පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔක්ඛා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි (ප්‍රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහා සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි (ප්‍රණීත භෝජනයන් ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන් දෙන්නේ වේද, යමෙක් සවස් කාලයෙහි (ප්‍රණීත භෝජනයන්ගෙන් පිරවූ) මහ සැළි සියයක් දන්දෙන්නේ වේද, යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගේ තනයෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත් සිත’ වඩන්නේ වේද, යමෙක් මැදියම් කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, යමෙක් සවස් කාලයෙහි යටත් පිරිසෙයින් දෙනගෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත්සිත’ වඩන්නේ හෝ වේද, මෙය මුලින් කී දානයට වඩා මහත්ඵල ඇත්තේ වෙයි. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අපගේ මෛත්‍රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(සතරවෙනි ඔක්ඛා සූත්‍රය නිමි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔක්ඛා සූත්‍රය
විවරණ [1]
English