පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Kovács Gábor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උප්පාද සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපයේ ඉපදීම පැවැත්ම හටගැන්ම පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. වේදනාවේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. සංඥාවේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම සහ පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. සංස්කාරයන්ගේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය, රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. විඤ්ඤාණයේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය.
“මහණෙනි, රූපයේ නිරොධය, සංසිඳීම, විනාශය, යමක්ද, එය දුකේ නිරොධය, රෝගයන්ගේ සංසිඳීමය, ජරා මරණයේ විනාශය වෙයි.
“වේදනාවේ නිරොධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරොධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි.
“සංඥාවේ නිරොධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරොධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි.
“සංස්කාරයන්ගේ නිරොධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි.
“විඤ්ඤාණයේ නිරොධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුක්ඛයාගේ නිරොධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වන්නේය.
(නවවෙනි උප්පාද සූත්‍රය නිමි.)
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Kovács Gábor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උප්පාද සූත්‍රය
විවරණ [0]