පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රජ්ජු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි. සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ, ඇට සිඳියි. ඇට සිඳ, ඇටමිඳුලුවල හැපී සිටියි.
‘මහණෙනි, යම්සේ වනාහි බලවත් පුරුෂයෙක්තෙම අශ්ව කෙඳිවලින් කළ රෑනකින් (කකුලේ) කෙණ්ඩය වෙළා තද කරන්නේ නම්ත ඒ රැහැන සිවිය සිඳින්නේය. සිවිය සිඳ, හම සිඳින්නේය. හම සිඳ, මස් සිඳින්නේය. මස් සිඳ නහර සිඳින්නේය. නහර සිඳ, ඇට සිඳින්නේය. ඇට සිඳ, ඇටමිදුලුවල හැපී සිටින්නේය. මහණෙනි, එසේම වනාහි ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි. සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිඳුලුවල හැපී සිටියි.
“මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා අපගේ කුසල්සිත විනාශ නොකෙරේවා’ යි මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
(නවවෙනි රජ්ජු සූත්‍රය නිමි.)
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රජ්ජු සූත්‍රය
විවරණ [0]