පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පරිමුච්චිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, රූපය මෙය මාගේ නොවේය මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි, යහපති, මහණෙනි, රූපය මෙය මාගේ නොවේය. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය.
“මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, වේදනාව මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි යහපති, මහණෙනි, වේදනාව මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය.
“මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, සඤ්ඤාව මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි, යහපති මහණෙනි, සඤ්ඤාව මෙය මාගේ නොවේය ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, සංස්කාරයන් මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි එසේය.” “මහණෙනි, යහපති මහණෙනි, සංස්කාරයෝ මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, කුමක් සිතන්නහුද? මහණෙනි, විඤ්ඤාණය මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි දක්නහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි, යහපති, විඤ්ඤාණය මෙය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙය තත්වූ පරිදි යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහිද කළකිරෙයි, වේදනාවෙහිද කළකිරෙයි, සඤ්ඤාවෙහිද කළකිරෙයි, සංස්කාරයන්හිද කළකිරෙයි, විඥානයෙහිද කළකිරෙයි. කළකිරුණේ නොඇලෙයි, නොඇලුනේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥාණය උපදියි, ජාතිය ක්ෂයවිය, බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මත්තෙහි මාර්ගඵල සඳහා කළ යුත්තක් නැතැයි දැනගනියි.”
(හත්වෙනි පරිමුච්චිත සූත්‍රය නිමි.)
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පරිමුච්චිත සූත්‍රය
විවරණ [0]