පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පලාස සූත්‍රය. (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, යමක් තොපගේ නොවේද, එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද
’’මහණෙනි, රූපයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
’’මහණෙනි, ශබ්දයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. , මහණෙනි, ගන්‍ධයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
’’මහණෙනි, රසයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
’’මහණෙනි, ස්පර්‍ශයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
’’ධර්‍මයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
’’මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ ලී දඬු අතු කොළ වේද, එය ජනතෙම හැරගෙන යන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති පරිද්දක්හෝ කරන්නේද, කිම, තොපට මෙබඳු අදහසක් වන්නේද, ‘ ජනතෙමේ අප ගෙනයයි හෝ දවයි හෝ කැමති පරිද්දක් කෙරේයයි’ කියායි, , ස්වාමීනි, එය නොවේමැයි,
’’ඊට හේතු කවරේද?, , ස්වාමීනි, මෙය වනාහි අපගේ හෝ තමාගේ හෝ තමා පිළිබඳ වූවක් හෝ නොවෙයි.,
’’මහණෙනි, එපරිද්දෙන්ම ඇස තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
කණ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
නාසය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
දිව තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
කය තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය.
සිත තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේයයි, වදාළේය.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පලාස සූත්‍රය. (2)
විවරණ [0]