පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Fodor Tibor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රාහුල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නාහට, කෙසේ දක්නාහට, විඤ්ඤාණය සහිතවූ මේ කයෙහිද, පිටත්හි සියලු ආරම්මණයන්හිද, අනුසය වශයෙන් පවත්නාවූ, තෘෂ්ණා, දෘෂ්ටි, මානයෝ නොවෙත්ද?
“රාහුලය, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක්වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවුද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි විඤ්ඤාණයක් වෙයිද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද,
“රාහුලය, මෙසේම දන්නාහට, මෙසේ දක්නාහට, විඤ්ඤාණය සහිත මේ කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද අහංකාර මමංකාර මානානුසයෝ නොවෙත්යයි” (වදාළසේක.)
(නවවෙනි රාහුල සූත්‍රය නිමි.)
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Fodor Tibor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රාහුල සූත්‍රය
විවරණ [1]
English