පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, බුද්ධත්වයට පෙරම, බුදු නොවූ බෝසත්වූම මට මේ අදහස ඇතිවිය.
“පඨවි ධාතුවේ අස්සාදය (රස විඳීම) කවරේද? ආදීනව (දෝෂ) කවරේද? නිස්සරණය (නිදහස්වීම) කවරේද?
“ආපෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?
“තේජෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?
“වායෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?
“මහණෙනි, ඒ මට මේ සිත ඇති විය. පඨවි ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය පඨවි ධාතුවේ අස්සාදයයි. පඨවි ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය පඨවි ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය පඨවි ධාතුවේ නිස්සරණයයි.
“ආපෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය ආපෝ ධාතුවේ අස්සාදයයි. ආපෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය ආපෝ ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය ආපෝ ධාතුවේ නිස්සරණයයි.
“තේජෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය තේජෝ ධාතුවේ අස්සාදයයි. තේජෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය තේජෝ ධාතුවේ ආදීනවයයි. තේජෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය තේජෝ ධාතුවේ නිස්සරණයයි.
“වායෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය වායෝ ධාතුවේ අස්සාදයයි. වායෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය වායෝ ධාතුවේ ආදීනවයයි. වායෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය වායෝ ධාතුවේ නිස්සරණයයි.
“මහණෙනි, මම යම්තාක් කල් මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය, අස්සාදය වශයෙන්ද, ආදීනවය, ආදීනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, ඇති පරිදි නොදත්තෝද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාව සහිත ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට නොපැමිණියෙම්යයි දැන නොගත්තෙමි.
“මහණෙනි, යම් තැනක පටන් මම මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැන ගත්තෙම්ද. මහණෙනි, ඉක්බිති, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට පැමිණියෙම්යයි දැනගත්තෙමි. මාහට ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන් දැකීමද, පහළවිය. ‘මාගේ අර්හත්ඵල සමාධිය කම්පා නොකළ හැකිය යන ඥානය පහළවිය. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැත්තේය.”
(දෙවෙනි පුබ්බ සූත්‍රය නිමි.)
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බ සූත්‍රය
විවරණ [1]
English