පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනත්තනීය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේ කොටින් ධර්මදේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යි කියායි.
“මහණ යමක් වනාහි තමා සතු නොවේද, එහි නුඹගේ ආලය දුරු කටයුතුයි” වදාළේය.
“භාග්‍යවතුන් වහන්ස, මා විසින් දන්නා ලදී. සුගතයන් වහන්ස, මා විසින් දන්නා ලදී.”
“මහණ, නුඹ වනාහි මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැන ගත්තෙහිද?”
“ස්වාමීනි රූපය වනාහි තමා අයත් නොවෙයි, එහි මාගේ ආලය දුරු කටයුතුය. වේදනාව තමා අයත් නොවෙයි, එහි මාගේ ආලය දුරු කටයුතුය.
“සංඥාව තමා අයත් නොවේ. එහි මාගේ ආලය දුරුකටයුතුය.
“සංස්කාර තමා අයත් නොවෙත්. එහි මාගේ ආලය දුරු කටයුතුය.
“විඥානය තමා අයත් නොවෙයි. එහි මාගේ ආලය දුරු කටයුතුය කියායි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දැන ගතිමි”යි කීයේය.
“මහණ, මැනවි. මැනවි. මහණ නුඹ මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් දැන ගත්තෙහිය. මහණ රූපය වනාහි තමා අයත් නොවේ. එහි තොපගේ ආලය දුරු කටයුතුය.
වේදනාව තමා අයත් නොවේ. එහි තොපගේ ආලය දුරු කටයුතුය.
සංඥාව තමා අයත් නොවේ. එහි තොපගේ ආලය දුරු කටයුතුය.
සංස්කාරයෝ තමා අයත් නොවෙත්. එහි තොපගේ ආලය දුරු කටයුතුය.
විඥානය තමා අයත් නොවේ. එහි තොපගේ ආලය දුරු කටයුතුයි.
මහණ මා විසින් කොටින් දේශනා කරන ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් දත යුතුය”යි වදාළේය.
එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරවයෙන් ගියේය.
අනතුරුව ඒ භික්ෂුතෙමේ හුදකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසාන කොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයේදී තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේයයි දැන ගත්තේය. ඒ භික්ෂුතෙමේ රහතුන් වහන්සේලාගෙන් එක්තරා රහත් භික්ෂුවක් වූයේය.
(හත්වෙනි අනත්තනීය සූත්‍රය නිමි.)
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනත්තනීය සූත්‍රය
විවරණ [0]