පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2015)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සාසප සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, කල්පය වනාහි කොපමණ දීර්ඝවේද?” “මහණ, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් වර්ෂ සියයක්ය කියා හෝ මෙතෙක් වර්ෂ දහසක්ය කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“ස්වාමීනි, උපමාවක් දේශනාකිරීමට හැක්කේද?”
“මහණ, හැක්කේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තාවූ, පුළුලින් යොදුනක් ඇත්තාවූ, උසින් යොදුනක් ඇත්තාවූ අබ පිරවූ, කොතගසන ලද්දාවූ, (මුදුන් කරන ලද්දාවූ,) යකඩින් කරන ලද ප්‍රාකාරයෙන් යුක්තවූ, නගරයක් වේද, ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් එක්එක් අබ ඇටය පිටට දමන්නේ වේද, මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවරවීමට, අවසාන වීමට යන්නේය, කල්පය කෙළවර නොවන්නේමය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ, මෙසේ දීර්ඝවූ, කල්පයන්ට වනාහි නොයෙක් කල්පයන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂ ගණන් අදහස්කරන ලද්දේය. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(හයවෙනි සාසප සූත්‍රය නිමි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2015)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සාසප සූත්‍රය
විවරණ [1]
English