පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඡන්දරාග සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හිඳ ගත්තේය. එකත්පසක හුන් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක් යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද එය දුරු කරව්. මෙසේ ඒ රූපය ප්‍රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“වේදනාවෙහි වනාහි යම් කැමැත්තක්, යම් ඇල්මක් යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්‍රහීනවූයේ සිඳිනලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය.
“සංඥාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව් මෙසේ ඒ සංඥාව ප්‍රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය.
“සංස්කාරයන්හි වනාහි යම් කැමැත්තක්, යම් ඇල්මක් යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරුකරව්. මෙසේ ඒ සංස්කාරයන් ප්‍රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, ඇල්මක්, සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්‍රහීන වූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේයයි” වදාළේය.
(නවවෙනි ඡන්දරාග සූත්‍රය නිමි.)
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඡන්දරාග සූත්‍රය
විවරණ [0]