පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2015)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සාවක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, කොපමණ බහුලවූ කල්පයෝ වනාහි අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?”
“මහණෙනි, බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ ඉකුත්වූ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”
“ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?”
“මහණෙනි, හැකියයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත් වන්නාවූ, ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්‍රාවකයෝ දිනපතා කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් බැගින් සිහි කරන්නාහුය. මහණෙනි, ඒ ශ්‍රාවකයන් විසින් කල්පයෝ සිහිනොකරන ලද්දාහුම වූවාහුය. ඉක්බිති, ඒ අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත්වන්නාවූ, ඒ ශ්‍රාවකයෝ සතරදෙන අවුරුදු සියයක්, අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය.
“මහණෙනි, මෙසේ වනාහි බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
(හත්වෙනි සාවක සූත්‍රය නිමි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2015)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සාවක සූත්‍රය
විවරණ [1]
English