පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිනන්දන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් පඨවි ධාතුවට සතුටු වෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“යමෙක් අපෝ ධාතුවට සතුටුවෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“යමෙක් තේජෝ ධාතුවට සතුටු වෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
“යමෙක් වායෝ ධාතුවට කැමති වෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.”
“මහණෙනි, යමෙක් පඨවි ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් ආපෝ ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් තේජෝ ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් වායෝ ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
(හයවෙනි අභිනන්දන සූත්‍රය නිමි.)
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිනන්දන සූත්‍රය
විවරණ [1]
English