පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මායා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ) ’’මහණෙනි, පෙර වූවක් කියමි. වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ විය.
’’මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුවදුක් විමසීම පිණිස වේපචිත්ති අසුරේන්‍ද්‍රයා වෙත ගියේය.
’’මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ශක්‍රදේවේන්‍ද්‍රයා තමා වෙතට එනබව දුරදීම දුටුවේය. දැක ශක්‍රදේවේන්‍ද්‍රයාට ’’ දේවේන්‍ද්‍රය, මට වෙදකම් කරව’ යි කීය.
’’ ’වේපචිත්තිය, මට සම්බරී මායාව උගන්ව’ යි (ශක්‍රයා කීය).
’’නිදුකාණනි, මම යම්තාක් අසුරයන්ගෙන් නොඅසම්ද ඒතාක් මම තට (ඒ මායාව) නොකියමි’ යි (වේපචිත්ති කීය).
’’මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ’පින්වතුනි, මම ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව කියම්’ දැයි අසුරයන්ගෙන් ඇසීය.
’’ ’ නිදුකාණනි, නුඹ ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව නොකියව’ යි (අසුරයෝ කීහ.).
’’මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය:
’’මඝ නම් ශක්‍රයෙනි, සුජම්පතියෙනි, දේවේන්‍ද්‍රයෙනි, මායාකාර ජනතෙම සම්බර නම් අසුරිඳු මෙන් අවුරුදු සියයක් පැසෙන්නාවූ දරුණු නිරයට පැමිණේ.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මායා සූත්‍රය
විවරණ [1]
English