පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දානුපකාර ආදී වූ සූත්‍ර දහය
30.7. දානුපකාර සූත්‍රය.
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණ කීයේය.
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණේද, මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරයි. වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරයි. සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරයි. අණ්ඩජ ගුරුළෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණ වන්තයහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙමි නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක් වීමට පැමිණෙයි. “මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ “හෙතෙම ආහාර දෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 8 වෙනි සූත්‍රයේ පටන් 16 වෙනි සූත්‍රය දක්වා යොදාගත යුතුයි.)
8. හෙතෙම පානය කළයුතු දේ දෙයි. - පානදායක සූත්‍රය
9. ” වස්ත්‍ර ” - වත්ථදායක ”
10. ” යානාවන් ” - යානාදායක ”
11. ” මාලාවන් ” - මාලාදායක ”
12. ” සුවඳ ” - ගන්ධදායක ”
13. ” විලවුන් ” - විලෙපනදායක ”
14. ” සයනයන් ” - සෙය්‍යදායක ”
15. ” ආවාස ” - ආවසථදායක ”
16. ” පහන් ” - පදීපෙය්‍ය ”
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දානුපකාර ආදී වූ සූත්‍ර දහය
විවරණ [0]