බරවීම්

පරිවර්තන [5]

ආනාපාන කථා

1.3.1 ගණනවාර

සොළොස් වස්තුවක් ඇත්තාවූ ආනාපාන සති සමාධිය වඩන්නහුට දෙසීයයකට අධිකවූ ඤාණ උපදිත්. වැළැක්මෙහි ඤාණ අටක්ද උපකාරයෙහි ඤාණ අටක්ද කිලුටු කිරීමෙහි ඤාණ අටළොසක්ද පිරිසිදුවීමෙහි ඤාණ තෙළසක්ද සිහියෙන් යුක්තව මෙනෙහි කරන්නහුගේ ඤාණ දෙතිසකි. සමාධි වශයෙන් පවත්නා ඤාණ සූවිස්සකි. විදර්ශනා වශයෙන් පවත්නා ඤාණ දෙසැත්තෑවකි. නිබ්බිදා ඤාණ අටකි. නිබ්බිදානුලොම අටකි. නිබ්බිදා පටිප්පස්සද්ධි ඤාණ අටකි. විමුක්ති සුඛයෙහි ඤාණ එක් විස්සකි.

වැළැක්මෙහි ඤාණ අටද උපකාරයෙහි ඤාණ අටද කවරහුද? කාමච්ඡන්දය සමාධියගේ වැළැක්මය. නෛෂ්ක්‍රම්‍යය සමාධියගේ උපකාරයය ව්‍යාපාද සමාධියගේ වැළැක්මය. අව්‍යාපාදය සමාධියගේ උපකාරයය. ථිනමිද්ධය සමාධියගේ වැළැක්මය. ආලොකසඤ්ඤාව සමාධියගේ උපකාරයය. උද්ධච්චය සමාධියගේ වැළැක්මය. නොවිසිරයාම සමාධියගේ උපකාරයය, විචිකිච්ඡාව සමාධියගේ වැළැක්මය. ධර්මයන් පිරිසිඳ දැනීම සමාධියගේ උපකාරයය. අවිද්‍යාව සමාධියගේ වැළැක්මය. ඤාණය සමාධියගේ උපකාරයය. අරතිය සමාධියගේ වැළැක්මය. සතුට සමාධියගේ උපකාරයය. සියලු අකුශල ධර්මයෝ සමාධියගේ වැළකුමය. සියලු කුශල ධර්මයෝ සමාධියගේ උපකාරයෝය. මේ අට වැළැක්මෙහි ඤාණද මේ අට උපකාරයෙහි ඤාණද වෙත්.

ගණනවාරො පඨමො.

1.3.2 සොළසඤාණනිද්දෙසො

මේ සොළොස් ආකාරයෙන් පුරුදු කළ මනාව පුරුදු කළ සිත එකඟ බවෙහි පිහිටයි. නීවරණයන් කෙරෙන් පිරිසිදුවෙයි. ඒ එකඟ භාවයෝ නම් කවරහුද? නෛෂ්ක්‍රම්‍යය එකඟ බවකි. අව්‍යාපාදය එකඟ බවකි. ආලොක සඤ්ඤාව එකඟ බවකි, නොවිසිරයාම එකඟ බවකි. ධර්මයන් පිරිසිඳ දැනීම එකඟ කමකි. ඤාණය එකඟ කමකි. ප්‍රමොද්‍යය එකඟ කමකි, සියලු අකුශල ධර්මයෝ එකත්වයෝය.

නීවරණ යන මෙහි කිනම් ධර්මයෝ නීවරණ වෙත්ද? කාමච්ඡන්දය නීවරණයකි. ව්‍යාපාදය නීවරණයකි. ථින මිද්ධය නීවරණයකි. උද්ධච්ච කුක්කුච්චය නීවරණයකි. විචිකිච්ඡාව නීවරණයකි. අවිද්‍යාව නීවරණයකි. අරතිය නීවරණයකි. සියලු අකුශල ධර්ම නීවරණයෝ වෙති.

නීවරණ යනු කිනම් අර්ථයකින් නීවරණ නම් වෙත්ද? මාර්ගය අවුරන හෙයින් නීවරණ නම් වෙත්. ඒ මාර්ගයෝ කවරහුද? නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ මාර්ගයවේ. ඒ නෛෂ්ක්‍රම්‍යයෙන් ආර්යයෝ (නිවණට) පැමිණෙත්. කාමච්ඡන්දය මාර්ගය ඇවිරීමකි. ඒ කාමච්ඡන්දයෙන් අවුරනලද හෙයින් නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ මාර්ගයයි. නොදනිනුයි කාමච්ඡන්දය මාර්ගය ඇවිරීමය අව්‍යාපාදය ආර්යයන්ගේ මාර්ගයවෙයි. ඒ අව්‍යාපාදයෙන් ආර්යයෝ (නිවණට) පැමිණෙත්. ව්‍යාපාදය මාර්ගය ඇවිරීමකි. ඒ ව්‍යාපාදයෙන් අවුරනලද හෙයින් අව්‍යාපාදය ආර්යයන්ගේ මාර්ගයයි නොදනීනුයි ව්‍යාපාදය මාර්ගය ඇවිරීමය. ආලෝක සඤ්ඤාව ආර්යයන්ගේ මාර්ගය වෙයි. ඒ (නිවණට) ආලොක සඤ්ඤාවෙන් ආර්යයෝ පැමිණෙත්. ථිනමිද්ධය මාර්ගය ඇවිරීමකි. ඒ ථිනමිද්ධයෙන් අවුරන ලද හෙයින් ආලොක සඤ්ඤාව ආර්යයන්ගේ මාර්ගයයි. නොදනීනුයි. ථිනමිද්ධය මාර්ගය ඇවිරීම වෙයි. සිතේ නොවිසිරයාම ආර්යයන්ගේ මාර්ගය වෙයි. එම නොවිසිර යාමෙන් ආර්යයෝ නිවණට පැමිණෙත්. උද්ධච්චය මාර්ගය ඇවිරීමකි. එම උද්ධච්චයෙන් අවුරනලද හෙයින් නොවිසිරයාම ආර්යයන්ගේ මාර්ගයයි නොදනීනුයි. උද්ධච්චය මාර්ගය ඇවිරීමවෙයි ධර්මයන් පිරිසිඳ දැනීම ආර්යයන්ගේ මාර්ගය වෙයි. එම ධර්මයන් පිරිසිඳ දැනීමෙන් ආර්යයෝ නිවණට පැමිණෙත් විචිකිච්ඡාව මාර්ගය ඇවිරීමකි. එම විචිකිච්ඡාවෙන් අවුරන ලද හෙයින් ධර්මයන් පිරිසිඳ දැනීම ආර්යයන්ගේ මාර්ගයයි නොදනීනුයි, විචිකිච්ඡාව මාර්ගය ඇවිරීම වෙයි. ඤාණය ආර්යයන්ගේ මාර්ගය වෙයි. එම ඤාණයෙන් ආර්යයෝ නිවණට පැමිණෙත්. අවිද්‍යාව මාර්ගය ඇවිරීමකි. එම අවිද්‍යාවෙන් අවුරන ලද හෙයින් ඤාණය ආර්යයන්ගේ මාර්ගයයි නොදනිනුයි අවිද්‍යාව මාර්ගය ඇවිරීමවෙයි. ප්‍රමොද්‍යය (ස්තුට) ආර්යයන්ගේ මාර්ගය වෙයි. එම සතුටින් ආර්යයෝ නිවනට පැමිණෙත්. අරතිය (නොඇල්ම) මාර්ගය ඇවිරීමය එම නොඇල්මෙන් අවුරනලද හෙයින් සතුට ආර්යයන්ගේ මාර්ගයයි නොදනිනුයි. නොඇල්ම මාර්ගය ඇවිරීම වෙයි. සියලු කුශල ධර්මයෝ ආර්යයන්ගේ මාර්ගය වෙයි. ඒ අකුශල ධර්මයන්ගෙන් අවුරනලද හෙයින් කුශල ධර්මයන් ආර්යයන්ගේ මාර්ගයයි නොදනිනුයි. සියලු අකුශල ධර්මයෝ මාර්ගය ඇවුරුම්හු වෙත්.

සොළසඤාණනිද්දෙසො දුතියො.

1.3.3. උපක්කිලෙසඤාණනිද්දෙසො

පඨමච්ඡක්කං

මේ නීවරණයන්ගෙන් පිරිසිදුවූ සිත් ඇති සොළොස් වස්තුවක් ඇති ආනාපානාසති සමාධිය වඩන්නහුට ක්ෂණික පරම්පරා වශයෙන් ක්ලේශයෝ උපදිත්.

කිනම් අටළොස් උපක්ලේශ කෙනෙක් උපදිත්ද? ආශ්වාසයාගේ මුල මැද අග සිහියෙන් අනුව යන්නාවූ පුද්ගලයාගේ ඇතුළත විසිර යන්නාවූ සිත සමාධියට බාධකයකි. ප්‍රශ්වාසයාගේ මුල මැද අග සිහියෙන් අනුව යන්නාවූ පුද්ගලයාගේ පිටත විසිර යන්නාවූ සිත සමාධියට බාධකයකි. ආශ්වාසය කැමති වන්නාවූ ආශාව තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට බාධකයකි. ප්‍රශ්වාසය කැමති වන්නාවූ ආශාව තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට බාධකයකි. ආශ්වාසයෙන් වෙහෙසට පත්වූවහුගේ ප්‍රශ්වාසයෙහි ඇලීම සමාධියට බාධකයකි. ප්‍රශ්වාසයෙන් වෙහෙසට පත්වූවහුගේ ආශ්වාසයෙහි ඇලීම සමාධියට බාධකයෙකි

“ආශ්වාසය අනුව යන්නාවූ සතියද ප්‍රශ්වාසය අනුව යන්නාවූ සතියද ඇතුළත සිත වික්ෂෙප කරන්නා ආශ්වාසය කැමතිවීමද පිටත සිත වික්ෂෙප කරන්නාවූ ප්‍රශ්වාසය කැමතිවීමද, “ආශ්වාසයෙන් වෙහෙසට පැමිණියහුගේ ප්‍රශ්වාසයට කැමතිවීමද ප්‍රශ්වාසයෙන් වෙහෙසට පැමිණියහුගේ ආශ්වාසය කැමතිවීමද, “යම් උපක්ලේශ ධර්මයන් හේතුකොටගෙන වික්ෂෙප වන්නාවූ පුද්ගලයාගේ සිත විරුද්ධ ධර්මයන්ගෙන් නොමිදෙයිද, මිදීම නොදන්නාවූ ඒ පුද්ගලයෝ අනෙක් හේතුවක් පතන්නෝ වෙත්ද, ආනාපාන සමාධියගේ උපක්ලේශ වන්නාවූ ඒ ධර්ම සයකි.”

දුතියච්ඡක්කං

නිමිත්ත ආවර්ජනය කරන්නාගේ සිත ආශ්වාසයෙහි කම්පා වෙයි. සමාධියට බාධා වෙයි. ආශ්වාසය ආවර්ජනය කරන්නහුගේ සිත නිමිත්තෙහි කම්පා වෙයි. සමාධියට බාධාවෙයි. නිමිත්ත ආවර්ජනය කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි කම්පා වෙයි. සමාධියට බාධා වෙයි. ප්‍රශ්වාසය ආවර්ජනය කරන්නහුගේ සිත නිමිත්තෙහි කම්පාවෙයි. සමාධියට බාධාවෙයි. ආශ්වාසය ආවර්ජනය කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි කම්පාවෙයි. සමාධියට බාධාවකි. ප්‍රශ්වාසය ආවර්ජනය කරන්නහුගේ සිත ආශ්වාසයෙහි කම්පා වෙයි සමාධියට බාධාවෙයි.

“නිමිත්ත මෙනෙහි කරන්නහුගේ සිත ආශ්වාසයෙහි වික්ෂිප්ත වෙයි ආශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත නිමිත්තෙහි වික්ෂිප්ත වෙයි. “නිමිත්ත මෙනෙහි කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි වික්ෂිප්ත වෙයි. ප්‍රශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත නිමිත්තෙහි වික්ෂිප්ත වෙයි. “ආශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි වික්ෂිප්ත වෙයි. ප්‍රශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත ආශ්වාසයෙහි වික්ෂිප්ත වෙයි. “යම් උපක්ලේශ ධර්මයන් හේතුකොටගෙන සිත විරුද්ධ ධර්මයන්ගෙන් නොමිදෙයිද මිදීම නොදන්නාවූ ඔව්හු අනික් මගක් ඇදහීමට පැමිණෙත්ද මේ සය ඒ උපක්ලේශ ධර්මයෝ වෙත්.”

තතියච්ඡක්කං

ස්පර්ශ වන ස්ථානය ඉක්ම ගියාවූ වික්ෂෙපයෙහි ගැටුණාවූ සිත සමාධියට බාධාවකි. ස්පර්ශවන ස්ථානයට නොපැමිණියාවූ ආශ්වාසය හෝ ප්‍රශ්වාසය බලාපොරොත්තු වන්නාවූ කම්පාවූ සිත සමාධියට බාධාවකි. කුසීත බවෙහි වැටුණාවූ හැකුළුණාවූ සිත සමාධියට බාධාවකි. වීර්ය වැඩිවූ උද්ධච්චයෙහි වැටුණාවූ සිත සමාධියට බාධාවකි. ඇලීමෙන් රාගයෙහි වැටුණාවූ සිත සමාධියට බාධාවකි. නොඇලීමෙන් ව්‍යාපාදයෙහි වැටුණාවූ සිත සමාධියට බාධාවකි.

“ස්පර්ශවන ස්ථානය ඉක්ම යන්නාවූ සිතද ස්පර්ශ වන ස්ථානයට නොපැමුණුනාවූ ආශ්වාස ප්‍රශ්වාසයන් අපෙක්ෂා කරන්නාවූ සිතද හැකුළුණාවූ සිතද වීර්ය වැඩිවූ සිතද ඇලුණාවූ සිතද ඇලීමෙන් ඉවත්වූ (දොම්නස් සහගත) සිතද සමාධියට නොපැමිණෙයි.

“මේ සය ආනාපාන සතිසමාධියගේ උපක්ලේශ ධර්මයෝය. ඒ උපක්ලේශයන්ගෙන් කිලුටුවූ සිත් ඇත්තේ බලවත් සමාධිය දැන නොගනියි.”

ආශ්වාසයාගේ මුල මැද අග සතියෙන් අනුව යන්නහුගේ ඇතුළත වික්ෂෙපවූ සිත කරණකොටගෙන කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ප්‍රශ්වාසයාගේ මුල මැද අග සතියෙන් අනුව යන්නහුගේ පිටත්හි වික්ෂෙපවූ සිත කරණකොටගෙන කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ආශ්වාසය කැමතිවන්නාවූ නිකන්තියයි කියනලද තෘෂ්ණාවගේ පැවැත්මෙන් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ප්‍රශ්වාසය කැමති වන්නාවූ නිකන්තියයි කියනලද තෘෂ්ණාවගේ පැවැත්මෙන් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ආශ්වාසයෙන් වෙහෙසට පත් වූවහුගේ ප්‍රශ්වාසය ලැබීමෙහි ආශාව හේතුකොටගෙන කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ප්‍රශ්වාසයෙන් වෙහෙසට පත්වූවහුගේ ආශ්වාසය ලැබීමෙහි ආශාව හේතුකොටගෙන කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. නිමිත්ත මෙනෙහි කරන්නහුගේ ආශ්වාසයෙහි සිතකම්පාවන හෙයින් කයද සිතද දැඩිදවෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ආශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත නිමිත්තෙහි කම්පාවන හෙයින් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. නිමිත්ත මෙනෙහිකරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි කම්පාවන හෙයින් කයද සිතද දැඩිද වෙත්. කම්පාදවෙත්. සැලෙන්නාහුද වෙත්. ප්‍රශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත නිමිත්තෙහි කම්පාවන හෙයින් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ආශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි කම්පාවන හෙයින් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ප්‍රශ්වාසය මෙනෙහි කරන්නහුගේ සිත ආශ්වාසයෙහි කම්පාවන හෙයින් කයද සිතද දැඩිද වෙත්, කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. නිමිත්ත ඉක්මවා යාමෙන් වික්ෂෙපයට පැමිණියාවූ සිතින් කයද සිතද දැඩිද වෙත්. කම්පාදවෙත්. සැලෙන්නාහුද වෙත්. නිමිත්තට නොපැමිණියාවූ ආශ්වාස ප්‍රශ්වාසයන් කැමති වන්නාවූ කම්පාවූ සිතින් කයද සිතද දැඩිද වෙත්, කම්පාද වෙත්. සැලෙන්නාහුද හැකුළුණාවූ කුසීත බැව්හි වැටුණාවූ සිතින් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්, සැලෙන්නාහුද වෙත්. වීර්ය අධිකවූ උද්ධච්චයෙහි වැටුණාවූ සිතින් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත් සැලෙන්නාහුද වෙත්. රාගයෙහි ඇලුණාවූ සිතින් කයද සිතද දැඩිද වෙත්. කම්පාද වෙත්. සැලෙන්නාහුද වෙත්. ව්‍යාපාදයෙහි වැටුණාවූ ඇලීමෙන් පහවූ සිතින් කයද සිතද දැඩිද වෙත්, කම්පාද වෙත්, සැලෙන්නාහුද වෙත්.

“යමකු විසින් ආනාපානසතිය සම්පූර්ණ කොට නොවඩන ලද්දීද ඔහුගේ කයද කම්පිත වූයේවෙයි. සිතද කම්පිත වූයේවෙයි. කයද සැලුණේ වෙයි. සිතද සැලුණේ වෙයි.

“යමකු විසින් ආනාපාන සතිය සම්පූර්ණ කොට වඩන ලද්දීද ඔහුගේ කයද කම්පා නොවූයේවෙයි. සිතද කම්පා නොවූයේවෙයි. කයද නොසැලුණේ වෙයි. සිතද නොසැලුණේ වෙයි.”

ඒ නීවරණයන්ගෙන් පිරිසිදුවූ සිත් ඇති සොළොස් වස්තුවක් ඇති ආනාපාන සති සමාධිය වඩන්නහුට ක්ෂණයන්හි රැස්වන ක්ලේශයක් වශයෙන් මේ අටලොස් උපක්ලේශයෝ උපදිත්.

උපක්කිලෙසඤාණනිද්දෙසො තතියො.

1.3.4 වොදානඤාණනිද්දෙසො

පිරිසිදුවීමෙහි තෙළෙස් ඥානයෝ කවරහුද? නිමිත්ත ඉක්මවා ගිය සිත වික්ෂේපයෙහි වැටුණේ වෙයි. ඒ සිත අත්හැර එක් අරමුණක පිහිටුවයි. මෙසේද සිත වික්ෂේපයට නොයයි. නිමිත්තට නොපැමුණුණාවූ ආශ්වාස ප්‍රශ්වාසයන් කැමතිවන්නාවූ සිත කම්පා වූයේවෙයි. එය අත්හැර ඒ අරමුණෙහිම පිහිටුවයි. මෙසේද සිත වික්ෂේපයට නොයයි. හැකුළුණාවූ සිත කුසීත බැව්හි වැටෙයි. එය වීර්යයෙන් ඔසවා කුසීත බව දුරුකරයි. මෙසේද සිත වික්ෂේපයට නොයයි. වීර්යයෙන් වඩා ඔසවන ලද සිත උද්ධච්චයෙහි වැටෙයි. එය නිශ්‍රිත කොට උද්ධච්චය දුරුකරයි. මෙසේද සිත වික්ෂේපයට නොයයි. ඇලුණාවූ සිත රාගයෙහි වැටෙයි. එය නුවණින් දැන ඒ රාගය දුරුකරයි. මෙසේද සිත වික්ෂේපයට නොයයි. ඇලීමෙන් ඉවත්වූ සිත ව්‍යාපාදයෙහි වැටෙයි. එය නුවණින් දැන ව්‍යාපාදය දුරුකරයි. මෙසේද සිත වික්ෂේපයට නොයයි. මේ සය කරුණෙන් පිරිසිදුවූ හාත්පස පිරිසිදුවූ සිත එකඟ බවට පැමිණියේ වෙයි.

ඒ එකඟබවට පැමිණීම් කවරහුද? දානවස්තු පරිත්‍යාගය වැටහීමෙහි එකඟබවද, සමථ නිමිති වැටහීමෙහි එකඟබවද, වය ලක්ෂණ වැටහීමෙහි එකඟබවද, නිරොධය වැටහීමෙහි එකඟබවද වෙත්. දීමෙහි කැමැත්ත ඇති යොගීන්හට දාන වස්තු පරිත්‍යාගය වැටහීමෙහි එකඟබවද, විදර්ශනාපාදක සමාධියෙහි යෙදී සිටින්නහුට සමථ නිමිත්ත වැටහීමෙහි එකඟබවද, විදර්ශකයන්හට වයලක්ෂණය වැටහීමෙහි එකඟකමද, ආර්ය පුද්ගලයන් හට නිරොධය වැටහීමෙහි එකඟ බවද වෙත්. මේ සතර ආකාරයෙන් එකඟ බවට ගියාවූ සිත පටිපදා විසුද්ධියට පැමිණියේද, උපෙක්ෂාවෙන් වඩන ලද්දේද, ඥානයෙන් පිරිසිදු කරන ලද්දේද වෙයි.

ප්‍රථමධ්‍යානයාගේ මුල කිමෙක්ද, මැද කිමෙක්ද, අග කිමෙක්ද, (ii) පටිපදා විසුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ මුලය උපෙක්ෂාවගේ වැඩීම මැදය, පිරිසිදුවීම අගය, පටිපදා විසුද්ධිය ප්‍රථම ධ්‍යානයාගේ ආදියයි (මුලයි) ආදියාගේ ලක්ෂණ කෙතෙක්ද? ආදියගේ ලක්ෂණ තුනකි. යමක් ප්‍රථමධ්‍යානයාගේ වැළැක්ම වෙයිද, එයින් සිත පිරිසිදු වෙයි. සිත පිරිසිදුවූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙයි. පැමිණි හෙයින් එම අරමුණෙහි සිත බැසගනියි. යම් සිතක් වැළැක්මෙන් පිරිසිදු වෙයිද, යම් සිතක් පිරිසිදුවූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙයිද, යම් සිතක් පැමිණිහෙයින් යම් සිතක් එම අරමුණෙහි බැසගනියිද, පටිපදා විසුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදිය යන මෙහි ආදියගේ මේ ලක්ෂණ තුන වෙත්. (iii) එහෙයින් ප්‍රථමධ්‍යානය ආදී කල්‍යාණවූයේද ලක්ෂණසම්පන්නවූයේයයිද කියනු ලැබේ.

උපෙක්ෂාවගේ වැඩීම ප්‍රථමධ්‍යානයාගේ මැදය, මධ්‍යයාගේ ලක්ෂණ කෙතෙක්ද? මධ්‍යයාගේ ලක්ෂණ තුනකි. පිරිසිදුවූ සිත මැදහත්වෙයි. සමථයට පිළිපන් සිත මැදහත් වෙයි. එකඟබව වැටහුණු සිත මැදහත්වෙයි. පිරිසිදුවූ යම් සිතක් මැදහත්වෙයිද, සමථයට පිළිපන් යම් සිතක් මැදහත් වෙයිද, එකඟබව වැටහුණු යම් සිතක් මැදහත්වෙයිද, උපෙක්ෂාව ප්‍රථමධ්‍යානයාගේ මැදය යන මෙහි මධ්‍යයාගේ මේ ලක්ෂණ තුන වෙත්. එහෙයින් ප්‍රථමධ්‍යානය මජ්ඣෙ කල්‍යාණ වූයේද, ලක්ෂණසම්පන්න වූයේයයිද කියනු ලැබේ. ප්‍රථමධ්‍යානයාගේ ඥානයෙන් පිරිසිදුවීම අවසානයයි. අවසානයාගේ ලක්ෂණ කෙතෙක්ද? අවසානයාගේ ලක්ෂණ සතරකි. ඒ ප්‍රථමධ්‍යානයෙහි හටගත් ධර්මයන් නොඉක්මවීම ස්වභාවයෙන් පිරිසිදුවීම ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමාන කෘත්‍ය ඇති ස්වභාවයෙන් පිරිසිදුවීම ඊට අනුකූල වීර්යයෙන් ඉසිලීම් ස්වභාවයෙන් පිරිසිදුවීම නැවත නැවත සෙවනය කිරීමෙන් පිරිසිදුවීම යන මොහුයි. ප්‍රථමධ්‍යානයාගේ පිරිසිදුවීම අවසාන යයි යන මෙහි අවසානයාගේ මේ ලක්ෂණ සතරවෙති. එහෙයින් ප්‍රථම ධ්‍යානය පරියොසාන කල්‍යාණද වෙයි. ලක්ෂණ සම්පන්නවේයයි කියනු ලැබේ. මෙසේ ත්‍රිවිධ ස්වභාවයෙන් යුත් ප්‍රථමධ්‍යාන සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූයේද, දසලක්ෂණයෙන් යුක්තවූයේද, විතර්කයෙන් සමන්විතවූයේද විචාරයෙන් සමන්විතවූයේද විරතියෙන් සමන්විතවූයේද, සැපයෙන් සමන්විත වූයේද චිත්තයාගේ ස්ථානයෙන් සමන්විතවීමද ශ්‍රද්ධාවෙන් සමන්විතවීමද, වීර්යයෙන් සමන්විත වීමද, සතියෙන් සමන්විතවීමද, සමාධියෙන් සමන්විතවීමද, ප්‍රඥාවෙන් සමන්විතවීමද වෙයි.

ද්විතීය ධ්‍යානයාගේ ආදිය (මුල) කුමක්ද, මැද කුමක්ද, අවසානය කුමක්ද? ප්‍රතිපදා විශුද්ධිය, ද්විතීයධ්‍යාන ආදිය වෙයි උපෙක්ෂාවගේ වැඩීම මැද වෙයි. පිරිසිදුවීම අවසානය වෙයි. (11 ඡේදයේ (ii) ප්‍රථමධ්‍යානය යනු ද්විතීය ධ්‍යානයයි වෙනස්කොට යොදන්න) මෙසේ ත්‍රිවිධ ස්වභාවයෙන් යුත් ද්විතීයධ්‍යාන සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්ත වූයේද, දශලක්ෂණයෙන් යුක්තවූයේද, ප්‍රීතියෙන් යුක්තවූයේද, චිත්තයාගේ අධිෂ්ඨානයෙන් යුක්තවීමද, ශ්‍රද්ධාවෙන් යුක්තවීමද, වීර්යයෙන් යුක්තවීමද, සතියෙන් යුක්ත වීමද, සමාජයෙන් යුක්තවීමද, ප්‍රඥාවෙන් යුක්තවීමද වෙයි.

තෘතීය ධ්‍යානයාගේ ආදිය කුමක්ද, මැද කුමක්ද අවසානය කුමක්ද? (11 ඡෙදයේ (ii) ප්‍රථමධ්‍යානය යනු තෘතීයධ්‍යානයයි වෙනස්කොට යොදන්න) මෙසේ ත්‍රිවිධ ආකාරයෙන් යුත් තෘතීයධ්‍යාන සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූයේද, දශලක්ෂණයෙන් යුක්තවූයේද, සුඛයෙන් යුක්තවූයේද, චිත්තයාගේ අධිෂ්ඨානයෙන් යුක්තවීමද, ශ්‍රද්ධාවෙන් යුක්තවීමද, වීර්යයෙන් යුක්තවීමද, සමාධියෙන් යුක්තවීමද, ප්‍රඥාවෙන් යුක්තවීමද වෙයි.

චතුර්ථධ්‍යානයාගේ ආදිය කුමක්ද, මැද කුමක්ද, අවසානය කුමක්ද? (11 ඡෙදයේ (ii) ප්‍රථමධ්‍යානය යනු චතුර්ථධ්‍යානයයි වෙනස්කොට යොදන්න) මෙසේ ත්‍රිවිධ ස්වභාවයෙන් යුත් චතුර්ථධ්‍යාන සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූයේද, දශලක්ෂණයෙන් යුක්තවූයේද, උපෙක්ෂාවෙන් යුක්තවූයේද, චිත්තයාගේ අධිෂ්ඨානයෙන් යුක්තවීමද (ii) ශ්‍රද්ධාවෙන් යුක්තවීමද, වීර්යයෙන් යුක්තවීමද, සතියෙන් යුක්තවීමද සමාධියෙන් යුක්තවීමද, ප්‍රඥාවෙන් යුක්තවීමද වෙයි.

ආකාසානඤ්චායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියගේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියාගේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියගේ ආදිය කුමක්ද, මැද කුමක්ද, අවසානය කුමක්ද? (11 ඡෙදයේ (ii) ප්‍රථමධ්‍යානය යනු ආකාසඤ්චායතන සමාපත්තියයි වෙනස්කොට යොදන්න) මෙසේ තුන් ස්වභාවයක් ඇති නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූයේද, දශ ලක්ෂණයෙන් යුක්තවුයේද, චිත්තයාගේ අධිෂ්ඨානයෙන් යුක්තවීමද (15 ඡෙදයේ (ii) යොදන්න.)

අනිච්චානුපස්සනාවගේ ආදිය කුමක්ද? මැද කුමක්ද, අවසානය කුමක්ද? (මෙහි 11 ඡෙදයේ (ii) ප්‍රථම ධ්‍යානය යනු අනිච්චානුපස්සනාවයයි වෙනස් කොට යොදන්න.) මෙසේ තුන් ආකාරයෙන් යුත් අනිච්චානුපස්සනා සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූයේද දශලක්ෂණයෙන් යුක්තවූයේද විතර්කයෙන් යුක්තවූයේද විචාරයෙන් යුක්තවූයේද ප්‍රීතියෙන් යුක්තවූයේද සුඛයෙන් යුක්තවූයේද චිත්තයාගේ අධිෂ්ඨානයෙන් යුක්තවීමද ශ්‍රද්ධාවෙන් යුක්තවීමද වීර්යයෙන් යුක්තවීමද සතියෙන් යුක්තවීමද සමාධියෙන් යුක්තවීමද ප්‍රඥාවෙන් යුක්තවීමද වෙයි.

දුක්ඛානුපස්සනාවගේ ආදිය කුමක්ද? මැද කුමක්ද? අවසානය කුමක්ද? (මෙහි ඡෙදයේ 11 (ii) ප්‍රථම ධ්‍යානය යනු දුක්ඛානුපස්සනාවයයි වෙනස් කොට යොදන්න) අනත්තානුපස්සනාවගේ නිබ්බිදානුපස්සනාවගේ විරාගානුපස්සනාවගේ නිරොධානුපස්සනාවගේ පටිනිස්සග්ගානුපස්සනාවගේ ඛයානුපස්සනාවගේ වයානුපස්සනාවගේ විපරිණාමානුපස්සනාවගේ අනිමිත්තානුපස්සනාවගේ අප්පණිහිතානුපස්සනාවගේ සුඤ්ඤතානුපස්සනාවගේ අධිපඤ්ඤා ධම්මවිපස්සනාවගේ යථාභූත ඥාන දර්ශනයාගේ ආදීනවානුපස්සනාවගේ පටිසංඛානුපස්සනාවගේ විවට්ටානුපස්සනාවගේ සොතාපත්ති මාර්ගයාගේ සකෘදාගාමි මාර්ගයාගේ අනාගාමි මාර්ගයාගේ අර්හත් මාර්ගයාගේ ආදිය කුමක්ද මැද කුමක්ද අවසානය කුමක්ද?

පටිපදාවිසුද්ධිය අර්හත් මාර්ගයාගේ ආදියයි. උපෙක්ෂාවගේ වැඩීම මැදයි පිරිසිදුවීම අවසානයයි. පටිපදා විසුද්ධිය අර්හත් මාර්ගයාගේ ආදිය යන මෙහි ආදියගේ ලක්ෂණ කෙතෙක්ද? ආදියගේ ලක්ෂණ තුනකි. ඒ අර්හත් මාර්ගයාගේ යම් බාධකයක් වෙයිද එයින් සිත පිරිසිදුවෙයි. පිරිසිදුවූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙයි. පැමිණි හෙයින් එහි සිත බැස ගනියි. බාධකයන් කෙරෙන් සිත යම් පිරිසිදුවීමක් වෙයිද, පිරිසිදුවූ හෙයින් යම් සිත යම් මධ්‍යම සමථ නිමිත්තකට පැමිණීමක් වෙයිද පැමිණි හෙයින් එහි සිත බැස ගැනීමක් වෙයිද, පටිපදා විසුද්ධිය අර්හත් මාර්ගයාගේ ආදිය යන මෙහි ආදියගේ මේ තුන් ලක්ෂණයෝ වෙත්. එහෙයින් අර්හත් මාර්ගය ආදී කල්‍යාණද ලක්ෂණ සම්පන්නද වේයයි කියනු ලැබේ.

උපෙක්ෂාව වැඩීම අර්හත් මාර්ගයාගේ මැදයි මධ්‍යයාගේ ලක්ෂණ කෙතෙක්ද? මධ්‍යයාගේ ලක්ෂණ තුනකි. පිරිසිදුවූ සිත මැදහත්වද කිසි සමථයට පැමිණි සිත මැදහත්වද කිසි එකඟ බැව් වැටහුණු සිත මැදහත්වද කිසි පිරිසිදු සිතින් යම් මැදහත්ව බැලීමක් වෙයිද, සමථයට පැමිණි සිතින් යම් මැදහත්ව බැලීමක් වෙයිද, එකඟ බැව් වැටහුණු සිතින් යම් මැදහත්ව බැලීමක් වෙයිද එයින් අර්හත් මාර්ගය මජ්කේධ කල්‍යාණයෙන් යුක්තයයි ලක්ෂණයන්ගෙන් යුක්ත යයිද කියනු ලැබේ. අර්හත් මාර්ගයාගේ පිරිසිදුවීම අවසාන නම් අවසානයාගේ ලක්ෂණ කෙතෙක්ද අවසානයාගේ ලක්ෂණ සතරකි. එම අර්හත් මාර්ගයෙහි පහළවූ ධර්මයන් නොඉක්මවීම් වශයෙන් පිරිසිදුවීම සමාන කෘත්‍ය වශයෙන් ඉන්ද්‍රියයන්ගේ පිරිසිදුවීම ඊට අනුකූල වශයෙන් වීර්යයෙන් ඉසිලීම් වශයෙන් පිරිසිදුවීම නැවත නැවත සෙවනය කිරීම වශයෙන් පිරිසිදුවීම යන සතරයි. අර්හත් මාර්ගයාගේ පිරිසිදුවීම අවසානය නමි. අවසානයාගේ මේ ලක්ෂණ සතරවෙත්. එහෙයින් අර්හත් මාර්ගය පරියොසන කල්‍යාණයෙන් යුක්තවූයේද, ලක්ෂණයන්ගෙන් යුක්තවූයේද, වේයයි කියනු ලැබේ. මෙසේ ත්‍රිවිධ ස්වභාවයෙන් යුත් අර්හත් මාර්ග සිත ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්තවූයේද දශ ලක්ෂණයෙන් යුක්තවූයේද විතර්කයෙන් යුක්තවූයේද විචාරයෙන් යුක්තවූයේද ප්‍රීතියෙන් යුක්තවූයේද සුඛයෙන් යුක්තවූයේද වෙයි. චිත්තයාගේ අධිෂ්ඨානයෙන් යුක්තවීමද ශ්‍රද්ධාවෙන් යුක්තවීමද වීර්යයෙන් යුක්තවීමද සතියෙන් යුක්තවීමද සමාධියෙන් යුක්තවීමද ප්‍රඥාවෙන් යුක්තවීමද වෙයි.

“නිමිත්තද ආශ්වාස ප්‍රශ්වාසයෝද එක් සිතක්හුගේ අරමුණ නොවෙත්. නොදත් පුද්ගලයාහට ධර්ම තුනෙහි භාවනාව නොලැබෙයි.

“නිමිත්තද ආශ්වාස ප්‍රශ්වාසයෝද එක් සිතක්හුගේ අරමුණ නොවෙත් දන්නාවූ පුද්ගලයාට ධර්ම තුනෙහි භාවනාව ලැබෙයි.

කෙසේ නම් මේ ධර්මයෝ තිදෙන එක් සිතක්හුගේ ආරම්මණයෝ නොවෙත්ද? මේ ධර්මයෝ තිදෙන ප්‍රකට නොවන්නාහුද, නොවෙත්ද? සිත වික්ෂෙපයටද නොපැමිණෙයිද? වීර්ය කිරීමද පෙණෙයිද? අරමුණට එළඹ බැලීමද සිද්ධකරයිද? විශේෂයට පැමිණෙයිද?

යම්සේ සමවූ භූමිභාගයක තබන ලද්දාවූ රුකක්වෙයිද, පුරුෂයෙක් ඒ රුක කියතකින් කපන්නේය. පුරුෂයාගේ සිහිය කඳේ වදින තන්හි පිහිටියේ වෙයි. පැමිණියාවූද, නොපැමිණියාවූද කියත් දැති මෙනෙහි නොකරයි. පැමිණියාවූද නොපැමිණියාවූද කියත් දැති ප්‍රකට නොවන්නේද නොවෙත්, වීර්යයද පෙනෙයි ක්‍රියාවද සිදුවෙයි. සමවූ භූමි භාගයක තබන ලද රුක්කඳ යම්සේද සිහිය පිහිටුවන්නාවූ නිමිත්ත එසේය. කියත් දැති යම්සේද ආශ්වාස ප්‍රශ්වාසයෝ එසේය. යම්සේ පුරුෂයාගේ සිහිය කඳෙහි වදින්නාවූ දැතිවල පිහිටියේ වෙයිද, පැමිණියාවූද නොපැමිණියාවූද කියත් දැති ප්‍රකට නොවන්නේ නොවෙත්ද වීර්යයද පෙනෙයිද ක්‍රියාවද සිදුවෙයිද, එසේම මහණහු විසින් නාසිකාග්‍රයෙහි හෝ මුඛ නිමිත්තෙහි හෝ සිහිය පිහිටුවා හිඳින්නේ වෙයි. පැමිණියාවූද නොපැමිණියාවූද ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි නොකරයි. වීර්යයද පෙනෙයි, සමාධියද සිදුවෙයි. ප්‍රධානය (වීර්යය) විශෙෂයටද පැමිණෙයි. ප්‍රධාන යන නම් කවරේද? පටන් ගත් වීර්ය ඇති පුද්ගලයාගේ කයද සිතද කර්මන්‍ය වෙයි. මෙය ප්‍රධානයයි ප්‍රයොගය (ක්‍රියාව) කුමක්ද? පටන් ගන්නා ලද වීර්ය ඇති පුද්ගලයාගේ උප ක්ලේශයෝ පහවෙත්. විතර්කයෝ සංසිඳෙත්. මේ ප්‍රයොග වෙයි. විශෙෂය කුමක්ද? පටන්ගත් වීර්ය ඇති පුද්ගලයාගේ සංයෝජනයෝ පහ වෙත්. අනුසයයෝ නැති වෙත්. මෙය විශෙෂයයි මෙසේ මේ ධර්ම තුන එක් සිතට අරමුණු නොවෙත්. මේ ධර්ම තුන ප්‍රකට නොවන්නාහුද නොවෙත්. සිත වික්ෂේපයටද නොපැමිණෙයි. ප්‍රධානය (වීර්යයද) පෙනෙයි. ප්‍රයොගයද සිදුවෙයි. විශෙෂයටද පැමිණෙයි.

“යමෙකු විසින් ආනාපාන සතිය සම්පූර්ණ කොට වඩනා ලද්දීද, බුදුරදුන් විසින් දෙශනා කළ පරිදි පිළිවෙළින් පුරුදු කරණ ලද්දීද හෙතෙම වළාකුළින් මිදුණ චන්ද්‍රයාමෙන් මේ ලොකය බබළ වන්නේය.”

ආනා යනු ආශ්වාසයයි අපාන යනු ප්‍රශ්වාසයයි. ආශ්වාසයාගේ වශයෙන් එළඹ සිටීම් සතියයි. ප්‍රශ්වාස වශයෙන් එළඹ සිටීම සතියයි. යමෙක් ආශ්වාස කරයිද, ඔහුට එළඹ සිටියි. යමෙක් ප්‍රශ්වාස කරයිද, ඔහුට එළඹ සිටියි. සම්පූර්ණව යන මෙහි වැළඳ ගැනීම අර්ථයෙන් සම්පූර්ණවීමද පිරිවැරීම අර්ථයෙන් සම්පූර්ණවීමද පිරීම් අර්ථයෙන් සම්පූර්ණ වීමද වෙයි. මනාකොට වඩනු ලැබීම යන මෙහි වැඩීම සතරකි. එහි පහළවූ ධර්මයන් නොයික්මවීම අර්ථයෙන් වැඩීමද ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍යය ස්වාභාවයෙන් වැඩීමද, ඊට අනුකූල වීර්යයෙන් ඉසිලීම ස්වභාවයෙන් වැඩීමද, නැවත නැවත සෙවනය කිරීම් ස්වභාවයෙන් වැඩීමද වෙත්. ඒ භාවනාවගේ මේ භාවනාර්ථ සතරක් වෙත්, යානාවක් මෙන් කරන ලද්දාහු වෙත්. වස්තුවක් මෙන් කරණ ලද්දාහු වෙත්. එළඹ සිටියාහු වෙත්. හාත්පස රැස් කරන ලද්දාහු වෙත්. මනාකොට කරන ලද්දාහු වෙත්. යම් යම් ධ්‍යානයන්හි විදර්ශනාවන්හි කැමති වෙයිද, ඒ ඒ ධ්‍යාන විදර්ශනාවන්හි වසඟ බවට පැමිණියේ වෙයි. බලයට පැමිණියේ වෙයි. විශාරද බවට පැමිණියේ වෙයි. ඔහුට සමථ විදර්ශනා ධර්මයෝ ආවර්ජනයට අනුව පැවතුම් ඇත්තාහ. කැමැත්තට අනුව පැවතුම් ඇත්තාහ. මෙනෙහි කිරීමට අනුව පැවතුම් ඇත්තාහ. චිත්තොත්පාදයට අනුව පැවතුම් ඇත්තාහ. එහෙයින් යානාවක් මෙන් කරන ලදැයි කියනු ලැබේ. වස්තුවක් මෙන් කරන ලදී යන මෙහි සොළොස් වස්තු අතුරෙන් යම්කිසි වස්තුවෙක්හි සිත මනාව පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ වස්තුවෙහි සිහිය මනාව පිහිටුවන ලද්දී වෙයි. යම් යම් වස්තුවෙක්හි සිහිය මනාව පිහිටුවන ලද්දී වෙයි. යම් යම් වස්තුවෙක්හි සිහිය මනාව පිහිටුවන ලද්දී වෙයිද, ඒ ඒ වස්තුවෙහි සිත මනාව පිහිටුවන ලද්දේ වෙයි. එහෙයින් වස්තුවක් මෙන් කරන ලදැයි කියනු ලැබේ. එළඹ සිටියේ වෙයි. යනු යම් යම් ආකාරයකින් සිත එළවයිද, ඒ ඒ ආකාරයෙන් සිත පවතියි. යම් යම් ආකාරයකින් සිත පවතියිද ඒ ඒ ආකාරයෙන් සිත එළවයි. එහෙයින් එළඹ සිටියේයයි කියනු ලැබේ. පුරුදු කරණ ලදී යනු පිරිසිඳ ගැනීම් ස්වභාවයෙන් පුරුදු කරන ලදී. පිරිවැරීම් වශයෙන් පුරුදු කරන ලදී. සම්පූර්ණ කිරීම වශයෙන් පුරුදු කරන ලදී. සිහියෙන් පිරිසිඳ ගැනීමෙන් ලාමක අකුශල ධර්මයන් දිනීම් වශයෙන් පුරුදු කරන ලදී.

මනාකොට කරනලදී. යනු මනාකොට කිරීම් සතරකි. එහි හටගත් ධර්මයන් නොයික්මවීම් ස්වභාවයෙන් මනාව කරන ලද බව ඉන්ද්‍රියයන්ගේ සමාන කෘත්‍ය ස්වභාවයෙන් මනාව කරන ලද බව ඊට අනුකූල වීර්යයෙන් ඉසිලීම් ස්වභාවයෙන් මනාව කරන ලද බව ඊට විරුද්ධ ක්ලේශයන් මනාකොට නසනලද හෙයින් මනාව කරන ලද බව යන මොහුය. සුසම (මනාව) යන මෙහි සම නම් ධර්මයක්ද ඇත. සුසාම නම් ධර්මක්ද ඇත. සමානමවූ ධර්මය කුමක්ද? එහි හටගත්තාවූ යම් නිරවද්‍යවූ කුශලවූ බොධිපාක්ෂික ධර්ම කෙනෙක් වෙත්ද, මෙය සමාධි නම් සුසම ධර්මය නම් කුමක්ද? ඒ ඒ ධර්මයන්ගේ ආරම්මණයවූ නිරොධයක් නිර්වාණයක් වෙයිද, මෙය සුසම නමි. මෙසේ මේ සමයද සුසමයද දන්නා ලද්දේ වෙයි, දක්නා ලද්දේ වෙයි. ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ වෙයි. ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයි. නොහැකිලෙන්නාවූ වීර්ය ආරම්භ කරන ලද්දේ වෙයි. නුමුළාවූ සිහිය එළඹ සිටියා වෙයි. කය නොදැඩිව සංසිඳුණේ වෙයි සිත එකඟව සමාධිගතවූයේ වෙයි. එහෙයින් මනාකොට කරන ලදැයි කිනු ලැබේ.

අනුව පුරුදු කරන යනු දීර්ඝව ආස්වාස කිරීම් වශයෙන් පළමු පළමු පුරුදු කිරීම පරිචිත නමි. පසු පසුව පුරුදු කිරීම අනු පරිචිත (අනුව පුරුදු කිරීම) නමි. දීර්ඝව ප්‍රස්වාස කිරීම වශයෙන් පළමු පළමු පුරුදු කිරීම පරිචිත නමි. පසු පසුව පුරුදුකිරීම අනුපරිචිත නමි. හ්‍රස්වව ආස්වාස කිරීම් වශයෙන් පළමු පළමු පුරුදු කිරීම් පරිචිත නමි. පසු පසුව පුරුදු කිරීම අනුපරිචිත නමි. හ්‍රස්වව ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු පුරුදු කිරීම පරිචිත නමි. පසු පසුව පුරුදු කිරීම අනුපරිචිත නමි. ස්කන්ධයන්ගේ අත් හැරීම බලමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු පුරුදු කිරීම් පරිචිත නමි. පසු පසු පුරුදු කරීම අනු පරිචිත නමි. ස්කන්ධයන්ගේ අත්හැරීම බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු පුරුදු කිරීම පරිචිත නමි. පසු පසුව පුරුදුකිරීම අනුපරිචිත නමි. සොළොස් වස්තුක සියලු ආනාපාන සතීහු ඔවුනොවුන් පරිචිතද වෙත්. අනුපරිචිතද වෙත්. එහෙයින් අනුව පුරුදු කරන ලද්දාහු යයි කියනු ලැබේ. යථා (යම්සේ) යන මෙහි අර්ථ දසයකි. ආත්ම දමනාර්ථය යථාර්ථයකි. ආත්ම සමනය කිරීම් අර්ථය යථාර්ථයකි. ක්ලේශයන් නිවීම් අර්ථය යථාර්ථයකි. විශෙෂයෙන් දැනීම් අර්ථය යථාර්ථයකි. පිරිසිඳ දැනීම් අර්ථය යථාර්ථයකි. ප්‍රහාණය කිරීම් අර්ථය යථාර්ථයකි. ප්‍රත්‍යක්ෂ කිරීම් අර්ථය යථාර්ථයකි. සත්‍යයන් අවබොධ කිරීම් අර්ථය යථාර්ථයකි. නිර්වාණයෙහි පිහිටුවීම් අර්ථය යථාර්ථයකි. මේ දසය යථාර්ථවෙති.

බුද්ධ යන මෙහි යමෙක් තම නුවණින්ම ආචාර්යයකු නැතිව පෙර නොඇසූ විරූ ධර්මයන්හි තෙමේම චතුස්සත්‍යයන් අවබොධ කෙළේ ද ඒ චතුස්සත්‍යයෙහි සර්වඥ බවට පැමිණියේද තථාගත බලයන්හි වසී බවට පැමිණියේද ඒ භාග්‍යවත් තෙමේ බුද්ධ නමි.

බුද්ධ යන මෙහි කිනම් අර්ථයකින් බුද්ධ නම් වෙයිද? චතුස්සත්‍යයන් අවබොධ කළ හෙයින් බුද්ධ නමි. සත්වයන්ට අවබොධ කරවන හෙයින් බුද්ධ නමි. සර්වඥවූ හෙයින් බුද්ධ නමි. සියල්ල දැක වදාළ හෙයින් බුද්ධ නමි. අනිකෙකු විසින් අවබොධ නොකළ යුතු හෙයින් බුද්ධ නමි. ගුණ වෑස්සෙන හෙයින් බුද්ධ නමි. ක්ෂය කරනලද ආශ්‍රමයන් ඇති හෙයින් බුද්ධ නමි. ඇලීම් නැති බැවින් බුද්ධ නමි. එකාන්තයෙන් පහකළ රාගය ඇති හෙයින් බුද්ධ නමි. ඒකාන්තයෙන් පහකළ දොසය ඇති හෙයින් බුද්ධ නමි. එකාන්තයෙන් පහකළ මොහය ඇති හෙයින් බුද්ධ නමි.

එකාන්තයෙන් කෙලෙස් රහිතවූ බැවින් බුද්ධ නමි. එකායන මාර්ගයෙහි ගිය හෙයින් බුද්ධ නමි. තනිවම නිරුත්තර සම්‍යක් සම්බොධිය අවබොධ කළ හෙයින් බුද්ධ නමි. අවිද්‍යාව දුරුකොට ප්‍රඥාව ලැබූ හෙයින් බුද්ධ නමි. බුද්ධ යන මේ නම මව විසින් නොකරන ලදී. පියා විසින් නොකරන ලදී. සහෝදරයා විසින් නොකරන ලදී. සහෝදරිය විසින් නොකරන ලදී. මිත්‍රයන් දාසි දාසයන් විසින් නොකරන ලදී. මව්පිය දෙපසෙහි නෑයන් විසින් නොකරන ලදී. මහණ බමුණන් විසින් නොකරන ලදී. දෙවියන් විසින් නොකරන ලදී.

බුද්ධ යන මේ නම අර්හත් මාර්ගයාගේ කෙළවර අර්හත් ඵලයේදී ලබන නමකි. භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාගේ බොධිමූලයෙහි සර්වඥතාඥානය ලැබීම හා සමග චතුස්සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් වූ නමකි.

දෙසනා කරන ලදී යනු ආත්මදමනාර්ථ සංඛ්‍යාත යථාර්ථය (ii) යම් ආකාරයකින් බුදුන් විසින් දෙශනාකරනලද්දේද (iii) ආත්ම සමනාර්ථ සංඛ්‍යාත යථාර්ථය (මෙහි (ii) යොදන්න) තම කෙලෙස් නිවීම් සංඛ්‍යාත යථාර්ථය (මෙහි (ii) විශෙෂයෙන් දැනීම් අර්ථය (මෙහි (ii) පිරිසිඳ දැනීම් අර්ථය (මෙහි (ii) ප්‍රහාණය කිරීම් අර්ථය (මෙහි (ii) ප්‍රත්‍යක්ෂ කිරීම අර්ථය (ii) සත්‍යයන් අවබොධ කිරීම් අර්ථය (ii) නිර්වාණයෙහි පිහිටුවීම් සංඛ්‍යාත යථාර්ථය යම් ආකාරයකින් බුදුන් විසින් දෙශනා කරන ලද්දේද,

හෙතෙම යනු ගිහියෙක් හෝ වෙයි. පැවිද්දෙක් හෝ වෙයි. ලොක යනු ස්කන්ධ ලොකයද ධාතු ලොකයද ආයතන ලොකයද විපත්ති භව ලොකයද විපත්ති සම්භව ලොකයද සම්පත්ති භව ලොකයද සම්පත්ති සම්භව ලොකයද සියලු සත්වයෝ ආහාරය හෙතුකොට ගෙන පවත්නාහ. යන එක් ලොකයද (මෙහි දිට්ඨි කථාවල 228 ඡෙදයේ මුල සිට දහඅටක් යන තැනට යෙදිය යුතුයි) අටළොස් ලොක අටළොස් ධාතූහුය.

ආලොක කෙරෙහි යන මෙහි ආත්මදමනය සංඛ්‍යාත යථාර්ථය (ii) අවබොධකළ හෙයින් හෙතෙම මේ ලොකය ආලොක කරයි, බබලවයි, දීප්තිමත් කරයි. ආත්මසමනය සංඛ්‍යාත යථාර්ථය අවබොධ කළහෙයින් හෙතෙම මේ ලොකය ආලොක කරයි. බබලවයි, දීප්තිමත් කරයි. තම කෙලෙසුන් පිරිනිවීම් සංඛ්‍යාත යථාර්ථය අවබොධ කළ හෙයින් හෙතෙම මේ ලොකය ආලොක කරයි, බබලවයි, දීප්තිමත් කරයි. (iii) ආත්ම දමනාර්ථය (මෙහි (ii) ආත්ම සමනය කිරීම් අර්ථය (මෙහි (ii) ක්ලෙශයන් නිවීම් අර්ථය (මෙහි (ii) විශේෂයෙන් දැනීම් අර්ථය (මෙහි (ii) පිරිසිඳ දැනීම් අර්ථය (මෙහි (ii) ප්‍රහාණය කිරීම් අර්ථය (මෙහි (ii) ප්‍රත්‍යක්ෂ කිරීම් අර්ථය (මෙහි

(ii) සත්‍යයන් අවබොධ කිරීම් අර්ථය (මෙහි (ii) නිර්වාණයෙහි පිහිටුවීම් සංඛ්‍යාත යථාර්ථය අවබොධ කළ හෙයින් හෙතෙම මේ ලෝකය ආලොක කරයි, බබලවයි, දීප්තිමත් කරයි. වළාකුළින් මිදුණ චන්ද්‍රයා මෙන් යන මෙහි වළාකුළු යම්සේද ක්ලේශයෝ එසේය. චන්ද්‍රයා යම්සේද මාර්ග ඥානය එසේය. චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා යම්සේද භික්ෂුව එසේය. වළාකුළින් මිදුණා වූද හිමෙන් මිදුණාවූද දුමෙන් හා රජසින් මිදුණාවූද රාහු අල්වා ගැනීමෙන් මිදුණාවූද චන්ද්‍රයා යම්සේ ආලොක කරන්නේද දිළිසෙන්නේද බබලන්නේද එසේම සියලු කෙලෙසුන්ගෙන් මිදුණාවූ භික්ෂුවද ආලොක කරන්නේද දිළිසෙන්නේද බබලන්නේද වෙයි. එහෙයින් වළාකුළින් මිදුණාවූ සඳ මෙන් යයි කියනු ලැබේ. මේ තෙළස (දහතුන) පිරිසිදුවීමෙහි ඤාණයෝයි.

වොදානඤාණනිද්දෙසො චතුත්ථො.

භාණවාරො.

1.3.5 සතොකාරිඤාණනිද්දෙසො

සිහියෙන් යුක්තව කළයුතු දෙතිසක් ඤාණයෝ කවරහුද? මෙහි මහණතෙම අරණ්‍යයට පැමිණියේ හෝ වෘක්ෂමූලයකට පැමිණියේ හෝ සුන්‍යාගාරයකට පැමිණියේ හෝ කය ඍජු කොට සිහිය අභිමුඛ කොට තබා පර්යංකයෙන් හිඳින්නේ වෙයිද, හෙතෙම සිහි ඇතිවම ආශ්වාසකරයි. සිහි ඇතිවම ප්‍රශ්වාස කරයි. දීර්ඝව ආශ්වාස කරන්නේ හෝ දීර්ඝව ආශ්වාස කරන්නෙමියි දැනගනියි. හ්‍රස්වව ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වව ආශ්වාස කරන්නෙමියි දැනගනියි. දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝව ප්‍රශ්වාස කරන්නෙමියි දැනගනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නෙමියි දැනගනියි.

(ii) සියලු ආශ්වාස කය දැන ගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. කාය සංඛාර සංසිඳවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි කාය සංඛාර සංසිඳවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය දැනගනිමින්, සුඛය දැනගනිමින්, චිත්ත සංඛාරය දැනගනිමින්, චිත්ත සංඛාරය සංසිඳවමින්, සිත දැනගනිමින්, සිත සතුටු කරමින්, සිත ධ්‍යාන අරමුණෙහි පිහිටුවමින්, සිත නීවරණයන් කෙරෙන් මුදවමින්, අනිත්‍යය බලමින්, විරාගය බලමින්, නිරොධය බලමින්, අත්හැරීම බලමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අත්හැරීම බලමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

මෙහි යනු මේ දෘෂ්ටියෙහි මේ කැමැත්තෙහි මේ රුචියෙහි මේ ගැනීමෙහි මේ ධර්මයෙහි මේ විනයෙහි මේ ධර්ම විනයෙහි මේ දෙශනාවෙහි මේ බ්‍රහ්මචර්යාවෙහි මේ ශාස්තෘ ශාසනයෙහි යන තේරුමෙන් මෙහියයි කියනු ලැබේ.

භික්ෂුතෙම යන මෙහි භික්ෂුව නම් කල්‍යාණ පෘථග්ජනවූ හෝ ශෛක්ෂවූ හෝ වෙනස් නොවන ධර්මය ඇත්තාවූ අර්හත්වූ හෝ පුද්ගලයා වෙයි.

අරණ්‍යයෙහි:- යනු ඉන්ද්‍රඛීලයෙන් (ගමෙහි දොරකණුවෙන්) පිටත නික්ම සියල්ල අරණ්‍යවෙයි.

වෘක්ෂමූලය:-යනු යම් තැනෙක්හි භික්ෂූන්ගේ ඇඳ හෝ පුටුව හෝ බුදිරිය හෝ පැදුර හෝ සම්කඩ හෝ තෘණ ඇතිරිය හෝ කොළ ඇතිරිය හෝ පිදුරු ඇතිරිය හෝ ආසන පනවන ලද්දේ වෙයිද ඒ ස්ථානයෙහි භික්ෂූහු සක්මන් කරන්නේ හෝ වෙයි, සිටින්නේ හෝ වෙයි, හිඳින්නේ හෝ වෙයි, සයනය කරන්නේ හෝ වෙයි.

සුන්‍ය:-යනු ගිහියන්ගෙන් හෝ පැවිද්දන්ගෙන් හෝ කිසිවෙකුගෙන් ගැවසී නොගත් තැන යනුයි.

ගෙය:-යනු විහාරයක් හෝ ගුරුළුපත් හැඩය ඇති ගෙය හෝ ප්‍රාසාදය හෝ සඳලු සහිත ගෙය හෝ ගුහාව හෝ වෙයි.

පළඟ බැඳ හිඳ යනු පළඟ බැඳ හිඳගත්තේ වෙයි

කය කෙළින් තබා යනු මනාව පිහිටුවන ලද කය නොඇදව කෙලින් සිටියේ වෙයි.

සිහිය පරිමුඛකොට තබා:-යනු මෙහි පරි යනු දැඩිකොට ගැනීම් අර්ථ ඇත්තේය. මුඛ යනු එතෙරවීමට ප්‍රමුඛවීම යන අර්ථය ඇත්තේය. සති යනු එළඹ සිටීම අර්ථ කොට ඇත්තේය. එයින් සිහිය නිවනට පමුණුවන්නාවූ ධර්මය වශයෙන් දැඩිව ගෙන පිහිටුවායි කියනු ලැබේ.

සිහි ඇතිව ආශ්වාස කරයි. සිහි ඇතිව ප්‍රශ්වාසකරයි. යන මෙහි දෙතිස් ආකාරයකින් සිහිය කරන (උපදවන) සුලුවූයේ වෙයි. දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් සිතේ එකඟබව නොවිසිරයාම දැනගන්නාවූ යොගාවචරයාහට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ ඤාණයෙන් සිහිය ඇති කරන සුලුවූයේ වෙයි. දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් සිතේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් සිහිය ඇති කරන්නේ වෙයි. හ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් සිතේ එකඟ බව නොවිසිරයාම දන්නහුට සිහිය එළඹ සිටියේ වෙයි. එම සිහියෙන් එම ඤාණයෙන් සිහිය ඇති කරන්නේ වෙයි. හ්‍රස්වව ප්‍රශ්වාස කිරීම් වශයෙන් සිතේ එකඟ බව නොවිසිර යාම දන්නහුට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ ඤාණයෙන් සිහිය ඇතිකරන්නේ වෙයි. (31 ඡෙදයේ (ii) සියලු ආශ්වාස කය දැනගනිමින් යනාදී මුල්පද පමණක් යොදා ගත යුතුය.) අත්හැරීම බලමින් ආශ්වාස කිරීම් වශයෙන් අත්හැරීම බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් සිතේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ ඤාණයෙන් සිහිය ඇති කරන්නේ වෙයි.

පඨමචතුක්කනිද්දෙසො

කෙසේ නම් දීර්ඝව ආශ්වාස කරන්නේ දීර්ඝව ආශ්වාස කරන්නෙමියි දනීද දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රශ්වාස කරන්නෙමියි දනීද? දීර්ඝ ආශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ප්‍රශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස ප්‍රශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස කරන්නහුටද ප්‍රශ්වාස කරන්නහුටද ඡන්දය (කැමැත්ත) උපදියි. ඡන්දයාගේ වශයෙන් ඊටද වඩා සියුම්වූ දීර්ඝවූ ආශ්වාසය දීර්ඝවූ කාලයෙහි ආශ්වාසයකරයි. ඡන්දයාගේ වශයෙන් ඊටද වඩා සියුම්වූ ප්‍රශ්වාසය දීර්ඝවූ කාලයෙහි ප්‍රශ්වාස කරයි. ඡන්දයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝවූ කාලයෙහි ආශ්වාස කරන්නහුටද ප්‍රශ්වාස කරන්නහුටද ප්‍රමොද්‍යය (සතුට) උපදියි. ප්‍රමොද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ ආශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස කරයි. ප්‍රමෝද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ප්‍රශ්වාස කරයි. ප්‍රමොද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම් ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාසයද කරයි. ප්‍රශ්වාසද කරයි. ප්‍රමොද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස කරන්නාහටද ප්‍රශ්වාස කරන්නාහටද (ප්‍රතිභාග නිමිත්ත ඉපදීමෙන් ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයෙන්) සිත නවතියි. උපෙක්ෂාව පිහිටයි. මේ නව ආකාරයෙන් දීර්ඝවූ ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය නමි. අරමුණට එළඹ සිටීම සති නමි. නැවත නැවත බැලීම අනුපස්සනා නමි. කය උපට්ඨානය (එළඹ සිටීමට ස්ථානය) වෙයි. සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි සතියද වෙයි. එම සිහියෙන් එම ඤාණයෙන් එම කය නැවත නැවත බලන්නේය. එහෙයින් කයෙහි කය නැවත නැවත බලන්නාවූ සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යන මෙහි ඒ කය කෙසේ නැවත නැවත බලයිද අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොබලයි. දුක් වශයෙන් බලයි සැප වශයෙන් නොවේ. අනාත්ම වශයෙන් බලයි ආත්ම වශයෙන් නොබලයි. කලකිරෙයි, සතුටු නොවෙයි, වෙන්වෙයි, නොඇලෙයි, නිරුද්ධ කරයි, නූපදවයි, අත්හරියි, අල්වානොගනියි, අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය සංඥාව දුරුකරයි. දුක් වශයෙන් බලන්නේ සුඛ සංඥාව දුරුකරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරුකරයි. කලකිරෙන්නේ තෘෂ්ණා සහගත සතුට දුරුකරයි. වෙන්වන්නේ ඇලීම දුරුකරයි. නිරුද්ධ කරන්නේ පහළවීමේ හෙතුව දුරුකරයි. අත්හරින්නේ අල්වාගැනීම දුරුකරයි. මෙසේ කය නැවත නැවත බලයි.

(i) භාවනා යන මෙහි භාවනා සතරකි. එහි පහළවන ධර්මයන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනාව ඉන්ද්‍රියන්ගේ සමාන කෘත්‍ය ඇති අර්ථයෙන් භාවනාව ඊට අනුකූල වීර්යයෙන් හා ඉසිලීම් අර්ථයෙන් භාවනාව යන මේ සතරය.

(ii) දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් සිතේ එකඟබව නොවිසිරයාම දැනගන්නහුට ප්‍රකටවූ වේදනා උපදිත්. (ii) ප්‍රකටවූ වේදනා වැටහෙත්, ප්‍රකටවූ වේදනා විනාශයට යෙත්. ප්‍රකටවූ සංඥාවෝ උපදිත්. ප්‍රකටවූ සංඥාවෝ වැටහෙත්. ප්‍රකටවූ සංඥාවෝ විනාශයට යත්. ප්‍රකටවූ විතර්කයෝ උපදිත්, ප්‍රකටවූ විතර්කයෝ වැටහෙත්. ප්‍රකටවූ විතර්කයෝ විනාශයට යෙත්.

වේදනාවගේ ඉපදීම කෙසේ ප්‍රකට වේද, අවිද්‍යාවගේ පහළවීම හෙතුකොට ගෙන වේදනාවගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් වේදනාවගේ ඉපදීම ප්‍රකට වූයේ වෙයි. තෘෂ්ණාවගේ පහළවීම් හෙතුකොට ගෙන වේදනාවගේ පහළවීම වෙයි. කර්මයාගේ පහළවීම හෙතුකොට ගෙන වේදනාවගේ පහළවීම වෙයි. ඵස්සයාගේ පහළවීම හෙතුකොට ගෙන වේදනාවගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් වේදනාවගේ ඉපදීම ප්‍රකටවූයේ වෙයි. ඉපදීම් ලක්ෂණය දක්නාහටද වේදනාවගේ ඉපදීම ප්‍රකටවූයේ වෙයි. මෙසේ වේදනාවගේ ඉපදීම ප්‍රකට වෙයි.

(i) කෙසේ වේදනාවගේ වැටහීම ප්‍රකටවෙයිද? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ක්ෂය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට භය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට සුන්‍ය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. මෙසේ වේදනාවගේ වැටහීම ප්‍රකට වෙයි.

කෙසේ වේදනාවගේ විනාශය ප්‍රකට වෙයිද අවිද්‍යාව නිරුද්ධවීම හෙතුකොට ගෙන වේදනාව නිරුද්ධවේයයි ප්‍රත්‍යයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් වේදනාවගේ විනාශය ප්‍රකට වූයේ වෙයි. තෘෂ්ණාව නිරුද්ධවීම හෙතුකොටගෙන වේදනාව නිරුද්ධ වේයයි කර්මය නිරුද්ධවීම හෙතුකොට ගෙන වේදනාව නිරුද්ධ වේයයි ඵස්සය නිරුද්ධවීම හෙතුකොට ගෙන වේදනාව නිරුද්ධවේයයි ප්‍රත්‍යය නිරුද්ධවීම් අර්ථයෙන් වේදනාවගේ විනාශය ප්‍රකටවූයේ වෙයි. විපරිණාම ලක්ෂණය දක්නා හටද වේදනාවගේ විනාශය ප්‍රකටවූයේ වෙයි. මෙසේ වේදනාවගේ විනාශය ප්‍රකටවූයේ වෙයි. මෙසේ ප්‍රකටවූ වේදනාවෝ උපදිත්, ප්‍රකටවූ වේදනාවෝ වැටහෙත්, ප්‍රකටවූ වේදනාවෝ විනාශ වෙත්.

කෙසේ ප්‍රකටවූ සංඥාවෝ උපදිත්ද ප්‍රකටවූ සංඥාවෝ වැටහෙත්ද ප්‍රකටවූ සංඥවෝ විනාශ වෙත්ද? කෙසේ සංඥාවගේ ඉපදීම ප්‍රකට වෙයිද? අවිද්‍යාවගේ ඉපදීම හෙතුකොට ගෙන සඤ්ඤාවගේ ඉපදීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් සඤ්ඤාවගේ ඉපදීම ප්‍රකටවෙයි. තෘෂ්ණාවගේ ඉපදීම හෙතුකොට ගෙන සඤ්ඤාවගේ ඉපදීම වේයයි කර්මයාගේ ඉපදීම හෙතුකොට ගෙන සඤ්ඤාවගේ ඉපදීම වේයයි ඵස්සයාගේ ඉපදීම හෙතුකොට ගෙන සඤ්ඤාවගේ ඉපදීම වේයයි ප්‍රත්‍යයාගේ ඉපදීම් අර්ථයෙන් සඤ්ඤාවගේ ප්‍රකටවෙයි. ඉපදීම් ලක්ෂණය දක්නාහටද සඤ්ඤාවගේ ඉපදීම ප්‍රකටවෙයි. මෙසේ සඤ්ඤාවගේ ඉපදීම ප්‍රකට වෙයි.

කෙසේ සංඤාවගේ වැටහීම ප්‍රකට වෙයිද? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට ක්ෂය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට භය වශයෙන් ප්‍රකට වෙයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට සුන්‍ය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. මෙසේ සඤ්ඤාවගේ වැටහීම ප්‍රකට වෙයි.

කෙසේ සඤ්ඤාවගේ විනාශය ප්‍රකට වෙයිද? අවිද්‍යාවගේ නිරුද්ධවීම හෙතුකොට ගෙන සඤ්ඤාව නිරුද්ධ වේයයි ප්‍රත්‍යය නිරුද්ධවීම් අර්ථයෙන් සඤ්ඤාවගේ විනාශය ප්‍රකටවෙයි. තෘෂ්ණාව නිරුද්ධවීම හෙතුකොට ගෙන සඤ්ඤාව නිරුද්ධ වේයයි කර්මය නිරුද්ධවීම හෙතුකොට ගෙන සඤ්ඤාව නිරුද්ධ වේයයි ඵස්සය නිරුද්ධවීම හෙතුකොට ගෙන සඤ්ඤාව නිරුද්ධ වේයයි ප්‍රත්‍යය නිරුද්ධවීම් අර්ථයෙන් සඤ්ඤාවගේ විනාශය ප්‍රකටවෙයි. විපරිනාම ලක්ෂණය දක්නාහටද සඤ්ඤාවගේ විනාශය ප්‍රකට වෙයි. මෙසේ සඤ්ඤාවගේ විනාශය ප්‍රකටවූයේ වෙයි. මෙසේ ප්‍රකටවූ සඤ්ඤාවෝ උපදිත්. ප්‍රකටවූ සඤ්ඤාවෝ වැටහෙත්. ප්‍රකටවූ සඤ්ඤාවෝ විනාශයට පැමිණෙත්.

කෙසේ ප්‍රකටවූ විතර්කයෝ උපදිත්ද ප්‍රකටවූ විතර්කයෝ වැටහෙත්ද ප්‍රකටවූ විතර්කයෝ විනාශයට යෙද්ද? කෙසේ විතර්කයන්ගේ ඉපදීම ප්‍රකට වෙයිද? අවිද්‍යාව (ii) පහළවීම හෙතුකොට ගෙන විතර්කයාගේ පහළවීම වේයයි ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් විතර්කයන්ගේ ඉපදීම ප්‍රකට වෙයි. (iii) තෘෂ්ණාව (මෙහි (ii) කර්මයාගේ (මෙහි ii) සඤ්ඤාවගේ (මෙහි ii) ප්‍රත්‍යයාගේ පහළවීම් අර්ථයෙන් විතර්කයන්ගේ ඉපදීම ප්‍රකට වෙයි. ඉපදීම් ලක්ෂණය දක්නහුටද විතර්කයන්ගේ ඉපදීම ප්‍රකට වෙයි. මෙසේ විතර්කයන්ගේ ඉපදීම ප්‍රකට වෙයි.

කෙසේ විතර්කයන්ගේ වැටහීම ප්‍රකටවෙයිද? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ක්ෂය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට භය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට සූන්‍ය වශයෙන් වැටහීම ප්‍රකට වෙයි. මෙසේ විතර්කයන්ගේ වැටහීම ප්‍රකට වෙයි.

කෙසේ විතර්කයන්ගේ විනාශය ප්‍රකට වේද? අවිද්‍යාව නිරුද්ධවීම හෙතුකොට ගෙන විතර්කයාගේ නිරොධය වේයයි ප්‍රත්‍යයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් විතර්කයන්ගේ විනාශය ප්‍රකට වෙයි. තෘෂ්ණාව (ii) නිරුද්ධවීම හෙතුකොට ගෙන විතර්කයාගේ නිරොධය වේයයි (iii) කර්මය (මෙහි (ii) සඤ්ඤාව (මෙහි ii) ප්‍රත්‍යයාගේ නිරුද්ධවීම් අර්ථයෙන් විතර්කයන්ගේ විනාශය ප්‍රකට වෙයි. විපරිනාම ලක්ෂණය දක්නහුටද විතර්කයන්ගේ විනාශය ප්‍රකට වෙයි. මෙසේ විතර්කයන්ගේ විනාශය ප්‍රකට වෙයි. මෙසේ ප්‍රකටවූ විතර්කයෝ උපදිත්. ප්‍රකටවූ විතර්කයෝ වැටහෙත්, ප්‍රකටවූ විතර්කයෝ විනාශයට යත්.

දීර්ඝව කරන්නාවූ ආශ්වාස ප්‍රශ්වාසයාගේ වශයෙන් (ii) චිත්තයාගේ එකඟ බව නොවිසිර ගිය බව දන්නාවූ යොගාවචර තෙම ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. ගොචරයද දැනගනියි. සම බව හා අර්ථයද ප්‍රතිවෙධ කරයි. (iii) භ්‍රස්වව කරන්නාවූ ආශ්වාස ප්‍රශ්වාසයාගේ වශයෙන් (මෙහි (ii) යොදන්න.)

ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි යන මෙහි කෙසේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයිද? (ii) ස්ථිරව ඇදහීම් අර්ථයෙන් සද්ධින්ද්‍රිය අරමුණෙහි පිහිටුවයි. එසවීම් අර්ථයෙන් විරියින්ද්‍රිය අරමුණෙහි පිහිටුවයි. එළඹ සිටීම් අර්ථයෙන් සතින්ද්‍රිය අරමුණෙහි පිහිටුවයි. නොවිසිරයාම අර්ථයෙන් සමාධින්ද්‍රිය අරමුණෙහි පිහිටුවයි. දැකීම් අර්ථයෙන් සඤ්ඤින්ද්‍රිය අරමුණෙහි පිහිටුවයි. මේ පුද්ගල තෙමේ මේ ඉන්ද්‍රියයන් මේ අරමුණෙහි පිහිටුවයි. එහෙයින් ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි යනු කියනු ලැබේ.

ගොචරයද දැනගනියි යන මෙහි යමක් ඔහුගේ අරමුණද එය ඔහුගේ ගොචර නමි. යමක් ඔහුගේ ගොචරයද එය ඔහුගේ අරමුණ වෙයි. දැනගනියි යනු පුද්ගලයා දැනගනියි. දැනීම ප්‍රඥාවයි.

(ii) ‘සම’ යනු ආරම්මණයාගේ වැටහීම ‘සම’ නමි. චිත්තයාගේ නොවිසිරයාම සම නමි. චිත්තයාගේ අධිෂ්ඨානය සම නමි. චිත්තයාගේ පිරිසිදුවීම සම නමි. ‘අර්ථය’ යනු වරද නැති බව යන අර්ථය කෙලෙස් නැති බව යන අර්ථය උතුම් අර්ථය යන අර්ථයි. ‘ප්‍රතිවෙධ කරයි’ යනු ආරම්මණයාගේ එලඹ සිටීම් අර්ථය ප්‍රතිවෙධ කරයි. චිත්තයාගේ අධිෂ්ඨානාර්ථය ප්‍රතිවෙධ කරයි. චිත්තයාගේ වේදානාර්ථය ප්‍රතිවෙධ කරයි. එහෙයින් සම බව හා අර්ථය ප්‍රතිවෙධ කරන්නේයයි කියනු ලැබේ.

‘බලයන්’ අරමුණෙහි පිහිටුවයි, යන මෙහි කෙසේ බලයන් අරමුණෙහි පිහිටුවයිද? අශ්‍රද්ධාවෙන් කම්පා නොකළ හැකි ස්වභාවයෙන් ශ්‍රද්ධා බලය පිහිටුවයි. කුසීතකමින් කම්පා නොකළ හැකි ස්වභාවයෙන් වීර්යබලය පිහිටුවයි. ප්‍රමාදයෙන් කම්පා නොකළ හැකි ස්වභාවයෙන් සතිබලය පිහිටුවයි. උද්ධච්චයෙන් කම්පානොකළ හැකි ස්වභාවයෙන් සමාධිබලය පිහිටුවයි. අවිද්‍යාවෙන් කම්පා නොකළ හැකි ස්වභාවයෙන් ප්‍රඥාබලය පිහිටුවයි. මේ පුද්ගලතෙම මේ බලයන් මේ ආරම්මණයෙහි පිහිටුවයි. එහෙයින් බලයන් පිහිටුවන්නේයයි කියනු ලැබේ.

ගොචරයද දනියි යනු (මෙහි 48 (ii) ඡෙදය යොදන්න.) එහෙයින් සමබවද අර්ථයද ප්‍රතිවෙධ කරන්නේ යයි කියනු ලැබේ.

බොධ්‍යංගයන් පිහිටුවයි යන මෙහි කෙසේ බොධ්‍යංගයන් පිහිටුවයිද? එළඹ සිටීම් අර්ථයෙන් සති සම්බොජ්ඣගය පිහිටුවයි. ධර්මයන් සෙවීම් අර්ථයෙන් ධම්මවිචය සම්බොජ්ඣගය පිහිටුවයි. එසවීම් අර්ථයෙන් වීරිය සම්බොජ්ඣගය පිහිටුවයි. පැතිරීම් අර්ථයෙන් පීති සම්බොජ්ඣගය පිහිටුවයි. සංසිඳීම් අර්ථයෙන් පස්සද්ධි සම්බොජ්ඣගය පිහිටුවයි. නොවිසිරයාම් අර්ථයෙන් සමාධි සම්බොජ්ඣගය පිහිටුවයි, මැදහත්වීම් අර්ථයෙන් උපෙක්ඛා සම්බොජ්ඣගය පිහිටුවයි. මේ පුද්ගල තෙම මේ බොධ්‍යංගයන් මේ ආරම්මණයෙහි පිහිටුවයි. එහෙයින් බොධ්‍යංගයන් පිහිටුවන්නේ යයි කියනු ලැබේ. ගොචරයද දැනගනියි යනු (මෙහි 48 (ii) ඡෙදය යොදන්න) එහෙයින් සම බව හා අර්ථයද ප්‍රතිවෙධ කරන්නේයයි කියනු ලැබේ.

මාර්ගය පිහිටුවයි යන මෙහි කෙසේ මාර්ගය පිහිටුවයිද? දැකීම් අර්ථයෙන් සම්මාදිට්ඨිය පිහිටුවයි. අරමුණට නැංවීම් අර්ථයෙන් සම්මා සංකප්පය පිහිටුවයි, වැළඳ ගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය පිහිටුවයි. මනාව පිහිටීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය පිහිටුවයි. පිරිසිදුවීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය පිහිටුවයි, එසවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය පිහිටුවයි. එළඹ සිටීම් අර්ථයෙන් සම්මා සතිය පිහිටුවයි. නොවිසිර යාම් අර්ථයෙන් සම්මා සමාධිය පිහිටුවයි. මේ පුද්ගලතෙම මේ මාර්ගය මේ අරමුණෙහි පිහිටුවයි. එහෙයින් මාර්ගය පිහිටුවන්නේයයි කියනු ලැබේ.

‘ගොචරයද දනියි’ යනු (මෙහි 48 (ii) ඡෙදය යොදන්න.) එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

ධර්මයන් පිහිටුවයි යන මෙහි කෙසේ ධර්මයන් පිහිටුවයිද? අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයන් පිහිටුවයි. කම්පා නොකළ හැකි අර්ථයෙන් බලයන් පිහිටුවයි. එතරකිරීම් අර්ථයෙන් බොධ්‍යංගයන් පිහිටුවයි. හෙතු අර්ථයෙන් මාර්ගය පිහිටුවයි. එළඹ සිටීම් අර්ථයෙන් සතිපට්ඨානයන් පිහිටුවයි. උත්සාහ කිරීම් අර්ථයෙන් සම්‍යක් ප්‍රධානයන් පිහිටුවයි. සමෘද්ධවීම් අර්ථයෙන් ඍද්ධිපාදය පිහිටුවයි. විද්‍යාමානාර්ථයෙන් සත්‍යය පිහිටුවයි. නොවිසිරයාම් අර්ථයෙන් සමථය පිහිටුවයි. නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනා පිහිටුවයි. සමාන කෘත්‍ය ඇති අර්ථයෙන් සමථ විදර්ශනා පිහිටුවයි. ඔවුනොවුන් නොඉක්මවීම් අර්ථයෙන් යුගනන්ධය පිහිටුවයි. සංවර අර්ථයෙන් සීල විසුද්ධිය පිහිටුවයි. නොවිසිරයාම් අර්ථයෙන් චිත්ත විසුද්ධිය පිහිටුවයි. දැකීම් අර්ථයෙන් දිට්ඨි විසුද්ධිය පිහිටුවයි. මිදීම් අර්ථයෙන් විමොක්ෂය පිහිටුවයි. ප්‍රතිවෙධ කිරීම් අර්ථයෙන් විද්‍යාව පිහිටුවයි. අත්හැරීම් අර්ථයෙන් විමුක්තිය පිහිටුවයි. මුල් සිඳීම් අර්ථයෙන් ක්ෂය කිරීමෙහි ඤාණය පිහිටුවයි. සංසිඳීම් අර්ථයෙන් අනුත්පාදයෙහි ඤාණය පිහිටුවයි. ඡන්දය මුල්වීම් අර්ථයෙන් පිහිටුවයි. මනසිකාරය පහළකිරීමේ හෙතු අර්ථයෙන් පිහිටුවයි. ඵස්සය පිහිටුවීම් අර්ථයෙන් පිහිටුවයි. වේදනාව එක්වීම් අර්ථයෙන් පිහිටුවයි. සමාධිය ප්‍රමුඛ අර්ථයෙන් පිහිටුවයි. සතිය අධිපති අර්ථයෙන් පිහිටුවයි. ප්‍රඥාව ඒ ඒ ධර්මයන්ට උතුම් අර්ථයෙන් පිහිටුවයි. විමුක්තිය සාර අර්ථයෙන් පිහිටුවයි. අමෘතයට අයත් නිර්වාණය අවසානාර්ථයෙන් පිහිටුවයි. මේ පුද්ගල තෙම මේ ධර්මයන් මේ අරමුණෙහි පිහිටුවයි. එහෙයින් ධර්මයන් පිහිටුවන්නේයයි කියනු ලැබේ. ‘සම’ යනු ආරම්මණයාගේ එළඹ සිටීම් සම නමි. චිත්තයාගේ නොවිසිරයාම සම නමි. චිත්ත අධිෂ්ඨානය සම නමි. චිත්තයාගේ පිරිසිදු බව සම නමි. ‘අර්ථය’ යනු නිවරද බව යන අර්ථයද කෙලෙස් රහිත බව යන අර්ථයද පිරිසිදු බව යන අර්ථයද වෙත්. ‘ප්‍රතිවෙධ කරයි’ යනු ආරම්මණයාගේ එළඹ සිටීම් අර්ථය ප්‍රතිවේධ කරයි. චිත්තයාගේ නොවිසිරයාම් අර්ථය ප්‍රතිවෙධ කරයි. චිත්තයාගේ අධිෂ්ඨානාර්ථය ප්‍රතිවේධ කරයි. චිත්තයාගේ පිරිසිදුවීම් අර්ථය පිරිසිදු කරයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කරන්නේයයි කියනු ලැබේ.

කෙසේ හ්‍රස්ව කොට ආශ්වාස කරන්නේ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දැනගනීද? හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමියි දැනගනීද? හ්‍රස්ව ආශ්වාසය කොට කාලයෙහි ආශ්වාස කරයි. හ්‍රස්ව ප්‍රශ්වාසය කොට කාලයෙහි ප්‍රශ්වාස කරයි. හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසය කොට කාලයෙහි ආශ්වාස කරන්නේද වෙයි. ප්‍රශ්වාස කරන්නේද වෙයි. හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසය කොට කාලයෙහි ආශ්වාස කරන්නාහටද ප්‍රශ්වාස කරන්නාහටද ඡන්දය (කැමැත්ත) උපදියි. ඡන්දයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ කොට ආශ්වාසය කොට කාලයෙහි ආශ්වාස කරයි. ඡන්දයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ කොට ප්‍රශ්වාසය කොට කාලයෙහි ප්‍රශ්වාස කරයි. ඡන්දයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසය කෙටි කාලයෙහි ආශ්වාසයද කරයි. ප්‍රශ්වාසයද කරයි. ඡන්දයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසය කොට කාලයෙහි ආශ්වාස කරන්නා හටද ප්‍රශ්වාස කරන්නාහටද ප්‍රමොද්‍යය (සතුට) උපදියි. ප්‍රමොද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ හ්‍රස්ව ආශ්වාසය කෙටි කාලයෙහි ආශ්වාස කරයි. ප්‍රමොද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ හ්‍රස්ව ප්‍රශ්වාසය කෙටි කාලයෙහි ප්‍රශ්වාස කරයි. ප්‍රමොද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසය කෙටි කාලයෙහි ආශ්වාසයද කරයි. ප්‍රශ්වාසද කරයි. ප්‍රමොද්‍යයාගේ වශයෙන් ඊට වඩා සියුම්වූ හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසය කෙටි කාලයෙහි ආශ්වාස කරන්නාහටද ප්‍රශ්වාස කරන්නාහටද හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙන් සිත නවතියි. උපෙක්ෂාව පිහිටයි. මේ නව ආකාරයෙන් හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය නමි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. කය උපට්ඨානය වෙයි. සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි, සතියද වෙයි, එම සිහියෙන්ද එම ඤාණයෙන්ද කය නැවත නැවත බලන්නේය. එහෙයින් කයෙහි ආශ්වාස ප්‍රශ්වාස කය නැවත නැවත බලන්නාවූ සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

අනුපස්සති යන මෙහි කෙසේ එම කය බලන්නේද? (මෙහි 35 ඡෙදය යොදන්න) මෙසේ ඒ කය බලයි. භාවනා යනු මෙහි භාවනා සතරකි. (මෙහි 36 ඡෙදයේ (ii) යොදන්න) නැවත නැවත සෙවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි. හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාවූ යොගාවචරයාහට ප්‍රකටවූ වේදනා උපදිත්. හ්‍රස්ව ආශ්වාස ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නා යොගාවචරතෙම ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. (මෙහි 46 ඡෙදයේ ඉන්ද්‍රියයන් යන තැන සිට යොදන්න) එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ සියලු කය දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද සියලු කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද?

කය යන මෙහි කාය දෙකකි. නාම කයද රූප කයද වෙයි. නාම කය කවරේද? වේදනාවද සඤ්ඤාවද චෙතනාවද ඵස්සයද මනසිකාරයද නාමයද නාම ධර්ම සමූහයද යම් ධර්ම කෙනෙක් චිත්ත සංඛාරයෝයයි කියනු ලැබෙද්ද මේ නාම කය නම් වෙයි.

රූප කය නම් කවරේද? සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයද ආශ්වාස ප්‍රශ්වාසයද නිමිත්තවූ ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්ශ වන තැනද යම් ධර්ම කෙනෙක් කාය සංඛාරයෝයයි කියනු ලැබෙද්ද මෙය රූප කය නමි.

ඒ කායයෝ කෙසේ ප්‍රකට කරනලද්දාහු වෙද්ද දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිර යාම දැනගන්නාහට සිහිය එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ ඤාණයෙන් ඒ කායයෝ ප්‍රකට කරන ලද්දාහු වෙත්. දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට සිහිය එළඹ සිටියා වෙයි, එම සිහියෙන් එම ඤාණයෙන් ඒ කායයෝ ප්‍රකට කරන ලද්දාහු වෙත්.

හ්‍රස්ව ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට (ii) සිහිය එළඹ සිටියා වෙයි, ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ කායයෝ ප්‍රකට කරනු ලද්දාහු වෙත්. (iii) හ්‍රස්වව ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට සිහිය එළඹ සිටියා වෙයි. එම සිහියෙන් (මෙහි (ii) යොදන්න.)

මේ ඡෙදයේ ඒ ඒ වාක්‍ය අගට (ii) ඒ කායයෝ ප්‍රකට වෙත් යන්න යෙදිය යුතුයි.)

ආවර්ජනය කරන්නාහට (ii) ඒ කායයෝ ප්‍රකටවෙත්. (iii) දැනගන්නාහට- ප්‍රත්‍යවෙක්ෂා කරන්නාහට- සිත අධිෂ්ඨාන කරන්නාහට- ශ්‍රද්ධාවෙන් දැඩිව බැසගන්නාහට- වීර්යයෙන් ඔසවන්නාහට- සිහිය එළවන්නාහට- සිත එකඟ කරන්නාහට-සඤ්ඤාවෙන් දැනගන්නාහට- දතයුතු ධර්මය දැනගන්නාහට-පිරිසිඳ දැනගතයුත්ත පිරිසිඳ දැනගන්නාහට- පහකළ යුත්ත පහකරන්නාහට- වැඩියයුත්ත වඩන්නාහට- ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නාහට- මෙසේ ඒ කායයෝ ප්‍රකට වෙත්. සියලු කායයන් දැනගන්නාවූ ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය නමි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. කය උපට්ඨානය වෙයි. සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි. සතිය වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ කය නැවත නැවත බලයි. එහෙයින් කයෙහි කය නැවත නැවත බලන්නාවූ සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යනු කෙසේ ඒ කය නැවත නැවත බලයිද (මෙහි 35 ඡෙදය යොදන්න) මෙසේ ඒ කය නැවත නැවත බලයි. භාවනාවෙහි භාවනා සතරකි, (මෙහි 36 ඡෙදයේ (ii) යොදන්න) සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි.

සියලු කය දැනගනිමින් කරන්නාවූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් උපන් සීලය සංවරවීම් අර්ථයෙන් සීල විසුද්ධි නමි, සමාධිය නොවිසිරයාම් අර්ථයෙන් චිත්ත විසුද්ධිය නමි. ප්‍රඥාව දැකීම් අර්ථයෙන් දිට්ඨි විසුද්ධි නමි. එහි යම් සංවර ස්වභාවයක් ඇද්ද එය අධිශීල ශික්ෂා නමි. එහි යම් නොවිසිරයාම් ස්වභාවයක් වේද එය අධිචිත්ත ශික්ෂා නමි. එහි යම් දැකීම් ස්වභාවයක් වෙයිද එය අධිප්‍රඥා ශික්ෂා නමි. මේ ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජනය කරමින් හික්මෙයි. දැනගනිමින් හික්මෙයි, දකිමින් හික්මෙයි, ප්‍රත්‍යවෙක්ෂා කරමින් හික්මෙයි, සිත පිහිටුවමින් හික්මෙයි, ශ්‍රද්ධාවෙන් බැසගනිමින් හික්මෙයි, වීර්යය ඔසවමින් හික්මෙයි, සිහිය එළවමින් හික්මෙයි, සිත එකඟ කරමින් හික්මෙයි, ප්‍රඥාවෙන් දැනගනිමින් හික්මෙයි, දත යුත්ත දැනගනිමින් හික්මෙයි, පිරිසිඳ දතයුත්ත පිරිසිඳ දැනගනිමින් හික්මෙයි. පහකළ යුත්ත පහකරමින් හික්මෙයි, වැඩියයුත්ත වඩමින් හික්මෙයි, ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරමින් හික්මෙයි. සියලු කය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නාවූ යොගාවචරයාහට ප්‍රකටවූ වේදනා උපදිත්. (මෙහි 38 ඡෙදය යොදන්න) සියලු කය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාවූ යොගාවචරතෙම ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. (මෙහි 46 ඡෙදයේ ඉන්ද්‍රියයන් යන තැන සිට යොදන්න) එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධකෙරේයයි කියනු ලැබේ.

කෙසේ කාය සංඛාරය සංසිඳවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංඛාරය සංසිඳවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, කාය සංඛාරය නම් කවරේද? දීර්ඝ ආශ්වාසයෝ කයින් හටගත්තාහුය. ඒ ධර්මයෝ කය ඇසුරු කොට ඇති කාය සංඛාරයෝ වෙත්. ඒ කාය සංඛාරයන් සංසිඳුවමින් නිරුද්ධ කරමින් ශාන්ත බවට පමුණුවමින් හික්මෙයි. දීර්ඝ ප්‍රශ්වාසයෝ කයින් හටගත්තාහුය. ඒ ධර්මයෝ කය ඇසුරුකොට පවත්නා කාය සංඛාරයෝ වෙත්. ඒ කාය සංඛාරයන් සංසිඳුවමින් නිරුද්ධ කරමින් ශාන්ත බවට පමුණුවමින් හික්මෙයි.

හ්‍රස්ව ආශ්වාසයෝ- හ්‍රස්ව ප්‍රශ්වාසයෝ සියලු කය දැනගනිමින් කරන්නාවූ ආශ්වාසයෝ සියලු කය දැනගනිමින් කරන්නාවූ ප්‍රශ්වාසයෝ කයින් හටගත්තාහුය. ඒ ධර්මයෝ කය ඇසුරුකොට ඇත්තාවූ කාය සංඛාරයෝ වෙත්. ඒ කාය සංඛාරයන් සංසිඳුවමින් නිරුද්ධ කරමින් ශාන්ත බවට පමුණුවමින් හික්මෙයි. යම්බඳුවූ කාය සංඛාරයන් කරණකොට ගෙන ශරීරයාගේ පිටුපසට නැමීමක් ඇලයට නැමීමක් ඉදිරියට නැමීමක් කම්පනයක් මඳ සෙලවීමක් අධික සෙලවීමක් අධික කම්පනයක් වේද, එම කාය සංඛාරයන් සංසිඳවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. එම කාය සංඛාරයන් සංසිඳවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

යම්බඳුවූ කාය සංඛාරයන් කරණකොටගෙන ශරීරයේ පිටුපසම යම් නොනැමීමක් වේද, යම් ඇලයට නොනැමීමක් වේද යම් ඉදිරියට නොනැමීමක් වේද කම්පා නොවීමක් වේද මඳ සෙලවීමක් නොවේද අධික සෙලවීමක් නොවේද එසේ සියුම්වූ කාය සංඛාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියුම් කාය සංඛාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මෙසේ සියුම් කාය සංඛාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි නම් සියුම් කාය සංඛාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි නම් එසේ ඇති කල්හි ආශ්වාස ප්‍රශ්වාස වාතය අරමුණුකොට ඇති විඤ්ඤාණයාගේ වැඩීමක්ද නොවන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වැඩීමක්ද නොවන්නේය. ආනාපාන සතියගේ වැඩීමක්ද නොවන්නේය. ආනාපාන සති සමාධියගේ වැඩීමක්ද නොවන්නේය. එම සමාපත්තියට පණ්ඩිතයෝ සමවදින්නාහුද නොවෙත්. එයින් නැගිටින්නාහුද නොවෙත්.

එසේ සියුම් කාය සංඛාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේමය. සියුම් කාය සංඛාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය. එසේ ඇති කල්හි ආශ්වාස ප්‍රශ්වාස වාතය අරමුණුකොට පවත්නා විඤ්ඤාණයාගේ වැඩීමද වෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වැඩීමද වෙයි. ආනාපාන සතියගේ වැඩීමද වෙයි. ආනාපාන සති සමාධියගේ වැඩීමද වෙයි. එම සමාපත්තියට පණ්ඩිතයෝ සමවදින්නාහුද වෙත්. එයින් නැගිටින්නාහුද වෙත්. කුමක් මෙන්ද යත්, යම්සේ රන් තැටියට ගැසූකල පළමුව මහත් ශබ්දයෝ නගිත්ද, මහත් ශබ්දයන්ගේ ආකාරය මනාකොට ගන්නා ලද හෙයින් මනාකොට මෙනෙහි කරන ලද හෙයින් මනා කොට සිත්හි තබන ලද හෙයින් මහත් ශබ්ද නැතිව ගිය කල්හි ඉන්පසු සියුම් ශබ්ද පවතිත්ද ඒ සියුම් ශබ්දයන්ගේ ආකාරය මනාකොට ගත්හෙයින් මනාකොට මෙනෙහි කළ හෙයින් මනාකොට සිත්හි පැවැත්වූ හෙයින් සියුම් ශබ්දයන් නිරුද්ධවූ පසුත් වඩා සියුම් ශබ්දයන් අරමුණුකොට ඇති ස්වභාවයෙන් සිත පවතියි. එසේම පළමුව ඔළාරික ආශ්වාස ප්‍රශ්වාසයෝ පවතිත්. ඔළාරික ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ආකාරය මනාකොට ගත් බැවින් මනාකොට මෙනෙහි කළ හෙයින් මනාකොට සිත්හි තබන ලද හෙයින් ඔළාරික ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධවූ කල්හිද ඉන්පසු සියුම් ආශ්වාස ප්‍රශ්වාසයෝ පවතිත්. සියුම් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ආකාරය මනාකොට ගත්හෙයින් මනාකොට මෙනෙහි කළ හෙයින් මනාකොට සිත්හි තබන ලද හෙයින් සියුම් ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධවූ කල්හිද ඉන්පසු වඩා සියුම්වූ ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණු කොට ඇති ස්වභාවයෙන් පවත්නා සිත වික්ෂේපයට නොයයි. මෙසේ ඇති කල්හි ආශ්වාස ප්‍රශ්වාස වාතය අරමුණු කොට ඇති චිත්තයාගේ වැඩීමද වෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වැඩීමද වෙයි. ආනාපාන සතියගේ වැඩීමද වෙයි. ආනාපාන සති සමාධියගේ වැඩීමද වෙයි. එම සමාපත්තියට පණ්ඩිතයෝ සමවදින්නාහුද වෙත්. එයින් නැගිටින්නාහුද වෙත්.

කාය සංඛාරය සංසිඳුවමින් කරන්නාවූ ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය නමි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. කය උපට්ඨානය වෙයි, සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි, සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ කය නැවත නැවත බලයි. එහෙයින් කයෙහි කය අනුවබලන සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යන මෙහි කෙසේ එම කය නැවත නැවත බලයිද (35 ඡෙදයේ අනිත්‍ය වශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය තෙක් යොදන්න) මෙසේ ඒ කය නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ (ii) භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න) සේවනය කිරීම අර්ථයෙන් භාවනා නමි.

කාය සංඛාරය සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා සීලය සංවරාර්ථයෙන් සීල විසුද්ධි නමි. සමාධිය නොවිසිරයාම් අර්ථයෙන් චිත්ත විසුද්ධි නමි. ප්‍රඥාව දැකීම් අර්ථයෙන් දිට්ඨි විසුද්ධි නමි. එහි යම් සංවර ස්වභාවයක් වේද එය අධි ශීල ශික්ෂා නමි. එහි යම් නොවිසිර යම් ස්වභාවයක් වේද එය අධිචිත්ත ශික්ෂා නමි. එහි යම් දැකීම් ස්වභාවයක් වේද එය අධි ප්‍රඥා ශික්ෂා නමි. මේ ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජනය කරමින් හික්මෙයි. ප්‍රත්‍යක්ෂ කළයුතු ධර්මය ප්‍රත්‍යක්ෂ කරමින් හික්මෙයි.

කාය සංඛාර සංසිඳුවමින් කරන්නාවූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නාහට ප්‍රකටවූ වෙදනා උපදිත්. කාය සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කයෙහි කය අනුව බැලීමෙහි අනුපස්සනා ඤාණ අටද සති එළඹ සිටීම් අටක්ද සූත්‍රයෙහි වදාළ වස්තු සතරද මෙසේ දත යුතුය.

බණවර නිමි.

දුතියචතුක්කනිද්දෙසො

කෙසේ ප්‍රීතිය විඳිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද ප්‍රීතිය විඳිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? ප්‍රීතිය නම් කුමක්ද? දීර්ඝ ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නාහට ප්‍රීතිය ප්‍රමොද්‍යය උපදියි. (ii) යම් ප්‍රීතියක් යම් ප්‍රමොද්‍යයක් තුටුවන ස්වභාවයක් ප්‍රමුදිත වන ස්වභාවයක් සතුටුවීමක් පහටුවීමක් ධනය ලැබීමට සමාන වීමක් ඔදවැඩි බවක් චිත්තයාගේ සතුටු බවක් වෙයිද, එය ප්‍රීතියයි.

(iii) දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට ප්‍රීතිය ප්‍රමොද්‍යය උපදියි. (මෙහි (ii) යොදන්න) හ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් හ්‍රස්වව ප්‍රශ්වාස කිරීම් වශයෙන් සියලු කය දැනගනිමින් ආශ්වාසකිරීම් වශයෙන් සියලු කය දැනගනිමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් කාය සංඛාර සංසිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් කාය සංඛාර සංසිඳුවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාවූ යොගාවචරයා හට ප්‍රීතිය ප්‍රමොද්‍යය උපදියි. යම් ප්‍රීතියක් ප්‍රමොද්‍යයක් තුටු බවක් පහටු බවක් ධනය ලැබීමට සමාන බවක් ඔද වැඩි බවක් චිත්තයාගේ සතුටු බවක් වෙයි නම් මෙය ප්‍රීතියයි.

ඒ ප්‍රීතිය කෙසේ විඳිනලද්දී වෙයිද? දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට සතිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ ප්‍රීතිය විඳිනලද්දී වෙයි. දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට සිහිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ ප්‍රීතිය විඳිනලද්දී වෙයි. හ්‍රස්වකොට ආශ්වාස කිරීම් වශයෙන්-භ්‍රස්වකොට ප්‍රශ්වාස කිරීම් වශයෙන්- සියලු කය දැනගනිමින් ආශ්වාස කිරීම් වශයෙන්- සියලු කය දැනගනිමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන්- කාය සංඛාර සංසිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන්- කාය සංඛාර සංසිඳුවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව නොවිසිරයාම දැනගන්නහුට ඒ ප්‍රීතිය විඳිනලද්දී වෙයි. ආවර්ජනය කරන්නහුට ඒ ප්‍රීතිය ප්‍රකටවූවා වෙයි. (ii) දැනගන්නාහට දක්නා හට ප්‍රත්‍යවෙක්ෂා කරන්නාහට සිත පිහිටුවන්නාහට ශ්‍රද්ධාවෙන් බැසගන්නාහට වීර්යය ඔසවන්නාහට සතිය එළවන්නාහට සිත එකඟ කරන්නාහට ප්‍රඥාවෙන් දැනගන්නාහට දත යුත්ත දැනගන්නාහට පිරිසිඳ දතයුත්ත පිරිසිඳ දැනගන්නා හට පහකළ යුත්ත පහකරන්නාහට වැඩිය යුත්ත වඩන්නා හට (ii) ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නාහට ඒ ප්‍රීතිය ප්‍රකටවූවා වෙයි. මෙසේ ඒ ප්‍රීතිය ප්‍රකටවූවා වෙයි.

ප්‍රීතිය විඳිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා වෙදනා නමි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. වේදනාව උපට්ඨානය වෙයි. සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි. සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ වේදනාව නැවත නැවත බලයි. එහෙයින් වේදනාවන්හි වේදනා සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යනු මෙහි කෙසේ ඒ වේදනාව නැවත නැවත බලයිද? අනිත්‍ය වශයෙන් බලයි. (35 ඡෙදයේ අනිත්‍ය වශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය දක්වා යොදන්න) මෙසේ ඒ වේදනාව බලයි. භාවනා යන භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න) සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි. ප්‍රීතිය විඳිමින් කරන ආශ්වාස ප්‍රශ්වාසයාගේ වශයෙන් පවත්නා සීලය සංවරාර්ථයෙන් සීල විසුද්ධි නමි. ප්‍රීතිය විඳිමින් කරන ආශ්වාස ප්‍රශ්වාසයාගේ චිත්තයාගේ එකඟ බව විසිරයාම දැනගන්නහුට සිහිය එළඹ නොසිටින බව දැනගන්නා යොගාවචරතෙම ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ සුඛය ප්‍රකටව දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද? සුඛය ප්‍රකටව දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? සුඛ යන මෙහි සුඛ දෙකකි. කායික සුඛයද චෛතසික සුඛයද වෙත්. කායික සුඛය කවරේද? යම් කායිකවූ මිහිරි බවක් වෙයිද, කායික සැපයක් වෙයිද, කාය සම්ඵස්සයෙන් උපදනා යම් මිහිරිවූ සැපවූ විඳීම් ආකාරයක් වෙයිද, කාය සම්ඵස්සයෙන් උපදනා මිහිරිවූ සැපවූ යම් වේදනාවක් වෙයිද, මෙය කායික සුඛය නමි.

චෛතසික සුඛය කවරේද? සිතෙහිවූ යම් මිහිරි බවක් සිතෙහිවූ සැපයක් මනොසම්ඵස්සයෙන් උපදනා මිහිරිවූ සැපවූ විඳීම් ආකාරයක් මනො සම්ඵස්සයෙන් උපදනා මිහිරිවූ සැපවූ යම් වේදනාවක් වෙයිද මෙය චෛතසික සුඛය නමි.

කෙසේ ඒ සුඛයෝ ප්‍රකටව දැනගන්නා ලද්දාහු වෙත්ද, දීර්ඝ ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට සතිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සුඛයෝ ප්‍රකටව දැනගන්නා ලද්දාහු වෙත්. දීර්ඝ ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට සතිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සුඛයෝ ප්‍රකට දැනගන්නා ලද්දා වෙත්. ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නාහට ඒ සුඛයෝ ප්‍රකටව දැනගන්නා ලද්දාහු වෙත්. මෙසේ ඒ සුඛයෝ ප්‍රකටව දැනගන්නා ලද්දාහු වෙත්.

සුඛය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් වේදනා නමි. (ii) සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. වේදනාව උපට්ඨානය වෙයි. සතිය නොවෙයි, සතියද උපට්ඨානයද වෙයි. සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ වේදනාව නැවත නැවත බලයි. එහෙයින් වේදනාවන්හි වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යන මෙහි ඒ වේදනාව කෙසේ බලයිද? අනිත්‍ය වශයෙන් බලයි, දුක් වශයෙන් බලයි, අනාත්ම වශයෙන් බලයි. මෙසේ ඒ වේදනාව නැවත නැවත බලයි භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි, යන තැනට යොදන්න) සෙවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි.

සුඛය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා සීලය සංවරාර්ථයෙන් සීල විසුද්ධි නමි. සුඛය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට සිහිය එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ ඤාණයෙන් සුඛයෝ ප්‍රකටකොට දැනගන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ චිත්තසංඛාරයන් දැනගනිමින් ආශ්වාසකරන්නෙමියි හික්මෙයිද චිත්ත සංඛාරය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? චිත්ත සංඛාරය යනු කවරේද? දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් සඤ්ඤාවද වේදනාවද සිතෙහි පහළ වෙත්. ඒ ධර්මයෝ සිත පිළිබඳ කොට ඇත්තාහු වෙත්. චිත්ත සංඛාරයෝ වෙත්. දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් (ii) සඤ්ඤාවද වේදනාවද සිත්හි පහළ වෙත්. ඒ ධර්මයෝ සිත පිළිබඳ වූවාහු වෙත්. චිත්ත සංඛාරයෝ වෙත් (iii) භ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් (මෙහි (ii) භ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් මෙහි (ii) සුඛය දැනගනිමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් සුඛය දැනගනිමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් සඤ්ඤාවද වේදනාවද සිත්හි පහළ වෙත්. ඒ ධර්මයෝ සිත පිළිබඳ කොට ඇත්තාහු වෙත්. චිත්ත සංඛාරයෝ වෙත්. මෙය චිත්ත සංඛාර නමි.

කෙසේ ඒ චිත්ත සංඛාරයෝ දැනගන්නා ලද්දාහු වෙත්ද? දීර්ඝ ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට සිහිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් චිත්ත සංඛාරයෝ දැනගන්නා ලද්දාහු වෙත්. දීර්ඝ ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට සතිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් චිත්ත සංඛාරයෝ දැනගන්නා ලද්දාහු වෙත්. ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නාහට ඒ චිත්ත සංඛාරයෝ දැනගන්නා ලද්දාහු වෙත්. මෙසේ ඒ චිත්ත සංඛාරයෝ දැනගන්නා ලද්දාහු වෙත්.

චිත්ත සංඛාරය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් වේදනාව වෙයි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. වේදනාව උපට්ඨානය වෙයි. සතිය නොවෙයි සතිය උපට්ඨානයද වෙයි සතිය වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ වේදනාව නැවත නැවත බලයි. එහෙයින් වේදනාවන්හි වේදනානු පස්සනා සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ. නැවත නැවත බලයි යන මෙහි කෙසේ නැවත නැවත බලයිද? අනිත්‍ය වශයෙන් බලයි. දුක් වශයෙන් බලයි, අනාත්ම වශයෙන් බලයි. මෙසේ ඒ වේදනාව නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න) සෙවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි. චිත්ත සංඛාරය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා සීලය සංවරාර්ථයෙන් සීල විසුද්ධි නමි. චිත්ත සංඛාරය දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට සිහිය එළඹ සිටියා වෙයි, ඒ සතියෙන් ඒ ඤාණයෙන් චිත්ත සංඛාරයන් දැනගන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ චිත්ත සංඛාරය සංසිඳවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, චිත්ත සංඛාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? චිත්ත සංඛාරය කවරේද? දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් (ii) සඤ්ඤාවද වේදනාවද සිත්හි උපදනාහ. ඒ ධර්මයෝ සිත පිළිබඳ වූවාහු වෙත්. චිත්ත සංඛාරයෝ වෙත්. ඒ චිත්ත සංඛාරයන් සංසිඳුවමින් නිරුද්ධ කරමින් සමනය කරමින් හික්මෙයි. (iii) දීර්ඝ ප්‍රශ්වාසයාගේ වශයෙන් සඤ්ඤාවද වේදනාවද සිත්හි උපදනාහු වෙත්. ඒ ධර්මයෝ සිත පිළිබඳ වූවාහු වෙත්. චිත්ත සංඛාරයෝ වෙත්. ඒ චිත්ත සංඛාරයන් සංසිඳුවමින් නිරුද්ධ කරමින් සමනය කරමින් හික්මෙයි. භ්‍රස්වව ආශ්වාසයාගේ වශයෙන් (මෙහි (ii) භ්‍රස්වව ප්‍රශ්වාසයාගේ වශයෙන් (මෙහි (ii) චිත්ත සංඛාර දැනගනිමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්ත සංඛාර දැනගනිමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් සඤ්ඤාවද වේදනාවද සිත්හි උපදනාහු වෙත්. ඒ ධර්මයෝ සිත පිළිබඳ වූවාහු වෙත්. චිත්ත සංඛාරයෝ වෙත්, ඒ චිත්ත සංඛාරයන් සංසිඳුවමින් නිරුද්ධ කරමින් සමනය කරමින් හික්මෙයි.

චිත්ත සංඛාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් වේදනාව වෙයි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. වේදනාව උපට්ඨානය වෙයි. සතිය නොවෙයි සතිය උපට්ඨානයද වෙයි, සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ වේදනාව නැවත නැවත බලයි. එහෙයින් වේදනාවන්හි වේදනාව අනුව බලන සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යන මෙහි කෙසේ ඒ වේදනාව නැවත නැවත බලයිද (35 ඡෙදයේ අනිත්‍යවශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය තෙක් යොදන්න) මෙසේ ඒ වේදනාව නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න) සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි. චිත්ත සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා සීලය සීල විසුද්ධි නමි. චිත්ත සංඛාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නහුට සිහිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් චිත්ත සංඛාරයන් දැනගන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

වෙදනාවන්හි වේදනාව අනුව බැලීමෙහි අනුපස්සනා ඤාණ අටද උපට්ඨානානුස්සති අටද සූත්‍රාන්තික වස්තු සතරද මෙසේ දතයුතුය.

තතියචතුක්කනිද්දෙසො

කෙසේ සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? සිත යනු කුමක්ද? දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් (ii) පවත්නා විඤ්ඤාණය සිත නමි. යම් සිතක් වෙයිද යම් මනසක් වෙයිද යම් හෘදයෙහි පවත්නක් වෙයිද යම් පිරිසිදුවූවක් වෙයිද මන නම්වූ මනායතනයක් වේද මනින්ද්‍රියක් වේද විඤ්ඤාණයක්වේද විඤ්ඤාණස්කන්ධයක් වේද ඊට අනුකූලවූ මනො විඤ්ඤාණ ධාතුවක් වෙයිද (iii) දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් (මෙහි (ii) හ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් මෙහි (ii) හ්‍රස්වව ප්‍රශ්වාස කිරීම් වශයෙන් මෙහි (ii) චිත්ත සංඛාර සංසිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්ත සංඛාර සංසිඳුවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා විඤ්ඤාණය සිත නමි. යම් සිතක් යම් මනසක් යම් හෘදයෙහි වූවක් යම් පිරිසිදු වූවක් මන නම්වූ මනායතනයක් මනින්ද්‍රියක් විඤ්ඤාණයක් විඤ්ඤාණස්කන්ධයක් ඊට අනුරූපවූ මනො විඤ්ඤාණ ධාතුවක් වෙයිද මෙය සිත නමි.

කෙසේ සිත දැනගන්නා ලද්දේ වෙයිද? දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් (ii) චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට සතිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සිත දැනගන්නා ලද්දේ වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සිත දැනගන්නා ලද්දේ වෙයි. (iii) දීර්ඝව ප්‍රශ්වාස කිරීම වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට සතිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සිත දැනගන්නා ලද්දේ වෙයි. හ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් මෙහි (iii) හ්‍රස්වව ප්‍රශ්වාස කිරීම් වහයෙන් මෙහි (iii) ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරන්නාහට ඒ සිත දැනගන්නා ලද්දේ වෙයි. මෙසේ ඒ සිත දැනගන්නා ලද්දේ වෙයි.

සිත දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා විඤ්ඤාණය සිත නමි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. සිත උපට්ඨානය වෙයි, සතිය නොවෙයි, සතිය උපට්ඨානයද වෙයි, සති වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සිත නැවත නැවත බලයි. එහෙයින් චිත්තයන්හි චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ. නැවත නැවත බලයි යන මෙහි කෙසේ ඒ සිත නැවත නැවත බලයිද (35 ඡෙදයේ අනිත්‍ය වශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය තෙක් යොදන්න) භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න) සේවනය කිරීම් අර්ථයෙන් භාවනානමි. සිත දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා සීලය සීල විසුද්ධි නමි. සිත දැනගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දැනගන්නාහට සතිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සිත දැනගන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? චිත්තයාගේ සතුට නම් කුමක්ද? දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් (ii) චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට චිත්තයාගේ සතුට උපදියි. චිත්තයාගේ යම් ආමොදනයක් ප්‍රමොදනයක් තුටු බවක් පහටු බවක් ධනය ලැබීමට සමාන බවක් ඔද වැඩි බවක් සතුටු සිත් ඇති බවක් වෙයිද ඒ ස්වභාවය උපදියි. (iii) දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට චිත්තයාගේ සතුට උපදියි. චිත්තයාගේ යම් ආමොදනයක් ප්‍රමොදනයක් තුටු බවක් පහටු බවක් ධනය ලැබීමට සමාන බවක් ඔදවැඩි බවක් සතුටු සිත් ඇති බවක් වෙයිද ඒ ස්වභාවය උපදියි. භ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් (මෙහි (ii) භ්‍රස්වව ප්‍රශ්වාස කිරීම් වශයෙන් (ii) සිත දැනගනිමින් කරන්නාවූ ආශ්වාසයාගේ වශයෙන් සිත දැනගනිමින් කරන්නාවූ ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට චිත්තයාගේ සතුට උපදියි. චිත්තයාගේ යම් ආමොදනයක් ප්‍රමොදනයක් තුටු බවක් පහටු බවක් ධනය ලැබීමට සමාන බවක් ඔදවැඩි බවක් සතුටු සිත් ඇති බවක් වෙයිද ඒ ස්වභාවය උපදියි. මේ චිත්තයාගේ සතුටයි. සිත සතුටු කරමින් ආශ්වාස කිරීම වශයෙන් පවත්නා විඤ්ඤාණය චිත්ත නමි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. සිත උපට්ඨානය වෙයි. සතිය නොවෙයි සතිය උපට්ඨානයද වෙයි. සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සිත නැවත නැවත බලයි. එහෙයින් සිතෙහි සිත අනුව බලන සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යන මෙහි කෙසේ සිත නැවත නැවත බලයිද (35 ඡෙදයේ අනිත්‍ය වශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය දක්වා යොදන්න) මෙසේ ඒ සිත නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න) සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි. සිත සතුටු කරමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන්වූ සීලය සංවරාර්ථයෙන් සීල විසුද්ධිය නමි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නාහට සිහිය එළඹ සිටියා වෙයි, ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සුඛයෝ ප්‍රකටකොට දන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සමබවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ සිත අරමුණෙහි මනාව පිහිටුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද සිත අරමුණෙහි මනාව පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? (අරමුණෙහි සිත මනාව පිහිටුවීම සමාධියයි.) සමාධිය නම් කුමක්ද? දීර්ඝ ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි.

(ii) චිත්තයාගේ යම් නිශ්චලව සිටීමක් සම්ප්‍රයුක්ත ධර්මයන් පිඩුකොට සිටීමක් බැසගෙන සිටීමක් ඔබමොබ නොදිවීමක් නොවිසිරයාමක් නොදුවන සිත් ඇති බවක් සමථයක් සමාධින්ද්‍රියක් සමාධි බලයක් සම්‍යක් සමාධියක් වෙයිද එය සමාධියයි (iii) දීර්ඝව ප්‍රශ්වාසයාගේ වශයෙන් (iv) චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි. (v) මෙහි (ii) යොදන්න) සිත අරමුණෙහි මනාව පිහිටුවමින් ආශ්වාස කිරීම වශයෙන් (මෙහි (iv) යොදන්න) සිත මනාව අරමුණෙහි පිහිටුවමින් ප්‍රශ්වාස කිරීම් වහයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි. චිත්තයාගේ යම් නිශ්චලව සිටීමක් සම්ප්‍රයුක්ත ධර්මයන් පිඩුකොට සිටීමක් බැසගෙන සිටීමක් ඔබමොබ නොදිවීමක් නොවිසිරයාමක් නුදුවන සිත් ඇති බවක් සමථයක් සමාධින්ද්‍රියක් සමාධි බලයක් සම්‍යක් සමාධියක් වෙයිද මෙය සමාධි නමි.

සිත අරමුණෙහි මනාව පිහිටුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා විඤ්ඤාණය චිත්ත නමි. (vi) සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. සිත උපට්ඨානය වෙයි. සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි. සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ සිත නැවත නැවත බලයි. එහෙයින් සිතෙහි සිත අනුව බලන සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

නැවත නැවත බලයි යන මෙහි කෙසේ ඒ සිත නැවත නැවත බලයිද (35 ඡෙදයේ අනිත්‍යය වශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය දක්වා යොදන්න) මෙසේ ඒ සිත නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට ‘යන මේ සතරයි’ යන තැනට යොදන්න) සෙවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි.

සිත මනාව අරමුණෙහි පිහිටුවමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන්වූ සීලය සීල විසුද්ධි නමි. සිත මනාව අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

චිත්තයෙහි චිත්තානුපස්සනාවෙහි අනුපස්සනා ඤාණ අටද උපට්ඨානානුස්සති අටද සූත්‍රාන්තික වස්තු සතරද මෙසේ දතයුතු.

චතුත්ථචතුක්කනිද්දෙසො

කෙසේ අනිත්‍යය බලමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, අනිත්‍යය බලමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? අනිත්‍යය යන මෙහි කුමක් අනිත්‍යද? පඤ්චස්කන්ධයෝ අනිත්‍යයහ. කිනම් අර්ථයකින් අනිත්‍ය වෙත්ද? ඉපද නැතිවන අර්ථයෙන් අනිත්‍යයහ. පඤ්චස්කන්ධයන්ගේ උදය (ඉපදීම) දක්නේ කෙතෙක් ලක්ෂණයන් දකියිද? වය (විනාශය) දක්නේ කෙතෙක් ලක්ෂණ දකියිද? උදය වය දෙක දක්නේ කෙතෙක් ලක්ෂණ දකියිද? පඤ්චස්කන්ධයන්ගේ උදය දක්නේ පස් විස්සක් ලක්ෂණ දකියි. වය දක්නේ පස් විස්සක් ලක්ෂණ දකියි. උදය වය දෙක දක්නේ මේ පනසක් ලක්ෂණ දකියි.

රූපයෙහි (ii) අනිත්‍යය බලමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. රූපයෙහි (iii) අනිත්‍ය බලමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. (iv) වේදනාවගේ (මෙහි (ii) යොදන්න) වේදනාගේ (මෙහි (iii) සඤ්ඤාවගේ (මෙහි (ii) සඤ්ඤාවගේ (මෙහි (iii) සංඛාරයන්හි (මෙහි (ii) සංඛාරයන්හි (මෙහි (iii) විඤ්ඤාණයෙහි (මෙහි (ii) විඤ්ඤාණයෙහි (මෙහි (iii) ඇසෙහි (මෙහි (ii) යොදන්න) ඇසෙහි (මෙහි (iii) කණෙහි (මෙහි (ii) කණෙහි (මෙහි (iii) නාසයෙහි (මෙහි (ii) නාසයෙහි මෙහි (iii) දිවෙහි (මෙහි (ii) දිවෙහි (මෙහි (iii) කයෙහි (මෙහි (ii) කයෙහි (මෙහි (iii) සිතෙහි (මෙහි (ii) සිතෙහි (මෙහි (iii) ජරා මරණයෙහි (මෙහි (ii) ජරා මරණයෙහි (මෙහි (iii) අනිත්‍යය බලමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා ධර්මයෝ ධම්ම නමි. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. ධර්මයෝ උපට්ඨාන නමි. සතිය නොවේ. සතිය උපට්ඨානයද වෙයි. සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ ධර්මය නැවත නැවත බලයි. එහෙයින් ධර්මයන්හි ධම්මානු පස්සනා සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ. (vi)

නැවත නැවත බලයි යන මෙහි ඒ ධර්මයන් නැවත නැවත බලයිද? (35 ඡෙදයේ අනිත්‍ය වශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය දක්වා යොදන්න) මෙසේ ඒ ධර්මයන් නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන යන මේ සතරයි යන තැනට යොදන්න.) සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි. (vi) අනිත්‍යය බලමින් කරන ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන්වූ සීලය සංවර්ථයෙන් සීල විසුද්ධි නමි. අනිත්‍යය බලමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට සිහිය එළඹ සිටියා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් අනිත්‍යය දැනගන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ විරාගය (ක්ෂණ භංගය හෝ නිර්වාණය) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, විරාගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, රූපයෙහි ආදීනව දැක රූපයෙහි නොඇල්මෙහි හටගත් ඡන්දය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන් ස්ථිර බවට පැමිණියේ වෙයි. ඔහුගේ සිතද මනාකොට පිහිටියේ වෙයි. (විදර්ශනා වශයෙන් හෝ මාර්ග වශයෙන්) රූපයෙහි (ii) නොඇල්ම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. (iii) රූපයෙහි (iv) විරාගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

(v) වේදනාවෙහි (මෙහි (ii) වේදනාවෙහි (මෙහි (iv) සඤ්ඤාවෙහි මෙහි (ii) සඤ්ඤාවෙහි (මෙහි (iv) සංඛාරයන්හි (මෙහි (ii) සංඛාරයෙහි (මෙහි (iv) විඤ්ඤාණයෙහි (මෙහි (ii) විඤ්ඤාණයෙහි (මෙහි (iv) ඇසෙහි (මෙහි (ii) ඇසෙහි (මෙහි (iv) කණෙහි (මෙහි (ii) කණෙහි (මෙහි (iv) නාසයෙහි (මෙහි (ii) නාසයෙහි (මෙහි (iv) දිවෙහි (මෙහි (ii) දිවෙහි (මෙහි (iv) කයෙහි (මෙහි (ii) කයෙහි (මෙහි (iv) සිතෙහි (මෙහි (ii) සිතෙහි (මෙහි (iv) ජරා මරණයෙහි ආදීනව දැක ජරා මරණයෙහි නොඇල්මෙහි හටගත් ඡන්දය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන් ස්ථිර බවට පැමිණියේ වෙයි. ඔහුගේ සිතද මනාව පිහිටියේ වෙයි. ජරා මරණයෙහි (මෙහි (ii) ජරා මරණයෙහි (මෙහි (iv) විරාගය දකිමින් කරන ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන්වූ සීලය සංවරාර්ථයෙන් සීල විසුද්ධි නමි. විරාගය දකිමින් කරන ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට සිත එකඟවූවා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් විරාගය දන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි. එයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

කෙසේ නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද, නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද? රූපයෙහි ආදීනව දැක රූප නිරොධයෙහි හටගත් ඡන්දය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන් ස්ථිර බවට පැමිණියේ වෙයි. ඔහුගේ සිත මනාව පිහිටියේ වෙයි. රූපයෙහි (ii) නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. (iii) රූපයෙහි (iv) නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. (v) වේදනාවෙහි (මෙහි (ii) වේදනාවෙහි (මෙහි (iv) සඤ්ඤාවෙහි (මෙහි (ii) සඤ්ඤාවෙහි (මෙහි (iv) සංඛාරයන්හි (මෙහි (ii) සංඛාරයෙහි (මෙහි (iv) විඤ්ඤාණයෙහි (මෙහි (ii) විඤ්ඤාණයෙහි (මෙහි (iv) ඇසෙහි (මෙහි (ii) අසෙහි (මෙහි (iv) කණෙහි (මෙහි (ii) කණෙහි (මෙහි (iv) නාසයෙහි (මෙහි (ii) නාසයෙහි මෙහි (iv) දිවෙහි (මෙහි (ii) දිවෙහි (මෙහි (iv) කයෙහි (මෙහි (ii) කයෙහි (මෙහි (iv) සිතෙහි (මෙහි (ii) සිතෙහි (මෙහි (iv) ජරා මරණයෙහි ආදීනව දැක ජරා මරණ නිරොධයෙහි හටගත් ඡන්දය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන් ස්ථිර බවට පැමිණියේ වෙයි. ඔහුගේ සිතද මනාව පිහිටියේ වෙයි ජරා මරණ නිරොධයෙහි නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ජරා මරණයෙහි නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

(i) කෙතෙක් ආකාරයකින් අවිද්‍යාවගේ ආදීනව වෙයිද? කෙතෙක් ආකාරයකින් අවිද්‍යාව නිරුද්ධ වෙයිද? පස් ආකාරයකින් අවිද්‍යාවගේ ආදීනවය වෙයි, අට ආකාරයකින් අවිද්‍යාව නිරුද්ධ වෙයි. කවර පස් ආකාරයකින් අවිද්‍යාවගේ ආදීනවය වෙයිද? අනිත්‍ය ස්වභාවයෙන් අවිද්‍යාවගේ ආදීනවය වෙයි, දුක්ඛ ස්වභාවයෙන් අවිද්‍යාවගේ ආදීනවය වෙයි, අනාත්ම ස්වභාවයෙන් අවිද්‍යාවගේ ආදීනවය වෙයි, සන්තාප ස්වභාවයෙන් අවිද්‍යාවගේ ආදීනවය වෙයි, විපරිනාම ස්වභාවයෙන් අවිද්‍යාවගේ ආදීනවය වෙයි. මෙ පස් ආකාරයෙන් අවිද්‍යාවගේ ආදීනවය වෙයි. (ii)

කවර අට ආකාරයකින් අවිද්‍යාව නිරුද්ධ වෙයිද? මුල් හෙතුව නිරුද්ධවීමෙන් අවිද්‍යාව නිරුද්ධවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ආසන්න හෙතුව නිරුද්ධවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, මුල් හෙතුවගේ ඉපදීම නිරුද්ධවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ආසන්න හෙතුවගේ ඉපදීම නිරුද්ධවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ජනක හෙතුව නිරුද්ධවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. උපස්තමභක ප්‍රත්‍යය නිරුද්ධවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ඤාණය පහළවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, නිර්වාණය ප්‍රත්‍යක්ෂවීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. මේ අට ආකාරයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි.

මේ පස් ආකාරයෙන් අවිද්‍යාවගේ ආදීනව දැන මේ අට ආකාරයෙන් අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් කැමත්ත පහළවූයේ වෙයි. ශ්‍රද්ධාවෙන් ස්ථිර බවට පැමිණියේ වෙයි, ඔහුගේ සිත මනාව පිහිටියේ වෙයි, අවිද්‍යාවගේ නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අවිද්‍යාව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.

“කෙතෙක් ආකාරයෙන් සංඛාරයන්හි ආදීනව වේද, කෙතෙක් ආකාරයකින් සංඛාරයෝ නිරුද්ධ වෙත්ද, (‘අවිද්‍යාවගේ’ යන්න ‘සංඛාරයන්හි’ යයි වෙනස්කොට 87 ඡෙදයේ (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් විඤ්ඤාණයෙහි ආදීනව වේද, කෙතෙක් ආකාරයකින් විඤ්ඤාණය නිරුද්ධ වෙයිද? (අවිද්‍යාවගේ යන්න විඤ්ඤාණයි වෙනස්කොට 87 ඡෙදයේ (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් නාම රූපයෙහි ආදීනව වෙයිද, කෙතෙක් ආකාරයකින් නාම රූප නිරුද්ධ වෙයිද (අවිද්‍යාවගේ යන්න නාම රූපයෙහියයි වෙනස්කොට 87 ඡෙදයේ (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් සළායතනයෙහි ආදීනව වෙයිද, කෙතෙක් ආකාරයකින් සළායතනය නිරුද්ධ වෙයිද? (අවිද්‍යාවගේ යන්න සළායතනයයි වෙනස් කොට 87 ඡෙදයේ (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් ඵස්සය වෙයිද, කෙතෙක් ආකාරයකින් ඵස්සය නිරුද්ධ වෙයිද (අවිද්‍යාවගේ යන්න ඵස්සයයි වෙනස්කොට 87 ඡෙදයේ (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් වේදනාවෙහි ආදීනව වෙයිද, කෙතෙක් ආකාරයකින් වේදනාව නිරුද්ධ වෙයිද, කෙතෙක් ආකාරයකින් තෘෂ්ණාවගේ ආදීනව වෙයිද, කෙතෙක් ආකාරයකින් තෘෂ්ණාව නිරුද්ධවෙයිද, අවිද්‍යාවගේ යන්න තෘෂ්ණාවයයි වෙනස්කොට 87 (ඡෙදයේ) (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් උපාදානයෙහි ආදීනව වෙයිද, කෙතෙක් ආකාරයකින් උපාදනය නිරුද්ධ වෙයිද, (අවිද්‍යාවගේ යන්න උපාදනයයි වෙනස්කොට 87 ඡෙදයේ (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් භවයෙහි ආදීනව වෙයිද, කෙතෙක් ආකාරයකින් භවය නිරුද්ධ වෙයිද? කෙතෙක් ආකාරයකින් ජාතියෙහි ආදීනව වෙයිද, කෙතෙක් ආකාරයකින් ජාතිය නිරුද්ධ වෙයිද, (අවිද්‍යාවගේ යන්න ජාතියයයි වෙනස්කොට 87 (ඡෙදයේ (i) යොදන්න) කෙතෙක් ආකාරයකින් ජරා මරණයෙහි ආදීනව වෙයිද කෙතෙක් ආකාරයකින් ජරා මරණ නිරුද්ධ වෙයිද, පස් ආකාරයකින් ජරා මරණයෙහි ආදීනව වෙයි. අට ආකාරයකින් ජරා මරණ නිරුද්ධ වෙයි.

“කිනම් පස් ආකාරයකින් ජරා මරණයෙහි ආදීනව වෙයිද, අනිත්‍ය ස්වභාවයෙන් ජරා මරණයෙහි ආදීනව වෙයි. දුක්ඛ ස්වභාවයෙන්, අනාත්ම ස්වභාවයෙන්, සන්තාප ස්වභාවයෙන්, විපරිනාම ස්වභාවයෙන් ජරා මරණයෙහි ආදීනව වෙයි. මේ පස් ආකාරයෙන් ජරා මරණයෙහි ආදීනව වෙයි.

“කිනම් අට ආකාරයකින් ජරා මරණ නිරුද්ධ වෙයිද? නිදානය (මුල හෙතුව) නිරුද්ධ වීමෙන් ජරා මරණය නිරුද්ධ වෙයි. සමුදය (ආසන්න හෙතුව) නිරුද්ධවීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. ජාති නිරොධයෙන් (මූල හෙතුවගේ ඉපදීම නිරුද්ධවීමෙන්) ජරා මරණ නිරුද්ධ වෙයි. විභව නිරොධයෙන් (ආසන්න හෙතුවගේ ඉපදීම නිරුද්ධවීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. ජනක හෙතුව නිරුද්ධවීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. උපස්තම්භක ප්‍රත්‍ය නිරුද්ධවීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. ඤාණය ඉපදීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. නිර්වාණය ප්‍රත්‍යක්ෂවීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. මේ අට ආකාරයෙන් ජරා මරණ නිරුද්ධ වෙයි. මේ පස් ආකාරයෙන් ජරා මරණයෙහි ආදීනව දැක මේ අට ආකාරයෙන් ජරාමරණ නිරොධයෙහි හටගත් කැමැත්ත ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන් ස්ථිර බවට පැමිණියේ වෙයි. ඔහුගේ සිතද මනාව පිහිටියේ වෙයි. ජරා මරණ නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි නිරොධය දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් පවත්නා ධර්මයෝ ධර්ම නම් වෙත්. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. ධර්මයෝ උපට්ඨානය වෙයි. සතිය නොවෙයි. සතිය උපට්ඨානයද වෙයි. සතිය නොවෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ ධර්මයන් නැවත නැවත බලයි. එහෙයින් ධර්මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ. නැවත නැවත බලයි යන මෙහි ඒ ධර්මයන් කෙසේ නැවත නැවත බලයිද (35 ඡෙදයේ අනිත්‍ය වශයෙන් බලයි යන තැන සිට ඡෙදය අවසානය දක්වා යොදන්න) මෙසේ ඒ ධර්මයන් නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න) සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි.

නිරොධය දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන්වූ සීලය සීල විසුද්ධි නමි. නිරොධය දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන්වූ චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නහුට සිත එකඟවූවා වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් නිරොධය දන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ.

“කෙසේ පටිනිස්සග්ගය (දුරුකිරීම) බලමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයිද පටිනිස්සග්ගය බලමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, පටිනිස්සග්ග යන මෙහි පටිනිස්සග්ග (දුරුකිරීම්) දෙකකි. පරිච්චාග පටිනිස්සග්ගය (දුරුකිරීම් වශයෙන් පවත්නා පටිනිස්සග්ගය) ද පක්ඛන්දන පටිනිස්සග්ගය (බැසගැනීම් වශයෙන් පවත්නා පටිනිස්සග්ගය) ද වෙයි. රූපය දුරුකෙරේනුයි පරිච්චාගපටිනිස්සග්ග නමි. රූපයන්ගේ නිරොධයවූ නිර්වාණයෙහි සිත බැසගන්නා හෙයින් පක්ඛන්දන පටිනිස්සග්ග නමි.

“රූපයෙහි පටිනිස්සග්ගය බලමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. රූපයෙහි පටිනිස්සග්ගය බලමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. වේදනාව, සඤ්ඤාව සංඛාරයන් විඤ්ඤාණය, චක්ෂුසය, ජරා මරණය දුරුකෙරේනුයි පරිච්චාග පටිනිස්සග්ග නම් ජරා මරණය නිරොධයවූ නිර්වාණයෙහි සිත බැසගන්නා හෙයින් පක්ඛන්දන පටිනිස්සග්ග නමි. ජරා මරණයෙහි පටිනිස්සග්ගය බලමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ජරා මරණයෙහි පටිනිස්සග්ගය බලමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය බලමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන්වූ ධර්මයෝ ධර්ම නම් වෙත්. සතිය උපට්ඨාන නමි. ඤාණය අනුපස්සනා නමි. ධර්මයෝ උපට්ඨාන වෙයි. සතිය නොවෙයි, සතිය උපට්ඨානයද වෙයි, සතියද වෙයි. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ ධර්මයන් නැවත නැවත බලයි එහෙයින් ධර්මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනායි කියනු ලැබේ.

“නැවත නැවත බලයි යන මෙහි කෙසේ ඒ ධර්මයන් නැවත නැවත බලයිද? අනිත්‍ය වශයෙන් නැවත නැවත බලයි. නිත්‍ය වශයෙන් නොබලයි. දුක්ඛ වශයෙන් නැවත නැවත බලයි, සුඛ වශයෙන් නොබලයි. අනාත්ම වශයෙන් නැවත නැවත බලයි. ආත්ම වශයෙන් නොබලයි දුරුකරයි. අල්වා නොගනියි. අනිත්‍ය වශයෙන් නැවත නැවත බලන්නේ නිත්‍ය සංඥාව දුරුකරයි. දුරුකරන්නේ අල්වාගැනීම පහකරයි. මෙසේ ඒ ධර්මයන් නැවත නැවත බලයි. භාවනා යන මෙහි භාවනා සතරකි. එහි හටගත් ධර්මයන් නොඉක්මවීම් අර්ථයෙන් භාවනා නමි. (36 ඡෙදයේ භාවනා යන තැන සිට යන මේ සතරයි යන තැනට යොදන්න.) සේවනය කිරීම් අර්ථයෙන් භාවනා නමි.

“පටිනිස්සග්ගය බලමින් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන්වූ සීලය සංවර අර්ථයෙන් සීල විසුද්ධි නමි. සමාධිය නොවිසිරයාම් අර්ථයෙන් චිත්ත විසුද්ධි නමි. ප්‍රඥාව දැකීම් අර්ථයෙන් දිට්ඨි විසුද්ධි නමි. එහි යම් සංවර ස්වභාවයක් වෙයිද, මෙය අධිශීල ශික්ෂා නමි. එහි යම් සිත නොවිසිරයාම් ස්වභාවයක් වෙයිද මෙය අධිචිත්ත ශික්ෂා නමි. එහි යම් දැකීම් ස්වභාවයක් වෙයිද මෙය අධි ප්‍රඥා ශික්ෂා නමි.

“මේ ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජනය කරමින් හික්මෙයි. දැනගනිමින් හික්මෙයි. ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂ කරමින් හික්මෙයි. පටිනිස්සග්ගය බලමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නාහට ප්‍රකටවූ වේදනා උපදිත්. ප්‍රකටවූ වේදනා වැටහෙත්. ප්‍රකටවූ වේදනා අභාවයට යත්. පටිනිස්සග්ගය බලමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම දන්නේ ඉන්ද්‍රියයන් අරමුණෙහි මනාකොට පිහිටුවත්. අරමුණද දැනගනියි. සම බවද අර්ථයද ප්‍රතිවෙධ කරයි. බලයන් අරමුණෙහි පිහිටුවයි. බොධ්‍යංගයන් අරමුණෙහි පිහිටුවයි. මාර්ගය අරමුණෙහි පිහිටුවයි. ධර්මයන් අරමුණෙහි පිහිටුවයි. අරමුණද දැනගනියි. සම බවද අර්ථයද දැනගනියි.

ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයි යන මෙහි කෙසේ ඉන්ද්‍රියයන් අරමුණෙහි පිහිටුවයිද? ස්ථිරව බැසගැනීම් අර්ථයෙන් සද්ධින්ද්‍රිය අරමුණෙහි පිහිටුවයි. සතින්ද්‍රිය, විරියින්ද්‍රිය සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය අරමුණෙහි පිහිටුවයි. එහෙයින් සම බවද අර්ථයද ප්‍රතිවෙධ කෙරේයයි කියනු ලැබේ. ධර්මයන්හි ධම්මානුපස්සනාවෙහි අනුපස්සනා ඤාණ අටද උපට්ඨානානුස්සති අටද සූත්‍රාන්තික වස්තු සතරද මෙසේ දතයුතුය. මේ දෙතිස් වැදෑරුම් සිහියෙන් යුක්තව සම්පූර්ණ කළයුතු ඤාණයෝයි.

සතොකාරිඤාණනිද්දෙසො පඤ්චමො.

1.3.6 ඤාණරාසිඡක්කනිද්දෙසො

“සූවිස්සක් සමාධි වශයෙන්වූ ඤාණයෝ කවරහුද? දීර්ඝව ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිර යාම සමාධි නමි. දීර්ඝව ප්‍රශ්වාස කිරීම් වශයෙන් (ii) චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි. (iii) හ්‍රස්වව ආශ්වාස කිරීම් වශයෙන් (මෙහි (ii) හ්‍රස්වව ප්‍රශ්වාස කිරීම් වශයෙන් (මෙහි (ii) සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි. මේ සූවිස්සක් සමාධි වශයෙන් පවත්නා ඤාණයෝයි.

“විදර්ශනා වශයෙන් පවත්නා දෙසැත්තෑවක් ඤාණයෝ කවරහුද? දීර්ඝ ආශ්වාසය අනිත්‍ය වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. දුක් වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. අනාත්ම වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. දීර්ඝ ප්‍රශ්වාසය අනිත්‍ය වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. දුක් වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි, අනාත්ම වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාසය සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාසය අනිත්‍ය වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. දුක් වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. අනාත්ම වශයෙන් දැකීම් අර්ථයෙන් විපස්සනා නමි. මේ දෙසැත්තෑවක් විපස්සනා වශයෙන් පවත්නා ඤාණයෝයි.

“අටක්වූ නිබ්බිදා ඤාණයෝ කවරහුද? අනිත්‍යය බලමින් ආශ්වාස කරන්නේ තත්වාකාරය දනියි, දකිනුයි නිබ්බිදා ඤාණ නමි. අනිත්‍යය බලමින් ප්‍රශ්වාස කරන්නේ තත්වාකාරය දනියි දකිනුයි නිබ්බිදා ඤාණ නමි. පටිනිස්සග්ග බලමින් ආශ්වාස කරන්නේ තත්වාකාරය දනියි දකිනුයි නිබ්බිදා ඤාණ නමි. පටිනිස්සග්ගය බලමින් ප්‍රශ්වාස කරන්නේ තත්වාකාරය දනියි දකිනුයි නිබ්බිදා ඤාණ නමි. මේ අටක්වූ නිබ්බිදා ඤාණයෝයි.

“අටක්වූ නිබ්බිදානුලොමයෙහි ඤාණයෝ කවරහුද? අනිත්‍යය බලමින් ආශ්වාස කරන්නහුට භය වශයෙන් වැටහෙන ප්‍රඥාව නිබ්බිදානුලොමයෙහි ඤාණ නමි. අනිත්‍යවශයෙන් බලමින් ප්‍රශ්වාස කරන්නහුට භය වශයෙන් වැටහෙන ප්‍රඥාව නිබ්බිදානුලොමයෙහි ඤාණ නමි. පටිනිස්සග්ගය බලමින් ආශ්වාස කරන්නහුට භය වශයෙන් වැටහෙන ප්‍රඥාව නිබ්බිදානුලොමයෙහි ඤාණ නමි. පටිනිස්සග්ගය බලමින් ප්‍රශ්වාස කරන්නහුට භය වශයෙන් වැටහෙන ප්‍රඥාව නිබ්බිදානුලොමයෙහි ඤාණ නමි. මේ අට නිබ්බිදානුලොමයෙහි ඤාණ නමි.

“අටක්වූ නිබ්බිදා පටිප්පස්සද්ධි ඤාණයෝ කවරහුද? අනිත්‍යය බලමින් ආශ්වාස කරන්නහුගේ පටිසංඛාත සංඛාරුපෙක්ඛා ප්‍රඥාවෝ නිබ්බිදාපටිප්පස්සද්ධි ඤාණ නමි. අනිත්‍යය බලමින් ප්‍රශ්වාස කරන්නහුගේ පටිසංඛාන සංඛාරුපෙක්ඛා ප්‍රඥාවෝ නිබ්බිදා පටිප්පස්සද්ධි ඤාණ නමි. පටිනිස්සග්ගය බලමින් ආශ්වාස කරන්නහුගේ පටිසංඛාන සංඛාරුපෙක්ඛා ප්‍රඥාවෝ නිබ්බිදාපටිප්පස්සද්ධි ඤාණ නමි. පටිනිස්සග්ගය බලමින් ප්‍රශ්වාස කරන්නහුගේ පටිසංඛාන සංඛාරුපෙක්ඛා ප්‍රඥවෝ නිබ්බිදාපටිප්පස්සද්ධි ඤාණ නමි. මේ අට නිබ්බිදා පටිප්පස්සද්ධි ඤාණ නමි.

“එක්විස්සක් විමුක්තිසුඛයෙහි ඤාණයෝ කවරහුද? සෝවාන් මාර්ගයෙන් සක්කායදිට්ඨිය පහකළ හෙයින් සිඳදැමූ හෙයින් විමුත්තිසුඛයෙහි ඤාණය උපදියි. විචිකිච්ඡාව (ii) පහකළ හෙයින් සිඳදැමූ හෙයින් විමුත්තිසුඛයෙහි ඤාණය උපදියි. (iii) සීලබ්බත පරාමාසය (මෙහි (ii) යොදන්න.) දිට්ඨානුසය විචිකිච්ඡානුසය පහකළ හෙයින් සිඳදැමූ හෙයින් විමුත්තිසුඛයෙහි ඤාණය උපදියි.

“සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික කාමරාගය පටිඝසංයෝජනය ඖදාරික කාමරාගානුසය පටිඝානුසය (මෙහි 101 (ii) ඡෙදය යොදන්න පහකළ හෙයින් සිඳදැමූ හෙයින් විමුත්තිසුඛයෙහි ඤාණය උපදියි. අනාගාමි මාර්ගයෙන් තුනීවූ කාමරාග සංයොජනය පටිඝසංයෝජනය තුනීවූ කාමරාගානුසය පටිඝානුසය පහකළ හෙයින් සිඳදැමූ හෙයින් විමුත්තිසුඛයෙහි ඤාණය උපදියි. අර්හත් මාර්ගයෙන් රූපරාගය (මෙහි (ii) අරූපරාගය මානය උද්ධච්චය අවිද්‍යාව, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය, පහකළ හෙයින් සිඳදැමූ හෙයින් විමුත්තිසුඛයෙහි ඤාණය උපදියි. මේ එක්විස්සක් විමුත්තිසුඛයෙහි ඤාණයෝයි.

සොළොස් වස්තුවක් ඇති ආනාපාන සති සමාධිය වඩන්නහුට දෙසියයකට අධිකවූ මේ ඤාණයෝ උපදිත්. (ආනාපාන කථාව නිමි.)

ඤාණරාසිඡක්කනිද්දෙසො ඡට්ඨො.

ආනාපානස්සතිකථා නිට්ඨිතා.

විවරණ [0]