පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Fenyvesi Róbert (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චක්ඛු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇසේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. කණේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීමවෙයි. නාසයේ යම්ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. දිවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. කයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. සිතේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයන්ගේ පහලවීම වෙයි.
“මහණෙනි, ඇසේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කනේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. නාසයේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. දිවේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කයේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. සිතේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Fenyvesi Róbert (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චක්ඛු සූත්‍රය
විවරණ [1]
English