පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Fodor Tibor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රාහුල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය:
“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට විඤ්ඤාණය සහිත මේ කයෙහිද, පිටත සියලු ආරම්මණයන්හිද, පහවූ අහංකාර මමංකාර මානානුසය ඇති මානය ඉක්මවූ සංසිඳුනාවූ, මනාකොට මිදුණාවූ සිත වෙයිද?”
“රාහුලය, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක (උපාදාන වශයෙන්) දැඩිව අල්වානොගෙන (කෙලෙසුන් කෙරෙන්) මනාව මිදුනේවේද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක දැඩිව අල්වානොගෙන (කෙලෙසුන්ගෙන්) මනාව මිදුනේවේද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක දැඩිව අල්වා නොගෙන (කෙලෙසුන්ගෙන්) මනාව මිදුනේවේද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක දැඩිව අල්වා නොගෙන (කෙලෙසුන්ගෙන්) මනාව මිදුණේවේද,
“අතීතවූද අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූද, බාහිරවූද ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) දැඩිව අල්වා නොගෙන කෙලෙසුන්ගෙන්) මනාව මිදුණේවේද,
“රාහුලය, මෙසේම දන්නාහට, දක්නාහට මේ විඤ්ඤාණය සහිත ශරීරයෙහිද, බාහිර සියලු ආරම්මණයන්හිද, පහවූ අහංකාර මමංකාර මානානුසයන් ඇති, මානය දුරුවූ, සංසිඳුනාවූ, මනාකොට මිදුණාවූ, සිත ඇතිවන්නේයයි (වදාළ සේක.)
(දසවෙනි රාහුල සූත්‍රය නිමි.)
සතරවෙනි ථෙරවර්ගය නිමි.
ආනන්ද සූත්‍රය, තිස්ස සූත්‍රය, යමක සූත්‍රය, අනුරාධ සූත්‍රය, වක්කලි සූත්‍රය, අස්සජි සූත්‍රය, ඛෙමක සූත්‍රය, ඡන්න සූත්‍රය සහ අන්‍යවූ රාහුල සූත්‍ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයෙකි.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Fodor Tibor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
රාහුල සූත්‍රය
විවරණ [1]
English