මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක් නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නෙමියි” කියායි.
‘රාහුලය, ඒ කිමැයි හඟන්නෙහිද? රූප සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ශබ්ද සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ගන්ධ සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රස සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ස්පර්ශ සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ධර්ම සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
“රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූප සංඥාවෙහිත් කලකිරෙයි. ශබ්ද සංඥාවෙහිත් කලකිරෙයි. ගන්ධ සංඥාවෙහිත් කලකිරෙයි. රස සංඥාවෙහිත් කලකිරෙයි. ස්පර්ශ සංඥාවෙහිත් කලකිරෙයි. ධර්ම සංඥාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන් ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරණ ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.”
(හයවෙනි සංඥා සූත්‍රය නිමි.)
විවරණ [0]