පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
- Giovanni Zappa (2025)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ම රහතුන්වූ, භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් ඝික්‍ෂු සමූහයා හා ශාක්‍ය රටෙහි කපිලවස්තු නගරය සමීපයේ මහා වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත්, භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසදහසක් සක්වළින් දෙවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහුය.
එකල්හි වනාහි ශුද්‍ධාවාස බ්‍රහ්මලෝකවාසී දෙවියන් සතරදෙනෙකුන්ට මේ සිත විය. ’’මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සියල්ලන්ම රහතුන්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් භික්‍ෂු සමූහයා හා සමගව ශාක්‍ය රටෙහි කිඹුල්වත් පුර සමීපයෙහිවූ මහ වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසසහස්‍ර ලෝක ධාතුවෙහි දේවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහු වෙත්. අපිත් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණෙන්නමෝ නම්, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙනම ගාථාවක් (බැගින්) කියන්නමෝ නම් ඉතා යෙහෙක.’’
ඉක්බිති ඒ දෙවතාවෝ ශක්තිමත් පුරුෂයෙක් යම්සේ හැකුඵෑ අතක් දික් කරන්නේද, දික් කළ අතක් හකුළන්නේද, එමෙන්ම ශුද්‍ධාවාස බ්‍රහ්ම ලොකයෙහි අතුරුදහන් වූවාහු, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවූහු.
ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ. පසෙක සිටිඑක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
’’වනයෙහි මහා සමූහයෙකි. දේව සමූහයෝ එක් රැස් වූවාහ. අපිදු කිසිවකු විසිනුදු පැරදවිය නොහෙන, සංඝයා දැකීම සඳහා මේ ධර්‍ම සමාගමයට ආවෙමු.’’
එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
’’ඒ ධර්‍ම සමාගමයෙහි භික්‍ෂූහු තමන් සිත් සමාධියෙහි යෙදූහ. ඎජු කළහ. යොත් අල්ලාගෙන ඉන්නා රියැදුරන් මෙන් නුවණ ඇත්තෝ ඉන්‍ද්‍රියයන් රකිත්’’
එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
’’පසැස් ඇති ශාස්තෘාන් වහන්සේ විසින් මනාකොට හික්මවනලද, තරුණ ඇතුන් බඳුවූ, (රාග, ද්වේෂ, මෝහ නමැති) කණුව සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) අගුල සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) එළිපත උදුරා, තණ්හා කම්පන රහිත වූවාහු, උප ක්ලේශ නැත්තෝව, නිර්‍මලව හැසිරෙත්.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
’’යම් කෙනෙක් බුදුන් සරණ ගියෝ නම්, ඔවුහු අපාය භූමියට නොයන්නාහ, ඔවුහු මිනිසත් බව හැර දෙව් පිරිස පුරාලන්නාහ.’’
පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
- Giovanni Zappa (2025)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමය සූත්‍රය
විවරණ [2]
English
Русский