පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, තොපට දුකද, දුකට හේතුවද, දුකනැති කිරීමද, දුක නැති කිරීමේ මාර්ගයද දෙශනා කරන්නෙමි. එය අසව්!
“මහණෙනි, දුක කවරේද? ඊට උපාදානස්කන්ධ පසයයි කිය යුතුය. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ දුකයයි කියනු ලැබේ.
“මහණෙනි, දුකට හේතුව කවරේද? ‘නැවත නැවත ඉපදීම ගෙනදෙන ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ අරමුණෙහි ඇලෙන්නාවූ යම් තෘෂ්ණාවක් වේද, එනම් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය, යනුයි. මහණෙනි, මේ දුකට හේතුවයයි කියනු ලැබේ.
“මහණෙනි, දුක නැති කිරීම කවරේද?” “ඒ තෘෂ්ණාවගේ යම් මුළුමනින් දුරලීමක්, නැති කිරීමක්, අත් හැරීමක් මිදීමක්; නො ඇල්මක් වේද? මහණෙනි, මේ දුක නැති කිරීම යයි කියනු ලැබේ.”
“මහණෙනි, දුක නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද?” “මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොව්හුයි.” මහණෙනි, මේ දුක නැති කිරීමේ මාර්ගයයි කියනු ලැබේ.”
(දෙවෙනි දුක්ඛ සූත්‍රය නිමි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුක්ඛ සූත්‍රය
විවරණ [0]