පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2009)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Hadházi Zsolt (2009)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අතීතානාගත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අතීත, අනාගත රූපය අනාත්මයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත වූ රූපයෙහි අපෙක්ෂා රහිත වෙයි. අනාගත රූපය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා රූපයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරොධය පිණිසද පිළිපන්නේ වෙයි.
“අතීත අනාගතවූ සංඥාව දුකයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත සංඥාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද පිළිපන්නේ වෙයි.
“අතීත අනාගතවූ වේදනාව දුකයි. දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත වේදනාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරන්නේවෙයි දැන් පවත්නා වේදනාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි
“අතීත අනාගතවූ සංස්කාර දුකයි. දැන්පවත්නා සංස්කාරගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීත සංස්කාරයෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංස්කාර ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංස්කාර පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි.
“අතීත අනාගත විඤ්ඤාණය අනාත්මයි. දැන්පවත්නා විඤ්ඤාණය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම අතීතවූ විඤ්ඤාණයෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත විඤ්ඤාණය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා විඤ්ඤාණයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරොධය පිණිසද පිළිපන්නේවේයයි” වදාළසේක.
(එකොළොස්වෙනි අතීතානාගත සූත්‍රය 3 නිමි.)
පළමුවෙනි නකුල පිතු වර්ගය නිමි.
නකුල පිතු සූත්‍රය, දේවදහ සූත්‍රය, හාලිද්දකානි සූත්‍ර දෙකය, සමාධි සූත්‍රය, පටිසල්ලාණ සූත්‍රය, උපාදාපරිතස්සන සූත්‍ර දෙක සහ අතීතානාගත සූත්‍ර තුන දැයි යන සූත්‍ර එකොළොසින් මේ නකුල පිතු වර්ගය නිමවෙයි.
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2009)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Hadházi Zsolt (2009)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අතීතානාගත සූත්‍රය
විවරණ [0]