පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
යඤඤ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙත්.
රජුගේ යම් ඒ දාසයෝ හෝ, දූත මෙහෙවර කරන්නෝ හෝ, කම්කරුවෝ හෝ වෙත්ද, ඔව්හුත් දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ හඬමින් වැඩ කරති.
එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිණ්ඩපාතය පිණිස සැවැත් නුවරට පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එක්පසෙක උන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
’’ස්වාමීනි, මෙහි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙති. රජුගේ දාසයෝද, පණිවුඩ කරුවෝද, කම්කරුවෝද, දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ අඬමින් වැඩ කෙරති,’’ යනුයි.
එවිට බුදුරජානන් වහන්සේ මේ කාරණය දැන එවේලෙහි මේ ගාථා වදාළ සේක.
’’මහත්වූ ක්‍රියාරම්භ ඇති අශ්වමේධ නම්වූද, පුරිසමේධ නම්වූද, සම්මාපාස නම්වූද, වාජපෙය්‍ය නම්වූද, නිරග්ගල නම්වූද, ඒ මහා යාගයෝ මහත්ඵල ඇත්තෝ නොවෙති. නානාප්‍රකාරවූ එළු, බැටළු, ගවයන් මරණ ඒ යාග පොළවලට යහපත් මග ගිය ( බුද්ධාදී ) මහර්ෂීහු නොපැමිනෙති. මහත් ක්‍රියාරම්භ නැති යම් යාග කෙනෙක් හැම කල්හි ගෙයක් පාසා යාග කරණු ලබත්ද, එළු බැටළුවෝත්, ගෙරිත් යම් යාගයෙක්හි මරණු නොලබත්ද, මෙබඳු යාගවලට යහපත් මග ගිය ( බුද්ධාදී ) මහර්ෂීහු පැමිනෙති. නුවණැති මනුෂ්‍ය තෙමේ මේ
යාගය කරන්නේය, මේ යාගය මහත්ඵල ඇත්තේ වේ, මේ යාගය කරන්නාට උතුම් අභිවෘද්ධිය වේ. අයහපතක් නොවේ, යාගයද මහත් වූවක් වේ, දෙවියෝද පහදිති.’’
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
යඤඤ සූත්‍රය
විවරණ [2]
English
Русский