පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුනබ්බසු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල භාග්‍යවතුන් වහන්සේ නිර්‍වාණ සම්බන්‍ධ වූ ධර්‍ම කථායෙන් භික්‍ෂූක්ට අවවාද කරන සේක. බාරගන්වන සේක. උනන්දු කරවන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහු ද අර්ත්‍ථවත්කොට මෙනෙහිකොට සියල්ල සිතට ඇතුළුකොට, කන් යොමු කොට, බහනලද කන් ඇත්තෝව ධර්‍මය අසත්.
ඉක්බිති පුනබ්බසුමාතා යකින්න පුතු මෙසේ නලවයි:
’’මම බුද්‍ධශ්‍රෙෂ්ඨයන්ගේ ධර්‍මය යම්තාක් අසන්නෙම්ද ඒතාක් උත්තරිකාවෙනි, නිශ්ශබ්ද වෙව. පුනබ්බසුව, නිශ්ශබ්ද වෙව.
’’භාග්‍යවතුන් වහන්සේ සියලු ගැට මුදන්නාවූ නිර්‍වාණය වදාරණසේක. මේ ධර්‍මයෙහි මාගේ පැහැදීම අධික වෙයි.
’’ ලොවෙහි ස්වකීය පුත්‍රතෙම ප්‍රිය වෙයි. ලොව ස්වකීය ස්වාමිතෙම ප්‍රිය වෙයි. ඒ ප්‍රිය බවටත් වඩා මේ ධර්‍මය සෙවීම මට ප්‍රියයි.
’’ සද්‍ධර්‍ම ශ්‍රවණය සත්ත්‍වයා සසර දුකින් යම් සේ මුදාද ප්‍රිය පුත්‍රතෙම හෝ ප්‍රියවූ ස්වාමිතෙම හෝ සසර දුකින් ( එසේ ) නොමුදාමැයි.
’’දුකින් පීඩිතවූ, ජරාමරණයෙන් යුක්තවූ මෙලොව ජරාමරණයෙන් මිදීම ( නිර්‍වාණය ) පිණිස යම් ධර්‍මයක් අවබෝධ කළ සේක් ද, ඒ ධර්‍මය අසනු කැමැත්තෙමි. පුනබ්බසුව, නිශ්ශබ්ද වෙව.’’
( පුනබ්බසු මෙසේ කීය: ) ’’ මෑණියෙනි, මම කථා නොකරන්නෙමි. මේ උත්තරාව ද නිශ්ශබ්දව හුන්නීය. ( එහෙයින් ) සද්‍ධර්‍මයම අසනු මැනවි. ධර්‍මය ඇසීම සැපයි.
’’ මෑණියෙනි, ( අපි පෙර ) මේ සද්‍ධර්‍මය නොදැන දුක් විඳිමින් හැසිරෙමු. ලොවට ආලෝකයක් බඳුවූ පසැස් ඇත්තාවූ, අන්තිම භවයෙහි වූ මේ සර්‍වඥයන් වහන්සේ අතිශයින් මුළාවූ දෙවි මිනිසුන්ට දහම් දෙසන සේක.’’
( පුනබ්බසු මාතා මෙසේ කීය: ) ’’ යහපත, මාගේ ළයෙහි සැතපෙන්නාවූ, මා කෙරෙන් උපන් මේ පුත්‍රයා වනාහි නුවණැත්තෙකි. මගේ පුතා බුද්‍ධශ්‍රෙෂ්ඨයාණන් වහන්සේගේ පිරිසිදු ධර්‍මය ප්‍රිය කෙරෙයි.
’’ පුනබ්බසුව, තෝ සැප ඇත්තෙක් වෙහි. මම අද ( දැන් ) ( සසරින් ) ගොඩනැගුනා වෙමි. ආර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. ( මාගේ දූ ) උත්තරාවන් ( අප චතුස්සත්‍ය ප්‍රතිවේධ කළ බව ) අසාවා.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුනබ්බසු සූත්‍රය
විවරණ [1]
English