පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බාලපණ්ඩිත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, බාලයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් සහ තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ, තමාගේ කයද, බාහිරවූ, අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික තමාගේ කයත් බාහිරවූ අන්‍යයාගේ කයත් යන කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවෙන කරුණු සයක්ම වෙත්. යම් ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් ස්පර්ශ කරන ලද්දාවූ බාලතෙම සැප දුක් විඳීද,
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, පණ්ඩිතයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් හා තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ තමාගේ කයද, බාහිරවූ අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික බාහිර කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවන්නාවූ කරුණු සයකි. ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් හෝ ස්පර්ශය කරන ලද්දාවූ පණ්ඩිතතෙම සැප දුක් විඳීද, මහණෙනි, බාලයාගේ සහ පණ්ඩිතයාගේ කය හට ගැනීමාදියෙහිදී බාලයාට වඩා පණ්ඩිතයාගේ ඇති විශේෂය කවරේද? අධික විශේෂය කවරේද? වෙනස්වූ කාරණය කුමක්ද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, එසේ වී නම් අසව්. ඉතා හොඳින් සිතේ තබා ගනිව් කියන්නෙමියි” වදාළ සේක. “එහෙමයි ස්වාමීනි.” කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ නැති නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. ඒ නිසා බාලතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) යන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) යන්නේ ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝක වීමෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.
“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ නැතිවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. ඒ නිසා පණ්ඩිතතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) නොයන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) නොයන්නේ, ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝකයෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද මිදෙයි. දුකින් මිදේයයි කියමි. මහණෙනි, බාලයාගේ හා පණ්ඩිතයාගේ ඇති විශේෂය නම්, අධික විශේෂය නම්, වෙනස්වූ කාරණය නම් මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරීමයි.”
පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බාලපණ්ඩිත සූත්‍රය
විවරණ [2]
English
Русский