පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුත්‍ර සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ශ්‍රද්ධාවෙන් උපාසිකාවක් තොමෝ ප්‍රියවූ, මනාපවූ, එකම පුතුහට මනාකොට කියන්නී මෙසේ කියන්නීය. (කෙසේද?) ‘දරුව, චිත්ත ගහපති තෙමේ සහ හත්ථාලවක තෙමේ යම්සේද, එසේ වෙයි’ කියන්නීය.
“මහණෙනි, මේ චිත්ත ගහපති තෙමේද හත්ථාලවක තෙමේද, මාගේ ශ්‍රාවක උපාසකයන්ගේ තරාදිය වෙයි. මිනුම වෙයි. ‘දරුව, ඉදින් නුඹ වනාහි ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදි වන්නෙහි නම් ශාරිපුත්‍ර මොග්ගල්ලාන දෙනම යම්සේද, එසේ වේවයි’ කියන්නීය.
4 “මහණෙනි, මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ මාගේ ශ්‍රාවක භික්ෂූන්ගේ තරාදියයි මිනුමයි. ‘දරුව, ශෛක්ෂ්‍යවූ, නොපැමිණි රහත් බැව් ඇත්තාවූ නුඹට වනාහි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෝ නොපැමිණෙත්වායි’ කියන්නීය. මහණෙනි, ඉදින් ශෛක්ෂ්‍යවූ (හික්මෙන්නාවූ) නොලත් රහත් බැව් ඇත්තාවූ, ඒ මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැමිණේද, ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔහුට අන්තරාය පිණිස වෙයි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(තුන්වෙනි පුත්‍ර සූත්‍රය නිමි.)
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුත්‍ර සූත්‍රය
විවරණ [1]
English