පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
- Giovanni Zappa (2025)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කකුධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් මුවවනයෙහි වැඩවෙසන සේක. එකල්හි වනාහි කකුධ නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන්නාවූ ශරීර පැහැ ඇත්තේ සියලු අඳුන්වන බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක්පසෙක සිටි කකුධ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේගෙන් ’’ශුමණය, සතුටුවෙහිදැ?’’ යි ඇසීය. ’’ඇවැත්නි, කුමක් ලැබීමෙන්දැ?’’යි (භාග්‍යවත්හු ඇසූහ.) ’’එසේනම් ශ්‍රමණය, ශෝක කෙරෙහිදැ?’’යි (දෙව්පුත් ඇසීය.) ’’ඇවැත්නි, ශෝකවන්නට කුමක් දිරාගියේදැ?’’යි (භාග්‍යවත්හු ඇසූහ.) ’’එසේනම් ශ්‍රමණය, සතුටුත් නොවෙහිද? ශෝකිත් නොවෙහිදැ?’’යි (දෙව්පුත් ඇසී.) ’’ඇවැත්නි, එසේය’’යි (භාගයවතුන් වහන්සේ වදාළහ.)
’’මහණ, කිම, ඔබ නිදුක්ද? කිම, ඇල්මෙක් නොවේද? කිම, හුදෙකලාව ඉන්නා ඔබ වෙත කලකිරීම නොපැමිනේද?’’ (දෙව්පුත් ඇසීය.)
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’යක්‍ෂය, මම ඒකාන්‍තයෙන් නිදුක්වෙමි. එසේම ඇල්මෙක්ද මට නැත. එතෙකුදු වුව කලකිරීමද මා නොමැඩලයි.’’
’’මහණ, ඔබ කෙසේ නම් නිදුක්වහුද? ඇල්ම කෙසේ නම් නැත්තෝද? කලකිරුම හුදෙකලාවූ ඔබ කෙසේ නම් නොමැඩලාද?’’ (දෙව්පුත් ඇසීය.)
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’සසර දුකෙහි පිහිටියාහට තණ්හාව ඒකාන්‍තයෙන් වෙයි. උපන් තණ්හා ඇත්තහුට ඒකාන්‍තයෙන් දුක් ඇතිවෙයි. මම්වූ කලී තණ්හා නැති, එහෙයිම දුක්ද නැති භික්‍ෂුවක් වෙමි. ඇවැත්නි මෙය මෙසේ දැනගන්න.’’
’’පව් දුරලූ, පිරිනිවනින් නිවුණු, තණ්හාව නැති, දුක් නැති, ලොල් ඇල්ම ඉක්මවූ, භික්‍ෂුවරයකු බොහෝ කලකින් දුටිමි’’යි දෙව්පුත් කීය.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
- Giovanni Zappa (2025)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කකුධ සූත්‍රය
විවරණ [1]
English