පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Bartha Rita (2009)
Polski
- Piotr Jagodziński (2024)
Türkçe
- Ufuk Çakmakçı (2024)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනුධර්ම සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, නවලොකොත්තර ධර්මයට අනුකූලවූ ප්‍රතිපත්තියෙහි පිළිපන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මය වෙයි. රූපයෙහි කලකිරීම බහුලකොට ඇතියෙක්ව වාසය කරන්නේය යන යමක්වේද, වේදනාවෙහි කලකිරීම බහුලකොට වාසයකරන්නේය යන යමක්වේද, සංඥාවෙහි කලකිරීමට බහුලකොට ඇතිව වාසය කරන්නේය යන යමක් වේද, සංස්කාරයන්හි කලකිරීම බහුලකොට ඇතිව වාසය කරන්නේය යන යමක්වේද, විඥානයෙහි කලකිරීම බහුල කොට ඇතිව වාසයකරන්නේය යන යමක්වේද යන මේ අනුකූල ධර්මයයි.
“හෙතෙම රූපයෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසය කරන්නේ වේදනාවෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ සංඥාවෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ සංස්කාරයන්හි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ විඥානයෙහි කලකිරීම බහුලකොට ඇතිව වාසයකරන්නේ, රූපය පිරිසිඳ දනී. වේදනාව පිරිසිඳ දනී. සංඥාව පිරිසිඳ දනී. සංස්කාරයන් පිරිසිඳ දනී. විඥානය පිරිසිඳ දනී.
“හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ, සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඥානය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද ජරාමරණයන්ගෙන්ද ශෝකයන්ගෙන්ද පරිදෙවයන්ගෙන්ද දුක්වලින්ද දොම්නස්වලින්ද දැඩි වෙහෙසින්ද මිදෙයි. සියලු දුක්වලින් මිදේයයි” කියමි.
(හත්වෙනි අනුධර්ම සූත්‍රය නිමි)
පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Bartha Rita (2009)
Polski
- Piotr Jagodziński (2024)
Türkçe
- Ufuk Çakmakçı (2024)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනුධර්ම සූත්‍රය
විවරණ [1]
English