බරවීම්

පරිවර්තන [16]

දාරුණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි, කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

මහණෙනි, ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දරුණුය. කටුකය. ඵරුෂය. අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුත්තේය. (කෙසේද?) උපන්නාවූ ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා අපගේ කුසල් සිත යම්සේ මැඩගෙන නොසිටින්නේද ඒ ආකාරයෙනි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(පළමුවෙනි දාරුණ සූත්‍රය නිමි.)

විවරණ [1]