පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Kovács Gábor (2009)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි තොපට බරද, බර ගෙනයන්නාද, බර ඉසිලීමද, බර බහා තැබීමද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. දේශනා කරන්නෙමි”යි වදාළසේක. “එසේය, ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බර නම් කවරේද? ඊට උපාදානස්කන්ධ පසයයි කියයුතුය. කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සඤ්ඤාඋපාදානස්කන්ධය, සංස්කාරඋපාදානස්කන්ධය, විඤ්ඤාණඋපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ බරයයි කියනු ලැබේ.
“මහණෙනි, බර ගෙන යන්නා නම් කවරෙක්ද? ඔහුට පුද්ගලයායයි කිය යුතුය. මෙබඳු නමක් ඇත්තාවූ හෝ මෙබඳු ගොත්‍ර ඇත්තාවූ හෝ යම් ඒ ආයුෂ්මතෙක් වෙයිද, මහණෙනි, මේ තැනැත්තා බර ගෙනයන්නායයි කියනු ලැබේ.
“මහණෙනි, බර ඉසිලීම නම් කවරේද? නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, ඇලීමෙන් යුක්තවූ, ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ, යම් ඒ තෘෂ්ණාවක් වේද? එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ බර ඉසිලීමයයි කියනු ලැබේ.
“මහණෙනි, බර බහා තැබීම කවරේද? ඒ තණ්හාවගේ යම් මුළුමනින්ම නිරුද්ධ කිරීමක්, අත්හැරීමක්, දුරලීමක් මිදීමක්, නොඇල්මක් වේද? මහණෙනි, මේ බර බහාතැබීමයයි කියනු ලැබේ.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය මෙසේ වදාරා, සුගත නම්වූ ශාස්තෲන් වහන්සේ නැවත මෙසේ වදාළ සේක.
“ලෝකයෙහි බර නම් ඒකාන්තයෙන්ම පඤ්චස්කන්ධයෝය, බර ගෙන යන්නා නම් පුද්ගලයාය. බර ඉසිලීම නම් දුකය. බර බහා තැබීම සැපය නම් වේ.
“මහත්වූ බර බහා තබා, අන් බරක් නොගෙන, මුල් සහිතවූ, තෘෂ්ණාව උදුරා, තෘෂ්ණා රහිතවූයේ පිරිනිවියේය.”
(පළමුවෙනි භාර සූත්‍රය නිමි.)
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Kovács Gábor (2009)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භාර සූත්‍රය
විවරණ [2]
English
Deutsch