පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සඞගාමවත්‍ථු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරහා කොසොල් රජුට විරුද්‍ධව යුද පිණිස කසීරට වෙත ගියේය. පසේනදි කොසොල් රජද මගධාධිපති අජාසත් රජ සිවුරඟ සෙනග සරසා ෙවිරුද්‍ධව කසීරට වෙත ආයේයයි ඇසීය.
පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙණ අජාසත් රජුට විරුද්‍ධව සටන් පිණිස කසීරටට ගියේය. ඉන්පසු මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද යුද්ධ කළාහුය. ඒ යුද්ධයේදී මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජුන් පැරදවීය. පැරදී පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ගියේය.
එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ සැවැත් නුවරට වැඩ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, වැඳ, එක්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. ’’ස්වාමීනි, මෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන පසේනදි කොසොල් රජුට විරුද්‍ධව සටන් පිණිස කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන මට විරුද්‍ධව යුධ පිණිස කසීරටට ආවේයයි’ ඇසීය. ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්‍ධව යුද පිණිස කසීරටට ගියේය. ඒ දෙදෙන එහි යුද කළහ. ඒ යුදෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජ පැරදවීය. පැරදවීය. ස්වාමීනි, පැරදුනාවූ පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ආවේය.’’ යනුයි.
’’මහණෙනි, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පව්කාර මිත්‍රයන් ඇති, පව්කාර යහළුවන් ඇති, පව්කාරයන්ටම නැමුණු කෙනෙක. එහෙත් මහණෙනි, පසේනදි කොසොල් රජ කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, යහපතටම නැමුණු කෙනෙක. මහණෙනි, අද මේ රැය පැරදුනු පසේනදි කොසොල් රජ දුකසේ සයනය කරන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා මේ ගාථාවද වදාළසේක:
’’දිනන තැනැත්තේ වෛරය ( සතුරන් ) රැස් කරන්නේය. පැරදුන තැනැත්තේ දුකසේ වසන්නේය. දිනුම් පැරදුම් දෙකම හැරදමා ( කෙලෙස් දුරලීමෙන් ) සන්සුන් තැනැත්තේ සැපසේ වසන්නේය.’’
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සඞගාමවත්‍ථු සූත්‍රය
විවරණ [1]
English