පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පක්කන්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත ගිය නොබෝ කලකින් රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙවදත්ත අරබයා භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, තමාගේ විනාශය පිණිස දෙවදත්තහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළවිය. තමාගේ පිරිහීම පිණිස දෙවදත්තහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළවිය.
“මහණෙනි, යම්සේ කෙසෙල් ගස වනාහි තමාගේ විනාශය පිණිස ඵල දරයිද, පිරිහීම පිණිස ඵලදරයිද, මහණෙනි, මෙසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළවිය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළවිය.
“මහණෙනි, යම්සේ හුණ ගස වනාහි තමාගේ විනාශය පිණිස ඵලදරයිද, පිරිහීම පිණිස ඵල දරයිද, මහණෙනි, එසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණ හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළවිය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළවිය. මහණෙනි, යම්සේ බට ගස වනාහි තමාගේ විනාශය පිණිස ඵල දරයිද, පිරිහීම පිණිස ඵල දරයිද, මහණෙනි, එසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළවිය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංස පහළවිය.
මහණෙනි, යම්සේ වනාහි අශ්වතරීය (කොටළුවාට දාව වෙළඹ කුස උපන්නී) තමාගේ විනාශය පිණිස ගැබ් ගන්නීද, පිරිහීම පිණිස ගැබ් ගන්නීද, මහණෙනි, මෙසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
ශාස්තෲන් වහන්සේ මෙය වදාරා අනතුරුව ශාස්තෲන් වහන්සේ මේ ගාථාව දේශනා කළසේක.
“ඒකාන්තයෙන් ඵලය කෙසෙල් ගස යම්සේ නසයිද, ඵලය උණ ගස යම්සේ නසයිද, ඵලය බට ගස යම්සේ නසයිද, ගර්භය අශ්වතරිය (කොටලුවාට දාව වෙළඹ කුස උපන්නීය.) යම්සේ නසයිද, එසේම සත්කාරය ලාමක පුරුෂයා නසයි.”
(පස්වෙනි පක්කන්ත සූත්‍රය නිමි.)
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පක්කන්ත සූත්‍රය
විවරණ [1]
English