විශාලත්වයට උසස්බවට පැමිණේ.

“කුහක තද, චාටු කථා ඇති උසස් මාන්නය ඇති නොහික්මුන භික්ෂූහු බුදුරජාණන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි වැඩීමට නොපැමිණෙත්.”

“කුහක නැති, තදනැති, චාටු කථා නැති. ධෛර්‍ය්‍යවත් හික්මුන භික්ෂූහු වෙත්ද ඔවුහු සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් දෙසිත ශාසනයෙහි උසස්වෙත්.

“මගේයයි සලකන්නා මගේය යන බවට නොනැමෙන්නේය” යනු පෙරකී මමත්වය ඇත්තා තෘෂ්ණා මමත්වය දුරුකොට දෘෂ්ටි මමත්වය සංසිඳවා මමත්වයට නොනැමෙන්නේය. ක්‍රමයෙන් නොනැමෙන්නේය. එයට බර නොවන්නේය. එහි නොඇලෙන්නේය. එය අධිපතිකොට නොගන්නේය.

(6 - 4)

“යම්සේ සිහිනෙන් පවා එක්වූ” යනු සිහිනෙන් පැමිණියාවූ රැස්වූ එකතුවූ යනුයි.

“එක්ව බැඳුණු පුරුෂයෙක් නොදක්නේද” යනු යම්සේ පුරුෂයා නින්දට ගියේ (සිහිනෙන්) සඳ දකියි. හිරු දකියි. මහා සමුද්‍රය දකියි. මහාමේරු පර්වතය දකියි. ඇතු දකියි. අසු දකියි. රිය දකියි. පාබල සෙනඟ දකියි. මහසෙනඟ දකියි, සිත් ඇදගන්නා උයන්වතු ආදිය දකියි සිත් අලවන වනයන් දකියි. සිත්කළු භුමි දකියි. රම්‍ය පොකුණු දකියි. ඇස හැරුනේ ඒ කිසිවක් නොදකියි. “මෙසේ ප්‍රෙම කළ ජනයා” යන්නෙහි මෙසේ යනු උපමා වාචක පදයකි

“ප්‍රෙම කළ ජනයා” යනු ප්‍රියවූ මමය මාගේ යයි ගත් ජනයා එනම්, මව හෝ පියා හෝ සහෝදරයා හෝ පුතා හෝ දුව හෝ මිත්‍රයා හෝ යහලුවා හෝ නෑ සහලේ නෑයා හෝ මෙසේ ප්‍රිය කරන්නාවූ ජනයා “මැරී ගියා” කලුරිය කළ කෙනෙකු නොදකියි. යනු “මැරීගිය” යනු මළ යන අදහසයි: කාලක්‍රියා කළ ඒ මළ තැනැත්තා නොදකියි. නොලබයි. නොවිඳියි.

(6 - 5)

“ඇසූ දුටු ඒ ජනයෝ” යන්නෙහි චක්ඛු විඤ්ඤාණයෙන් හටගත් යමක් ශ්‍රොත විඤ්ඤාණයෙන් හටගත් යමක් (යනුයි) තෙජනා යනු ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද ගෘහස්ථයෝද ප්‍රවුජිතයෝද දෙවියෝද මිනිස්සුද යනුයි.

“යම් කෙනෙකුන්ට මේ නම කියනු ලැබේද” යන්නෙහි යම් කෙනෙකුන්ගේ යනු ක්ෂත්‍රියන්ගේ බ්‍රාහ්මණයන්ගේ යනු වෛශ්‍යයන්ගේ ශුද්‍රයන්ගේ ගෘහස්ථයන්ගේ ප්‍රවුජිතයන්ගේ දෙවියන්ගේ මිනිසුන්ගේ යනුයි.

“නම” යනු ගණන් ගැණීම, සලකුණ, පැනවීම ව්‍යවහාරය, නමක් ඇතිබව තිරුක්තිය, කීම, වචනය, යනුයි. “කියනු ලැබේ.” යනු කියනු ලැබේ. ප්‍රකාශ කරණු ලැබේ. ව්‍යවහාර කරණු ලැබේ, යනුයි.

“මිය ගිය සත්වයාගේ කියයුතුවූ නමම ඉතිරිවේ” රූපගතවූ වෙදනාගතවූ සඤ්ඤාගතවූ සංස්කාරගතවූ විඤ්ඤාණගතවූ දේ දුරුකරයි. අත්හරියි. අතුරුදහන් වෙයි විනාශ වෙයි. කිම පමණක් ව්‍යවහාර පමණක් ඉතිරිවෙයි.

“මිය ගිය සත්වයාගේ යනු පරලොව ගිය කාලක්‍රියා කළ “සත්වයාගේ” යනු සත්වයාගේ මිනිසාගේ මානවකයාගේ පුරුෂයාගේ පුද්ගලයාගේ යනුයි.

(6 - 6)

මගේයයි සැලකුවෝ ගිජුවූවෝ ශොකය, වැලපීම යනු මසුරුකම නොහරිත්’ යනු ශොක යනු නෑයන්ගේ ව්‍යසනයෙන් හටගත් භොගයන්ගේ ව්‍යසනයෙන් හටගත් රොග ව්‍යසනයෙන් හටගත් ශීලව්‍යසනයෙන් හටගත් දෘෂ්ටි ව්‍යසනයෙන් හටගත් වෙනත් අන්‍යවූද ව්‍යසනයන්ගෙන් හෝ යුක්තවූ වෙනත් අන්‍යවූ දුක්ඛ ධර්මයන්ගෙන් යුක්ත වූවහුගේ ශොකයක් ඇද්ද ශොකකිරීමේ යෙදුන බවක් ඇද්ද ඇතුලත ශොකයක් ඇද්ද ඇතුලත මහා ශොකයක් ඇද්ද ඇතුලත දාහයක් ඇද්ද පරිදාහයක් ඇද්ද සිතේ දැවිල්ලක් දොම්නසක් ශොක හුලක් ඇද්ද පරිදෙව යනු ඥාති ව්‍යසනයෙන් හෝ (මෙහි (6-6) (i) හටගත් තැන සිට, වචන 5 ක් යොදාගත යුතුයි. ඡෙද යෙදිය යුතුයි.) දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ යුක්තවූවහුගේ වෙනින් අන්‍යවූද ව්‍යසනයෙන් යුක්තවූවහුගේ වෙනින් අන්‍යවූද දුක්ඛ ධර්මයකින් යුක්තවූහුගේ වැළපීමක් වේද වැළපීම් බවක් වේද ශොක වචනයක් වේද දෙඩිල්ලක් වේද යනුයි.

“මසුරුකම” යනු මසුරුකම් පසකි (ii) ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය යනුයි. මෙබඳු මසුරුකමක් මසුරුවීමක් ලොභී අදහසක් තද මසුරුකමක් ඇති ධනය වැඩීමක් ඇද්ද මෙය මසුරු කමයයි කියත්. නැවතද ස්කන්ධයන්ගේ මසුරු කමද, ධාතූන්ගේ මසුරුකමද, ආයතනයන්ගේ මසුරුකමද, දැඩිව ගැනීමද මසුරු කමයයි කියත්. (iii) “ගිජු” යයි තෘෂ්ණාවට කියනු ලැබේ යම් රාගයන් ඇද්ද ඇලීමක් ( (1-3 ඡෙදයේ ‘ඇද්ද’ යන තැන් සිට ‘තෘෂ්ණා සමුද්‍රය’ යන තැන් දක්වා යෙදිය යුතුයි) අභිධ්‍යා නම්වූ ලොභයක් ඇද්ද, අකුශලමූලයක් ඇද්ද, එයයි

(i) “මගේ යයි සැලකුවෝ” යනු මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද දෘෂ්ටි මමත්වයද යනුයි. (2-6) (ii) (iii) ඡෙද යෙදිය යුතුයි. (ii) මමායනය කරණ වස්තුව නැතිවේය යන සැකයෙන්ද ශොක කරත්. නැතිවන කල්හිද ශෝක කරත්. නැතිවූ කල්හිද ශොක කරත්. මමායනය කරණ වස්තුව නැතිවේය යන සැකයෙන්ද වැළපෙත්. නැතිවන කල්හිද වැළපෙත්. නැතිවූකල්හිද වැළපෙත්. (iii) (මෙහි දෙවෙනි ඡෙදයෙ සොවන්ති වෙනුවට පරිදෙවන්ති කියා යොදාගත යුතුයි) මමායනය කරණ වස්තුව රකිත්. ආරක්ෂා කරත්. වට කරත්. මමය මාගේයයි සිතත්. මසුරු වෙත්. මාගේ යයි ගත් වස්තුවෙහි ශොකය දුරු නොකරත්. වැළපීම දුරු නොකරත්. මසුරුකම දුරු නොකරත්. ගිජුකම දුරු නොකරත්. නොසන්සිඳුවත්. නොඉපදීම් බවට නොපමුණුවත්.

“එහෙයින් මුනිවරු අයත්කම් හැර හැසුරුණාහුය” “නිර්භය භාවය දක්නාහු’ යන්නෙහි එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මමායනය කරණ වස්තූන්හි මේ ආදීනවය බලන්නේ “මුනීහු’ යනු මොනයයි ඥානයට කියනු ලැබේ. යම් ප්‍රඥාවක් දැනීමක් (2-4) 12 ඡෙදය යෙදිය යුතුයි) නුමුලාවක් ධර්මය විමසීමක් සම්‍යක් දෘෂ්ටියක් ඇද්ද, ඒ ඥානයෙන් යුක්තවූ තැන්පත් බවට පැමිණියාවූ මුනීහු තැන්පත් බැව් තුනකි කයේ තැන්පත්කම වචනයේ තැන්පත්කම සිතේ තැන්පත්කම යනුයි. (ii) යමෙක් සියළු ලෝකයෙහි අධ්‍යාත්මිකවූද බාහ්‍යවූද අයහපත්වූද යහපත්වූද ධර්මය දැන දෙවිමිනිසුන් විසින් පුදන ලද්දේ තෘෂ්ණා දැල ඉක්මවා සිටීද හෙතෙම මුනි නම් වේ. “අයත් බව” යන්නෙහි දැඩිව ගැනීම් දෙකකි. තෘෂ්ණාව දැඩිකොට ගැන්මද දෘෂ්ටිය දැඩිකොට ගැන්මද යනුයි. (2-6) 1 (ii) (iii) යෙදිය යුතුයි. මුනිහු තෘෂ්ණාව දැඩිකොට ගැන්ම දුරුකොට දෘෂ්ටිය දැඩිකොට ගැන්ම සංසිඳුවා අත් හැර දුරුකොට සංසිඳුවා නූපදනා බවට පමුණුවා හැසුරුනාහ. ඉරියව් පැවැත්වූහ. පාලනය කළහ. යැපුනාහ.

“නිර්භය භාවය දක්නාහු” යනු අමෘතවූ නිර්වාණයට ක්ෂෙමයයි කියනු ලැබේ. (ii) යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙළෙස් නැති කළේ තෘෂ්ණාව දුරු කළේ විරාග නම්වූ නිරොධ නම්වූ නිර්වාණයයි.

“නිර්භය භාවය දක්නාහු” යනු ආරක්ෂාව දක්නාහු පිහිට දක්නාහු අභය දක්නාහු ච්‍යුත නොවීම දක්නාහු අමෘතය දක්නාහු නිර්වාණය දක්නාහු එහෙයින් මුනීහු දැඩිකොට ගැනීම අත් හැර නිර්වාණය දක්නාහු විසූහ.

(6 - 7)

“මුනිතෙමේ සියලු තන්හි ඇසුරු කිරීම් නැත්තේ” යන්නෙහි ද්වාදශ ආයතනයෝ සියල්ල යයි කියති. ඇසද රූපයෝද කණද ශබ්දයෝද නහයද ගඳ සුවඳද දිවද රශයෝද කයද ස්පර්ශයෝද සිතද ධර්මයෝද (යනුයි.) මුනි යන්නෙහි මොනයයි ඥානයට ලැබේ. ((6-7) 4 (ii) ඡෙදය යෙදිය යුතුයි.)

තෘෂ්ණාජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි. අනිස්සිතො යන්නෙහි ආශ්‍රය දෙකක් වෙයි තෘෂ්ණා ආශ්‍රය දෘෂ්ටි ආශ්‍රයද යනුයි. (“මමත්වය” වෙනුවට “ආශ්‍රය” කියා වෙනස් කර (2-6) 1 (ii) (iii) යෙදිය යුතුයි) ආශ්‍රයයි. මුනි තෙමේ තෘෂ්ණා දුරුකොට (iv) දෘෂ්ටි ආශ්‍රය බැහැර කොට ඇසෙහි නොඇලුනේ කණෙහි නොඇළුනේ නාසයෙහි නොඇළුනේ දිවෙහි නොඇළුනේ කයෙහි නොඇළුනේ සිතෙහි නොඇළුනේ රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රශයෙහි ස්පර්ශයෙහි ධර්මයෙහි කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි කීර්තියෙහි ප්‍රශංසායෙහි සැපයෙහි සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරෙහි කාම ධාතුවෙහි රූප ධාතුවෙහි අරූප ධාතුවෙහි කාම භවයෙහි රූපභවයෙහි අරූප භවයෙහි සඤ්ඤා භවයෙහි අසඤ්ඤා භවයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පඤ්චවොකාර භවයෙහි අතීතයෙහි අනාගතයෙහි පවත්නා කාලයෙහි දැකි දෙයෙහි ඇසූදෙයෙහි මුතයෙහි දතයුත්තෙහි යන සියලු ධර්මයන්හි නොඇලුනේ සීමා රහිත සිතින් වාසය කරයි.

“ප්‍රිය භාවයක් නොකරයි. අප්‍රිය භාවයද නොකරයි.” ප්‍රියවූ දේ දෙකොටසෙකි. සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ යනුයි. සත්වයින්ට ප්‍රියවීම කෙසේද, (ii) මේ ලොකයෙහි යමෙකුට වැඩ කැමති හිත කැමති පහසුව කැමති මිදීම කැමති මව හෝ පියා හෝ සහෝදරයෙකු හෝ සහෝදරියක හෝ පුතෙකු හෝ දුවක හෝ මිත්‍රයකු හෝ යහලුවෙකු හෝ නෑයෙකු හෝ සහලේ නෑයෙකු හෝ යන මොවුහු ප්‍රියවූ සත්වයෝ වෙත්. ප්‍රියවූ සංස්කාරයෝ කවරහුද? මන වඩන රූපයෝ මන වඩන ශබ්දයෝ මන වඩන ගන්ධයෝ මන වඩන රශයෝ මන වඩන ස්පර්ශයෝ යන මේ සංස්කාරයෝ ප්‍රියවූවෝ වෙත්. (iii) “ප්‍රිය නැත්තෝ’ යන්නෙහි අප්‍රිය කරුණු දෙකක් වෙති. (iv) සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ යනුයි. අප්‍රිය සත්වයෝ කවරහුද? මේ ලොකයෙහි අවැඩ කැමති, අහිත කැමති, අපහසුව කැමති, මිදීම අකැමති ජීවිතය නැති කරණු කැමති මේ සත්වයෝ අප්‍රියවූවෝ වෙත්. අප්‍රිය සංස්කාරයෝ කවරහුද, ප්‍රිය නොවූ රූපයෝ ප්‍රිය නොවූ ශබ්දයෝ ප්‍රිය නොවූ ගන්ධයෝ ප්‍රිය නොවූ රශයෝ ප්‍රිය නොවූ ස්පර්ශයෝ මේ සංස්කාරයෝ අප්‍රිය වූවෝ වෙති.

“ප්‍රිය බවද නොකරයි. අප්‍රිය බවද නොකරයි.” යනු මට මේ සත්වයා ප්‍රියය. මට මේ සංස්කාරයෝ මන වඩන්නෝ යයි රාග වශයෙන් ප්‍රිය නොකෙරෙයි මට මේ සත්වයා අප්‍රියය. මේ සංස්කාරයෝ සිත සතුටු නොකරන්නෝ යයි ක්‍රොධ වශයෙන් අප්‍රිය නොකෙරේද, නූපදවාද ඇති නොකෙරේද, යනුයි.

“ඔහු කෙරෙහි වැලපීමද මසුරුකමද කොළයෙහි ජලය මෙන් නොඇලෙයි.” යන්නෙහි ඒ පුද්ගලයා කෙරෙහි එනම් අරහත්වූ ක්ෂීණාශ්‍රවයා කෙරෙහි යනුයි.

“වැළපීම” යනු ඥාති ව්‍යසන හේතුවෙන් හෝ භොග ව්‍යසන හේතුවෙන් හෝ රොග ව්‍යසන හේතුවෙන් හෝ සීල ව්‍යසන හේතුවෙන් හෝ දුෂ්ටි ව්‍යසන හේතුවෙන් හෝ වෙනින් අනික් ව්‍යසනයකින් හෝ යුක්තවූ වෙනින් අනික් දුක්ඛ ධර්මයකින් යුක්තවූ තැනැත්තාගේ හැඬීමක් වැළපීමක් හැඬීම් බවක් වැළපීම් බවක් දුක්මුසු කථාවක් ඇද්ද එයයි.

“මසුරුකම” යනු මසුරුකම්පසකි (ii) ආවාස මච්ඡරිය කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය යනුයි. (iii) යමකු මෙබඳු මසුරු කමක් තද මසුරු බවක් ඇලීමක් සිතින් ගත්තේද එයයි, නැවතද (iv) ස්කන්ධ මච්ඡරිය, ධාතු මච්ඡරිය, ආයතන මච්ඡරියද ගනීද එයද මසුරුකමයයි කියනු ලැබේ.

“කොළයෙහි ජලය මෙන් නොඇලෙයි.” යන්නෙහි “කොළය” යනු නෙළුම් කොළයට කියනු ලැබේ. “දිය” යනු ජලයට කියයි. යම්සේ ජලය පියුම් කොළයෙහි නොඇලේද එපරිද්දෙන් ඒ පුද්ගලයාද ඒ ක්ලෙශයන්ගෙන් නොඇලුනේ නොතැවරේ නික්මුනේ විශෙෂයෙන් මිදුනේ සීමා නොකළ සිතින් වසයි

(6 - 8)

“දිය බින්දුව නෙළුම් කොළේ යම්සේද” දිය පොදයයි දිය බින්දුවට කියයි. නෙළුම් යයි පියුම් කොළයට කියයි. යම්සේ දිය බින්දුව පියුම් කොළයෙහි නොතැවරේද නොගෑවේද, පියුමයයි නෙළුම් මලට කියයි. වාරියයි ජලයට කියයි. යම්සේ ජලය නෙළුම් මලෙහි නොගැටේද, නොතැවරේද,

“මෙසේ මුනිතෙමේ යම් ඒ ඇසු දුටු සිතූ දෙයෙහි නොඇලෙයි” යන්නෙහි ‘මෙසේ’ යනු උපමා වාචක පදයෙකි ‘මුනි’ යනු මොනයයි ඥානයට කියයි (මෙහි (2-3) 12 (ii) ඡෙදය සහ (2-8) 10 ඡෙදයේ ‘නුමුළාවූයේ’ තැන් සිට 14 දක්වා යෙදිය යුතුයි.) තෘෂ්ණාව ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි.

ඇලීම් දෙකකි. තෘෂ්ණාවේ ඇලීමද දෘෂ්ටියේ ඇලීමද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡෙද යෙදිය යුතුයි) මේ තෘෂ්ණා (ඇලීම) ලෙපයයි මේ දෘෂ්ටි ‘ලෙප’ යයි. මුනිතෙමේ තෘෂ්ණා ඇලීම දුරුකොට දෘෂ්ටි ඇලීම බැහැරකොට “දුටු දෙයෙහි” නොඇලෙයි. ‘ඇසූ දෙයෙහි’ නොඇලෙයි. ‘සිතුණු දෙයෙහි නොඇලෙයි.’ දතයුත්තෙහි නොඇලෙයි. නොඇලුනේ නොගැටුනේ නික්මුනේ මිදුනේ සීමා නොකළ සිතින් වසයි.

(6 - 10)

“නුවණින් පිරිසුදුවූයේ යම් ඒ ඇසූ දුටු මුතයයි ගත් දෙයෙහි ඒ කරණකොට (ආශාවෙන්) නොසිතාමය” යන්නෙහි ධොනයයි ප්‍රඥාවට කියයි. යම් ප්‍රඥාවක් දැනීම (2-4) 12 (ii) ඡෙදය යෙදිය යුතුයි.)

අමොහය ධර්මය රැස්කිරීම සම්‍යක්දෘෂ්ටිය නම් වේද එයයි. කවර කරුණකින් ධොනයයි ප්‍රඥාවට කියත්ද? ඒ ප්‍රඥාවෙන් කාය දුශ්චරිතය ඉවත් කළේද සෝදන ලද්දේද වාක් දුශ්චරිතය ඉවත් කළේද සෝදන ලද්දේද මනස් දුශ්චරිතය ඉවත් කළේද සෝදන ලද්දේද රාගය ඉවත්වූයේද සේදුනේද වෙයි. ද්වෙෂය, මොහය, ක්‍රොධය, බද්ධවෛරය, ගුණමකුකම, අනුන් දොස්කීම, ඊෂ්‍ය_ාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම, තදගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, සියලු කෙලෙස් සියලු දුසිරිත්, සියලු දාහගති, සියලු දැවිලි සියලු තැවීම්, සියලු අකුශල රැස්කිරීම් ඉවත්කළේද සෝදන ලද්දේද වෙයි. එහෙයින් ප්‍රඥාවට ධොනයයි කියයි. නොහොත් සම්‍යක් දෘෂ්ටියෙන් මිථ්‍යාදෘෂ්ටිය ඉවත්කරණ ලද්දේ සෝදන ලද්දේ සම්‍යක් සංකල්පයෙන් මිථ්‍යා සංකල්පය, සම්‍යක් වචනයෙන් මිථ්‍යාවචනය, සම්‍යක් කර්මාන්තයෙන් මිථ්‍යා කර්මාන්තය, සම්‍යක් ආජීවයෙන් මිථ්‍යා ආජීවය, සම්‍යක් සිහියෙන් මිථ්‍යා සිහිය, සම්‍යක් සමාධියෙන් මිථ්‍යා සමාධිය සම්‍යක් ඥානයෙන් මිථ්‍යා ඥානය සම්‍යක් විමුක්තියෙන් මිථ්‍යා විමුක්තිය බැහැරකරණ ලද්දේද සෝදන ලද්දේද වෙයි. නොහොත් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් සියලු කෙලෙස් සියලු දුසිරිත් සියලු දාහගති සියලු දැවිලි සියලු තැවීම් සියලු අකුශල් රැස්කිරීම්, බැහැරකරණ ලද්දේද සෝදන ලද්දේද වෙයි. රහතන් වහන්සේ මේ ධොන ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. උන්වහන්සේ රාගය බැහැර කළේ පාපය බැහැරකළේ කෙළෙස් බැහැරකළේ දාහයන් දුරුකළේ වෙයි.

“යම් මේ ඇසූ දුටු සිතූ දෙයෙහි ඒ කරණකොට නොසිතයි” රහතන් වහන්සේ දැකිදේ (තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) නොසිතයි. දැකිදෙයෙහි නොසිතයි. දැකිදෙය වශයෙන් නොසිතයි. මා විසින් දක්නා ලද්දේයයි නොසිතයි. ඇසූ දේ නොසිතයි. ඇසූදෙයෙහි නොසිතයි. ඇසූ දෙය වශයෙන් නොසිතයි. මා විසින් අසනලද්දේයයි නොසිතයි. ඉඳුරන් තුනකින් ගන්නා ලද) මුතය නොසිතයි. මුතයෙහි නොසිතයි. මුතය වශයෙන් නොසිතයි. මවිසින් මුතයෙන් ගන්නාලද්දේයයි නොසිතයි. දන්නා ලද්ද නොසිතයි. දන්නා දෙයෙහි නොසිතයි. දන්නා ලද වශයෙන් නොසිතයි. මවිසින් දන්නා ලද්දේයයි නොසිතයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මහණෙනි, මෙය වෙමියි හැඟීමකි. මේ මම වෙමියි යනුද හැඟීමකි. මෙය වන්නේයයි යනුද හැඟීමකි නොවන්නේය යනුද හැඟීමකි. රූපීහු වන්නාහුය යනුද මේ හැඟීමකි. අරූපීහු වන්නාහුය යනුද හැඟීමකි. සඤ්ඤීහු වන්නාහුය යනුද මේ හැඟීමකි. අසඤ්ඤීහු වන්නාහුය යනුද මේ හැඟීමකි. නෙවසඤ්ඤී නාසඤ්ඤීහු වන්නාහුය යනුද මේ හැඟීමකි. මහණෙනි, රාගය යනුද හැඟීමකි. ගණ්ඩය යනුද හැඟීම්කි. සල්ලය (හුල) යනුද හැඟීමකි. උපද්‍රවය යනුද හැඟීමකි. එබැවින් මහණෙනි, හැඟීම් රහිත සිතින් වාසය කරන්නෙමුයි මෙහිලා හික්මිය යුතුයි.

“අනෙකකින් පිරිසුදුකම නොපතයි” යනු ප්‍රඥා ඇත්තේ අන්‍යවූ අශුද්ධි මාර්ගයකින් මිථ්‍යා ප්‍රතිපදාවකින් නෛර්‍ය්‍යානික නොවූ ප්‍රතිපදාවකින් එනම්, සතිපට්ඨානයන් හැර සම්‍යක් ප්‍රධානයන් හැර ඍද්ධිපාදයන් හැර ඉන්ද්‍රියයන් හැර බලයන් හැර බොධ්‍යංගයන් හැර ආර්‍ය්‍ය අෂ්ටාංඟික මාර්ගය හැර ශුද්ධිය, පාරිශුද්ධිය, මිදීම, විමුක්තිය, කැමති නොවේ. ප්‍රාර්ථනා නොකරයි. නොඉවසයි. ඒ පිළිබඳව කථා නොකරයි.

“හෙතෙම නොම ඇලෙයි, නොමකලකිරෙයි” යනු සියලු බාල පෘථග්ජනයෝ ඇලෙත්. කළ්‍යාණ පෘථග්ජනයාගේ පටන් සප්ත ශෛක්ෂයෝ නොඇලෙත්. රහතන් වහන්සේ නොඇලේමය. නොඇලුනාවූ උන්වහන්සේ රාගය ක්ෂයවීමෙන් වීත රාග බැවින් දොෂය ක්ෂයවීමෙන් වීත දෝස බැවින් මොහය ක්ෂයවීමෙන් වීත මොහ බැවින් උන්වහන්සේ නිමවූ වාස ඇත්තේ පුරුදු කළ ගමන් ඇත්තේ (ඈත්කළ ජාති ජරා මරණ ඇත්තේ) උන්වහන්සේ නොඇලේමය.

ජරාසුත්තනිද්දෙසො ඡට්ඨො.

විවරණ [0]