පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කොටින් දහම් දෙසනසේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” කියායි.
“මහණෙනි, යමක් දුක නම් එහි තොපගේ ආශාව දුරු කළයුතුයයි වදාළේය.”
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දැනගන්නාලදී. සුගතයන් වහන්ස, මා විසින් දැනගන්නාලදැ”යි කීය.
“මහණ, මා විසින් කොටින් කියනලද දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැනගන්නා ලද්දේද?”
“ස්වාමීනි, රූපය දුකය. එහි මාගේ ආශාව දුරු කළ යුතුය. වේදනාව දුකය. එහි මාගේ ආශාව දුරු කළ යුතුය. සංඥාව දුකය. එහි මාගේ ආශාව දුරු කළයුතුය. සංස්කාරයෝ දුකය. එහි මාගේ ආශාව දුරු කළ යුතුය. විඤ්ඤාණය දුකය. එහි මාගේ ආශාව දුරු කළ යුතුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණලද දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි”යි කීය.
“මහණ, යහපති, යහපති. මා විසින් කොටින් කියන ලද දේශනාවේ අර්ථය විස්තර වශයෙන් නුඹ දැනගත්තෙහිය.
“මහණ, රූපය වනාහි දුකය. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. වේදනාව දුකය. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි සංඥාව දුකය. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. සංස්කාරයෝ දුකය. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. විඤ්ඤාණය දුකය. එහි නුඹගේ ආශාව දුරු කටයුතුයි. මහණ, මා විසින් කොටින් දේශනා කරනලද මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුයි.”
එකල ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ගෞරවයෙන් ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙමේ හුදකලාව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යම් අර්ථයක් සඳහා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව අවසාන කොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරනලදී. මින්පසු කළයුත්තක් නැතැයි දැනගත්තේය. ඒ භික්ෂුතෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් භික්ෂුවක් වූයේය.
(පස්වෙනි දුක්ඛ සූත්‍රය නිමි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුක්ඛ සූත්‍රය
විවරණ [0]