පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුලාවක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූසේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ’’මහණෙනි, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්‍ධයක් ඇතිවිය. මහණෙනි, ඒ යුද්‍ධයෙහි අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.
’’ මහණෙනි, පැරැදුන දෙවියෝ උතුරු දෙස බලා පලා ගියහ. අසුරයෝ ඔහු ලුහු බැන්දාහ.
’’ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම මාතලී රථාචාර්‍ය්‍යයාට ගාථායෙන් ( මෙසේ කීය.)
’’ මාතලිය, ඉඹුල් වෙනෙහි ( ගුරුළු ) කූඩු වෙති. ( ඔවුන් ) රියදඬු හිසින් පහකරව. අසුරයන් කෙරෙහි ඒකාන්තයෙන් ජීවිතය හරිමු. මේ කුරුල්ලෝ විනාශනුවූ කූඩු ඇත්තෝ වෙත්වා.’’ (කුරුල්ලන්ට හානියක් නොවනසේ වගබලාගනුව යන තේරුමයි.)
’’ මහණෙනි, ’පින්වත, එසේ යහපතැ’ යි මාතලී රථාචාර්‍ය්‍යයා ශක්‍ර දේවේන්‍ද්‍රයාට උත්තර දී ආජන්‍ය අශ්වයන් දහසකින් යුත් රථය ආපසු හැරවීය.
’’ මහණෙනි, ඉක්බිතිව අසුරයන්ට මේ අදහස වීය. ’’දැන් ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ආජන්‍ය අශ්වයන් දහසක් යෙදූ රථය ආපසු හරවන ලදී. ඒකාන්තයෙන් දෙවියෝ නැවතත් අසුරයන් සමග යුද්ධයට එන්නාහ.’ ( මෙසේ සිතා ) බිය වූවෝ අසුර පුරයටම ( නැවත ) ගියහ.
’’ මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්‍ද්‍රයාට ධර්‍මයෙන්ම ජය විය.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුලාවක සූත්‍රය
විවරණ [1]
English