පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වේරම්බ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ඉහළ ආකාශයෙහි “වේරම්බ” නම් වාතයෝ හමත්. ඒ ඉහළ ආකාශයෙහි යම් පක්ෂියෙක් යයිද, ඔහු මේ “වේරම්බ” වාතයෝ වීසි කෙරෙති. “වේරම්බ” වාතයෙන් විසිකරන ලද ඒ පක්ෂියාගේ පාදයෝ අන් දිසාවකට යෙති. පියාපත් අන් දිශාවකට යෙති. හිස අන් දිශාවකට යයි. කය අන් දිසාවකට යයි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ පෙරවරු (උදේ) කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, නොරක්නා ලද්දාවූම කයින්ද, නොරක්නා ලද වචනයෙන්ද, නොරක්නා ලද සිතින්ද, එළඹ නොසිටියාවූ, සිහියෙන්ද, සංවර නොකරන ලද ඉන්ද්‍රියයන්ගෙන්ද, යුක්තව ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. ඒ මහණතෙම එහිදී නපුරු කොට හඳින ලද හෝ නපුරුකොට පොරොවන ලද හෝ ස්ත්‍රියක් දකියි. නපුරු කොට අඳින ලද හෝ නපුරු කොට පොරොවන ලද හෝ ස්ත්‍රියක් දුටු ඔහුගේ සිත රාගය තෙමේ විනාශ කරයි. හෙතෙම රාගයෙන් විනාශකළ සිත හේතුකොට ගෙන ශික්ෂාව ප්‍රතික්ෂෙප කොට ගිහිවෙයි. “වෙරම්බ” වාතයෙන් විසිකරන ලද පක්ෂියාගේ මෙන් ඒ ඔහුගේ සිවුරු අන් කෙනෙක් ගෙන යත්. අන් කෙනෙක් පාත්‍රය ගෙන යත්. අන් කෙනෙක් නිසීදනය (හිඳිනාකඩ) ගෙන යත්. අන් කෙනෙක් ඉදිකටු ගුලාව ගෙන යත්.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබොධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
(නවවෙනි වේරම්බ සූත්‍රය නිමි.)
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වේරම්බ සූත්‍රය
විවරණ [0]