පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කොට්ඨිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය.
එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් කොට්ඨිතය, අවිද්‍යාවය, අවිද්‍යාවයයි කියනු ලැබේ. “ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියි. වේදනාවේ හටගැන්මද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි නො දනියි. සංඥාවේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. විඥානයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. ඇවැත්නි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, විද්‍යාවය, විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව යනු කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
ඇවැත්නි, මේ සස්නෙහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි.
“ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි.”
(නවවෙනි කොට්ඨිත සූත්‍රය නිමි.)
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කොට්ඨිත සූත්‍රය
විවරණ [0]